අග විනිසුරු දේශපාලනය නො තේරෙන කුක්කු පැටවුන්ට

අග විනිසුරු මොහාන් පීරිස් පත් කළ ආකාරය මෙන් ම ඉවත් කළ ආකාරය ද වැරදි බව ලංකාවේ අධිකරණය පමණක් නොව සමාජ දේහය ම විනාශ කිරීමට දායක වූ ප්‍රධානියෙක් වන හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසයි. 

මේ අතර ලංකාවේ අධිකරණය තුට්ටුවකට මායිම් නො කළ මහින්ද රාජපක්ෂ පසුපස තවමත් යන බැලයන්ට මේ ඉවත් කිරීම මාර අවුලක් වී තිබේ. ඒකෙන් යහපාලනය නැති වෙනවා ලු. ඒ කුක්කු බබාලාට හරි දුකලු. 

මේකට ඉතින් උත්තරයක් දෙන්න වෙන්නෙ අමු හිංගලෙන්. තරහ අවසර. 

නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. ආණ්ඩුව අග විනිසුරු අයින් කළ විධියේ නීතිමය තර්කයක් ති‍බෙනවා. ඕනැ නං උසාවි ගිහිල්ලා අර්ථකථනය කරගන්න පුළුවන්.

ඒත්, දේශපාලනිකව ගත්තොත් මේක ආණ්ඩුව බලය තහවුරු කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි. 

පරාජිත මහ‍රජා එක්ක විතරක් නෙමෙයි අර යකඩ හොරා සුදර්මන් රදලි‍යගොඩත් එක්කත් කූට්ටාලිකං කරන, කුමන්ත්‍රණවලටත් සම්බන්ධ, මේ කුජීත දූෂිතයාව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් ආණ්ඩුව ළඳ බොළඳ නැහැ මෙයාලා. 

දැන් ඔයාලා කීන විදියට එයාට දැනට පාඩුවේ ඉන්න දීලා, කලට වෙලාවට වැඩට බහින්න ඇරලා මහින්ද මාමි කෙළින් කරගෙන එනකොට ආණ්ඩුව ටිංකිරි ගාගන්න ඕනැ. අනේ නිකං යන්න මෙයාලා යන්න. 

හරියට ‍තේරෙන්නෙ නැහැ වගේ. 

ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු. දැන් ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය විතරක් නෙමෙයි, ප්‍රගතිශීලිත්වයත්, මානුෂිකත්වයත් ස්ථාපිත කරන්න අරගල කරමු.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොහෙද බූරුවො නීතියක් තියෙන්නෙ කැබිනට් ප්‍රකාශයකින් අග විනිසුරු කෙනෙක් අයින් කරන්න පුලුවන් කියලා? තොපෙ සිරිකොත හාමු ඊලගට පොලිස්, ඉඩම් බලතල දීමත් කැබිනට් එක හරහා කරන්නද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. නමින් වරෙන් බූරුවො බය නැතිව. දැන් තොපේ මිනීමරුවො බලයෙ නැහැ. බය වෙන්න එපා.

      Delete
    2. කොහේද දැන් අග විනිසුරු කෙනෙක් අයින් කරල තියෙන්නෙ?

      Delete
    3. //ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු.//

      මෙන්න අපි පුකේ වම්මුන්ට අත ඇරලා දාන්න තව තර්ක ටිකක්,

      1.සිරිමාවෝ බලේ රැකගන්න 20,000 මරුවා, 20,000 හිටියනම් ආණ්ඩුව ඉවරයි,ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු .

      2.ප්‍රේමදාස බලේ රැකගන්න 60,000 මරුවා, 60,000 හිටියනම් ආණ්ඩුව ඉවරයි,ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු .

      3. නන්දිකඩල් වලදී 100,000 විතර වෙච්ච දෙයක් නෑ, උන් හිටියනම් මේක කරන්න බෑ, දැන් උන් ඉවරයි ළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු .

      4. බිස්කට් කකා හිටපු බාල චන්ද්‍රන් පොඩි එකා මැරිලා හිටියා, ඌත් පිළිකා සෛලයක් වගේ,ඌ හිටියනම් මේක කරන්න බෑ, දැන් ඌ ඉවරයි ළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු . දැන් ඌ ඉවරයි.

      5.වැලිකඩ පාතාලේ බුවාලා ටිකක් ආමරියට පැන්න. උන් හිටියනම් ලොවෙත් නෑ. එක හින්ද අපි එවෙලේ නටපු හම එකාම එලොව ඇරියා. උන් හිටියනම් මේක කරන්න බෑ, දැන් උන් ඉවරයි ළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු .

      අනේ පුකේ වමෝ බ්ලොග් එකේ රුන්නට කමක් නෑ රීපු එක කන්න එපා!!

      Delete
    4. පරකුම්ගේ මෙම ලිපිය දුටුවිට ඇතිවූ පිළිකුල වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. අන්ත පිළිකුල් සහගත උපදංශ වණ පිරුණු පැරකුම් ගණිකාවගේ රහස් පෙදෙස ඔබ දැන් දුටුවා නොවේද ? අනිත් යහපාලන පිම්පි රැල* ගේ උපදංශ වණ ද යථාකාලයේ දී ඔබට දිස් වනු ඇත.

      මා ඇතුළු කිහිප දෙනෙක් ට නං මෙය කලින්ම පෙනින. අන්ත දුෂිත මහින්ද රාජපක්ෂ හොඳයි කිව්වේ ඌ හොඳ නිසා නොව එන ආදේශකය ඌට වඩා දහස් ගුණයකින් තිරිසන් තුච්ච නිසා බව මේ ෆෝම් වූ හුජ්ජ කුක්කන් ගේ පොර ටෝක් වලින් ඔබට පැහැදිලි වනු ඇත. මෙතෙක් පැරකුම් වෙත අඩුම තරමේ ප්‍රතිපත්තියක් වත් ඇති බව සිතු කිහිප දෙනෙක් ගේ සිහින අද බොඳවී ගොස් ඇති බව දැකීම සිනහ උපදවයි. වම්මුන් කෙතරම් අවස්ථාවාදී , නින්දිත , ලේ පිපාසිත දුර්ජනයන් රැලක් දැයි ඉතිහාසය නැවත නැවතත් අපිට පෙන්වා දී ඇත. දැන් වත් ඉතිහාසයෙන් වර්තමානය උදෙසා පාඩම් ඉගෙන ගමු.

      * යහපාලන පිම්පි රැල - යහපාලනය යන කොන්සේප්ට් එක නියමයි. යහපාලන පිම්පි රැල කරන්නේ එය අනාචාරයේ යෙදවීමයි.

      Delete
    5. okane para mama kiyanne me weera sakkiliyage Cnews set ekai Blue balukaye sattabiyo tikai punruththpane karnna kiyala. Unge mole thyinne PUKE.

      Delete
    6. එලකිරි පිලිතුර පැරා. සුබ පැතුම්
      ඉන්දික

      Delete
    7. නිර්නාමික බූරුවා (January 29, 2015 at 8:50 PM) සහ පැරා.
      මහින්ද බලයේ ඉන්න කම් මමත් කමෙන්ට් දැම්මේ නිර්නාමිකව. ජනවාරි 9 වැනි දා යින් පස්සේ නම් බය නැතිව නමින් ම කමෙන්ට් දානවා.

      Delete
  2. පැරා ගේ වර්ෂන් එක:

    පරාජිත මහ‍රජා එක්ක විතරක් නෙමෙයි අර යකඩ හොරා සුදර්මන් රදලි‍යගොඩත් එක්කත් කූට්ටාලිකං කරන, කුමන්ත්‍රණවලටත් සම්බන්ධ, මේ කුජීත දූෂිතයාව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් ආණ්ඩුව ළඳ බොළඳ නැහැ මෙයාලා.

    මහින්ද ගැත්තන්ගේ වර්ෂන් එක:

    එදා ඉඳලම බෙදුම්වාදී ඇජෙන්ඩා එකක හිටපු හදිසියක් උනොත් රට බෙදෙන තීන්දුවක් දෙන්න ඉඩ තියන, මිනිහත් හොරෙක් වෙන, සරත් එන් ද සිල්වා වගේ පමනට වැඩි වෙලා රට කරන එක එයා අතට ගන්න ත්‍රෙට් එකක් තිබුනු දූෂිත කුජීත ගෑනිව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් ආණ්ඩුව ළඳ බොළඳ නැහැ මෙයාලා.

    දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි.

    ReplyDelete
    Replies
    1. ගොන් කතා කියන්න එපා බං, අග විනිසුරුට රට බෙදන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවක්, ජනතාවක් මොටද? උඹත් නිකම් අර රජගෙදර රිලවා වගේ...

      Delete
    2. රට බෙදනවා කියල නෙවෙයි ගොනෝ කිව්වේ රට බෙදෙන තීන්දුවක් දෙනවා කියල.... දෙකේ වෙනස නොතේරෙන තරං මීහරකෙක් නම් උම්බෑ නොකිය කට වහන් හිටු .....

      PTOMS එක නැති කරෙත් උසාවියකින් තමා පාර්ලිමේන්තුවෙන් වත් ජනතාව වත් නෙවෙයි. එතකොට ඔයා ජංගියෙ කක්කා කර ගන්න කාලෙ නේද?

      Delete
    3. අනේ වීරක්කොඩියෝ උඹට රිදුනද සත්තලනේ ඇත්ත කිව්වාම...?

      Delete
    4. රංග මිගාර වීරක්කොඩි හැසිරෙන්නේ කිසිසේත්ම දොස්තර කෙනෙකුට සුදුසු ලෙස නොවේ. ඔහු කාලයකට ඉහත ගඟක් අයිනේ මළ පහ කිරීමට ගොස් එන පින්තූරයක් වෙබ් එකේ පළ කළ කෙනෙකි...

      Delete
    5. @AnonymousJanuary 29, 2015 at 9:00 PM

      +++++++++++++++++++++

      Delete
  3. // දැන් ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය විතරක් නෙමෙයි, ප්‍රගතිශීලිත්වයත්, මානුෂිකත්වයත් ස්ථාපිත කරන්න අරගල කරමු. //

    මක්කටෙයි මහත්තයෝ අරගල කරන්නේ.. ඔය කියන ඒවත් තගරියෙන්ම කලාම අහවරනේ.. කොහොමත් අපිට පුරුදු සිස්ටම් එක නේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඕයි...... වම්මු ගැන තමුසේ කියන ඒවට අපි නැති උනත්, ඒවගෙත් ඇත්තක් තියේ කියලා හිතෙනෝ මුං ගෙ කතා ඇහුවාම..... මුංට තව ටිකක් බලේ ආවොත් කොහොම වේද දවස් ගානට මෙහෙම නම්......

      Delete
    2. මාතලන්ට හැම වෙලේම වැරදීම පෙන්නේ ඇයි? අනික මාතලන් කියන්නේ මහින්දට ජන්දේ දුන්න කෙනෙක් නේද? ඊට වඩා මේ පාලනය හොද නැද්ද?

      අර කවුදෝ කියලා තිබුනා මාතලන් වහුම්පුර නමැති සමාජයේ පහත් යයි සම්මත කුලයක බව. මම මේ කුල බේදය හරි හෝ වැරදි කියලා කියනවා නෙමෙයි. ඒක සමාජයේ තාම තියෙන දෙයක්. දැන් බලන්න විරවංශ. පොර ඇවිල්ලා පහත්ම යයි සම්මත කුලයක අයෙක්. ඒකයි මිනිහා හැම වෙලේම කුහක කමින් ඉදගෙන අනික් අයට බනින්නේ. වැරදි හොයන්නේ.

      පහත් යයි සම්මත කුලවල අය ඒ වගේ තත්වයට පත්වෙන්නේ කුඩා කාලයේ සිටම සමාජයෙන් පෑගිලා තෙරපිලා එන පීඩනය නිසා. සමහර විට දීර්ඝ කාලයක් සමාජයේ යටට වෙලා ඉදපු නිසා ඒ අයගේ ජාන වලත් සමාජයට වෛර කරනා, හැම දෙකම වැරැද්ද පේනා ගතිය තිබෙන්න පුළුවන්. මේ වගේ සමාජ තත්ත්ව වල ඉදලා අමාරුවෙන් ඉහලට ආපු අය තුල මේක හොදට දැක ගන්න පුළුවන්. විරවංශ,ප්‍රේමදාස වැනි අයගේ චරිතය බලන්න. ප්‍රේමදාස උනත් රාජසිංහ රජුගේ සිංහාසනයේ වාඩි වෙන්න ගියේ ඒ නිසයි.

      මේ තත්වය හරිම කණගාටුදායක දෙයක්. දියුණු සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මගින් මේ තත්වය අයින් කර දමන්න ඕනි සමාජයෙන්.

      Delete
    3. ඒක නම් සහතික ඇත්ත. මේ ගෝත්‍රිකයෝ සමාජයෙන් අයින්ම කරන්න පුළුවන් නම් ළොකුම ලොකු දෙයක් මෙයා. මම ඒ කුළේ නෙමෙයි ඒක ඒ අයටත් හරි නෑ මම සක්කිලි කුළේ..

      Delete
    4. Maathalan - Priyantha Hewage > rajaka kule (radhaa)

      Delete
  4. පැරා වගේ කණ කොක්කුන්ගෙ සුද මෙහෙම පේනකොට ආතල්. මුලින් එන්නෙ යහපාලනය, මනුස්ස කම, මානව දයාව. තමන් හදපු ආණ්ඩුවෙ පීචන් වැඩ මතු වෙන කොට "අපිට හරි කියල හිතෙන දේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කරනව තමයි යකෝ, ඇයි මොකද"

    >>>> දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි. <<<<

    හරි කියන්නෙ ඔයා නේ? පැරා එහෙම කියන නිසා හරි?

    විමල් වීරවංසත් කිව්වෙ ඔහොම ම තමයි මරා කරන කොට.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ පාලනය විසින් රට ඇද දමන ලද ‍ම්ලේච්ඡත්වය ඇතුළේ ම්ලේච්ඡයන් සමග ප්‍රංශ මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පවත්වන්නට හැකියාවක් නැති වීම ගැන කණගාටු වෙන්න එපා.

      අපි කරන්නෙ පොලිටික්ස් බබා. නාඬා දොයියන්න. කෝච්චිය ගියා. දැන් ඒ පාරෙන් නෝ චාන්ස්. වෙන පාරකින් එන්න.

      Delete
    2. එතකොට මහින්ද කරේ පොලිටික්ස් නෙවෙයි?

      අනේ පලයං මහත්තයො යන්න. කන්න ඕන උනහම කබරයා තලගොයා වෙන එක තමයි තොපේ පොලිටික්ස් කියල අපි නම් දැනං හිටියා කොහොමත්. මේව කියන්නෙ රෙකෝඩ් එකට, ආයෙ වරෙංකෝ යුක්තිය සාදාරනේ නීතිය ගැන කතා කරන්න....

      Delete
    3. නෑ බබා, ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කියලා පැරණි පඬිවරයෙක් කියලා තිබෙනවානේ. මහින්ද කරපු පොලිටික්ස් කියන බනිස්වලට තමයි මේ කෙසෙල්ගෙඩි.

      ඔයාට පාන්ද?

      Delete
    4. >>> ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කියලා පැරණි පඬිවරයෙක් කියලා තිබෙනවානේ <<<

      ඒක තමයි බූරුවෝ එහෙනම් අපරාදකාරයොත් ආයුද පෙන්නන්න එක්කන් ගියේ..... තොපිට ඒවට ලොකුවට අමාරු උනා නේද?

      Delete
  5. මරු යහපාලන ටොක් එක පැරා. ඉස්සරහට එන යහපාලනය හිතාගන්න පුලුවන් වාටියෙ ඉන්න මැක්කන්ගෙ කතා වලින්.

    ReplyDelete
    Replies
    1. යහපාලනේ එපා කියල මහින්දව රජ කරන්න ඡන්දෙ දුන්න අයට ‍නේ යකෝ යහපාලනේ අකුරට ම ඕනැ කරලා තියෙන්නේ.

      Delete
    2. Anonymous January 29, 2015 at 9:41 PM චන්දෙ දැම්මේ පැරාට පෙන්නලද බොලේ .....

      Delete
  6. "Dinamina nathinam Subasetha Api dinannemu"

    ReplyDelete
  7. මල්ලිලා ගනන් ගන්න එපා, 10000 හම්බුනු චූන් එකට පින් පඩි කාරයො උෂාර් වෙලා ලොකු ටෝක් දෙනවා දෙකක් දාගෙන.... රාජ් මල්ලිත් ඉදිරියේදී ඒමට නියමිතයි බෝතලේ ඉවර වෙලා ගෙදර ආපු ගමන්......

    ඉවසපල්ලා මචන්ස් ලා වෙරි හිඳුනම ඕව අඩු වෙයි.....

    ReplyDelete
  8. සිරාවට මේ භුතය අදනම් බීල.!!! මොකද අද සමරන්න රාවයේ පුකේ වමෙක් ගෙදරට ආවද ????
    කුජීතයි ඕයි!!!!!!!!

    ReplyDelete
  9. වත්මන් ආන්ඩුවට කඩේ යන අය දැඩි මහින්දභීතිකාවකින් පෙළේ.යළි මහින්ද බලයට එනු ඇතැයි ඔවුහු කල්පනා කරති.එහෙත් සැබෑ ලෝකයේ එවැන්නක් සිදුවීමට කිසිම ඉඩක් නැත.මන්ද කෙනෙකු බලයට පැමිණිය හැක්කේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් බැවිනි.යළි බලයට ඒමට න මහින්ද ශ්‍රීලනිපයේ හෝ එජාපයේ නායකයා ලෙස ඡන්දයකින් ජය ගත යුතුය.

    යම් සිදුවීමකට වචන උඩප්පරන් ගැසීම තුලින් එම ක්‍රියාව සාධාරනීකරණය නොවේ.වචන උඩප්පරන්ගැසීමද කලාවකි.එක්තරා අවස්ථාවක ත්‍රස්තවාදී ක්‍රියා ගැන මා එක් වාමාංශිකයෙක් හා වාදයට පැටළුනෙමි.ඔහු ඉදිරිපත් කළ තර්ක අපූරුය.සිත් ගන්නා සුළුය.
    ඔහු ත්‍රස්තක්‍රියා සාධාරණීකරණය කරන්නේ මෙසේය.
    " අවුරුදු දසදහස් ගනනක් වහල් යුගයෙදි,වැඩවසම් යුගයෙදි,ධනපති යුගයෙදි පාලකයන් ත්‍රස්ත ක්‍රියා කළ නිසා ජනතාව අදටත් බයයි.ඒ නිසා අමුතුවෙන් භීෂනය වපුරන්න ඔවුනට ඕන නෑ.ඒත් නිර්ධන පන්තියට ඒ කතාව අදාල නෑ.

    ධනපති පන්තියට හමුදාවක් පොලීසියක් තියනව.ඉතින් නිර්ධන පන්තිය ආයුධ අතට ගත්තහම වරද මොකක්ද
    බලන්න තමන් නිර්ධන පන්තිය නියෝජනය කරනවායැයි කී ත්‍රස්ත කල්ලියක් ආයුධ සන්නද්ධවීම සාධාරණීකරනය කරන හැටි.

    ළමා සොල්දාදුවන් පිළිබදවද අපූරු කතාවක් කීවේය.ඇයි පොඩි ළමයින්ට ධනපති පීඩනය දැනෙන්නෙ නැද්ද .බඩු මිල වගෙ ප්‍රශ්න ඒ බලපාන්නෙ නැද්ද කියා මගෙන් ඇසීය.

    මොහාන් පීරිස්ට ඊලඟ වසරේ විශ්‍රාම යන්නට ඉඩදී ඉන්පසු ශිරානිගෙ පෙන්ෂන් එකත් හදාදී විධිමත්ව අලුත් අගවිනිසුරෙක් පත්කළානම් වැඩේ ඉවරය.
    ආණ්ඩු පාක්ශිකයන්ට තිබූ හදිසිය ආණ්ඩුවටත් ඇතිවිය.

    හැම තැනටම තගරිය ආදේශකරන්න ගියොත් විනාසයකි.දකුණට තගරිය දමා හෝ දෙමළ ප්‍රශ්නය විසදිය යුතුයැයි කී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ ( එන් ජී ඕ කාරයෝ )චන්ද්‍රිකාගෙ කාලෙ සිටියහ.

    ReplyDelete
  10. ඇයි බන් මේ බ්ලොග් ලියන ගෙම්බෙක් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට බලෙන්ම පත්වෙලා. අර පත්තරේ ජොබ් එකටවත් එන්න කියලද ??

    ReplyDelete
  11. පැරාට අරින්න ඕනෑ භවතුනි මෙතන තරහ නොගෙන, පැරා කාපු බීපු වෙලාවෙන් අර්ථවත් ප්‍රයෝජනයක් ගන්න බලන්න:

    මෙන්න පැරා අද කී කතා ටිකක්. මේවා සේව් කර තබා ගත් විට, මීට පස්සේ පැරා සමාජ සාධාරනය, නීතිය, යුක්තිය, මනුස්ස කම, සමාජවාදය, නීතියේ කාටත් එක සමාන බව ගැන ලොකු ටෝක්ස් දිදී මොකක් හරි දෙයක් විවේචන කරන් එනකොට කට් ඇන්ඩ් පේස්ට් කරල දීල අරින එකයි:

    "කුක්කු බබාට හරි දුකලු. "

    "නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා."

    "දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි."

    ".................. කරන් එනකොට ආණ්ඩුව ටිංකිරි ගාගන්න ඕනැ. අනේ නිකං යන්න මෙයාලා යන්න. " (හිස් තැන පුරවා ගන්න අදාල විදියට)

    "ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු."

    "අපි කරන්නෙ පොලිටික්ස් බබා. නාඬා දොයියන්න. කෝච්චිය ගියා. දැන් ඒ පාරෙන් නෝ චාන්ස්. වෙන පාරකින් එන්න."

    "නෑ බබා, ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කියලා පැරණි පඬිවරයෙක් කියලා තිබෙනවානේ. "

    "ඔයාට පාන්ද?"



    ReplyDelete
  12. Parata welathiyenneth satalitege kale Dimu ta wechchade,Dinaminata yanna Editor suit ekak mahala Aparade.

    ReplyDelete
  13. අනුන්ට තවුසන් ටෝක් දෙමින් ඉඳ, තමන් කුඩු කෑ විත්තිය එලි දරව් වූ විට හෝ කුඩු කන්නට ඕනෑ වූ විට "අපි කරන්නේ පොලිටික්ස්" බවද විවේචකයන් "පොලිටික්ස් නොතේරෙන කුක්කු බබාලා" බවද කීම එක්ස්-කන්ඩායම, පෙරෙට්ටන් සහ එවැනි අනෙකුත් මාජින් එකේ වාමාංශික ගූ තලි වලට හොඳට පුරුදු ක්‍රියාවකි.

    මෙතන බොලාට පෙනෙන්නේ පැරාත් අවශ්‍ය විටක ගන්නට පරන වාමාංශික කුපාඩි කම පරෙස්සම් කර තියාගෙන ඇති බවයි.

    බොලාට කිව්වේ අපි නම් කොහොමත් ඕක දන්නා නිසා ය.

    ReplyDelete
    Replies
    1. නොදකින් මේ කුජිත ඉස්ගෙඩියෙක් නිසා වමත් ඉවරයි!!!

      Delete
  14. මොඩ පැරො, ශිරානීගෙ දොශාභියොගයට මයිත්‍රීපාල සිරිසෙනත් චන්දෙ දුන්නා, චම්පිකත් චන්දෙ දුන්නා, රාජිත ඒ කමිටුවෙත් හිටියා. එහෙම ඉදලා දැන් ඒක නීති විරොධියි කියන්නෙ කොහොමද? මරු යහපාලනෙ.

    ReplyDelete
    Replies
    1. ආනේ ඇත්තද...........? අපි දන්නෙ නැහැනේ!

      ඔයා මාර නිව්ස්නේ බ්‍රේක් කරන්නේ.

      Delete
  15. ලැජ්ජයි පැරා...මේ පෝස්ට් එකත් හරි ඒ දවස්වල අහපු මර්වින් සිල්ව මැතිතුමගේ ටෝක්සුත් හරි

    ReplyDelete
  16. AnonymousJanuary 29, 2015 at 9:25 PM
    //කොහේද දැන් අග විනිසුරු කෙනෙක් අයින් කරල තියෙන්නෙ?//
    *******************************************************************
    නීති තිබෙන්නේ යුක්තිය ඉෂ්ට වීම සඳහා ය. උසාවි තිබෙන්නේ යුක්තිය පසිඳලීම සඳහා ය.
    නීතියෙන් අර්ථ නොදැක්වෙන යමක් ඇත්නම් එහිදී ස්වභාවික යුක්තියේ මූලධර්ම දෙක පාවිච්චි කළ යුතු බව සම්මතයයි.
    එම නිසා, නීතිය යනු පැමිණිලි පාර්ශවය විසින් සහ වගඋත්තරකාර පාර්ශවය විසින් පිළිගත් දෙයක් විය යුතුය.
    ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස මොහාන් පීරිස් පත් කිරීම නීත්‍යානුකූල නම්, ඒ නීතිය අයුක්ති සහහක බැවින් වහාම වෙනස් කළ යුතු ය.
    නීත්‍යානුකූල නැත්නම් සිදු වී ඇත්තේ බලහත්කාරයකි. ත්‍රස්තවාදයකි.
    ත්‍රස්තවාදය පරාජය කළ යුත්තේ උසාවි තීන්දු වලින් නොවේ. ඒ සඳහා ද බලහත්කාරය අවශ්‍යය.
    ත්‍රස්තවාදය පරාජය කළ පසු සාමාන්‍ය තත්වය ප්‍රතිස්ථාපනය කළ යුතුය. එයට වෙනම නඩු තීන්දුවක් අවශ්‍ය විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. නීත්යානුකූලද කියලා තීරනය කරන්න උබටවත්, රනිල්ටවත්, ඇමරිකන් සල්ලි ගිලපු උපුල් ජයසූරියටවත් බලයක් නෑ. ගලෙ පාහරලා දැන් වහගන්න බැරුව නෙද ඉන්නෙ?

      Delete
    2. එහෙම බලනව නම් ශිරානිටත් ඉෂ්ට උනේ ස්වභාවික යුක්තිය තමයි බූරුවෝ. තමන්ට වාසි විදියට නඩු තමන්ගෙ අතට ගත්තා, ආදායම් වංචා කරන්න හැදුවා සල්ලි අකවුන්ට් වලින් මාරු කරලා, බැංකු ගිනුම් විස්තර උනත් කොච්චර නොදී හංගන්න හැදුවද බලෙන්ම වගේ ගන්න කම්. හොරකම් නැත්නම් මොනවද හංගන්න තිබුනෙ.

      එහෙනම් ශිරානි එලවන්නත් තිබුනේ දොශාභියෝග වලින් නෙවෙයි ගෙදරට මර්වින් සිල්වා යවලා. තොපි හිතන් ඉන්නේ ස්වභාවික යුක්තිය තියෙන්නේ තොපිට ඕන එකා එලවන්න විතරයි කියල ද?

      කාලකන්නි පොxxයෝ හිතන් ඉන්නේ ලොකු වාක්‍ය ටිකක් ලිව්වම ඕනෙ එකක් ගොඩ දාන්න පුලුවන් කියලා. බලහත්කාරෙ රෝල් කරලා ගහ ගනින් පුකේ.

      Delete
  17. ඔච්චර දඟලන්න දෙයක් නැහැනේ , දැන් මොහාන් පීරිස් එලවපු ක්‍රමය ඉතාමත් වැරදි නිසා ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබාවි , ඒ වාගේම ඔය මොහාන් පීරිස්ට කඩේ යන සේරම දෙනා අපේ මීහරක්ට තව ටිකක් තේරුම් කරලා දීල ,( වාසු, විමලේ, දෙනේෂ් වගේ අය ලවා) මේ රජය පරදවන්න .

    ReplyDelete
    Replies
    1. මී හරක් කතා කියන්න එපා මෝඩයෝ. මහින්ද මෙච්චර කල් චන්ද දිනපු එකෙන් මහින්ද කරපු දේවල් හරි වෙන්නෙ නැහැ. මැර කම් කර කර මර්විනුත් චන්දෙ දින්නා. ඒකෙන් කියන්නෙ මර්වින් හරි කියල ද.

      Delete
  18. ඇත්තටම මොහාන් ඉවත් කරපු විදිය වැරදියි.
    හරියට කරානම් කරන්න තිබුනේ, මිහිහා කුමනතරන චෝදනා යටතේ අත්අඩංගුවට අරගෙන, වැඩ බලන අගවිනිසුරෙක් පත්කරන එක.

    ReplyDelete
  19. මොහාන් පිරිස් යවන්න හදිසිය ඇති වුනේ කුමන්ත්‍රණ ප්‍රශ්නය ඔහු සිටිද්දී විමසීමට භාජනය කිරීම නොකළ හැක්කක් නිසා බව මට සිතේ.

    ReplyDelete
  20. මෙහි කමෙන්ට් දමන රාජපක්ෂ ගැත්තන්ට උවමනා යහපාලනයක් නැත. යහපාලනය යනු ඔවුන්ට එල්ලෙන්නට ඇති වැල ය.

    මොහාන් පීරිද් ගැන රාජපක්ෂවාදීන්ගේ අදහස සුදර්මන් රදලියගොඩ බැලුම්ගලට දී ඇති කෝල් එකෙන් කියැවේ. ඒ වනාහි ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව වූ බලවත් දූෂිතයා ය.

    දැන් ඒ නරක් වූ දත ගලවා හමාර ය.

    ReplyDelete
  21. මේ ක්‍ෂණික මෙහෙයුම කළ ආකාරය ගැන මගේත් කිසිදු පැහැදීමක් නෑ.

    අරුං කාගෙන කාගෙන කාගෙන ගිය තැන සිට මුං කාගෙන කාඝෙන කාගෙන යෑම ඇරඹීලා වගේ.

    නමුත්

    1. ශිරානි බණ්ඩාරනායක ඉවත් කළේ පාර්ලිමේන්තුවේ බලයෙන් නම්, එය වැරදි නම්, එය නිවැරදි කළ යුත්තේ ද පාර්ලිමේන්තුවෙන් නොවේද?

    2. මොහාන් ගෙදර යැවූ ක්‍රියාවලියේ නීතිමය ප්‍රශ්ණයක් තිබේ නම්- ඒ ගැන නඩුවක් ගොනු කළ හැකියි නේද?

    3. දැන් ශිරානි පැන්ෂන් නිසා, ඇයට විරුද්ධව ඇති (බැංකු ගණුදෙනු) දුෂණ චෝදන ාවිභාග කළ හැකියි නේද.

    ReplyDelete
    Replies
    1. රසික,

      1. ඔව්. දෝෂාභියෝගයකින් කරන්න තිබුනා මොහාන් එලවන එක. ශිරානි එලෙව්වටත් වඩා පහසුවෙන් ඉක්මනට කරන්න තිබුනා පූර්වාදර්ශයත්, මොහාන්ගේ එලිපිට පෙනුනු වැරදිත් නිසා.
      2. වැඩ සිද්ද වෙන්නේ මෙහෙම නම් ආයෙ නඩු ගැන මොන කතා ද කකා? ඒවටත් මේ පැරා වගේ උන් කියයි "හුග් නඩු දාලා ප්‍රගතිශීලී ආන්ඩුවට අන්නන්න නේද, ඒව කොහෙද බබාලා මේක දේශපාලනේ" කියලා...... එතකොට අපි "රාජපක්ෂ ගැත්තො" වෙනවා. ගේම ෆිනිෂ්.
      3. රාජපක්ෂ ගැත්තන් උන්ගේ පුකවල් බේරාගන්නට දුවද්දී ශිරානිට නඩු දමන්නට වෙලාවක් ඇතැයි මම නම් හිතන්නේ නෑ. ශිරානි ගොඩ!


      Delete
    2. උන්ට ඕනෑ එක දෙයක් කරන්න "නීතියක් වැඩක් නෑ මේක දේශපාලනේ" කියපු උන්ගෙ කන්‍යා භාවය ඉවරයි රසික. ඉතින් උන්ට කියන්න පුලුවන් ද "අද සිට අපි නීත්‍යනුකූලයි" කියලා. මොහාන්ට වඩා ලොකු ත්‍රෙට් එකක් ආවොත් එදාට මොකද වෙන්නෙ.

      කියන්න පුලුවන් එකම දේ "අපිට කැමති වෙලාවට අපි නීත්‍යනුකූලයි" කියලයි "මහින්ද අපිට වඩා නරකයි" කියලයි විතරයි. පැරා අද පෙන්නුවේ පැරා බලාපොරොත්තු වෙන යහ පාලනේ සීමාව. දැන් ඉතින් මොන ලොකු ටෝක් දුන්නත් වැඩක් නැහැ.

      Delete
    3. //ඕනෑම ආණ්ඩුවක් තම බලය රැක ගැනීම ගැන උනන්දු වන අතර එය මරා ගේ ආණ්ඩුවට මෙන්ම සිරා ගේ ආණ්ඩුවට ද එක සේ අදාලය.// 

       සියයට සියයක් ඉයර්ස්ය කකුලු අපි කාගෙත් දිය කෙළිනා වාරයයි කෙළ නොගෙන දිය කෙළිමු ඉ
      න්දරේ

      Delete
    4. //ඕනෑම ආණ්ඩුවක් තම බලය රැක ගැනීම ගැන උනන්දු වන අතර එය මරා ගේ ආණ්ඩුවට මෙන්ම සිරා ගේ ආණ්ඩුවට ද එක සේ අදාලය.// 

       සියයට සියයක් ඉයර්ස්ය කකුලු අපි කාගෙත් දිය කෙළිනා වාරයයි කෙළ නොගෙන දිය කෙළිමු ඉ
      න්දරේ

      Delete
    5. @ රසිකොලොජිස්ට්,

      ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් එන අනාථයන්ට මුහුද මැද දී ම සලකන විදිය යි මොහාන් පීරිස් එළවලා දැමූ ආකාරය යි හුඟාක් දුරට සමාන යි නේද?

      Delete
    6. වත්මන් ඕස්ටේ‍රලියානු රජය ගෙනියන වැඩ පිළිවෙල අති අමානුෂිකයි.
      මීට කලින් තිබුණු රජයත් ඒ වගේම තමයි.
      සරණාගතයින් ගැන මානුෂික ප්‍රතිපත්තියක් ඇත්තේ පාර්ලිමේන්තුවේ හරිත පක්‍ෂයට පමණයි.

      Delete
  22. ඕනෑම ආණ්ඩුවක් තම බලය රැක ගැනීම ගැන උනන්දු වන අතර එය මරා ගේ ආණ්ඩුවට මෙන්ම සිරා ගේ ආණ්ඩුවට ද එක සේ අදාලය. ඕනෑම ආණ්ඩුවක් යහපාලනය ක් ගෙන යන්නේ, ප්‍රජාතත්‍රවාදී ව කටයුතු කරන්නේ, කතා කිරීමේ අයිතිය ට ඉඩ දෙන්නේ, ප්‍රවෘති වාරණය නොකරන්නේ, එසේ කිරීම, තම න්‍යාය පත්‍රයට බාධාවක් නොවන සීමාව දක්වා පමණක් බව අන්නා හසාරේ ගේ බාප්පා ගේ නම ඔහු ගේ උප්පැන්න සහතික යේ සිරිසේන යනුවෙන් වැරදියට ලියැවී ඇතැයි සිතා සිටින අය සෙමින් නමුත් ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා ඇත. විරුද්ධපාක්ෂිකය න් ට තම දේශපාලන හැරමිටිය වැනීම ට ඇති අයිතිය ආණ්ඩුවේ පැවැත්මේ නාසය ලඟින් කෙළවර වේ.

    ReplyDelete
  23. ලොලේ.... ලොල්. අනේ මල්ලිලා පැරාට උගන්වන්න ගියා මදැයි

    යකෝ ඕක දැන්වත් නවත්තපල්ලා ඔය පැරා කියන තක්කඩියා ගෙ ඇති වාමා0සික කමක් නෑ ඕකා නිකන් සුලු දනේස්වර තක්කඩියෙක් විමල් වීරව0ස වගේ. විප්ලවේ කියල හිතන් කැප කිරීමක් කර එක ඇත්ත ඒත් ලැබුනු දෙයක් නෑ ඉච්චාබ0ගත්වය ඇරෙන්න. දැන් කුටුම්බ සන්රක්ෂනය කරන ගමන් යා....න්තම් පොඩි පවර් එකක් ආවා ජීවිතේ පලවන වතාවට තමන්ට ඕන ආන්ඩුවක් පත් කරන්... ඉතින් අර පින් ටිකට් එකට පැකේජ් එකකට ගිය එකා හෝටලේ ඔක්කොම කෑම කනවා වගේ මූ මේ ආසාවට ආන්ඩු බලේ දාන්න බලනවා. මූට තොපි ඔක්කොම රාජපස්ස වාදියො වගේ පේන්නෙ ඒකයි... මොකද ඌට ඕනෙ ඒ හතුරා උගේ චූන් එකට...

    අනුකම්පා කරපියව් යකුනේ .... මුගේ සීමාවල් දැනගෙන....

    ReplyDelete
    Replies
    1. මේ ... අපේ පැරා අයියට එක එක ඒවා කියන්න එන්න එපා හොඳේ.
      මාතර ලොළු නිමල්

      Delete
  24. යුරෝපයේ දේශපාලන පිළිලයක් වූ නට්සිවාදයට විරුද්ධව ඒ රටවල ශිෂ්ට සම්පන්න ආණ්ඩු ක්‍රියා කරන්නේත් මේ ආකාරයෙන් ම යි. ඒ නිසා පැරා නිවැරදි යි.

    ReplyDelete
  25. ජනමාධ්‍ය නිදහස
    ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය අපක්ෂපාති නොවූ බවට ප්‍රබල චෝදනාවක් තිබිණි. ලංකාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත වන ලංකාදීපය සහ එහි සහෝදර ඉංගිරිසි සහ අනෙක් මාධ්‍ය පුවත්පත්, ලංකාවේ වැඩිම දෙනෙක් ලොල් වී සිටින සිරස සහ එහි අනෙක් මාධ්‍ය විද්‍යුත් නාලිකා ඇතුළු බොහෝ මාධ්‍ය ජහපාලන රෙජීමය පිහිටුවා ගැනීමට එළිපිට කටයුතු කළ අතර රාජ්‍ය මාධ්‍ය සුපුරුදු සේ ආණ්ඩුවේ මාධ්‍ය භූමිකාව ඉටු කළෝය. දැන් හිටපු ජනාධිපති පරාජය වී අලුත් ජනාධිපති විසින් ආණ්ඩු බලය මංකොල්ල කාරයින් රැළක් අතට පත් කර ඇති මොහොතක වෙන කවරදාකත් නොවූ විරූ අයුරින් ජනමාධ්‍ය සිය පක්‍ෂපාතී බව නිරුවත්වම පෙන්නුම කරමින් සිටී.

    කටකතා පිළිබඳ හසළ අත්දැකීම් ඇති අලුත් විදේශ ඇමතිතුමා තමාගේ එකම හැකියාව ප්‍රයෝජනයට ගනිමින් පැරදුණු රාජපක්‍ෂලාට බිම දාගෙන නෙළයි. ඒ ඇමතිතුමා විසින් ගැළවීමේ හමුදාවේ අණ දෙන නිළධාරී තනතුරට නිර්දේශ කෙරුණු හිටපු හමුදාපතිතුමා තමාගේ පලිය ගැනීමට මෙය අවස්ථාව කර ගැනීමට වලිකයි. ඒ අතර විදුලිබල ඇමතිකම වෙනුවෙන් ජන්ද පදනම නැති කරගත් පැවිද්දෙක් සහ ඇමතිකෙනෙක් ජහපාලනයට චන්දය දුන් ගෝත්‍රිකයින් අතරින් අලුත් ජන්ද සොයා ගැනීම පිණිස දෝ මේ කටකතා වලට ලුණු ඇඹුල් නොමිලේ එක් කරයි. මේ ජහපාලනයේ හැටිය.


    තවම ගියේ දින 20 ක් පමණි. හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටලු ... හිටං !

    ReplyDelete
  26. නීතියේ අධිපත්‍යය
    එසේම, හිටපු දූෂිත අගවිනිසුරුතුමිය ඉවත් කළ නීත්‍යානුකුල ක්‍රමය අයෝග්‍යයැයි ජහපාලන කර්මාන්තයට මුල්ගල තැබූ නාග විහාරවාසි සෝභිත තෙරුන්නාන්සේගේ සිට ජහපාලන කර්මාන්තයේ උරුමක්කාර පොල්මහඃකාර සියල්ලන්ගේ අදහස වීය. එහෙත් ඊට සුදුසු ක්‍රමය කවරේදැයි කවුරුත් අපට කියා දුන්නේ නැත. දැන් ජහපාලන රෙජීමය අපට පෙන්වා දෙන අයුරින්නම් කළ යුතුව තිබුණේ හිටපු අග්‍රවිනිශ්චයකාර තුමියට විරුද්ධව කළු කෝට් අඳින හෙංචයියන් සහ හෙංචක්කලා ලවා උද්ගෝෂණය කරවීමත්, ඈට දුරකථනයෙන් මරණ තර්ජනය කරවීමත්, ඇගේ ගෙට පැන බිය ගැන්වීමත් ය. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එදා තිබුණි නම් වැලිවේරියේ අසරණ තරුණයා ආරක්ෂක අංශ වෙතින් වෙඩි කන්නේ නැත. ඒ වෙනුවට ඔහු ලිපියක් ලියා තබා ලිඳේ පනිනු ඇත. බලාගෙන යනකොට ජහපාලනය හරිම අපූරු ක්‍රමයකි.

    තවම ගියේ දින 20 ක් පමණි. හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටලු ... හිටං !

    ReplyDelete
  27. සමහර තරුනයො තමන්ගෙ වීරයාට එරෙහිව චන්දෙ දුන්නෙ ලැම්බොගිනි 29ක් ගැන උපන් ඊරිසියාවෙනි. දවස් 20ක් ගිහිනුත් අහු උන ලැම්බොගිනියක් නැත. දැන් ඉතින් පෙරලුන අත හොදා කියා අපි ඉන්නෙමු.

    ReplyDelete
  28. පීටර් මොහාන් පීරිස් නමැති දූෂිතයා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා ඇත්තේ මෙසේ යි:

    "හිටපු අගවිනිසුරු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ‍්‍රාම ගියා. ඉන්පසු නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු නීතිපති ලෙස පත් කළා. දෙවන වතාවට නීතිපති ලෙස එතුමා විශ‍්‍රාම යනවා. නැවත තුන් වන වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ විශ‍්‍රාම යනවා. ලෝකෙ කොයි රටේ ද තුන් වතාවක් විශ‍්‍රාම ගන්න පුළුවන් වෙන්නෙ. එහෙම රස්සා කොහේද තියෙන්නෙ. ඊට අමතරව එතුමා ජනාධිපති වරයාගේ නීති උපදේශක, කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක, ලලිත් කොතලාවල මහතාගෙන් මංකොල්ල කෑ සෙලාන් බැංකුවේ සභාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක, සොෆ්ට් ලොජික් කියන ලංකාවට ආයුධ ගෙන එන ආයතනයේ කොටස් හිමි අධ්‍යක්ෂ, රත්නා ලංකා ආරක්ෂක සේවයේ කොටස් හිමි අධ්‍යක්ෂ, මෙවන් අයගෙන් අධිකරණ ක්ෂේත‍්‍රයේ සාධාරණයක් බලාපොරොත්තු වන්න බැහැ."

    (උපුටා ගත්තේ: ලංකා ටෘත් වෙබ් අඩවියෙනි -- තුන්පාරක් විශ්‍රාමගිය අරුම පුදුම නිලධාරියා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා