මොහාන් පීරිස් හිතවාදීන්ට අභියෝගයක්
පහත පළ වන්නේ අග විනිසුරු ධුරය හොබවමින් සිටි මොහාන් පීරිස් ඉවත් කිරීම හා සම්බන්ධ නීතිමය පසුබිම පැහැදිලි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් 2015 ජනවාරි 30දා පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශයයි. අග විනිසුරු ඉවත් කිරීමේ ක්‍රියාවලිය වැරදි යයි තර්ක කරන අය කරුණාකර මෙහි ඇති නීතිමය කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් දක්වන්න. මෙම ඉවත් කිරීම දේශීය අධිකරණයකදී මෙන් ම ජාත්‍යන්තරව ද අභියෝගයට ලක් කරන්නට පුළුවන. නැතිනම් වීදියේ ප්‍රශ්න කරන්නට වුව ද පුළුවන. එවැනි ක්‍රියාමාර්ගයකට යන ලෙස අපි සංවාද ලැදි මොහාන් පීරිස් හිතවාදීන්ගෙන් ඉල්ලා සිටිමු. මොහාන් පීරිස් වෙනුවෙන් පෙනී සිටි අය අතර දක්ෂිණාංශික විමල් වීරවංශගේ සිට අති වාමාංශිකයන් දක්වා පිරිස් සිටි බැවින් ඔවුන් මේ නීති තර්කය ගැන අවධානය යොමු කරනු ඇතැයි සිතමි. අපට තේරෙන අන්දමින් නම් ශිරානි පැන්නීමේ තදියමකින් සිටි පිරිස අතින් බරපතල තාක්ෂණික දෝෂයක් සිදු වී ඇති අතර, වත්මන් ආණ්ඩුව පාවිච්චි කර තිබෙන්නේ එයයි. එය නීතියේ සිදුරකින් රිංගීමක් බව ඇත්තකි. එය හොඳ දෙයක් නො වේ. එහෙත්, ධනේශ්වර නීතියේ ස්වභාවය එයයි. දෝෂාභියෝග ක්‍රියාවලිය ද එවැනි ම ද...