මනුෂ්‍යයෝ ද සිරකරුවෝ ය

වැලිකඩ ඝාතනය
සිරකරුවන් ද මනුෂ්‍යයන් බව පාලකයෝ මෝස්තරයට කියති. එහෙත් සිරකරුවන්ට සිරකරුවන් ලෙසවත් නො සලකති.

පසුගිය ආණ්ඩුව සමයේ සිරකරුවන් දසදහස් ගණනක් නීතියට පිටින් ම්ලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරන ලදී.

මෙසේ සිරකරුවන් හා සැකකරුවන් ඝාතනය කරන ලද ආකාර කීපයක් තිබේ.

  • අත් අඩංගුවට ගන්නවා වෙනුවට වැටලීම් කර මරා දැමීම (ඇතැම් විට මෙම ක්‍රියාවලදී ආරක්ෂක අංශ කටයුතු කළේ ඝාතක කල්ලි ලෙසයි. මිනිසුන් මරා මහ මග දමා පළා යන ලදී.)
  • අත්අඩංගුවට ගත් සිරකරුවන් රහසිගතව අතුරුදහන් කිරීම
  • අත්අඩංගුවට ගත් සිරකරුවන්ට පොලිස් කූඩුවේදී වධ දී මරා දැමීම
  • අත්අඩංගුවට ගත් සිරකරුවන් මරා දමා ඔවුන් පළා යාමට තැත් කළ බව පැවසීම
  • යටත් වූ, භාර වූ හා අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඝාතනය කිරීම
  • සිරගෙවල්වලදී සැකකරුවන්ට හා වරදකරුවන්ට පහර දී මරා දැමීම

මෙවැනි මිනීමැරුම් දසදහස් ගණනක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරු හා තවත් බොහෝ දෙනෙකු‍ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. රට පුරා ආරක්ෂක ස්ථාන මට්ටමෙන් සිදු වූ මෙම ඝාතන සඳහා ඔවුන් නියෝග දුන්නා ද, එම ඝාතන සාධාරණීකරණය සඳහා ඔවුන් උපකාර කළා ද යන කරුණු විමසා බැලිය යුතු ය. එසේම, මෙම ඝාතන සම්බන්ධයෙන් සාධාරණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වුණා ද යන්න ද විමසිය යුතු ය. මෙම පුද්ගලයෝ අපරාධකරුවන් විය හැකි ය. එහෙත්, ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට, නිතියෙන් දඬුවම් ලැබීමට හා පුනරුත්ථාපනය වී සමාජගත වීමට ඇති අයිතිය රාජ්‍ය අපරාධකරුවන් පිරිසක් විසින් අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.

මෙම ඝාතන පසුගිය සමයේ ලාංකීය සමාජයේ සංස්කෘතික ලක්ෂණයක් බවට පත් කර තිබිණි. වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවනවා වෙනුවට ඔවුන් නීති විරෝධී ආකාරවලින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයන් වීරත්‍වයෙන් සලකන තත්වයක් පසුගිය කාලයේ මේ රටේ තිබිණි. 

මෙසේ සැකකරුවන් මරා දැමීම ඔස්සේ ඇතැම් බලවත් පුද්ගලයන්ට එරෙහිව නැගෙන අපරාධ චෝදනා සම්බන්ධ සාක්ෂි විනාශ කිරීම ද සිදු විය.

සමාජයක් ලෙස අප පසුගිය සමයේ ඇද වැටී සිටි මානසික තත්වය ඉතා භයානක ය. දරුණු අපරාධයක් කළ සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට පත් වන්නටත් පෙර ම "ඕකුන් නම් මරන්න ඕනැ," යි කියන මානසිකත්වයක සමාජය තිබුණු අතර පොලිසිය කළේ මේ සමාජ ඉල්ලීම ඉටු කරමින් සමාජ ප්‍රශංසාවට ලක් වීමයි. 

පොලිසිය මේ ඝාතන කළේ නීතියේ සිදුරුවලින් රිංගා යා හැකි පරිදි ය. ඒ කියන්නේ පැන යන්නට උත්සාහ කරද්දී ගත් ක්‍රියාමාර්ගවලින් මෙම සැකකරුවන් මිය ගිය බව කියා පොලිසිය කියයි. එහෙත්, ඇත්ත එය නො වන බව කවුරුත් දනිති. මේ ඝාතනවලට සම්බන්ධ වූ නිලධාරීන්ට ඒවා සිදු කළ ආකාරය ගැන සාක්කි කියන්නට පුළුවන. ඇතැම් පහළ නිලධාරීන් මෙම ඝාතනවලට සම්බන්ධ වූවත්, ඔවුන් එසේ කළේ ඉහළ අණ නිසා මිස ඔවුන්ගේ උවමනාවට නො වේ. එවැනි අයට ඇත්ත හෙළිදරව් කරන්නට හා සමාව ලබා ගන්නට අවස්ථාව ලබා දිය යුතු ය. 

හිතන්න. අප‍ මේ කතා කරන්නේ ඝාතන දස දහස් ගණනක් ගැන ය. සමාජයක් ලෙස අපි සියලු දෙනා ම මේ ඝාතන සංස්කෘතියේ කොටස්කරුවෝ ය. අපේ දරුවන් වෙනුවෙන් අපි මෙම ඝාතන සංස්කෘතියෙන් මිදිය යුතු ය. 

අප කියන්නේ අප සියලු දෙනා දඬුවම් ලැබිය යුතු බව නො වේ. මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීම ඔස්සේ හා බරපතල වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ සමාජ ප්‍රතිශෝධන ක්‍රියාවලියක් සිදු විය යුතු ය. 

මෙම දස දහස් සංඛ්‍යාත ඝාතන අතරින් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය පරීක්ෂා කර වැරදිකරුවන්ට එරෙහිව දඬුවම් ලබා දිය යුතු එක් බරපතල නීති විරෝධී ක්‍රියාවකි. 

උදුල් ප්‍රේමරත්න


වරුණ රාජපක්ෂ


සමන් වගආරච්චි


මේ සබඳතා පුරුක ඔස්සේ මෙම ඝාතනය සියැසින් දුටු සාක්කිකරුවකුගේ දිවුරුම් ප්‍රකාශයක් කියවිය හැකි ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය ඇරඹුනේ 1983 දී නේද? එදා 1983 සිරකරුවන් ඝාතනය කළ අයට නුූ පැවරුණේත් නෑ නේද? ඉනපසු 1987-89 කාලයේ මිනීමැරීම් නිකම්ම අමතක කර දැමුවා.

    "සමාජයක් ලෙස අපි සියලු දෙනා ම මේ ඝාතන සංස්කෘතියේ කොටස්කරුවෝ" වෙන්නේ එලෙසයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි මෙච්චර කල් පත්වෙච්ච සාදාරනම ආණ්ඩුව ,දැන් බලන්ඩ, අදිකරණ අමාත්යංශය නීතිවෙදියෙකුට, විදුලි බල අමාත්යංශය ඉන්ජිනේරුවෙකුට , සෞඛ්‍ය අමාත්‍යාංශය දොස්තර කෙනෙකුට , පශුසම්පත් අමාත්යංශය හරකෙකුට

      Delete
  2. ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය

    http://transyl2014.blogspot.ca/2015/01/blog-post_20.html

    ReplyDelete
  3. මැතිවරණ ව්‍යාපාරයෙදිත් අමතක වූ කාරණයක් තමයි ඕක.
    “ආයුධ පෙන්නන්න එක්ක යනවා“ යනු මරන්න ගෙනියනවා යන්නට සමාන වාක්‍යයක් බව දැන් සාහිත්‍යයට එකතු වී ඇත.
    ඇත්ත විස්තර හොයාගන්න එක හොඳයි, දඬුවම් කරන්න ඕනැ නෑ අර නහයෙන් අඬන ලක්ෂ 57 දෙනකුගෙ හිත් හදාගන්න පුළුවන් එතකොට.

    ReplyDelete
  4. පැරාට දිනමිණ දියව්!!!

    ReplyDelete
  5. වාහන එක්දහස් පන්සියයකට නැඟ
    ගිය ජනපතිතුමා කටයුතු කෙරුව වග
    අහලා පුදුම හිතුණා මේ පැමිණි මඟ
    මේවා පි‍ටුදකිමු යහපාලනය ළඟ

    දිනමිණ 2015/01/21

    ReplyDelete
    Replies
    1. පැරාට ඔයිට වඩා ලස්සනට ලියන්න පුළුවන්. ඒනිසා දිනමිණ පැරාට දිය යුතුයි!

      Delete
  6. මැන්ඩෙලා ගේ ආදර්ශය ක්‍රියාවට නගන්න ජනාධිපති වරයා (ජන අධිපති කියනවට වඩා ජන සභාපති වගේ එකක් හොඳයි නේද?) පොළබවන්න ඕන. විවිධාකාරයේ අමනුස්ස ගති තිබීම ගොඩක් දෙනාට තියනවා ඒත් ඒවා එළියට බහින්නේ සුදුසු පරිසරයක් නිර්මාණය වුනාමයි, දඩුවම් කරන්න ගියොත් දඩුවමට ලක් වෙන්නේ වරද ට පොළබවපු සහ අණදුන්න අය නොවෙයි ක්‍රියාත්මක කරපු අයයි. ඊට අමතරව වරදකාරයෝ රාශියක් ඉන්න නිසාත් ඒඅය අපි කාගේ කාගේත් නැදැයන් හිතවතුන් නිසාත් අපි අකමැතිවුනත් සිඳුවූ දේවල් කාලයේ වැලිතලාවට වැසීයාමට ඉඩහැරීමට අපිට සිඳුවේවි. නමුත් සිඳුවිය යුත්තේ වැරදි සියල්ල සවිස්තරාත්මකව විමර්ශණය කර සියළුදෙනාට හෙලිදරව්කිරීමයි, උගත් පාඩම් කියන්නේ ඒවාටයි, පෙරදිග සහ අපරදිග අතර වෙනස එයයි, අපි ලැජ්ජාවිය යුතු අතීත වැරදි වසා දමා බොරු පුරාජේරු කියනවා, අනාගත පරපුර මේ පුරාජේරු බොරු වලට රැවෙටනවා. අපරදිග අය අතිතයේ සිඳුවූ වැරදි හෙළිදරව් කර පාඩම් ඉගෙන ගන්නවා, අපි උන්ට හූ කියනවා දැක්කද තොපේ පහත් අතීතය කියා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන නාලක ලියන්නේ මෙහෙමයි: http://nalakagunawardene.com/2015/01/16/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-203-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E2%80%8D/

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Janathaawa gonaata andana thawath aanduwak bihiwee thibe. Meeta sathi dekakata pera dooshithayanta horunta kudukaarayanta ethanol kaarayanta danduwam denawa yayi kiyamin rata wate puka wate ata hollamin awidda wun ta metharam ikmanin thaman kala kee de amathaka kara mara nindakata yaamakata haki nam munwa wishwasa karanne kohomada?? Mowun me andanne janathawada nathnam mowunma redi gena kapagena thamanma gonaata andinawada?? Mini maruwanta danduwam ko, asadharanaya woo ayata sadharanaya ko, duminda ko, goomal ko, lakshman wasantha ko, nithiya ballata dama rate nithiya ata dekatawath mayim nokara pissu keli merviya ko.. Dan wihilu karayan janathawada nathinam paalakayanda.. Sathi dekakin thaman kala ki de mese amathaka kala me gobbayan gana wasara gananawakata wishwasaya thiyanne keseda?? Janatha balaya ko?? Horu maravarayan kudu karayantada me rata ayithi.. Parikshana ko.. Hama deyak ganama dana siti hora marakam gana rata wate anduwa ewunta paramadipathya balaya labunu pasu horun pamina thamanma bara wena thek bala sitinawada.. Me wihilu awasan wenne kawadada.. Janathawage buddhiyata me tharam niga denne ayi.. Janathawa wana api me tharam kotaluwo ranakda????

    ReplyDelete
    Replies
    1. //Janathawa wana api me tharam kotaluwo ranakda//
      කියවන්න අපහසු නිසා උඩින් පල්ලෙන් කියෙව්වේ, බයවෙන්න එපා බහුතර ජනතාව කොටළුවන් නොවන බව පෙන්වා දී තියෙනවා, සුළුතරය නම් එහෙමෙයි කියලයි කියන්නේ. අප උගත යුතු පාඩම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව පිළිපැදිය යුතු බවයි, අළුත් ජන සභාපති වරයා කියනවා මෛත්‍රි කරන්නත් කියලා, ඔබට සහ පැරා ලටත් ඕන කරන්නේ පළිගැනීම් කරන්න බවයි සමහර පෝස්ට් වලින් තේරෙන්නේ, ඕකට තමයි කැක්කුම කියන්නේ, කැක්කුම හැඳුනාම ඹළුව මංඤ්ඤං වෙනවා. පළිගැනීම් වලට ගියොත් මහින්ද ඇන්ඩ් කොම්පැනිය පිටට ඇද්ද සල්ලි ආපහු ගන්න හම්බවෙන්නේ නම් නෑ, අපරාදේ සල්ලි වෙනවා. හීන් නූලෙන් ප්‍රජාතත්ත්‍රවාදීව වැඩ කරොත් ජාත්‍යන්තරයේ සහයෝගය ගන්නත් අපිට අහිමිවූ ගොඩක් දේවල් ආපහු හරවන්නත් පුළුවන් වෙයි. අපිට ඇඟළුම් කෝටා නැතිවුනෙත් ඔය යහපාලන මූලධර්ම අතහැර දැමීම නිසා නේද?

      Delete
  9. Naha mama kiyanne paudgalika pali ganeem karanna nemeyi, api epaa kiwwath danata pelagasunu, madya wala giya me rajaye pramukha karyayan lesa mulinma kala dewal kohomath pawudagalika eka pudgalayek ho ohuge sahodarayan ella karagath dewal bawa as kan athi apata penawa.. E wagema giya rajaya wisin karagena giya yam saadhaniya wadapiliwelawal nawathwimatath me rajaya kaalaya athapasu karanne nathi bawa penawa.. Ethakota metharam horakam karapu rata idiriye niruwathin neethiya ballata dala udapanapu rata wate sathi dekakata issella yanakota bana bana giyapu ewwanwa dan unnada malaada balanne naththe ayi, rajaa saha rajaage nayingen paliganna thiyena hadissiya nithiya ballata as panapita ballata daapu ewunta danma danduwam denna naththe ayi, api kiyanne nithiya kriyathmaka karanna witharayi, paudgalika paliganim karanna nemeyi,

    ReplyDelete
  10. Welikada Prison Riot 2012- 27 people were killed.All prisoners.Then Minister Chandrasiri Gajadheera appointed 3 member committee to investigate. God knows what happened to that inquiry!
    Good to carry out a "through and credible inquiry" about this riot.

    ReplyDelete
  11. An attempted coup- Gota says they received intelligence report that there was a trend to surround Temple Trees by opposition supporters on the 9th morning and therefore Attorney General was called to consult.
    Question: Why CJ was called? Is it appropriate to have CJ in a candidate's residence on the election day night?

    ReplyDelete
    Replies
    1. MR is out of coup attempt according to Rajitha.

      Delete
  12. නීති හදන්නේද..අනුමත කරන්නේද දේශපාලකයින් බැවින් නීතිය යනු ඔවුන්ගේ දේපලකි. එය රිසි ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ අයිතියකි

    ReplyDelete
  13. අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලුවෝ , මෙසේ දෙසපලුවෝ දුෂිත වීමට විශේෂයෙන් බලපාපු කරුණු දෙකක් තමා , නීතියට වග නොකියන ජනාධිපති , හා මනාප ක්‍රමය , පළමුවැන්න නම් සංසෝදනය වෙනවා කියනවා , නමුත් මෙවරද මනාප ක්‍රමය වෙනස් කරන්නේ නැහැලු , කල් මදිලු ., නටන්න බැරි මිනිහට පොලොව ඇද වාගේ .,
    මනාප 3 ක් තිබෙන නිසා තමා මේ නළු නිලි , ගණිකාවෝ , මැරයෝ , චෙන් කඩා පු උන් , මන්ත්‍රීලා වෙන්නේ ., චන්ද දායකයා 1 වෙනි මනාපේ දෙනවා කල්පනා කරලා ලයිස්තුවේ ඉන්න තරමක් හෝ හොඳ කෙනෙකුට ., දෙවැන්න ටිකක් කල්පනා කරලා එම ආසන්න දිනවල තමාට , පෝන් එකක් , 3 වීල් ටයරයක් , ඔරලෝසුවක් , හෝ ආහාර වේලක් හෝ මත්පැන් ටිකක් දුන්න කෙනාට දෙනවා , ඊළඟ මනාපේ තමාගේ ප්‍රියතම නිලියට , නළුවාට ගායකයාට , එසේත් නැතිනම් හොඳම ජාතිවාදියට හෝ ආගම්වාදියාට දෙනවා .
    මේ හේතුව නිසා නුසුදුසු අය පත් වෙනවා , කලින් සැරේ කරු ජයසුරියලා අබිභවා පබා ආවේ එලෙසයි , රාජකරුනලා කලේ පබා ඉදිරියේ .
    ඉතින් මේ මනාප 3 ක් තියෙන නිසා මුදල් වියදම් කරන උන් හා ගයේෂ පෙරේරලා වගේඅයත් හොඳ මිනිසුන් පලදා ඉදිරියට එනවා .
    නීති සංසෝදනය කරන්න කල් මදිනම් එක චන්ද දායකයට එක චන්දයයි , එක (1) මනාපයි වගේ සීමා කලොත් ටිකක් හෝ තාවය යහපත් වේවි . එසේත් බැරි නම් නගර සභා චන්ද වල මෙන් මනාප 3 නම එකම කෙනාට ප්‍රකාශ කිරීමට හැකියාව හෝ දිය යුතුය .

    ReplyDelete
  14. අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලුවෝ , මෙසේ දෙසපලුවෝ දුෂිත වීමට විශේෂයෙන් බලපාපු කරුණු දෙකක් තමා , නීතියට වග නොකියන ජනාධිපති , හා මනාප ක්‍රමය , පළමුවැන්න නම් සංසෝදනය වෙනවා කියනවා , නමුත් මෙවරද මනාප ක්‍රමය වෙනස් කරන්නේ නැහැලු , කල් මදිලු ., නටන්න බැරි මිනිහට පොලොව ඇද වාගේ .,
    මනාප 3 ක් තිබෙන නිසා තමා මේ නළු නිලි , ගණිකාවෝ , මැරයෝ , චෙන් කඩා පු උන් , මන්ත්‍රීලා වෙන්නේ ., චන්ද දායකයා 1 වෙනි මනාපේ දෙනවා කල්පනා කරලා ලයිස්තුවේ ඉන්න තරමක් හෝ හොඳ කෙනෙකුට ., දෙවැන්න ටිකක් කල්පනා කරලා එම ආසන්න දිනවල තමාට , පෝන් එකක් , 3 වීල් ටයරයක් , ඔරලෝසුවක් , හෝ ආහාර වේලක් හෝ මත්පැන් ටිකක් දුන්න කෙනාට දෙනවා , ඊළඟ මනාපේ තමාගේ ප්‍රියතම නිලියට , නළුවාට ගායකයාට , එසේත් නැතිනම් හොඳම ජාතිවාදියට හෝ ආගම්වාදියාට දෙනවා .
    මේ හේතුව නිසා නුසුදුසු අය පත් වෙනවා , කලින් සැරේ කරු ජයසුරියලා අබිභවා පබා ආවේ එලෙසයි , රාජකරුනලා කලේ පබා ඉදිරියේ .
    ඉතින් මේ මනාප 3 ක් තියෙන නිසා මුදල් වියදම් කරන උන් හා ගයේෂ පෙරේරලා වගේඅයත් හොඳ මිනිසුන් පලදා ඉදිරියට එනවා .
    නීති සංසෝදනය කරන්න කල් මදිනම් එක චන්ද දායකයට එක චන්දයයි , එක (1) මනාපයි වගේ සීමා කලොත් ටිකක් හෝ තාවය යහපත් වේවි . එසේත් බැරි නම් නගර සභා චන්ද වල මෙන් මනාප 3 නම එකම කෙනාට ප්‍රකාශ කිරීමට හැකියාව හෝ දිය යුතුය .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා