මහින්ද?

මේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව. හොඳ මිනිසෙකි. - මෛත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව අප කියන්නේ හේතු කීපයක් මත ය. ඒ ඇතැමෙක් කියන පරිදි වෛරයෙන් නො වේ. 

මහින්ද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදු වුණා නම්, මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා, හදිසි නීතිය පනවා, හමුදාව යොදවා ඔහු තව දුරටත් බලය අල්ලාගෙන සිටින්නට ඉඩ තිබිණි. ඔහු පරාජයෙන් පසුව දකුණේදී ජනතාව අමතන වීඩියෝවක එක් පුද්ගලයකු කෑ ගසා පවසන අන්දමට විරුද්ධවාදීන් මරා හෝ බලය ගන්නට තිබිණි. එය වැළකුණේ ඔහුගේ හොඳකමක් නිසා හෝ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමක් නිසා නොව නීතිපති, ආරක්ෂක මණ්ඩලය හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් විරුද්ධ වූ නිසා ය. 

එහෙම කළා නම් කුමක් විය හැකි ද? රනිල්ට නම් මොකුත් වන්නේ නැත. ඔහු ඒ පාලනය යටතේත් විපක්ෂය නියෝජනය කරන්නට තබා ගන්නවා ඇත. මෛත්‍රීපාල, රාජිත වැනි අය ජම්පර් අඳිනවා ඇත. චම්පිකලා අතුරුදහන් වන්නට ඉඩ තිබේ. මෙම ඡන්දයේදී විපක්ෂ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඍජුව පෙනී සිටි අප වැනි මාධ්‍යකරුවන් අතළොස්සගේ මළ කුණු පාරවල් අයිනෙන් හමු වනවා ඇත. 

අප මහින්දගේ ලේ ඉල්ලා සිටිනවා යයි චෝදනා කරන අය ඒ ගැනත් සිතිය යුුතු ය. 

කුමන්ත්‍රණය අසාර්ථක වූවාට පසුවත් මහින්ද හැසිරෙමින් ඉන්නේ වැරදි ආකාරයට ය. හිටපු ජනාධිපතිවරයකු ලෙස ගෞරවනීය ලෙස නො වේ. තමන් සිංහලයන්ගේ ජනාධිපති බව ද, මෛත්‍රීපාල දිනා ඇත්තේ ඊලාම් ඡන්දවලින් බව ද ඔහු පවසයි. මේ ජාතිවාදය ඇවිස්සීමක් නො වේ ද? ජනාධිපතිවරයා පත් වන්නේ මුළු ලංකාවට ම මිස, සිංහල ජාතියට පමණක් නො වේ. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වී ඇත්තේ ලාංකිකයන්ගේ ඡන්දවලිනි. ඒ අතර බහුතරයක් ඇත්තේ සිංහල ඡන්ද ය. ජාතිවාදී පදනමින් ඡන්ද ප්‍රතිඵල වි‍ශ්ලේෂණය නො කළ යුතු ය. 

අද මහින්ද රාජපක්ෂ උත්සාහ කරමින් සිටින්නේ සිංහලයන් අතර බෙදුම්වාදී අදහස් පැතිරවීමටයි. 

ලංකාවේ ඉතිහාසයේ සලකුණු තැබූ හිටපු ජනාධිපතිවරයකු ලෙස ගෞරවනීය ලෙස කටයුතු කිරීමේ දෙවන අවස්ථාවත් ඔහු අපහරණය ක‍ර තිබේ. 

ඔහු පාර්ලිමේන්තුවට ආවාට කමක් නැත. ඔහුට එරෙහිව තිබෙන දූෂණ චෝදනා ඔහුගෙන් ප්‍රශ්න කරන්නට එය පහසුවකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා තවමත් සිටින්නේ ඔහු සමග නිසා එයට බාධාවක් ද ඇති නො වනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රජාතාන්ත්‍රිකව කටයුතු කිරීම සඳහා ඔහුට ආත්ම ශක්තිය ඇති වේවා යයි අපි පතමු. 

එහෙත්, ඔහු කරන්නට උත්සාහ කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන විමර්ශනය කළ යුතු ය. එය රාජ්‍ය ද්‍රෝහිත්වයක් නම්, ඔහුට ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු ය.

ඔහු සහ ඔහුගේ අන්තේවාසිකයන් කළ දූෂණ සම්බන්ධයෙන් ද වහා විමර්ශන ආරම්භ කළ යුතු ය. ජනතාවගෙන් පැහැර ගත් ධනය ඔහු ආපසු ලබා දිය යුතු ය. 

ජාතිවාදයෙන් මේ අපරාධ වසා ගන්නට බැරි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වහාම නීතීය ඉදිරියට පමුණුවා ප්‍රජා අයිතිය අහෝසි කොට නිවාස අඩස්සියට පත් කළ යුතුමය.. නැතිනම් සිඳුවන්නේ නැවත ලේ ගංඟා ගලා යාමයි.. මොහු පමණක් නොව.. විමල් වීරවංශ හා මං ගොනා පිලයාටද එසේ කළ යුතුය... එසේ නොමැතිව ජනමූල ඒකාධිපතියාගේ, මූලග්ගින්න නවතින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. තො හිතන ඉන්න තරම් ලෙසි නෑ මෙ රටෙ දෙශප්‍රෙමී මිනිහා එහෙම යට කරලා තියන්න. අපි 2001-2004 ඊනියා සාම වෙලදාම කාලෙත් කට වහන් හිටියා. හැබැයි තොපි දිනුවද? මතක තියාගනින් සින්හයා වැඩිය කෑ ගහන්නෙ නෑ. හැබැයි නිතරම හූ කියන නරියා කවදාවත් දිනන්නෙත් නෑ.

      Delete
    2. 'මහින්ද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදු වුණා නම්, මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා, හදිසි නීතිය පනවා, හමුදාව යොදවා ඔහු තව දුරටත් බලය අල්ලාගෙන සිටින්නට ඉඩ තිබිණි. ඔහු පරාජයෙන් පසුව දකුණේදී ජනතාව අමතන වීඩියෝවක එක් පුද්ගලයකු කෑ ගසා පවසන අන්දමට විරුද්ධවාදීන් මරා හෝ බලය ගන්නට තිබිණි. එය වැළකුණේ ඔහුගේ හොඳකමක් නිසා හෝ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමක් නිසා නොව නීතිපති, ආරක්ෂක මණ්ඩලය හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් විරුද්ධ වූ නිසා ය.'

      ජන්දය දවසේ රෑ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මහින්ද රාජපක්ෂට කතා කෙරු නිසයි මහින්ද බය වෙලා යන්න ගියේ. රනිල් ගේ මැදිහත්වීම හින්දයි ඒක සිදුඋනේ. පොලිස්පතිතුමාත්,හමුදාපතිතුමත් නිතිවිරෝධී වැඩ වලට එකග උනේ නෑ.


      අනික ඔය පැරා කියනවා වගේ,ජෙනරාල්ට 2010 දී කෙරුවා වගේ මහින්දව සහ වටේ සිටි අයව අල්ලන් හිරේ දාන්න බෑ. මහින්දටත් ඕනි හිරේ යන්න තමයි. මොකද මතක තියාගන්න තව මාස තුනෙන් එනවා මැතිවරණය. මහින්ද හදන්නේ එක්කෝ දැන් පාර්ලි‌‌මේන්තුව විසිරුවිමට වැඩ කටයුතු සලස්වලා,ඔහුගේ නායකත්වය යටතේ තරග කරලා ආසන 40 ක් 50 ක් දිනා ගන්න. තාම තියෙන්නේ සමානුපාතික ක්‍රමය නිසා ඒක පහසුවෙන් දිනා ගන්න මහින්දට පුළුවන්.

      අනික මේ මොහොතේ මැතිවරණයක් එන්නේ නැතුව,මහින්ද සහ සහෝදරයන් අල්ලන් හිරේ දැම්මොත්, මහින්දට කරදර කරොත් රටේ අනුකම්පාව ඔහුට හිමිවෙලා අප්‍රේල් වලින් පස්සේ එන මැතිවරණයෙන් ඔහුට නැවත බලයට එන්න පුළුවන් වෙයි.

      පොඩ්ඩක් කලබල නොකර ඉන්න රනිල් ගේමක් ගහලා මේක විසදන කන්. රනිල් දැන් මහින්දට එන්න කියලා තියෙන්නේ පාප් වහන්සේ පිලිගන්නත්. ඔය විදියට ක්‍රියා කරාම ටික දවසකින් මහින්දගේ වටේ ඉන්නා අය අඩු වෙනවා.

      මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුත්තේ දුෂණ වංචා කෙරු අයට දඩුවම් දීමට වඩා ජනතාවට සහන දී,මැතිවරණ ක්‍රමය වෙනස් කොට ඊලග ජන්දෙන් ජය ගන්නේ කෙසේද යන්න ගැනය.

      පැරා කියනවා වගේ තදියෙමෙට ක්‍රියා කිරීම සැබෑ දේශපාලනය නොවේ.

      Delete
    3. හමුදා කුමන්ත්‍රණයක් දියත් වුණාද ? එහෙමත් නැතිනම් යාපනයේ හමුදා කඳවුරකට ගල් ගැසුවාද? මෙන්න ඇත්ත කතාව.

      මේ පින්තූරයේ විස්තර කෙරෙන පරිදි හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මහතා මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරයි.

      මේ අනුව නිගමන 2 කට එකඹිය හැකිය. එනම්,

      1. චම්පික, මංගල, රාජිත ආදීන් කියන හැම දේම විශ්වාසනම්, හමුදා ප්‍රකාශක තුමා බොරු කාරයෙක් විය යුතුය. එවිට යාපනේ ආමි කෑම්ප් වලට දෙමළ අය ගල් ගහපු කතාව ඇත්තකි.

      2. අනික් අතට හමුදා ප්‍රකාශක තුමා කියන දේවල් විශ්වාසනම්, චම්පික මංගල රාජිත ආදීන්ගේ හමුදා කුමන්ත්‍රණ කතාව බොරුවකි.

      ඒ අනුව අපට විශ්වාස කළ හැක්කේ කාලෙන් කාලෙට විවිධාකාර දේ කියන දේශපාලඥයින්ව සහ කටකතා නොව, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාවයි.

      කිසිවෙක් කලබල නොවන්න. උතුරේ කෑම්ප් වලට ගල් ගසා නැත. එසේම ඡන්දය අවසානයේ හමුදා කුමන්ත්‍රණයකුත් දියත් වී නැත.

      ගෞරවනීයව තම ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතාට අපාහස කිරීමෙනුත් වැළකී, උතුරේ හමුදාවට ගල් ගැසුවා ආදිය කියමින් අතිගරු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අපහසුතාවයට පත් කිරීමෙනුත් වැළකී අපි මේ රටේ සාමය ආරක්ෂා කරමු.

      .

      Delete
    4. හමුදාව යනු ධනපති යාන්ත්‍රණයේ මර්දන අඩුවයි. එත් හමුදා ප්‍රකාශක අපිට ඕන දේ කියන විට උන්දැ හරි ෂෝක්ය. අපි එවිට ඒමහා කියමන් රතු අකුරෙන් උපුටා දක්වන්නෙමු. අපිට ඕන දේ නොකියවෙන විට, හමුදා ප්‍රකාශක පෙර පරිදිම ප්‍රතිගාමිය, කුමන්ත්‍රණ කාරිය, කුමන්ත්‍රණ හෙළි කරන්න පරීක්ෂණ පැවැත්විය යුතුය.මේ අපේ සමාජවාදී ජිවන ක්‍රමයයි, ඔබත් එන්න සමාජවාදය ගොඩනගන්න.

      අපි අනුව යමින් සමාජ වාදීවූ නවතම ඩබල චන්ද්‍රිකා හා රනිල් වේ, කාටද ආඩම්බාර !!

      Delete
    5. ''සනත් හා කරුනාත් මෛත්‍රීට''

      අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

      හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

      අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.

      සමාජවාදී ජිවිතේ කොල්ලනේ, කාටද ආඩම්බාර !!

      Delete
    6. බොදු බලේ මෛත්‍රීට රනිල්ට සුබ පතයි !
      -ලංකාදීප.

      අනේ පව් ! බොදු බලේ අයිතිකාරයෝ ඇමෙරිකවට පැනලා, ගලේ ඥානේ අනාථයි.

      Delete
    7. “එය මගේ ජීවිතයේ සතුටුදායම දවසයි” යනුවෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන්, තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් වයිකෝ පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

      ද හින්දු පුවත්පතේ පහත දේවලුත් වාර්තා කර ඇත.

      රාජපක්ෂගේ ක්‍රෑරභාවයේ පියවරයන්, සිරිසේන අනුගමනය නොකරනු ඇතැයිද ඔහු පවසා ඇත. උතුරු නැගෙනහිර ආරක්ෂිත ප්‍රදේශ වලට ජාත්‍යන්තර ජනමාධ්‍ය වලට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස ඔහු ජනාධිපති සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

      ද්‍රවිඩ සුළුතරයට එරෙහිව මහින්ද රාජපක්ෂ විසින් කරන ලද සාහසික ත්‍රස්තවාදය ගැන සිරිසේන මහතා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න එකක් නැති බව ඔහු පවසා ඇත.

      එනමුත් සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද යුධ අපරාධ සම්බන්ධයෙන් සහ දෙමළ ජනතාවට එරෙහිව ගන්නා ලද වර්ග ඝාතන ක්‍රියාමර්ග වලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාව ජාත්‍යන්තර අධිකරනයට ගෙන යා යුතු බව ද හින්දු පුවත්පතෙන් වයිකෝ අවධාරණය කර ඇත.

      දෙමළ බහුතරය සිටින ප්‍රදේශ වලින් මහින්ද රාජපක්ෂ මහතාව බහුතර ඡන්දයෙන් පරාජය වී ඇති නිසා “ලෝකයා ඔහුගේ ක්‍රියාමාර්ග තේරුම්ගත්තා” යනුවෙන්ද වයිකෝ සඳන් කර ඇත.

      maruva

      චම්පි බබාගේ පුක නැති වීම

      Delete
  2. දඬුවම් කළ යුත්තේ පවත්නා නීතියෙන් මිස අන් කිසිදු ආකාරයකින් නො වේ. නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු ය. නැතිනම් මොවුන් රට විනාශ කිරීමට කටයුතු කරනු ඇත.

    සියලු අන්තවාදීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු ය.

    ReplyDelete
    Replies
    1. පැරා ,

      මෙයට ඉතා හොද පිලියමක් පවතී, එනම් දැන් පොරොන්දුවූ පරිදි ස්වාදීන කොමිසම් පිහිටවීම මහින්
      චෝදනා ඇත්නම් දඩුවම් දීමයි. මෙහිදී පවතින රජයේ ඇමතිවරුන් ගේ නියෝග මත දඩුවම් දීම සිදු
      නොකළයුතු බව මගේ අදහසයි. මෙහෙම කලවිට කරුණු 2 පැහැදිලි වෙයි, එනම් මෙය
      දේසපාලන පලිගැනිමක් නොවන අතර පවතින ඇමති වරුත් වරදක් කල විට තමාටද මෙම
      සැලකීම ලැබෙන බව දැනගැනීමයි.

      සියලුදෙනා ගෙන් ඉල්ලසිටින්නේ පුද්ගල වන්දනාව දැන්වත් අප නැවැත්විය යුතු බවයි!

      Delete
  3. https://jangun.files.wordpress.com/2015/01/screenshot-107.png

    https://jangun.files.wordpress.com/2015/01/screenshot-108.png

    මේවා කල්තියා පෙන්වා දුන්නාම සමහරු හිතන්නේ ඒවා කියන අපි කුමන්ත්‍රණකරුවන් ලෙසයි. තවත් බොහෝ දේ එලියට එන්නට තිබේ. මහින්ද කෙරෙහි කිසිම ආකාරයකින් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන්නට කොහෙත්ම ඉඩක් නැත.

    බරපතළ දූෂණ සහ විෂමාචාර චෝදනා ඇති සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු අතර එය පෞද්ගලික පලිගැනීම් වලින් තොරව හුදෙක් නීතියේ ආධිපත්‍යය පදනම් කරගත් ක්‍රියාවක් වියයුතුය.

    ReplyDelete
    Replies
    1. හමුදා කුමන්ත්‍රණයක් දියත් වුණාද ? එහෙමත් නැතිනම් යාපනයේ හමුදා කඳවුරකට ගල් ගැසුවාද? මෙන්න ඇත්ත කතාව.

      හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මහතා මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරයි.

      මේ අනුව නිගමන 2 කට එකඹිය හැකිය. එනම්,

      1. චම්පික, මංගල, රාජිත ආදීන් කියන හැම දේම විශ්වාසනම්, හමුදා ප්‍රකාශක තුමා බොරු කාරයෙක් විය යුතුය. එවිට යාපනේ ආමි කෑම්ප් වලට දෙමළ අය ගල් ගහපු කතාව ඇත්තකි.

      2. අනික් අතට හමුදා ප්‍රකාශක තුමා කියන දේවල් විශ්වාසනම්, චම්පික මංගල රාජිත ආදීන්ගේ හමුදා කුමන්ත්‍රණ කතාව බොරුවකි.

      ඒ අනුව අපට විශ්වාස කළ හැක්කේ කාලෙන් කාලෙට විවිධාකාර දේ කියන දේශපාලඥයින්ව සහ කටකතා නොව, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාවයි.

      කිසිවෙක් කලබල නොවන්න. උතුරේ කෑම්ප් වලට ගල් ගසා නැත. එසේම ඡන්දය අවසානයේ හමුදා කුමන්ත්‍රණයකුත් දියත් වී නැත.

      ගෞරවනීයව තම ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතාට අපාහස කිරීමෙනුත් වැළකී, උතුරේ හමුදාවට ගල් ගැසුවා ආදිය කියමින් අතිගරු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අපහසුතාවයට පත් කිරීමෙනුත් වැළකී අපි මේ රටේ සාමය ආරක්ෂා කරමු.

      .

      Delete
    2. ඕකත් ඔබ කියපු වගේම කට කතාවක් නේද? ඔය මේජර් ජෙනරාල් නම් අපි හොඳට අඳුනන කෙනෙක් වෙන්න ඕන.

      Delete
    3. මට හිතුනා හමුදාවෙ ඉන්න උන් එලවලා ලොකු නිලයක් ගන්න ඕනෙ එකෙක් ගෙ අතේ රෝලක් ද කියලා.

      කමක්නෑ ඉතින් ලිකිත සාක්කි තියනවලු නෙ, ඒව ඉදිදිපත් කරල පරීක්ෂන කරන එකයි. කාට බයේද දැන් හංග ගෙන ඉන්නෙ......

      විචාරකට මෙන්න ඔයා නිවුස් එක ගත්ත තැනින්ම තව නිවුස් එකක්

      http://sinhala.lankanewsweb.net/exclusive/15287-2015-01-11-11-25-44

      Delete
    4. අන්න හරි අපි ඔක්කොම කියන්න ඕනෙ සාක්‍ෂි සහිතව මේවා එලියට දාන්න කියලා. ළඟදීම හුඟක් දේවල් එලියට එයි.

      Delete
  4. මේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව. හොඳ මිනිසෙකි. - මෛත්‍රීපාල සිරිසේන
    ------------------------------------------------------------------------
    පැරා ,

    දැන්වත් ඔයදාගෙන ඉන්න පාට කන්නාඩිය ගලවල පියවි ඇසින් එනම් විචාර බුද්ධියෙන් බලන්න පුරුදු උනොත් නරකද? පාරිමේන්තුවේ ඉන්නෙ ප්‍රබුද්ධ පිරිසක්ය.ඔවුන් අතට ව්‍යස්තාදායකත්ව මෙන්ම විධායක බලයද සම්පුර්නයෙන්ම දිය යුතුද කියා මොහොතක් කල්පනා කර බලන්න.

    ජනාධිපතිවරණයට පෙර හෝ මැතිවරණ කාලය අතරතුර මෛත්‍රී පාලනයක් කෙරෙහි ඉදිරිපත්වූ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පැත්තක තියමු.

    පොදු වැඩ පිළිවෙලකට සහාය දක්වන බව පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් තිබෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පැවසුවා නේද

    එසේ තිබියදී ඊයේ මෛත්‍රී පාලනයට සහාය දෙන්න පැමිණි පාර්ලිමේන්තුවේ සාමාජිකයන් එසේ ආ කාරණය ගැන ඔබ දකින්නේ කෙලෙසද? මේ අය පැමිණියේ එක්කෝ මුදල් වලට නැත්නම් මෙතෙක් කලක් තමන් විසින් කල දුෂණ හා වංචා නැවත වරක් යට ගැසීමට නොවේ කියා ඔබට කියන්න පුලුවන්ද?
    ඔවුන් පැමිණියේ මුදල් හෝ වෙන යම් වරදානයකට නම් එසේ පහසුකම් සලසන පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුළු මහත් පාර්ලිමේන්තුවම මිලදී ගන්න බැරිද? එතකොට චන්දය දුන්න සාමාන්‍ය මිනිසුන් ඒ ගැන හිතිය යුත්තේ කොහොමද?

    සමරසේකර

    ReplyDelete
  5. දැන් පනින අය අතර දූශිතයන් ඉන්නවනම් ?

    ReplyDelete
  6. What ever the differences we all should agree that MR is still popular among the ordinary people.In 2010 even opponents did vote for him for the role he played against LTTE terrorists.Issues of him should " Handle With Care" and they call it diplomacy.

    ReplyDelete
    Replies
    1. එක මවකගේ දරු කැල..January 12, 2015 at 10:16 AM

      2013 උතුර පලාත් සභා මැතිවරණ දින වල, මහින්ද ප්‍රමුඛ පොදු පෙරමුණ.

      ට්‍රැක්ටර්
      අත් ට්‍රැක්ටර්
      බයිසිකල්
      වතුර පොම්ප සහ බට
      සෙවිලි තහඩු
      මුදල්
      රෙදි සහ සනීපාරක්ෂක තුවා
      ක්‍රිඩා භාන්ඩ
      ඔර්ලෝසු
      පිඟන් කෝප්ප
      කල ගෙඩි සහ බාල්දී
      රාජපක්ෂලාගේ සමරු භාන්ඩ අාදී නොයෙකු අරුමෝසම් බඩු බෙදුවේ.

      උතුරේ මිනිස්සුත් දකුනේ රාජපක්ෂලාගෙ මිනිස්සු වගේ හොඳ මිනිස්සු කරන්න වෙන්නැති.!


      උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
      දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරී මල්ලියේ...
      (කපූ)

      Delete
    2. හිල් බලකායJanuary 12, 2015 at 12:46 PM

      අපි නම් බඩු බෙදුවේ නෑ,බඩු ගැහුවා.

      Delete
  7. අනෙ තොගෙ රෙද්ද පල්ලෙන් බෙරෙන ප්‍රජාත්‍රන්තවාදය. අපිත් කියන්නෙ මහින්ද හමුදා කුමන්ත්‍රනයක් කරන්න හැදුවද කියලා පරීක්ශා කරන්න ඔනෙ (හමුදා මාද්ය ප්‍රකාශක සහ මැතිවරණ කොමසාරිස් මෙය ප්‍රතික්ශෙප කරා). එහෙම කරලනම් මහින්ද හිරෙ දාන්න ඔනෙ. සධාරණ පරීක්ශනයක් කරාද නැද්ද කියලා අපි තීරනය කරන්නම්.

    ඇත්ත කතාව තොපි දන්නවා මෙක නියම ජයග්‍රහනයක් නෙවෙ රනිල්/චන්ද්‍රිකාට රට බෙදන්න තරම් ශක්තිමත් ජනවරමක් නොලැබුන බව. තොපිට ඔනෙ රට බෙදන්න පටන්ගන්න කාලෙ වෙද්දී මෙ රටෙ සාමාන්ය මිනිහට විරුද්ද පක්ශයක් නැති කරලා තියන්න. තොපි කොච්චර උනත් සින්හලයට බය නපුන්සකයො. හැමදාම වැඩ කරෙ පස්ස දොරෙන්.

    ලැජ්ජයි යකො අපිනම් අවන්කව හිතුවා උබ බටහිර බෙදුවාදී න්යායපත්‍රයට නොදැන කඩෙ යන එකෙක් කියලා. බලන් යද්දී තො මෙ රට බෙදන්න වලි කන කෑ පතෙ රෙන ජාතියෙ අවලෙමෙක්.

    ReplyDelete
    Replies
    1. හමුදා කුමන්ත්‍රණයක් දියත් වුණාද ? එහෙමත් නැතිනම් යාපනයේ හමුදා කඳවුරකට ගල් ගැසුවාද? මෙන්න ඇත්ත කතාව.

      හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මහතා මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරයි.

      මේ අනුව නිගමන 2 කට එකඹිය හැකිය. එනම්,

      1. චම්පික, මංගල, රාජිත ආදීන් කියන හැම දේම විශ්වාසනම්, හමුදා ප්‍රකාශක තුමා බොරු කාරයෙක් විය යුතුය. එවිට යාපනේ ආමි කෑම්ප් වලට දෙමළ අය ගල් ගහපු කතාව ඇත්තකි.

      2. අනික් අතට හමුදා ප්‍රකාශක තුමා කියන දේවල් විශ්වාසනම්, චම්පික මංගල රාජිත ආදීන්ගේ හමුදා කුමන්ත්‍රණ කතාව බොරුවකි.

      ඒ අනුව අපට විශ්වාස කළ හැක්කේ කාලෙන් කාලෙට විවිධාකාර දේ කියන දේශපාලඥයින්ව සහ කටකතා නොව, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාවයි.

      කිසිවෙක් කලබල නොවන්න. උතුරේ කෑම්ප් වලට ගල් ගසා නැත. එසේම ඡන්දය අවසානයේ හමුදා කුමන්ත්‍රණයකුත් දියත් වී නැත.

      ගෞරවනීයව තම ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතාට අපාහස කිරීමෙනුත් වැළකී, උතුරේ හමුදාවට ගල් ගැසුවා ආදිය කියමින් අතිගරු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අපහසුතාවයට පත් කිරීමෙනුත් වැළකී අපි මේ රටේ සාමය ආරක්ෂා කරමු.

      .

      Delete
    2. Yahapaalanayakata api ekwemu malli
      Kiyamin pamina ape ange elli elli
      Nirindun yawaa gena pitarata salli
      Dan penawa neda mekage koti pulli

      Delete
  8. ''මෙම ඡන්දයේදී විපක්ෂ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඍජුව පෙනී සිටි අප වැනි මාධ්‍යකරුවන් අතළොස්සගේ මළ කුණු පාරවල් අයිනෙන් හමු වනවා ඇත.''

    හපොයි ගෙම්බෙක් පිම්බිල තියෙන තරම....

    දෙවෙනි වෙන්නේ විරාංශගේ කුමන්ත්‍රණ තියරියට විතරයි.....

    මේ ආණ්ඩුව දින 100 යටතේ ඔයාටත් සම්මානයක් දෙන්න ඕනද දන්නේ නෑ නේද??

    ReplyDelete
  9. දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි! අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි. එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ. මේ අවස්ථාවේදී සමාජ ශාලවේ සිටි උදවිය එම ස්ථානයෙන් ඉවත්ව යමින් පවසා ඇත්තේ ‘මේ පුතත් පාලනය කරේ නැත්තන් අප්පට කෙලල තමයි ඉවර කරන්නෙ' කියාය. අප දහම් සිරිසේන තරුණ මහතාගෙන් කරුණාවෙන් හා දයාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ ‘යකාගේ හෝරාව' නිමවී නව අරුණක් වැටෙන හිමිදිරියේම පිස්සු කෙලීමට සූදානම් වුවහොත් ඉහත කී අවජාතක පුතුන්ට සැලකූ ආකාරයට තරාතිරම නොබලා සැලකීමට සිදුවන බවයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න පචවන්ශට කඩෙ යන එකෙක්.

      Delete
    2. ඇයි උඹ කඩේ යන්නේ රනිලටද? සිරිසේනටද ?

      Delete
    3. ඉතිං මේක ඇත්තක් නම් . . . .

      Delete
    4. පචවංස නෙවෙයි මීහරකෝ ඔය නිවුස් එක ගියේ පරම පවිත්‍ර ඇත්ත කියන මංගල සමරවීරගෙ ලන්කා නිවුස් වෙබ් එකේ. මෙන්න ලින්ක් එක

      http://sinhala.lankanewsweb.net/exclusive/15287-2015-01-11-11-25-44

      දැන් මොකද කියන්නෙ? පුක නෑ නේද?

      Delete
    5. මේකාගේ දැනුම , 2/2 = 0 වගේ තමා , cctv කැමරා වලින් මේ දිනවල සිදුවන හොරකම්, අපරාද ගැන සමහර අවස්ථා වල තොරතුරු සොයා ගත්තට , ක්ලබ් එකට දහම් සිරිසේන ගියානම් ඒක එතන සිටින දෙනාගේම වගේ අතේ තිබෙන කැමරා පෝන් වලින් වීඩියෝ කරගන්න පුළුවනි , බොරුව කියන එකා ඒක ඇත්ත බව පෙනෙන්න cctv ඕෆ් කරන්න කීව කියනවා , ඉස්සර itn නෙව්ස් බලපු කෙනෙක්ද කොහෙද

      Delete
    6. අනේ ගොබ්බ හුටං මීට කලින් ක්ලබ් වල ගිය වලි වලදි cctv වල සාක්කි වැදගත් උනා නේ ඉතින් ඕෆ් කරන්න කිව්වද කවුද දන්නෙ. අත්වල ෆෝන් තිබ්බා කියල cctv වගේ ඔක්කොම හැමතිස්සෙම රෙකෝඩ් වෙනවද? අනික තග්ලා psd එකෙන් ගහනකොට ඒවා ෆෝන් වලින් රෙකෝඩ් කරන උනුත් ඉන්නවද බූරුවෝ? අනික ෆෝන් වල ඔය කලුවරේ හරියට රෙකෝඩ් වෙන්නෙ නෑ, ක්ලබ් වල cctv දානකොට දාන්නෙම රෙකෝඩ් වෙන කොලිටි ඒව නෙ නැත්නම් cctv දාලත් වැඩක් නැහැ නෙ.

      අනික ඕක විමල් වීරවංසගෙ නෙවෙයි මංගල ගෙ සයිට් එක. මංගලත් බොරු කියනවද දැන්?

      මොකෙක්ට උනත් කඩේ යන ගැත්තෙක් වෙන්න එපා පක්කලියෝ. තොපි වගෙ උන් නිසා තමයි මහ රජාත් ඇන ගත්තෙ.

      Delete
  10. යකෝ ඔහොම බොරැ කියන්න එපා තොට හෙන ගහයි ...AnonymousJanuary 12, 2015 at 8:35 AM

    ReplyDelete
  11. මට නම් තේරෙන්නේ යහපාලනයට අකමැති අය ගොඩක් ඉනන්වා.ඒ අය තාම ඉන්නේ මහින්දගේ ක්‍රමය තවම රටට ගැලපෙනවා කියන සිතුවිල්ලෙන්. යුද්ධයක් ඉවර වුනාම ඉන්පසුත් යුධ මානසික්වයෙන් ඉන්නවා වගේ. යථාර්තයට මුහුනදෙන්න බැරි එක්වරම තමන්ගේ මතය වෙනස්කරගන් බැරි අය ඉන්නවා. අලුතින් අය ගෙනත් පෙර අයගේ වැරදි කියනවාට වඩා සාර්ථක හඩ්ඩා ම හොයා ගෙන එයාම දාලා පෙරවැරදි මේ මාස තුනට පමනක් එයාගේ කටින්ම කියවලා පසුව විනයානුකුලව පියවර ගන්න එක. අනිත් අයටත් එසේමයි.

    ReplyDelete
  12. උතුරු නැගෙන හිරින් මහින්ද පරාජය වීම ගැන දාන්න තියෙන්නේ මේ තර්ක දෙක
    1-මහින්ද එම ප්‍රදේශ වල ජනප්‍රිය නොවීම
    2-සිරිසේන TNA හා මුස්ලිම් කොන්ග්‍රස් ඉල්ලීම් වලට එක්කංග වීම.
    මේ හේතු දෙකෙන් එකක් හෝ දෙකම බල පෑවා. මෙතනදී ඇස්පනාපිට පෙනෙන සාක්ෂිඅනුව දෙවෙනි සාධකය ඉදිරියට එනවා. මොනවාද ඒ සාක්ෂි ඊයේ යාපනයේ දී හමුදකන්දවුරක් ඉදිරිපිටට ආ පිරිසක් ජාතික කොඩියක් ගිනි තැබීම. සහ උතුරු නැගෙනහිර පැවැත්වූ ප්‍රීති ගෝෂා වල කියපු දේවල්. මේ අනුව දෙවන සාධකය බලවත්.

    //"ඇයි මැතිතුමා සිරිසේන මරල හරි ජනාධිපති කම ගත්තෙ නැත්තෙ?" කියල. අපි ඒක නූගත් ගැමියෙකුගේ ප්‍රකාශයක් විදිහට වැඩිය ගනන් නොගෙන බැහැර කරමු. // ඕනෑම දේශපාලන පක්ෂයක බිම් මට්ටමේ ඔය වගේ පාහරයෝ ඉන්නවා. නමුත් මහින්ද ඒ ප්‍රකාශය අනුමත කලේ නැහැ.

    //මහින්ද කියනවා "එයා (සිරිසේන) ඊලාම් ඡන්ද අරන් දිනුවා" කියල. මේක කොච්චර නරුම ප්‍රකාශයක්ද? ඊලාම් යුද්ධය අවසන් කලා කියා තමන්ට මහා ගෞරවයක් ආරූඩ කරගත්තු හිටපු ජනාධිපති කියනවා උතුරු පලාත තාමත් "ඊලාම්" කියල. දේශපාලන බලය ලබාගන්න මෙහෙම සාපරාධී විදිහට උතුරු පලාතෙ සාමාන්‍ය ජනතාවට "ඊලාම්" ලේබලය ඇලවීම කොච්චර සදාචාරාත්මකද?//
    මහින්ද යුදයෙන් පරාජය කලේ කොටි මිස ඊළාම් වාදය නොවේ. ඊළාම් වාදය පරාජය කිරීම ලේසි නැත, TNA යනු කොටි නොවුනත් ඔවුන් ඊළාම් වාදයේ වත්මන් නියෝජිතයෝ වේ. එම TNA එකේ කීම මත තමයි උතුරේ චන්ද සිරිසේනට ගියේ(මම මුලින් මෙය පෙන්වා ඇත). එබැව්න් එම චන්ද ඊළාම් චන්ද ලෙස සැලකීම වරදක් නොවේ.

    ජාතීන් නියෝජනය කරන සියලු සංවිධාන ජාතිවාදී වේ. ඔවුන්ගේ චන්ද වල බලපෑම නිර්ණය කිරීමට යාම ජාතිවාදය නොවේ. කියා ඔබට මතක් කරන්න ඕන. එබැවින් මහින්දගේ ඉහත ප්‍රකාශය ජාතිවාදී ලෙස සැලකීම වැරදි වේ

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ට් එක වෙන බ්ලොග් එකකට දැමු එකකි. එබැවිනි උපුටා දැක්වූ කරුණු මෙම බ්ලොග් එකේ ප්‍රකාශ නොවුනත් එම ප්‍රකාශ වලට සමාන ඒවා මෙම බ්ලොග් එකේ පවතී. එබැවින් එම ක්කමෙන්ට් එක මෙම ලිපියට ගැලපෙන නිසා මෙහි පල කෙරුවෙමි.

      කතන්දර කාරයාගේ හෙළුව මෙන්න

      Delete
  13. පැරා මොකද තාම ලේක්හවුස් පැත්තේ ගියේ නැත්තේ? තව ඩිංගෙන් මම දිනමිණ පත්තරේකුත් ගන්නවා පැරා ලියපු කතුවැකිය බලන්න.

    මහින්දගෙන් ගේම ඉල්ලන්න කලින් අර ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් බැසිල්ව රට යැව්වේ ඇයි? බැසිල්ට දඬුවම් කරනවට අකමැති කෙනෙක් ඉන්නවද?

    මහින්දව හිරේ දාන්න යන එකෙන් වෙන්නේ මේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙන එක නෙවෙයිද?

    බැසිල්ට සජින්ලට දඬුවම් කරානම් ආණ්ඩුවට එහෙම අප්‍රසාදයක් එන්නේ නෑනේද? අමතරව මේ ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්න අයටත් පණිවිඩයක් ලැබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදී ජිවිතේ කොල්ලනේ, සමාජවාදී ජිවිතේ !!!

      Delete
    2. අප්‍රසාදෙ කියලා පුලුවන්ද බන්? රට බෙදන්නනම් විපක්ශයක් නැති කරන්න ඔනෙ. මහින්දව අයින් කරා කියන්නෙ ශ්‍රීලනිපෙ සිරිසෙනට අයිති වෙනවා. ඒ කියන්නෙ නමට පක්ශ දෙකයි ඒ පක්ශ දෙකම ආණ්ඩුවෙ. කොහොමද වොශින්ටන් ප්ලෑන්?

      Delete
    3. Mahindata daduwam nokala uthui Janatawa idiriyata genagos Balathanhawa nathi kala utui monawa unath ohuta war eka nimakala ekata gawrawa kalauthui pawle ewun tika thamai eyawa kawe

      Delete
  14. පැරා මමනම් දන්න විදහට ව්‍යවස්ථාව වෙනස් නොකර මහින්දව අධිකරණයකට ගේන්න බැහැ. ලංකාවේ විධියක ජනාධිපතිවරයෙන් ධුර කාලයෙන් ජනාධිපතිව ඉන්න කාලෙදි කරපු දේවල් වලට පසුවත් නීතිය ඉදිරියට ගේන්න බැහැ. මම වැරදිනම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. මේ කතාව හරි, ව්‍යවස්ථාව වෙනස් කලත් ,නීති තර්කයක් ගෙන්න පුළුවන් මහින්ද ජනාධිපති වෙන්නේ පරනි ව්‍යවස්ත්වට අනුව , ඒ නිසා ඊට අදාලව මහින්දට නඩු දාන්න බෑ කියලා.
      ඒ තර්කයෙන් තමා චන්ද්‍රිකාට ආපහු සැරයක් තරඟ කරන්න බෑ ,එත් මහින්දට පුළුවන් කියන තීන්දුව දුන්නේ

      Delete
  15. Yahapaalanayakata rata gena emu malli
    Kiyamin pamina ape ange elli elli
    Nirindun yawaa gena pitarata salli
    Dan penawa neda mekage koti pulli

    ReplyDelete
  16. අපි මොහොතක් බලා සිටිමු.............

    ReplyDelete
  17. Bodu bale
    Kumatada bole
    Maharaja nathi kale
    Yanta wenawa kele

    ReplyDelete
  18. Around 4.30am on Friday, MR telephoned Ranil. When he began to talk Ranil said it would be better to meet him personally. Having informed other leaders of his ally, Ranil drove to Temple Trees. The sight surprised Ranil upon his arrival. CJ was there!
    For further details visit dbsjeyaraj.com

    ReplyDelete
  19. මේ cyber අවකාශය තුළ මා මවුබසින් තබන පළමු සටහනයි.
    එකල අනූව දශකයේ මැද භාගයයි. එවකට මම advertising වලට සම්බන්ධවී නිර්මාණ පිටපත් රචනයේ යෙදුනෙමි. මගේ මතකය නිවැරදිනම් එවකට grants පිටපත් රචනයේ ආයතනයේ යෙදුනු මතුගම පැත්තේ අජිත් ජයසිංහ නම් මිතුරෙකු සහ ගාල්ල පැත්තේ චායා (?) නම් මිතුරියක් මට විය. කුසුම්සිරි විජේවර්ධනද අපගේ සමකාලීනයෙකි. චායා පසුව ගුරුවරියක් විය.
    අජිත් ඒ ඔබද ? එසේනම් අද ඔබේ හැඩරුව බොහෝ වෙනස්වී ඇත. නමුත් මෙලෙස ඔබ හමුවීම ගැන ඉතා සතුටුය.
    මහින්දගේ පරාජයට ලංකාවේ සයිබර් අවකාශය භාවිතයේ දායකත්වය මම අවතක්සේරු නොකරමි. නමුත් එය අධිතක්සේරුවක් නොවිය යුතුමය.
    කුමාරතුංග මුනිදාසයන්ගේ හීන්සැරය කතාවේ මෙසේ සඳහන්ය. මහා සුළඟින් පෙරළුණු මහා ගස් අතර වූ ගසක රිකිල්ලක ලැග සිටි කටුසු හාමිගෙන් මේ කුමක්දැයි ගෝන හාමි ඇසුවිට කටුසු හාමිගේ පිළිතුර වුයේ " ඕවා අලින්ගෙයි අපෙයි වැඩ" යනුවෙනි.
    රාජපක්ෂ පාලනය යනු බොහෝ පල ප්රෙයෝජනද තිබූ මහා දැවැන්ත ගසක් වුවත් පැළෑටි වලට එහි මහා උද්ධච්චකම යන සෙවන යට පැළවී මහා ගස් වන්නට ඉඩක් නොවීය. අවසානයේ මහා උද්ධච්චකමම මහා කුණාටුවකට හේතුවී ගස උදුරා දැමිනි.
    සමාජ ප්රටගමනය උදෙසා ලංකාවේ සයිබර් අවකාශය අප කටුසු හාමිලා ලෙස භාවිතා කළ යුතුමය. එවිට අපට අලි රාළහාමිලාට හෙම්බිරිස්සාවක්ද විය හැකි මෙන්ම කොටි රාළහාමිලාද පරාජය කළ හැකිය.
    එයට නරිහාමිලාගේ උපදෙස්ද වැදගත් වියහැකි නමුත් නරි හාමිලාගෙන්ද ප්‍රවේසම් විය යුතුය.
    - Nikolai Gogol ( Lokal )

    ReplyDelete
    Replies
    1. ඔබ සහ ඔබගේ අදහස මත එල්ලී කුහක සතුටක් ලබන ඔබට පහළින් කමෙන්ට් කර තිබෙන පුද්ගලයා ‍නො දන්නා කරුණ වන්නේ මා කරන්නේ බ්ලොග් ලිවීම පමණක් නො වන බවයි. මම සතිපතා පුවත්පත් දෙකකට ලිපි සපයන අතර එම ලිපි ද මෙම බ්ලොගයේ පළ වේ. අනෙක මෙම ලිපියේ කොතැනකවත් මම සමාජ මාධ්‍ය ගැන අධිතක්සේරුවක කතා කර නැත. ඔබ ප්‍රශ්නයක් මවාගෙන පිළිතුරක් දෙයි. ‍මෙයට මනෝ විද්‍යාවේ ප්‍රක්ෂේපනය යයි කියන බවක් මා අසා ඇත.

      මම මෙම බ්ලොගය වසර පහක් පුරා පවත්වාගෙන යන ගෙම්බෙක්මි. වසර 25කට වැඩි මාධ්‍ය ජීවිතයක් ඇති ගෙම්බෙක්මි. දේශපාලන මාධ්‍යකරණයේ බොහෝ අභියෝගවලට මුහුණ දී ඇති ගෙම්බෙක්මි. මා වැනි අනෙක් ගෙම්බෝ මා ගැන දනිති.

      Delete
    2. ඔබ කියන ඇඩ්වටයිසිං කළ අජිත් මම නොවෙමි. ඔහු අජිත් නිශාන්ත යයි මම සිතමි.

      Delete
  20. Excellent !!! Very metaphorical and well said !!! What is your blog?

    ReplyDelete
  21. gembek pimbena pimmbilla ha ha ha.

    ReplyDelete
  22. Please be fair. I am with Gogol (Lokal). Do not be foolish. Be decent and try to understand the hidden meaning of what he said.

    "We think too small, like the frog at the bottom of the well. He thinks the sky is only as big as the top of the well. If he surfaced, he would have an entirely different view.

    Mao Zedong


    Read more at

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා