අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු!

එදා අග විනිසුරු නිවස ඉදිරිපිට කිරිබත් කෑ රිලවුනි, දැන් ගූ කාපියව්!
අද ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ දවසකි. නීති විරෝධී දෝෂාභියෝගයකින් හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක බලයෙන් පහ කර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම තනතුරට පත් කරන ලද ඔහුගේ අන්තේවාසිකයකු වූ මොහාන් පීරිස් අද දින පන්නා දමන ලදී. 

මේ වනාහි මහජන බලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලද, ලෝක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි. එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්ක තිබිය හැකි ය. නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය ම නීති විරෝධී ය. පක්ෂග්‍රාහී ය. එමගින් සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට තිබුණු මූලික මානව හිමිකම උල්ලංඝනය කරන ලදී. එය නිවැරදි කළ යුතු ය. එම ක්‍රියාවලියට අනුකූලතාව දැක්වූ වත්මන් ජනාධිපතිවරයා එය නිවැරදි කිරීමට පියවර ගැනීම සුවිශේෂ ය. හරියට අර ඔහු ග්‍රාමසේවක ලෙස ඉල්ලා අස්වීම භාර දුන් දිසාපති ඔස්ටින් ප්‍රනාන්දුව නැවත ඔහු ජනාධිපති වී ආණ්ඩුකාර පදවියකට පත් කරනවා වගේ ම ය.

ශිරානි බණ්ඩාරනායක පිරිසිදු අග විනිසුරුවරියකැයි අපි විශ්වාස නො කරමු. ඇය දේශපාලන පත්වීමක් ලද, මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂණයන්ට අනුබල දී වරප්‍රසාද ලබා ගත්, ඍජුවම දූෂණ චෝදනාවලට ලක් වී ඇති අයෙකි. ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු. ඇයට එරෙහි නඩු අස් කර ගැනීමට ඉඩ නො දිය යුතු ය. 2013 ජුලි 22දා අපි ඇය පිළිබඳව මෙසේ සටහන් කළෙමු. 

"බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ.
මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ කවුරුද කියා හිතාගෙන.
ලංකාවේ නඩුකාරයෝ කොහොමත් හිතාගෙන ඉන්නේ තමන් මහා සුපිරි චරිත විශේෂයක් ය කියායි. ඔවුන් නිසා මහජනතාව වන අපි අනන්ත පීඩාවන්ට පත් වෙනවා. මම දන්න එක් ආසන්න සිද්ධියක් තමයි, එක් නඩුකාරියක් පාසලක සීනුව ඇයට කරදරයක් ය කියා එය නවත්වන්නැයි පාසලකට පණි‍‍වුඩ පිට පණිවුඩ එවීම. වැස්ස වෙලාවක උසාවියට ආවාම කාරයෙන් බසිද්දී කුඩය ඇල්ලූ මිනිසාටත් දඬුවම් කළ නඩුකාරයෝ මේ රටේ ඉඳලා තිබෙනවා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තිබෙන ගැටලු හා නීතිඥ රස්සාවේ වෘත්තිකභාවයේ අඩුලුහුඬු නිසා ලංකාවේ අධිකරණවලදී ජනතාව අසීමිතව පීඩාවට පත් වෙනවා. 
මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ සිට සොක්කන් දක්වා කට්ටිය ගැන කිසියම් දිනෙක දූෂණ පරීක්ෂණ කළොත් මම හිතන්නේ ඒ වෙනුවෙන් වෙන ම රහස් පොලිසියක් දාන්න වෙයි. දඬුවම් කළොත් මම හිතන්නේ ආත්ම ගණනක් හිරේ තමයි. නීතිය අතට අරගෙන සිටින ඔවුහු දණ්ඩනය පාවිච්චි කරන්නේ අනෙක් මිනිසුන් යටත් කරගන්න.
හැබැයි‍, එහෙම කියලා අපි මේ පොඩි පහේ හොරුන්ගේ දූෂණවලට එරෙහි නො වී සිටිය යුතු ද? නැහැ"

ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කළ ආකාරය මිස ඇයට එරෙහිව ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග වැරදි යයි අපි නො කියමු. ඒවා ඉදිරියට යා යුතු ය. ඇය වංචනික ක්‍රියාවක යෙදී තිබේ නම් ඇය දඩුවම් ලැබිය යුතු ය. නඩුකාරයන් තමන් සුපිරි පුරවැසියන් පිරිසක් ය කියා සිතන තත්වය ‍වහා වෙනස් කළ යුතු ය.

වැඩ භාරගෙන දිනකින් ඉල්ලා අස් වීමට ඇය ගත් තීරණය අපි අගය කරමු. ශ්‍රේෂ්ඨාධිකරණයට දේශපාලන පත්වීම් දීම වැනි අධිකරණයට දේශපාලන අතපෙවීම් සිදු කිරීම මෙතැනින් අවසන් කළ යුතු ය. 

පිරිසිදු, ස්වාධීන මෙන් ම මානව හිතවාදී ද වූ අධිකරණයක් නිර්මානය කිරීමට පියවර ගත යුතු ය. 

වර්තමා‍නයේ අධිකරණය ජනතාව‍ පෙළන, අල්ලස, දූෂණය රජ කරන තැනකි. හෙට පත් වන නව අග විනිසුරුවරයාත්, අධිකරණ ඇමතිවරයාත් මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. අධිකරණය ජනතාව පෙළන තැනක් නොව ජනතාවට යුක්තිය, සාධාරණය ඉටු කරන තැනක් විය යුතු ය. 

පසුව එකතු කරමි: 

මෙම ඉවත් කිරීම හා සම්බන්ධ නීතිමය පසුබිම මෙම ලිපියෙහි පැහැදිලි කෙරේ. How President Sirisena Used his Powers to Remove Mohan Peiris and Restore Shirani Bandaranayake as Chief Justice

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් ඉවත් කළ ආකාරය හා ඒ වෙනුවට ශිරානි බණ්ඩාරනායක 'පත් කළ' ආකාරය නිවැරදි ය.

මූලික කාරණය වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් එවැනි ඉවත් කිරීමක් සඳහා ඉල්ලීමක් නැතිව ය.

එබැවින් මොහාන් පීරිස්ගේ පත්වීම ම නීත්‍යානුකූල නැත. එසේම ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීමක් ද සිදු වී නැත.

ආණ්ඩුවට මෙම පියවර ජනවාරි 09දා ම ගන්නට හැකියාව තිබිණි. එහෙත්, එසේ නො කර වසර දෙකක් තනතුරේ සිටි මොහාන් පීරිස්ට ගෞරවනීය ලෙස ඉවත්ව යාමට අවස්ථාවක් දී තිබිණි. ඔහු එය අපහරණය කළේ ය.

මෙතැන අනෙක් ගැටලුව වන්නේ රජය මෙහි නීතිමය පසුබිම කල් තබා පැහැදිලි කර නො දීමයි.

කෙසේ වෙතත්, අවශ්‍ය දෙය නීත්‍යානුකූලව සිදු වී තිබේ. මෙය මීට වඩා හොඳ ආකාරයකට කරන්නට අවස්ථාව නො ලැබුණේ මොහාන් පීරිස්ගේ අනම්‍යශීලිත්වය නිසා ය.

මින් ඉදිරියට මෙවැනි අවුල් නිර්මානය නො වන්නට අප සියලු දෙනා ම වග බලා ගත යුතු ය.

මල්? මෙන මල්ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා දකින හීන

    ReplyDelete
    Replies
    1. මීට මාසයකට පෙර සිහින වී තිබුණු බොහෝ දේ මේ මාසය තුළ සිදු විය.

      අයුක්තිය රජයන සමාජයක යුක්තිය සිහිනයක් ලෙස පෙනිය හැකි ය. එහෙත්, අප සිහින දැකීම නැවැත්විය යුතු නැත.

      Delete
    2. .
      යකෝ මාර මඟුල්නේ වෙන්නෙ, යහ පාලනේට ඡන්දේ දීපු අපිත් හෝල්මං නං.
      රජාගේ හිල් බලකාය මඤ්ඤං වෙලා මෙහෙමවත් මොන්ගල් කමෙන්ට් කොටනවා හොඳටම ඇති.
      2015 ජනවාරි 09 පසුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යට බවට පත්වන බව නම් නිසැකයි. දින100 ක් යන්නැති හැඩයි ඹ්ං .......

      Delete
    3. අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය තනතුරෙන් පහකිරීමට කල මෙහෙයට කප්පම් ලෙස ගොන් රජාගෙන් අනුර අප්‍රියදර්ශන යාපා මාටියා ගැසීම සදහා ඛනිජ තෙල් ඇමති කම ලබාගත්තේය. .මේ සීන් එකේදි වැඩියෙන්ම තප්පුදාපු බූරුවංශ පිංතුරේ නෑනේ.
      පිංතුරේ ඉන්න අනික් කාලකන්නි ගැන කුමන කතාද ?

      Delete
    4. මහාචාර්ය මාතර සුනිල්.
      අපේ අහිංසක අතිගරු MY 3 ජනපති තුමන්.
      විවස්තදයකයෙන් නොවිමසා අගමැති හා විපක්ෂ නායක පත්කරයි !!!
      අදිකරණයෙන් නොවිමසා නීතිය අර්ථකථනය කරයි!!!
      පොලිසිය වෙනුවට මන්ත්‍රීවරු යොදා සෝදිසි වරෙන්තු නැතුව ගෙවල්වලට පැන ලම්බෝගිනි සොයයි !!!!
      විදායකය, විවස්ථාදායකය, අදිකරණය, පොලිසිය ආදී සියල්ල තනි අතින් පාලනය කරන අපේ අහිංසක MY 3 තුමන් මරවදීන්ට ඊළඟ චන්දයෙදීත්, හුදී ජනයට චන්දයෙන් පසුවත් යහපාලනය උගන්වනු ඇත.

      Delete
    5. මහාචාර්ය මාතර සුනිල්.
      විදායක ජනාදිපතිට ගැහැණියෙක් පිරිමියෙක් කල නොහැක!!!!!
      නමුත්,
      හිටපු ග්‍රාමසේවකයෙකු ශ්‍රේෂ්ටදිකරණයේ විනිසුරන්ටත් අගවිනිසුරුටත් ඉහලින් සිට නීතිය අර්ථකථනය කරන මහා නීති විශාරදයෙක් බවට පත්කළ හැක.

      Delete
    6. නිල් බලකායේ කලකිරීම, මේ "කොමෙන්ට්ස් " වලින්ම පේනවා. අරලිය ගහ මැදුරේ හංගල තිබ්බ පරිගණක කම්රේට් අමතරව තව එළියේ කාමර තියනවද ? නැතිනම් ඉතුරුවෙලා ඉන්න සැබෑම රජතුමාගේ මෝඩ පාක්ෂිකයෝද (මොකෝ අනිත් අය දාල ගිහිල්ලනේ) ?

      Delete
    7. මෙම ඉවත් කිරීම හා සම්බන්ධ නීතිමය පසුබිම මෙම ලිපියෙහි පැහැදිලි කෙරේ. How President Sirisena Used his Powers to Remove Mohan Peiris and Restore Shirani Bandaranayake as Chief Justice

      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් ඉවත් කළ ආකාරය හා ඒ වෙනුවට ශිරානි බණ්ඩාරනායක 'පත් කළ' ආකාරය නිවැරදි ය.

      මූලික කාරණය වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් එවැනි ඉවත් කිරීමක් සඳහා ඉල්ලීමක් නැතිව ය.

      එබැවින් මොහාන් පීරිස්ගේ පත්වීම ම නීත්‍යානුකූල නැත. එසේම ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීමක් ද සිදු වී නැත.

      ආණ්ඩුවට මෙම පියවර ජනවාරි 09දා ම ගන්නට හැකියාව තිබිණි. එහෙත්, එසේ නො කර වසර දෙකක් තනතුරේ සිටි මොහාන් පීරිස්ට ගෞරවනීය ලෙස ඉවත්ව යාමට අවස්ථාවක් දී තිබිණි. ඔහු එය අපහරණය කළේ ය.

      මෙතැන අනෙක් ගැටලුව වන්නේ රජය මෙහි නීතිමය පසුබිම කල් තබා පැහැදිලි කර නො දීමයි.

      කෙසේ වෙතත්, අවශ්‍ය දෙය නීත්‍යානුකූලව සිදු වී තිබේ. මෙය මීට වඩා හොඳ ආකාරයකට කරන්නට අවස්ථාව නො ලැබුණේ මොහාන් පීරිස්ගේ අනම්‍යශීලිත්වය නිසා ය.

      මින් ඉදිරියට මෙවැනි අවුල් නිර්මානය නො වන්නට අප සියලු දෙනා ම වග බලා ගත යුතු ය.

      Delete
    8. "මෙතැන අනෙක් ගැටලුව වන්නේ රජය මෙහි නීතිමය පසුබිම කල් තබා පැහැදිලි කර නො දීමයි. "

      ඕය් පැරා දන්න දෙයක් කතා කරනවා, රජයකට බෑ එහෙම නීති පසුබිමක් අර්ථ දක්වන්න. එක්කො ඒක පාර්ලිමේන්තුව හරහා එන්න ඕනා නැත්නම් ජනාධිපති අධිකරනයෙන් මතය විමසලා වෙන්න ඕනා. මෛත්‍රී විධායක ජනපති උනු පලියට එයාට නීති හරි වැරදි විසඳන්න බලයක් නැහැ.

      Delete
    9. මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද

      කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

      මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

      අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

      ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

      ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා යැයි ආණ්ඩුව කියනු ඇත. එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

      ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?

      Delete
    10. පැරා කඩේ යනකොට සරමක් ඇදගෙන යන්න සුදා. උදේ පාන්දර පයි කොට දකින එක රනිලට කෙසේ වෙතත් අපිට අවුල්

      Delete
    11. අග විනිසුරු මොහාන් පිරිස් මහතාගේ පත්වීම ආරම්භයේ පටන්ම නීති විරෝධි නම් එතුමා විසින් පසුගිය වසර 2ක් කාලය තුල කල සියලු කටයුතු නීති විරෝධීද? දුන් තීන්දු මෙන්ම ගත් වැටුප,අධිකරණයේදී කල වෙනස්කම් මේ සියල්ලම් නීති විරෝධිද?

      Delete
    12. මේ ප්‍රශ්නය ඉතාම සරලය.

      1. මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.

      උදාහරණයක් හැටියට මෙහෙම හිතන්න. එල්. ටී. ටී. ඊ. එක යම් අවස්ථාවක ලංකාණ්ඩුවේ පාලනය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේම පොලිස්පති කෙනෙක් පත් කොට ගත්තේය. ඔවුන්ගේ පාලන කාලයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශයේ බල පැවැත්වූයේ එම 'පොලිස්පතිගේ' අණයි. එල්. ටී. ටී. ඊ. පරාජයෙන් පසුව මේ 'පොලිස්පති' ඉවත්කිරීම ගැන ගැටළුවක් නැත. මන්ද ඔහුගේ පත්වීමම නීත්‍යානුකූල නොවන නිසාය.

      2. මොහාන් පීරිස් අගවිනිසුරු නුවූවා කියා ඔහු විසින් දෙනු ලබන නඩු තීන්දු වලට ගැටළුවක් නොවේ. ඔහු කොහොමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකි. කිසිවෙක් එය ප්‍රශ්න නොකරති. අදාළ නඩු වල විනිශ්චය මණ්ඩල වල පෙනී සිටීමට ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු ලෙස ඔහුට අයිතිය හා හැකියාව තිබේ. අගවිනිසුරුකම හුදෙක් පදවියක් පමණෙකි. නඩු තීන්දු කෙරෙහි එය බල නොපායි. නඩු තීන්දු දෙන්නේ පුද්ගලයකු විසින් නොව අධිකරණය විසිනි.

      Delete
    13. //මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.//

      කවුද බබා ඔයාට ''මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත'' කියල තීන්දුවක් හරි අර්ථ දැක්වීමක් හරි දුන්නේ රනිලයි, සිරිසේනයිද? නැත්නම් රාවය කතු අයිවන්ද?

      එල්. ටී. ටී. ඊ. එක පිහිටුවන් හිටියේ වෙනම රාජ්‍යක්, අහෝසි උනේ ත්‍රස්තවාදී රාජ්යේ ක්‍රියාකාරිකම්. මේක තාම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජය. එක වෙනස් උනේ නෑ නේ. ඒ කියන්නේ සිදුවන සියල්ල විවස්ථාවට අනුකුලව සිදුවිය යුතුයි. ගැටළු අධිකරණය හමුවේ නිරාකරණය කොට අර්ථ දැක්විය යුතුයි. ගූ ගොඩ තොප්පියෙන් වහන්න ට්‍රය් කලාට ගඳ එනව නේද ??

      Delete
    14. //මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.//

      මොන මගුලටද හලෝ එහෙනම් මිනිහට ඉල්ලා අස්වෙන්න කියල පත්වූ දවසේ ඉදල කන්නලවු කරන්නේ. මෑන්ස් එක්ක එක එක ඩිල් වලට යන්නේ.

      Delete
    15. මිනිහට "ඉල්ලා අස් වෙන්න" කියලා කරදර කළේ නම්බු ඇතිව ගෙදර යන්න දෙන්න. ඒක එපා නම් අපි මක් කරන්නද? පවට පින් දෙන්න බැහැ.

      Delete
  2. දැන් ඔක්කෝම හොරු නම් පැරා අගවිනිසුරු කරන්න ඕනැ පැරාගෙ නැන්දම්මවද?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතර සුනිල්.
      "A great civilisation is not conquered from without until it has destroyed itself from within."
      මේ ආණ්ඩුව විනාස කරන්නේ ජනපති ඇතුළු එය ගෙනා මෝඩයන්මය. අහෝ දුකකි ඉරකි තිතකි !!!!!!!!!

      Delete
  3. මෙන්න අලුත්ම පුවතක් !

    දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පුෂ්පා රොවෙල් මහත්මිය අද (28) වැඩ බාරගත්තාය.
    වසර 37 ක් පමණ ඇය ලේක්හවුස් ආයතනයේ සේවය කරන්නීය. ලේක්හවුස් හි ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේද ඇය වැඩ කළාය.

    පැරා පව් මෙයාලා !

    මීට,

    පැරා සුරැකීමේ හා පැරාව දිනමිණ කර්තෘ කිරීමේ ජාතික ව්‍යාපාරය

    ReplyDelete
  4. onna api awa, ko me C News kukko tika. iju, iju

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි ආව. කෝ මේ C News කුක්කෝ ටික.ඉජුහ්, ඉජුහ් ...

      Delete
  5. //මේ වනාහි මහජන බලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලද, ලෝක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි. එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්ක තිබිය හැකි ය. නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි.//

    මේ වනාහි චන්ද ප්‍රතිපලය යනු සමාජවාදී විප්ලවයක්යැයි ෆුල් අන්දෝස් වෙච්ච පුකේ වමෙක් නිතිය අර්ථ දක්වන ආකාරයයි. මෙවැනි දෙයක් ලියා ප්‍රසිද්ධ කිරීමට එක්කෝ අම්බානක බොන්න ඕනය නැත්නම් රාවයට ලිපි ලියන පදිරි වම්මුත් එක්ක බොන්න සෙට් වෙන්න ඕනය.

    ReplyDelete
    Replies
    1. 88, 89 කාලේ පැරාල ගම්වල නඩු ඇහුවෙත් මේ ක්‍රමේට තමයි. ඒ දවස් වලනම් කට්ටිය නඩු අහල එලවත් යැව්වා ඒ කරලා කිව්වෙත් "මේ වනාහි මහජන බලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලද, ලෝක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි." කියල. එක නෙමෙයි පැරා, ඩොලර් දැක්කම වම්මුත් කොලපාට වෙනවද? අනේ හැබැටම මටනම් වෙන කිසිම හේතුවක් පෙන්නේ නෑ පැරාගේ මේ විකාර පොස්ට් වලට.

      Delete
    2. දැන් ඔබට තිබෙන ගැටලුව මොකක්ද?

      ‍මොහාන් පීරිස්ව පන්නපු එක වැරදිද? නැතිනම්, ශිරානි බණ්ඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ය කියා ඉල්ලන එක වැරදි ද?

      නැතිනම්, ඔබට අවශ්‍ය අපි ලියන ඒවා නවත්වන්න ද? කණගාටුයි, එය නම් සිදු වන්නේ නැත. නිකම් කාලය හා බයිටි අපතේ නො යවන්න.

      Delete
    3. නෑ නෑ පැරා ලියන්න. නතර කරන්න හෙම එපා. පැරා දවසට පෝස්ට් දහයක් ලියනව නම් අපි සතුටුයි.

      Delete
    4. දැන් ඔබට තිබෙන ගැටලුව මොකක්ද? ‍මොහාන් පීරිස්ව පන්නපු එක වැරදිද?

      ගැටලුව මොහාන් පීරිස් පන්නපු ක්‍රමය වැරදියි. මේක පාලිත තෙවරප්පෙරුම නඩු අහන ක්‍රමේට දෙවැනි නෑ. රාජ්‍ය උෂ්ණය අතට ගත්තු එජාපයට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ද නීති සංගමයක උද්ගෝෂණයකට මුවාවී අහවිනිසුරු පැන්නීම නිථියානුකූල නෑ. එක මහින්ද තමන්ගේ ප්‍රෝජෙක්ට් එක කරන් යන්න මොහාන්ව පත්කරාට නොදවැනි විදියකට රනිල් තමුන්ගේ ප්‍රෝජෙක්ට් එක කරගෙන යන්න මොහාන්ව එලවනවා.

      ආණ්ඩුක්‍රම විවස්තාවේ අග්‍ර විනිසුරුවා පත්කරන්න හා ඉවත්කරන්න්න නියමිත වගන්ති ඉතා පැහැදිලිව තියනවා. සිවිල් සමාජ NGO නඩ වල ඇජෙන්ඩා හා ඕන එපා කම් අනුව රටේ නිතිය අර්ථ දක්වන එක තනිකර ගොන් පාට් එකක්.

      Delete
    5. //නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි// මෙහෙම තීරණ ගන්නේ කැලැ නීතියේදී. ඔබගේ දැනුම හොඳටම පෙනේ පැරා. ලැජ්ජයි ලැජ්ජයි.
      මුලින්ම මොහාන් පීරිස් පත්කළ ක්‍රමය වැරදියි කියලා නෛතිකව ඔප්පු කරන්න ඕන. ඉන්පසු ඔහු සේවයෙන් පහකර වෙන අයෙකුට පත්වීම දෙන්න ඕන.

      Delete
    6. ''අපේ රටේ දේශපාලනය යනු වේස මුඩුක්කුවකි . මාධ්‍ය යනු එහි සරණා වෙසඟනන්ටත් අන්තය ''.

      Delete
    7. එසේම පැරකුම් යනු රාජ් , බුවා , මාතලන් , රසික , හෙනහුරා යන යහපාලන පිම්පි නඩය විසින් වේස කමේ යවා පුකත් , හිසත් උපදංශ වණ වලින් වණකරගත් පිරිමි ගණිකාවකි. දැන් ඔහු ජීවත්වීම සඳහා විදී බැස ඇත. බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම ආකාරයකින් නිර්ලජ්ජිත වීම ඔහුට සුළු දෙයකි.

      වේස යහපාලන පිම්පි නඩය දැන් ඔහු හැර ගොස් ඇත. රසික පමණක් බජාර් එකට පැමිණ තම ජන්මය ගැන කයිවාරු කියා ගොස් තිබුණි. ඔහුට අමතක වුනු දෙය නම් මිනිසුන් ඔහුගේ ජන්මයේ පහත් බව මැන ඇත්තේ නමින් නොව ඔහුගේ ක්‍රියාවෙන් බවයි.

      Delete
    8. මහාචාර්ය මාතර සුනිල්.

      යහපාලන නීතිය,
      පැමිණිලි ඇත, වෙලේ සුදා ශාක්ෂි දෙයි, ගිණුම් පරීක්ෂා කලුතුය, උසාවියට ඉරිපත් කල යුතුය, ඔප්පු උනොත් කට උත්තරයක් ගනු ඇත.

      සාමාන්‍ය නීතිය,
      හොරා පොල් කඩයි, අයිතිකරු පැමිණිල්ල දමයි, පොලිසිය ජීප් එකෙන් පැමිණ හොරා කුදලාගෙන පොලිසියට යයි, ගුටි පුජාවක් දී කටඋත්තර ගනියි, පසුදා උසාවි දමයි.
      යහපාලන නීතිය සාමාන්‍ය අපටත් ලබාදෙනු !!!!!

      Delete
    9. අමිත අබේසේකර නමැති කාටූන් ශිල්පියාගේ කාටූන් එකක් මතක් වුනා. පින්තූරයෙ ඇඳල තියෙන්නෙ කට ලොකු, මුහුණ පුරා රැවුල තියන උස හීන්දෑරි (තරුණ) පුද්ගලයෙක් (නීතිඥයෙක්)ගෙ සහ බඩ තඩි උඩු රැව්ලක් තියන තරමක් තට්ටය පෑදුනු හවඩියක් සහිත සරමක් ඇඳල ඉන්න පුද්ගලයෙක් (කූට ව්‍යාපාරිකයෙක්).

      මුදලාලි අහනවා නීතිඥයාගෙන් “මහත්තයො මගෙ නඩුවට මොකක් වෙයිද?“

      නීතිඥයා උත්තර දෙනවා “බයවෙන්න එපා ලොකු උන්නැහේ යුක්තිය ඉෂ්ට වෙයි“

      සේවාදායක මුදලාලිට “මළා“ කියවෙනවා.

      ම.සො.පි.ලාට වෙලා තියෙන්නෙත් ඒ මුදලාලිට ඇතිවුනු තත්වයමයි.

      “යහපාලන පිම්පියො“ වගේ වචන පාවිච්චි කරන්නෙ ඒකයි.

      -හෙනහුරා

      Delete
    10. *** //නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි// මෙහෙම තීරණ ගන්නේ කැලැ නීතියේදී. ඔබගේ දැනුම හොඳටම පෙනේ පැරා. ලැජ්ජයි ලැජ්ජයි.
      මුලින්ම මොහාන් පීරිස් පත්කළ ක්‍රමය වැරදියි කියලා නෛතිකව ඔප්පු කරන්න ඕන. ඉන්පසු ඔහු සේවයෙන් පහකර වෙන අයෙකුට පත්වීම දෙන්න ඕන. ***

      එල්. ටී. ටී. ඊ. එක (නීති විරෝධීව) පත්කළ 'පොලිස්පති' නඩේසන් ඉවත් කිරීමටත් ඒ වගේ ක්‍රියා මාර්ගයක් ගත්තද?

      Delete
    11. //මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.//

      කවුද බබා ඔයාට ''මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත'' කියල තීන්දුවක් හරි අර්ථ දැක්වීමක් හරි දුන්නේ රනිලයි, සිරිසේනයිද? නැත්නම් රාවය කතු අයිවන්ද?

      එල්. ටී. ටී. ඊ. එක පිහිටුවන් හිටියේ වෙනම රාජ්‍යක්, අහෝසි උනේ ත්‍රස්තවාදී රාජ්යේ ක්‍රියාකාරිකම්. මේක තාම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජය. එක වෙනස් උනේ නෑ නේ. ඒ කියන්නේ සිදුවන සියල්ල විවස්ථාවට අනුකුලව සිදුවිය යුතුයි. ගැටළු අධිකරණය හමුවේ නිරාකරණය කොට අර්ථ දැක්විය යුතුයි. ගූ ගොඩ තොප්පියෙන් වහන්න ට්‍රය් කලාට ගඳ එනව නේද ??

      Delete
    12. එකම ගොන් ප්‍රශ්නෙ එක එක තැන අහනකොට වෙන වෙනම උත්තර දෙන්න බැහැ. පහත බලන්න.

      ඔව්. රාජපක්ෂලාගේ ගූ ගොඩේ ගඳ නම් තාම තියෙනවා.

      Delete
  6. ඔබගේ අදහස් ගැන මට ඇත්තේ සතුටකි.මේ ක්ශේත්‍රය ගැන කිසිම කෙනෙක් කට නො අරින බැවිනි.සියල්ලෝම තමන්ටම පනවාගත් වාරණයකින් බිරාන්තව සිටිති.අධිකරණ ක්ශේත්‍රය ගැන මුලින්ම නොබියව අදහස් පළ කළේ වික්ටර් අයිවන් මහතාය.

    දේශපාලනඥයන්ට දොස් කියන මුත් ඊට වඩා බෙහෙවින්ම බියකරු නිළධාරීවාදයක් කොමිසම් තුලින් බිහිවිය හැක.1972 ට පෙර එවැන්නක් තිබුනි.දිසාපති හාමුදුරුවන් හම්බවෙන්න ගැමියන් ගියේද දණ්ඩ නමස්කාරයෙන් හතර ගාතෙ වැටිලාය.එකළ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ විය.

    එදා විනිසුරුවරු ගමන් කලේ අසුපිටින් රජවරු සේය.ඔවුන්ට කළ නොහැකි දෙයක් නොවීය.එම යුගය මුද්දරවලට වෙනමත් ස්ටෑම්ප් වලට වෙනමත් උසාවියේදී මුදල් අය කළ යුගයයි.සිහිසන් වන තරමට බය බිරාන්ත ගැමියන් දැඩිලෙසා පීඩාවට පත්වුනේ උසාවි වලිනි.

    ජනතාවගේ පෞර්ෂය වර්ධනය කිරීම සම්බන්ධව ගෞරවය හිමිවියයුත්තේ ජවිපෙටය.මහ නඩුවේදී විජේවීර ප්‍රකාශ කළේ ඉතිහාසයේ පළමු වතාවට නිර්ධන පන්තිය හා ධනපති පන්තිය මුහුණට මුහුන ලා සිටගෙන සිටින බවයි.නීතිය යනු ඊනියා ශුද්ධ දෙයක් නොව පාලක පන්තියේ ආයුධයක්යැයි ඔහු උගෙන තිබූ නිසාය.

    එසේම 1971 කැරැල්ල නඩුවේදී තවත් ජවිපෙ නායකයෙක් එක්තරා නඩුකාරයෙක් හා වාද කළේය.එය රසවත් කතාවකි.

    යුෂ්මතා දඩුවම් නියමකිරීමට පෙර කියන්නට දෙයක් ඇද්ද"

    නයනානන්ද :දඩුවම මටද ?"

    ප්‍රනාන්දු විනිසුරු :නැත්නම් මටයැ

    නයනානන්ද : මට කලින් ඔබට දඩුවම් ලැබේවි

    නීච වහලෙකු මහා අදිරාජයෙකුට අභියෝග කළවිට මුලින්ම සිදුවන්නේ සිහි එළවාගත නොහැකිවීමයි.ප්‍රනාන්දු විනිසුරුගේ මුළු ලෝකය එකතැන නතරවන්නට ඇත.

    ප්‍රනාන්දු විනිසුරු: ඒ මොකක්ද

    නයනානන්ද : මරණය මරණය .ඔබේ වයස .....යි.මගේ වයස .....යි.මම හිරෙන් නිදහස් වන්නට පෙර ඔබට ඒ දඩුවම ලැබේවි"

    වැඩවසම් භීතියෙන් කිමිදෙමින් සිටි උසාවි කාර්ය මණ්ඩලය මහරැජිනගේ බලය ක්‍රියාවේ යොදවන උත්තමයෙකුට මේ කසිකබල් ජේවීපීකාරයා කී දේ අනෙ අම්මෝ කියා සිතන්නට ඇත.
    උදහස්වූ නෛකශ්‍රීන් විරාජමාන නඩුකාරයාගෙන් ඔහුට හත් අවුරුදු සිරදඩුවමක් හිමිවිය.

    හතරගාතෙන් ගිය මිනිසුන් දෙපයින් නැගී සිටවූවේ ජවිපෙය.වික්ටර් අයිවන්ද නඩුකාරියක් හා වාද කළ බව මම අසා ඇත.

    නඩු තීන්දු විවේචනය කිරීමේ සම්ප්‍රදායක් අවශ්‍යය.එය සාධාරණ පදනමක සිදුවිය යුතුය.එසේම අපගේ අභිමානවත් ගෝත්‍රික සමාජය දියුණු රටවල අධීක්ෂනයට ලක්වීම ද අවශ්‍යය.අධිකරණමය වශයෙන්ද අපට ජිනීවා ප්‍රජාවේ ආභාෂය හා අභියාචන පිහිට තිබේනම් හොඳය ( බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දු යුරෝපා අධිකරණයෙන් ප්‍රශ්න කෙරෙන පරිදි )

    සිංහරාසා නඩු තීන්දුවෙන් මෙය වළකා ඇත.

    ප්‍රභූවරයෙක් කරන දෙයක් පොඩි මිනිහෙක් කරන විට දෙයාකාරයක ප්‍රතිඵල ලැබේ .අපූරු ප්‍රස්ථා පිරුළක් මෙන්න.
    " වික්ටර් අයිවන් කළ දේ ටෝනි එමානුවෙල් කළා වගේ "
    වික්ටර් අභීතව සටන්කර නිරුපද්‍රිතව සිටි නමුත් ටෝනිට අතපයත් කඩාගෙන රටින්ද පැනයන්නට සිදුවිය.

    ReplyDelete
  7. මී ළග අගවිනිසුරු කවුරු විය හැකිද?

    ReplyDelete
  8. Okata thamai kiyanne,"unchillawa epaththata giyata,Mepehthatath enawa" oka hunga denata ikmanata Amathaka wenawa/karanawa.Meya palakalata parata sthuthi,

    ReplyDelete
  9. //එදා අග විනිසුරු නිවස ඉදිරිපිට කිරිබත් කෑ රිලවුනි, දැන් ගූ කාපියව්!// අනුන්ට කන්න කියන්නේ ඔබ ඒවා කන නිසාද? ගූ කියන්නේ ආහාරයක් ද පැරා. ඔබ ඒවා කනවාද? ඔබගේ දරුවොන්ටත් කවනවාද? අපිනම් කරන්නේ කක්කුස්සට දාලා වතුර ගහන එක. ඔබ කනවා නම් මගේ ගූ තැපෑලෙන් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් ද eat shit (slang) කියා කුණුහරුපයක් තිබේ. එහි තේරුම් දෙකක් ඇත.

      1. (slang) To have some sort of accident
      2. Literally to eat some sort of feces

      අප කූ කාපියව් යන්න යොදන්නේ කුණුහරුප අරුතකින් වුව ද එහි අදහස සම්පූර්ණයෙන් ම ගූ කෑම ම නො වේ. තමන් කිරිබත් කා කළ බලු වැඩේ විපාක විඳපියව් යන්න එහි දේශපාලන අරුතයි.

      ඔබ තෝරාගෙන ඇත්තේ ඔබ කැමති අරුතයි. ඒ නිසා ඔබේ ගූ මට එවන්නට උවමනා නැත. ඔබට ම කන්නට පුළුවන.

      මා මතු කරන්නේ පසුව කී දේශපාලන අරුතයි.

      Delete
    2. eat shit කියන එකට තියෙන්නේ තේරුම් දෙකක් කියා ඔබ කියනවා . ඔතන තේරුම් දෙකෙන් එකක් slang අනෙක සාමන්‍ය තේරුම මේ හැර මෙයට දේශපාලන තේරුමක් ඇත්ද?

      ඔබ හැම දේම දේශ පාලනයට උණනය කරන්න යන පිස්සෙක් බව පේනවා.

      කොහොම උනත් ඔබට ගූ කන්න වන දවස වැඩි ඈතක නොවේ.

      Delete
    3. අනේ වීරක්කොඩියෝ ගූ නොකා හිටපන්.

      Delete
  10. රනිල් අගමැති උනෙත් ව්යවස්ථා විරොදීව, පාර්ලිමෙන්තුවෙ වැඩි කැමැත්ත කාටද බලන්න පාර්ලිමෙන්තුව රැස් වෙන්නත් ප්‍රථම. දැන් අපිටත් පුලුවන්ද රනිල් ගෙදර පල කියලා පාර්ලිමෙන්තුව වටලන්න? අපිට නැති ඒ අයිතිය උපුල් ජයසූරියට ලැබුනෙ ඔහු සිරිකොතෙ එකෙක් නිසාද? පොදු අපෙක්ශකයා දිනුවට අන්තිමට පත් වෙලා තියෙන්නෙ යූන්පී ආණ්ඩුවක්ද? අලුත් ජනාධිපතිතුමා එච්චරම රූකඩයක්ද? පිස්සු හැදෙනවා මෙවා හිතද්දී.

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාව අධ්‍යයනය කර බලන්න. රනිල්ගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී නැත. එය ව්‍යවස්ථා විරෝධී යයි සිතන්නේ නම් ඔබට අධිකරණයට යන්නට අවස්ථාව ඇත.

      Delete
    2. කඩේ යනකොටසරමක් ඇදගෙන යන්න.

      රනිල්ගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී නැත කියා ඔබ කියයි, බලු බැල්මට එය ව්‍යවස්ථා විරෝධී යැයි තවකෙක් කියයි. මෙය අර්ථ දැක්විය යුත්තේ අදිකරණයයි. තමුන්ගේ ගෝලයෙක් අග විනිසුරු කරන්නේ මේ ප්‍රශ්නයෙන් පළා යන්නද ???

      Delete
  11. CJ-43 resumed duties.New appointment not necessary as her removal was illegal.Thursday she is going to resign. It looks like the next CJ will be 44th as the MR's appointment of 44th has become illegal.As a result, Mohan Pieris will not be considered as a CJ of Sri Lanka.Am I right Para?
    (Disgraced CJ-41 missed this treatment)

    ReplyDelete
  12. දැන් ඒ කියන්නේ රටේ නීතිය අර්ථකතනය කරලා, පාර්ලිමේන්තුව ඕවර්රයිඩ් කරන්න පුලුවන් නීතියේ ඉහලම තැන BASL එකයි ජනාධිපතියි අජිත් පැරකුම් ජයසිංහයි ද?

    මොන උසාවියෙද මොන ව්‍යවස්ථාදායකේද තීන්දු උනේ ශිරානි අග විනිසුරු එලවපු විදිය නීති විරෝදියි කියලා? පෙන්නන්න බලන්න?

    අලුත් අග විනිසුරු පත් කරේ ව්‍යවස්ථාවේ මොන ප්‍රතිපාදනේ අනුවද? එහෙම නැත්නම් යහපාලනේට ව්‍යවස්ථා ඕනෙ නැද්ද? තමන් හරි කියන දේ ද නීතිය?

    මම කියන්නේ ශිරානි එලවපු විදිය හිරිකිතයි. මේක නීති විරෝධී සහ හිරිකිත දෙකම.


    යකෝ පැරා, තොපි ගැන ලැජ්ජයි. ලැජ්ජයි. ලැජ්ජයි!!

    ReplyDelete
    Replies
    1. මෙම ප්‍රශ්නයට ලිපියේ අග එකතු කිරීමකින් පිළිතුරු සපයා තිබේ. කියවන්න.

      Delete
    2. ඇසූ ප්‍රශ්නයට උත්තර දී නැත. එක්කෝ ඔබට නීතිය සහ ව්යවස්ථාව සම්බන්දයෙන් ඇත්තේ දෙකේ පන්තියේ දැනීමකි. ආයෙත් අහන්නම්:

      >> එබැවින් මොහාන් පීරිස්ගේ පත්වීම ම නීත්‍යානුකූල නැත. එසේම ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීමක් ද සිදු වී නැත. <<

      මේක තීරණය කළේ ජනාධිපති ද, BASL එක ද? එහෙනම් ඒ අයට ඒ ගැන තීන්දු ගන්නට බලතල දුන්නේ කවුද?

      Delete
    3. මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද

      කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

      මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

      අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

      ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

      ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා යැයි ආණ්ඩුව කියනු ඇත. එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

      ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?

      Delete
    4. තෝ අහන අහන ප්‍රශ්න වලට උත්තර දීමට පැරකුම් සර් බැඳී නැත. ඉලපත ගන්න කලින් දුප් පරය
      - මල්කාන්ති නංගි

      Delete
    5. "එකක් කඩතොළු මකා ගන්නට ගොස් සිදුවූ කාරියා
      දහක් කඩතොළු හදා ගත්තයි කම්මලේ ආචාරියා "

      මේ පැරණි සිංහල ජන කවිය අද දවසටත් වලංගුද? නැතහොත් එය සංශෝධනය කල යුතුද? නැත්නම් ඒ කවිය පබැඳු ජන කවියාගේ පරපුරම ඉතිහාසයෙන් මැකිය යුතුද?

      Delete
  13. එක වරදක් තව වරදකින් හරි ගැස්සීමට යාම මේ රජයට පුරුද්දට යන හැඩයි.

    ReplyDelete
  14. යහපාලන නඩය කමක් නැහැ කියමුකෝ. ශිරානි ඔයා?
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ...!

    ReplyDelete
    Replies
    1. Ethakota weera sakkili panikkiya nama venas karala genita passport deka deka hadapuva hari soak vennethi

      Delete
  15. 'නඩුකාරයන් තමන් සුපිරි පුරවැසියන් පිරිසක් ය කියා සිතන තත්වය ‍වහා වෙනස් කළ යුතු ය '

    මේ තත්වේ ලංකාවේ තමයි තියෙන්නේ. කොටින්ම කිව්වොත් උසාවියේ දෙන නඩු තීරණයක්‌ ගැන කොමෙන්ට් එකක් දානවට පවා ලංකාවේ මාධ්‍යය බයයි. පැරාත් මේ සයිට් එකේ දාලා තියෙන්නේ 'එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. ' කියලා.

    පැරා විතරක් නෙමෙයි, මාධ්‍යය ජාල වල වෙබ් අඩවි,පුවත් පත් පවා ඔහොමයි.


    හැබැයි පැරා පොඩ්ඩක් බලන්න යූටියුබ් එකේ තියෙනවා යුරෝපයේ ඇතැම් රටවල උසාවි තුල වන සිදුවීම්. එහිදී එම නඩු තීන්දු සුවිශේෂී අය ගැන නම් ඒවා වීඩියෝ කිරීමටත් එම රටවල රුපවාහිනී නාලිකා පියවර ගන්නවා. ඒවා රුපවාහිනියේ ප්‍රචාරය වෙනවා. විත්තිකරුත් ඕනි තරම් තර්ක කරනවා විනිසුරු එක්ක. ඒ විතරක් නෙමෙයි,වැදගත්ම දේ තමයි නඩු තීන්දුව සාධාරණ නෑ කියලා හිතුනොත් රුපවාහිනී නාලිකා වලිනුත් ඒ ගැන විවේචනය එල්ල වෙනවා.

    මම හිතන්නේ ලංකාවේ නං යම් යම් අසාධාරණ නඩු තීන්දු ගැන කතා කරන්න කොන්දක් තිබුනේ වික්ටර් අයිවන්ට විතරයි.

    ReplyDelete
  16. අපි කරන්නේ අපිට ඕනෙ දේ. දැන් තොපිට තෙල් මිල, ගෑස් මිල, බඩු මිල අඩුකරලා දුන්නා. කාලා බීලා හිටපියව් ආණ්ඩුව හදන්න එන්නේ නැතුව.

    ReplyDelete
  17. අජිත් දැන් ගූ ගැන, රෙන එක ගැන කතා කරනවා වැඩියි. දේශපාලනය ඒ තරම්ම කුරුවල් වී ඇති බව ඇත්ත වුණත් මෙම භාෂා ව්‍යවහාරය ඔබට නරකක් වෙන්න පුළුවන්. කෙතරම් කේන්ති ගියත් හැකි තරම් මධ්‍යස්ථ වන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අවවාදය හිස නමා පිළි ගනිමි. එහෙත්, මෙහි වෛරයක් නැත. මෙය සාහිත්‍යයක් ලෙස සලකන්න. අපි බ්ලොග්කාරයෝ ය. සාමාන්‍ය මාධ්‍ය සීමා බන්ධන අපට බාධා කර ගත යුතු නැත.

      සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ ස්ලෑංවලට සමාන භාෂාවක් භාවිතා කරන්නට දරන උත්සාහයක් මෙහි තිබේ.

      ස්ලෑං මිශ්‍ර සිංහල ලිඛිත ව්‍යවහාරයක් නරක ම දෙයක් නෙමෙයි නේ ද?

      Delete
  18. නීති තිබෙන්නේ යුක්තිය ඉෂ්ට වීම සඳහා ය. උසාවි තිබෙන්නේ යුක්තිය පසිඳලීම සඳහා ය.
    නීතියෙන් අර්ථ නොදැක්වෙන යමක් ඇත්නම් එහිදී ස්වභාවික යුක්තියේ මූලධර්ම දෙක පාවිච්චි කළ යුතු බව සම්මතයයි.
    එම නිසා, නීතිය යනු පැමිණිලි පාර්ශවය විසින් සහ වගඋත්තරකාර පාර්ශවය විසින් පිළිගත් දෙයක් විය යුතුය.
    ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස මොහාන් පීරිස් පත් කිරීම නීත්‍යානුකූල නම්, ඒ නීතිය අයුක්ති සහහක බැවින් වහාම වෙනස් කළ යුතු ය.
    නීත්‍යානුකූල නැත්නම් සිදු වී ඇත්තේ බලහත්කාරයකි. ත්‍රස්තවාදයකි.
    ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ උසාවි තීන්දු වලින් නොවේ. ඒ සඳහා ද බලහත්කාරය අවශ්‍යය.
    ත්‍රස්තවාදය පරාජය කළ පසු සාමාන්‍ය තත්වය ප්‍රතිස්ථාපනය කළ යුතුය. එයට වෙනම නඩු තීන්දුවක් අවශ්‍ය විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඕකම මම උඩ පැහැදිළි කළා.

      මේ ප්‍රශ්නය ඉතාම සරලය.

      1. මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.

      උදාහරණයක් හැටියට මෙහෙම හිතන්න. එල්. ටී. ටී. ඊ. එක යම් අවස්ථාවක ලංකාණ්ඩුවේ පාලනය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේම පොලිස්පති කෙනෙක් පත් කොට ගත්තේය. ඔවුන්ගේ පාලන කාලයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශයේ බල පැවැත්වූයේ එම 'පොලිස්පතිගේ' අණයි. එල්. ටී. ටී. ඊ. පරාජයෙන් පසුව මේ 'පොලිස්පති' ඉවත්කිරීම ගැන ගැටළුවක් නැත. මන්ද ඔහුගේ පත්වීමම නීත්‍යානුකූල නොවන නිසාය.

      2. මොහාන් පීරිස් අගවිනිසුරු නුවූවා කියා ඔහු විසින් දෙනු ලබන නඩු තීන්දු වලට ගැටළුවක් නොවේ. ඔහු කොහොමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකි. කිසිවෙක් එය ප්‍රශ්න නොකරති. අදාළ නඩු වල විනිශ්චය මණ්ඩල වල පෙනී සිටීමට ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු ලෙස ඔහුට අයිතිය හා හැකියාව තිබේ. අගවිනිසුරුකම හුදෙක් පදවියක් පමණෙකි. නඩු තීන්දු කෙරෙහි එය බල නොපායි. නඩු තීන්දු දෙන්නේ පුද්ගලයකු විසින් නොව අධිකරණය විසිනි.

      Delete
    2. //මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත. එනිසා ඔහු "ඉවත් කිරීම" පිළිබඳ ගැටළුවක් පැන නොනඟියි.//

      කවුද බබා ඔයාට ''මොහාන් පීරිස් නීත්‍යානුකූලව අග විනිසුරුව සිට නැත'' කියල තීන්දුවක් හරි අර්ථ දැක්වීමක් හරි දුන්නේ රනිලයි, සිරිසේනයිද? නැත්නම් රාවය කතු අයිවන්ද?

      එල්. ටී. ටී. ඊ. එක පිහිටුවන් හිටියේ වෙනම රාජ්‍යක්, අහෝසි උනේ ත්‍රස්තවාදී රාජ්යේ ක්‍රියාකාරිකම්. මේක තාම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජය. එක වෙනස් උනේ නෑ නේ. ඒ කියන්නේ සිදුවන සියල්ල විවස්ථාවට අනුකුලව සිදුවිය යුතුයි. ගැටළු අධිකරණය හමුවේ නිරාකරණය කොට අර්ථ දැක්විය යුතුයි. ගූ ගොඩ තොප්පියෙන් වහන්න ට්‍රය් කලාට ගඳ එනව නේද ??

      Delete
    3. මොහාන් පීරිස්ගේ පත්වීම නීත්‍යානුකූල නැතැයි නිගමනය කරන්නේ, එම පත්වීම කරන, ජනතා පරමාධිපත්‍යය හිමි ජනාධිපති. සරලයි.

      තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් මොහාන් පීරිස්ට නඩු යන්න පුළුවනි.

      Delete
    4. තොප්පියෙන් වැහිය යුතු ගූ ගොඩක් ඇත්නම් ඒ මොහාන් පීරිස් විතරයි.

      Delete
    5. //මොහාන් පීරිස්ගේ පත්වීම නීත්‍යානුකූල නැතැයි නිගමනය කරන්නේ, එම පත්වීම කරන, ජනතා පරමාධිපත්‍යය හිමි ජනාධිපති. සරලයි.//

      මෙන් ඔයාට මගේ ගානේ තවත් සිම්පල් ප්ලෑන් එකක්,
      ශිරානි බණ්ඩාරනායකගේ පත්වීම අහෝසි කරන්නෙත්, මොහාන් පීරිස්ගේ පත්වීම නීත්‍යානුකූල ලෙස කරන්නෙත් එවකට ජනතා පරමාධිපත්‍යය හිමි ජනාධිපති.

      තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් ශිරානි බණ්ඩාරනායකටත් නඩු යන්න පුළුවනි.

      තවත් සරලයි නේ. සරල උනාට නිකන් අවුල් වගේද? නිකන් අර පුසෝ ගලේ පැහැරුවාම වහන්න බෑ වගේද?

      Delete
    6. ඔබේ තර්කයේ තියෙන දුර්වලතාවය තමයි රාජපක්ෂ කළේ අනීතික දෙයක් බව නොදැනීම.

      ජනාධිපති කෙනකුට අග්‍ර විනිශ්චයකාරවරයෙක් පත් කරන්න මිසක අයින් කරන්න බැරි බව ඔබ නොදන්නා බව පෙනෙනවා. රාජපක්ෂ ආණ්ඩුව ඊට නියමිත පිළිවෙත අනුගමනය කළේ නැහැ.

      මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ වැඩ බාර ගන්න කොට නීත්‍යානුකූලව පත් වෙච්චි අග්‍රවිනිශ්චයකාරවරුන් සිටියේ එක් කෙනෙයි. ඇයට වැඩ කරන්න බැරි විදිහට පරිසරය හදලා තිබුණා. ජනාධිපතිතුමා ඒ බාධක ඉවත් කළා පමණයි. අළුත් පත් කිරීම් හෝ නෙරපීම් නැහැ.

      ඔව්, අනිවාර්යයෙන්ම ඇයට නඩු මඟට බහින්න තිබුණා නමුත් ඇය බැස්සේ නැහැ, ඇගේ කැමැත්තෙන්. ඒක ඇගේ අයිතිය.

      දැන් තේරුණාද? නැත්නම් තාමත් ටියුබ් ලයිට් වගේද? ගණන් ගන්න එපා සමහරුන්ට එහෙමයි.

      Delete
    7. /නිකන් අර පුසෝ ගලේ පැහැරුවාම වහන්න බෑ වගේද?/

      මේක නම් ඇත්ත. රාජපක්ෂලාට මොහාන් පීරිස්ලාට දැන් වහ ගන්න බැරුව දඟලනවා.

      Delete
    8. අර ගලේ පහරපු බළල්ලු වහගන්න බැරි උනාම වටේ කැර කෙන්නෙත්, ඔබ එකම දුර්වල තර්කය පුනුරුච්චාරණය කරන විදියටම තමයි. වටේ කැරකෙනවා මිසක් වහන්න බෑ. ටියුබ් ලයිට්නම් ස්ටාටර් එහම හයි කරගෙන නැවත කියවන්න කියල තමයි මටත් කියන්න තියෙන්නේ.

      ඔයාගේ චුටි මොළ කෑල්ලට තේරෙන්නේ නැත්තේ මේක, මහින්ද ශිරානිව ඉවත් කරපු එක හා මොහාන්ව පත්කරපු එක නිත්‍යානුකූල නෑ කියල කිවුවේ කවුද?? රනිල්ට, සිරිසේනට, උපුල් ජයසූරියට එහෙම තීරණය කරන්න පුලුවන්ද ?? ඒ අයට එහෙම තීරණය කරනන් පුලුවන්නම් ලංකාවට අදිකරණ පද්දතියක් මොකටද ???

      මේ වාක්‍ය වඩාත්ම ගැල පෙන්නේ ඔබටයි සිරිසේනටයි තමයි.

      //ජනාධිපති කෙනකුට අග්‍ර විනිශ්චයකාරවරයෙක් පත් කරන්න මිසක අයින් කරන්න බැරි බව ඔබ නොදන්නා බව පෙනෙනවා.// ආපහු විවස්තාව කියවගන්න බබා.

      Delete
    9. ඇයි කවුරුත් කියන්න ඕනැ? අග විනිසුරුවරයෙක් ඉවත් කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා තියෙනවා. ඒකට එකඟ නැත්නම් එකඟ නැහැ. ඒක කවුරුත් කියන්න ඕනැ ඇයි?

      තාමත් ටියුබ් ලයිට් වගේද?

      Delete
    10. මෙන් ඔයාලගේ චන්දෙ කාලේ වීරයා දැන් කියන දේ

      අගවිනිසුරු ඉවත් කල හැටි වැරදියි.. අධිකරණය කවදාවත් මෙසේ බාල්දු වී නෑ..

      අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කළ ආකාරය බලශුන්‍ය යැයි කියන්නේ නම් වසර දෙකක කාලයක් පුරා ඔහු දුන් නඩු තීන්දු ද බල රහිත වන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

      අගවිනිසුරුවරයා ඉවත්කිරීමට අනුගමනය කළ ක්‍රමය තමා කිසිසේත් අනුමත නොකරන බව ද කීය.අධිකරණයේ ඉහළම තනතුර මේ ආකාරයෙන් බාල්දුවීමක් එම තනතුර ප්‍රතිෂ්ඨාපනය කළ 1802 වසරේ සිට මේ දක්වා වූ ඉතිහාසයේ කිසිම විටෙක සිදුවී නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

      මෙම සිද්ධිය තුළින් අවිනිශ්චිත අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන අතර යම් ක්‍රියාවක් නීත්‍යනුකූලව කරනු මිස හදිසියේ කරන්නට යාම නිසා අර්බුදකාරී තත්ත්වයන් උග්‍ර වන බවත් කීවේය.

      අධිකරණ ක්‍ෂේත්‍රයට පවතින මහජන ගෞරවය හා විශ්වාසය පළුදු වී යාමට මෙවැනි තත්ත්වයන් හේතු වන අතර මතු අනාගතයෙහි නඩු විසඳීම්වලට පවා බියක් ඇතිකරවන බවත් සරත්නන්ද සිල්වා මහතා කියා සිටී.

      නඩු විසඳීමේ ක්‍රියාවන්හි යෙදුනු ඉහළ තනතුරු දැරුවන් නීත්‍යනුකූල නොවන අයුරින් ඉවත් කිරීමෙන් ඇතිකරන තත්ත්වය යහපාලනයට පටහැනි වන අතර නීතියේ යහපාලනය බිඳ හෙළීමක් යැයි ද සරත්නන්ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

      Delete
    11. //අග විනිසුරුවරයෙක් ඉවත් කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා තියෙනවා. ඒකට එකඟ නැත්නම් එකඟ නැහැ. ඒක කවුරුත් කියන්න ඕනැ ඇයි?//

      ඒ දක්වල තියන ක්‍රමයට මහින්ද ශිරානිව ඉවත් කරලා තියනවා ( තිරනේට ශිරානිවත් මොකෙක්වත් අභියෝග කොට නැත), මොහාන්ව පත්කරලා තියෙනවා. දැන් හරිද ??

      එක වැරදිනම් අදිකරණයට යන්න. පාරේ පිකට් කරලා උපුල් ජයසුරිය තීරණ ගත්තාම හරිද ??

      තාම ටියුබ් ලයිට්ද?? ස්ටාටරේ හොල්ලල බලන්න!!!

      Delete
    12. /ඒ දක්වල තියන ක්‍රමයට මහින්ද ශිරානිව ඉවත් කරලා තියනවා/

      නැහැ. දැන් මට තේරෙනවා ඔබට වැරදුණු තැන.

      Delete
    13. /ඒ දක්වල තියන ක්‍රමයට මහින්ද ශිරානිව ඉවත් කරලා තියනවා/

      ඔව්.දැන් මටත් තේරෙනවා ඔබට වැරදුණු තැන.

      Delete
    14. එකම ප්‍රශ්නෙට ( අදිකරණය හා සම්බන්ද) ඔව්, නෑ කියල උත්තර දෙකක් එනවනම් යන්න ඕන අදිකරණයට නේද ? එක සිරිකොතට හරි උපුල් ජයසුරියගේ ගෙදරට හරි ගිහින් විසදුවාම වැඩේ චාටර් නේද ?

      Delete
    15. උත්තර දෙකක් නැහැ. එක උත්තරයයි.

      උපුල් ජයසූරියගේ හෝ සිරිකොතේ සම්බන්ධයක් නැහැ. ඔවුන් මේ කාරණාවට බාහිර පුද්ගලයින්. ඔවුන්ට තමන් කැමැති මතයක් දරන්න පුළුවන්.

      Delete
  19. අපි පූසන්ටත් තොප්පි දාන්න කියමු

    ReplyDelete
  20. පැරකුම් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිටපු එකෙක්ලු. ඌට මංගල රෑට රෑට ගෙවනවළු. දැන් පවුලෙත් ඒ නිසා ප්‍රස්නලු. මූ අම්ම එක්ක තියෙන තරහට රට ඌට ඕන විදියට හැදෙන්න ඕන කියන බල්ලෙක්ලු.

    ReplyDelete
  21. මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කර ඇත්තේ එකම එක සුළු වරදක් පමණයි. අද බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය විශ්‍රාම ගැනීමෙන් පසුව ඒ පදවිය සම්ප්‍රදායානුකූලව හිමිවිය යුතු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊළඟට ඉන්නා මොහාන් පීරිස් මහතාට. නමුත් ඔහු බයිපාස් කර ශ්‍රීපවන් මහතාට ඒ ධුරය හිමිකොට දී තිබෙනවා. එය ජනාධිපතිතුමන්ගේ අභිමතය.

    ReplyDelete
  22. පැරා,
    මහොසොහොන් පිල්ලිය සහ තවත් ඒ වගේ පිල්ලි වලට චන්දෙන් පස්සෙ යන එන මං නැතිවුනා. මුං බලන් හිටිය මෛත්‍රී ආපු ගමන් උතුරෙ කඳවුරු ටික ඉවත් කරල උතුරට පොලිස් බලතල සහ ස්වයංපාලන බලතල දෙයි කියල. එහෙම උනා නං මේ සෙට් එක බලාගෙන හිටියෙ හොඳ තොයිලයක් නටන්න.

    දැන් සිද්ධ වෙන්නෙ පිල්ලි කැමති දේවල් නෙවේ. තෙල් මිල අඩු වෙනව, පඩි වැඩි කරනව කියනව, බඩු මිල අඩු කරනව කියනව.… ඔය වගේ "නෝටි වැඩ"

    ඒ කාලෙ මහින්දගෙ ජඩ වැඩ දැක්කෙ නැති මේ අවජාතකයන් පාරෙ කෙසෙල් ලෙල්ලක් තිබුනත් මෛත්‍රීට බනිනව.

    ඔය ප්‍රශ්න වලට උත්තර දෙන වෙලේ තව පෝස්ටුවක් දෙකක් ලිව්වොත් යුනිකෝඩ් අපතෙ යන්නෙ නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. @රාජ්,
      පඩි වැඩි කරන එක හොඳ දෙයක්.මහින්ද ජනාධිපතිතුමා 2015 අයවැයෙන් පඩි වැඩි කිරීමට මුල් පියවර ගත්තා. අලුත් වැටුප් කොමිෂමක් එනතුරු ඔබට රුපියල් 3000 ක දීමනාවක් ගෙව්වා.විශ්‍රාමික මට 2500ක් ලැබුනා.ඒ බජට් ඒකේම තිබුනා ජනවාරි මස පටන් තව රුපියල් 3000ක දෙනවා කිව්වා.ඒක ඔබට ලැබුනද? නැත්නම් ඉදිරියට ලැබෙනවා කියල අදහසක්වත් තියෙනවද? පොදු අපේක්ෂක මෛත්‍රිපාල මහතා කිව්වා රුපියල් 10,000 කින් වැඩි කරනවා කියල දැන් එතුමා දිනලා රුපියල් 5000ක් දෙන්න යනවා. අර කලින් අනුමතවූ 3000 ට 5000 එකතු කරලා 8000ක් දෙනවද? කරුණාකර පැහැදිලි කරන්න.

      සමරසේකර

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෛත්‍රිපාල ජනාධිපතිතුමා පොරොන්දු වුණේ මුලින් රු. 5,000 යි යම් කාලයකට පසුව රු. 5,000 යි. එය එලෙසින්ම ඔබට ලැබෙනවා.

      රාජපක්ෂ පොරොන්දු වෙච්චි ඒවා එයාගෙන්ම ඉල්ල ගන්න.

      Delete
    4. @ Anonymous
      ඒ උනත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතුරු බජට් එක අනුව විශ්‍රාමිකයන්ට ලැබෙන්නෙ රුපියල් 1000යිලු. එකත් අප්‍රේල් ඉඳල. ඔබට බැරිද ඉතුරු 4000 ඉල්ලා දීමට උපකාර වෙන්න.

      සමරසේකර

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  23. yahapalanaye heluwa eli wana awasthawak. elaga parlimenthu mathiwaranayen passe niyama yaha palanaya bala ganna puluwan.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා