Posts

Showing posts with the label අධ්‍යාපනය

අධ්‍යාපනය මිලිටරිහරණය මූලික අවශ්‍යතාවකි

Image
අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම අනාගත සාමය හා සහජීවනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ය. ලංකාවේ අනාගත පරපුර තුළ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ගොඩනැගීම ඉතා වැදගත් ය. මෙය කළ යුතුව තිබෙන්නේ එක පැත්තකින් ප්‍රවර්ධනය කරන ලද රාජාණ්ඩු මානසිකත්වයට හා අනෙක් පැත්තෙන් එය සමග අත්වැල් බැඳගත් මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව ය. මේ සඳහා වැදගත් පියවර කීපයක් ආණ්ඩුව පැත්තෙන් ගෙන තිබේ. එක පැත්තකින් ජනාධිපතිවරයා තමන් රජෙකු වෙනුවට නවීන නායකයකු ලෙස ප්‍රක්ෂේපණය කිරීම සඳහා වැදගත් පියවර කීපයක් ගෙන තිබේ. අනෙක් පැත්තෙන්, රාජ්‍ය සේවය මිලිටරිහරණය සඳහා ද රජය වැදගත් පියවර කීපයක් ගත්තේ ය. ආණ්ඩුකාරයන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් දෙදෙනෙකු වෙනුවට සිවිල් නිලධාරීන් පත් කරන ලදී. විදේශ සේවයේ සිටි හමුදා නිලධාරීන් ගණනාවක් ද ආපසු කැඳවා තිබේ. අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම ‍අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයකි. ඒ සඳහා ඉවහල් වන පියවර කීපයක් ගෙන තිබේ. එකක් වන්නේ නවක සරසවි සිසුන් සඳහා හමුදාව විසින් පවත්වන ලද නායකත්ව පුහුණුව නවත්වා දැමීමයි. එසේ ම, දවස් කීපයක පුහුණුවකින් පසු කර්නල්, මේජර් ආදී හමුදාවටත් අපහාස කරන තනතුරු ලබා ගත් විද...

අධ්‍යාපනය ටියුෂන් කඩකාරයන්ගෙන් මුදාගෙන මානව හිතවාදය දෙසට යොමු කිරීම

Image
හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපනඥයෙකැයි ඇතැමෙක් කී හ. එහෙත්, අපි නම් දිගින් දිගට ම කීවේ ඔහු ටියුෂන්කාරයකු පමණක් බවයි. ටියුෂන් මුදලාලිලා දන්නා අධ්‍යාපනය වනාහි හැකි තරම් ළමයින් සංඛ්‍යාවක් පංතිවල ගාල් කර, දේශකයකුට නිෂ්ක්‍රීයව සවන් දීමට සලස්වා, කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක්, සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව වනපොත් කරවා විභාග පාස් කිරීම පමණි. බන්දුල ගුණවර්ධනට මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තිබුණු දැක්මේ දිග පළල ඔහු විසින් බිහි කරන ලද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇති ගැටලුවලින් හා ඔහුගේ පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කිරී‍මේ වැඩපිළිවෙලින් පෙන්නුම් කෙරිණි. උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම ඔහුගේ කාලයේදී ගත් වැදගත්, එඩිතර පියවරක් ලෙස අගය කළ යුතු ය. පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන රජයේ අවධානය වහා යොමු විය යුතු ය. අපි එවැනි මූලික ගැටලු කීපයක් කෙරෙහි නව අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නෙමු. දින සීයෙන් මේ සියලු ගැටලු විසඳිය නො හැකි වුණත්, ඇතැම් වැදගත් පියවර ගත හැකි ය. මේ දිනවල 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ම මුදල් එකතු...

හරියට ඉගැන්වීම, ටියුෂන්, පිට වැඩ හා ලංකාවේ අධ්‍යාපන ගැටලු

Image
මෙය සාමාන්‍ය පංති කාමරයක් නො වන බව ඔබ දනියි මෙම ලිපිය ලියන්න හේතු වුණේ අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව අධ්‍යාපනය ගැන මතු වූ සංවාදයක් ඉවහල් කරගෙනයි. මම ගුරු වෘත්තිය සලකන්නේ මගේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් හැටියට. නැතිනම්, මට වෙන රැකියාවක් තෝරා ගන්න ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. ඒත්, මම ගුරු වෘත්තිය පරදුවට තිබ්බේ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයේ අවස්ථා කීපයක් වෙනුවෙන් විතරයි. එතැනත් තිබුණේ දේශපාලනික උවමනාවක්. ම වෘත්තීය භාෂා පරිවර්තකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යකරුවෙක් විිධියට පදනමක් ගොඩනගා ගත් කෙනෙක්. ඒත්, මම ළමයින් එක්ක යෙදෙන මේ ඉගැන්වීමේ කාර්යය අතහැර දාන්න බලා‍පොරොත්තුවක් නැහැ, මාව මේකෙන් දොට්ට දැම්මේ නැතිනම්. මොකද, මේක සම්බන්ධ වෙන්නේ මගේ දේශපාලනයත් එක්ක. දේශපාලනය කීවා ම දැන් සමාජය තේරුම් ගන්නේ පක්ෂයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවට ජැක් ගහන්න හරි ගහලා තිබෙන ජැක් ගලවන්න හරි උත්සාහ කරන එක නේ. මම ඔය දෙකම කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඔය කියූ දේ ය කියා හිතන අයට මම කියන්නේ මම දැන් දේශපාලනය කරන්නේ නැහැ ය කියලායි. ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සව...

උසස් පෙළ සුපර් ස්ටාර්ලාට ටියුෂන් සුපර් ස්ටාර්ලාගෙන් කාර්

Image
Photo courtesy: Gossip Lanka News ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යාවට ඇ‍ගේ ගිනුම්කරණය ටියුෂන් පංතියේ ගුරුවරයා වන කුමුදු ලියනගේ ලක්ෂ 40ක් වටිනා අලුත් ම අලුත් මෝටර් රථයක් තෑගි කළා. මේ තෑගි කිරීම තුළින් එක පැත්තකින් ඒ සිසුවිය ගිනුම්කරණය විභාගය සමත් වීමේ මුළු අයිතිය ගන්න මේ ගුරුවරයා උත්සාහ කරනවා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇයට ඉගැන්වීම සඳහා ඒ පාසලේ ගුරුවරුන් කළ මෙහෙය යටපත් වී මේ ටියුෂන් ගුරුවරයා ඉස්මතු වෙනවා. අනෙක් පැත්තෙන්, මේ ටියුෂන් ගුරුවරයා මේ කරන්නේ ඉතා නිර්මානාත්මක ප්‍රචාරණයක්. ඔහුට මෙයින් ලැ‍බෙන ප්‍රසිද්ධිය ලක්ෂ 40ක් වැය කර ලබා ගන්න අමාරුයි. ගුරුවරයෙක් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නිසා ඔහුට ලැබෙන ප්‍රචාරය හා සමාන ප්‍රචාරයක් අනාගතයේදී ‍කොයි තරම් වටිනා කාරයක් තෑගි දුන්නත් වෙන ගුරුවරයකුට ලබා ගන්න බැහැ. හරියට සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේදී සිරසට ලැබුණු තැන වගේ එකක් ඉන් පසු වෙන කිසිම චැනලයකට තබා සිරසටවත් නො ලැබුණා වගෙයි. මෙම සිද්ධිය සොය සොයා කරුණු විමසන පුවතක් වෙනවා විතරක් නොවෙයි, ඊළඟට ‍උසස් පෙළ ඉගෙනුම ලබන ශ...

පහේ ශිෂ්‍යත්වය නැති කරන්නට බැරි ද?

Image
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් මෙසේ ය: කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක සඳහා කඩඉම් ලකුණු සීමාව 160 කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අවම ලකුණු සීමාව 157 ක්‌ වෙයි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 156 ක්‌ වන අතර පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 155 කි. මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 154 ක්‌ වෙයි. මීට අමතරව නුවරඑළිය හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කයන්හි අවම ලකුණු සීමාව 153 ක්‌ වන අතර ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ එම ලකුණු සීමාව 151 කි. එමෙන්ම වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 148 ක්‌ හා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ලකුණු 145 ක්‌ වෙයි. මේ අනුව, සමත් වීම සඳහා කොළඹ, කළුතර වැනි දිස්ත්‍රික්කයකදී නම් 80%ක ද, මුලතිව්හිදී නම් 73%ක් ද ලබා ගත යුතුව තිබේ.  සමත් වීම පිණිස එතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු තවත් විභාගයක් ලෝකයේ කොහේවත් තිබේදැයි නො දනිමි.  මේ විභාගය පැවැත්වෙන්නේ යන්තමින් දස හැවිරිදි වියේ පසුවන දරුවන්ටයි. එයින් ඔවුන්ගේ මනසට කරන හානිය කෙතරම් ද?  ...

පාඩම් කිරිල්ලී (පාඩම් කුරුල්ලාගේ ගැහැනු සතා නො වේ)

Image
සාර්ථක මිනිසුන් පිරිසක්. පාඩම් කිරිල්ල කියන්නේ මාර දෙයක් ය. මේ දවස්වල සමහර ගෙවල්වලට කවුරුවත් එනවාට අකැමැති ය. මන්ද, උසස් පෙළ විභාගයට ලියන්න ඉන්න ළමයි පාඩම් කරනවා ය. මෑත දිනෙක ඩෙංගු රෝගයෙන් මිය ගිය නීති ශිෂ්‍යාව ද විවේක නො ගෙන පාඩම් කිරීම නිසා ඇගේ ශරීර සෞඛ්‍යය පිරිහී ගොස් තිබුණු බව වාර්තා විය. අපේ නිවස අසල නිවසක ඉගෙන ගන්නා දැරියක් ගමේ මිනිසුන්ගේ ඉරිසියාවට ලක් වී සිටින්නී ය. එයට හේතුව ඇය‍ මිදුලේ සිට කෑ ගසා හයියෙන් පාඩම් කිරීම ය. දිනක් මගේ බිරිඳ ඒ නිවස පසු කර යන විට ඇසෙන්නට පටන් ගත් තැන සිට නෑසී යන තෙක් ඇය පාඩම් කර තිබෙන්නේ එක් වැකියකි. "එසේ වීමෙන් වැව් බැම්ම සේදී යයි" යනුවෙන් ඇය දිගටම කියවමින් සිට ඇත.ඇතැම් විට ඇය මීට පෙර තවත් වාක්‍යයක් කට පාඩම් කර ගන්නට ඇත.  ළමයි පාඩම් කරති. පාඩම් කරන්නේ ගුරුවරුන් දෙන සටහන් ය. ළමයි පාඩම් කරන අයුර දැක ගුරුවරු හා මව්පියෝ සතුටු වෙති. ඇත්තෙන් ම පාඩම් කිරීම යනු මේ කට පාඩම් කිරීම නො ව, අධ්‍යයනය කිරීම විය යුතු ය. එහෙත්, අද වන විට ශිෂ්‍යයෝ මේ කාරණය පටලවාගෙන ඇති බව පෙනේ. පටලැව්වේ ගුරුවරු ය. මා වැඩිපුර උගන්වන්නේ ඉංග්‍රීසි විෂයයි. මම කිසි දිනෙ...

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

Image
නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්.  මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු ...

හොර පොල් චක්‍රලේඛය

අප බලාපොරරොත්තු වූ පරිදිම ජනාධිපතිතුමා හොර පොල් කැඩූ ළමයාගේ ප්‍රශ්නයට මැදිහත් වී ජනප්‍රිය පියවරක් ගත්තේය.  අද සිළුමිණ ඒ පිළිබඳ වාර්තා කරන්නේ මෙසේය: කුමන හේතුවක් මත හෝ දරුවන්ට බලපෑම් කරමින් පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීම් සම්පූර්ණයෙන් නැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරි සති දෙක තුළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එවැනි සිද්ධියක් සැලවූ වහාම පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එයට අදාළ සියලු පුද්ගලයන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන එමඟින් ක්‍රියාවට නංවන බව ද ඇමැතිවරයා කීය. දැන් මෙතැන ප්‍රශ්න දෙකක් තිබේ. 'දරුවන්ට බලපෑම් කරමින්' යන්න අර්ථකථනය කරන්නේ කෙසේද?  'නීති විරෝධී නොවන මුදල් එකතු කිරීම්' මොනවාද?  ඍජු අල්ලස් නොවන, වෙනත් ආකාරවල මුදල් එකතු කිරීම් සිදුවන එක් ආකාරයක් මෙසේය. පාසල්වල විශේෂයෙන් එක, හය, 12 වැනි පංතිවලට සිසුන් ඇතුළත් කරගනිද්දී දෙමාපිය රැස්වීම් පවත්වා විදුහල්පතීන්ට හිතවත් පුද්ගලයන් ලවා එකතු කරන මුදල් ප්‍රමාණයයෝජනා කරනු ලැබේ. එයට විරුද්ධ නොවන වාතාවරණයක් හා විරු...

පාසලට මුදල් ගෙවන්නට පොල් හොරකම් කිරීම

Image
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ අනුන්ගේ වත්තක හොරෙන් පොල් අහුලද්දී අත්අඩංගුවට ගත් හොරණ ප්‍රදේශයේ ශිෂ්‍යාවක් අධිකරණයට පවසා ඇත්තේ පාසලේ තීන්ත ආලේපනය සඳහා ඉල්ලා ඇති රු. 800ක මුදලක් ගෙවීමට පවු‍ලට මුදල් නැති බැවින් එම ක්‍රියාව කළ බවයි.  මෙම සිද්ධියට දෙමින් තිබෙන මාධ්‍ය ප්‍රචාරය අනුව නොබෝ දිනකින් මෙම ශිෂ්‍යාවද වීරවරියක සේ විවිධ පුද්ගලයන්ගේ තෑගි, සම්මාන ආදිය ලබන්නට ඉඩ තිබේ. මන්ද, ලංකාවේ සමාජය ප්‍රශ්න වැරදි තැන්වලින් ග්‍රහනය කරගැනීමට දක්ෂ බැවිනි.  සොරකම ශිෂ්ට සමාජයක අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. එහෙත් ලංකාවේ මිනිස ්සු සාමාන්‍යයෙන් ලොකු හොරකම් කරන මින ි සුන්ට වඳිති; පුදති. ජාතියේ අනාගතය සොරකම් කරන්නන් ජාතික වීරයන් බවට පත් කරති. පොල් ගෙඩි, කොස් ගෙඩි වැනි දේ සොරකම් කරන්නන් මරන්නට වුවද ඉදිරිපත් වෙති.  මේ දැරිය කියූ ප්‍රකාශය ඇතැම්විට බොරුවක් වන්නට ඉඩ තිබේ. මන්ද, ස ොරකම් කළ දරුවකුට බ ොරු කියන්නටද බැරිකමක් තිබිය න ොහැකි බැවිනි. පාසල්වල විවිධ කටයුතු සඳහා මුදල් එකත ු කරනබව සැබෑය. එහෙත්, ඒ වනාහි සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් වන ජනප්‍රිය පාසල් තරගයේම කොටසකි. රජයෙන් ප්‍රතිපාදන ලබාදෙනතෙක් බල...

විදුහල්පති - අධ්‍යාපනයේ එක කණ කොකෙක් / Principal - one big problem of the education of Sri Lanka

කලකට පෙර පාසල්වල මුල් ගුරුවරයා වනාහි ලුරුවරුන් අතරින් සැබැවින් ම මූලිකයෙකි. දැනට කලකට පෙර සිට ම විදුහල්පකිවරුන් පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නො තිබුණු අතර,  අද වන විට අධ්‍යාපනයේ විදුහල්පති හා පරිපාලන තනතුරුවලට පත් වන වැඩි දෙනෙක් තුරු සේවයේ හොඳ කාර්යදසාධනයක් පවත්වාගෙන ගිය අය නො වෙති. රටේ පාසල් සංඛ්‍යාව 10,000ක් පමණ වන අතර, එයින් 25%ක පමණ ඉන්නේ වැඩ ආවරණය කිරීම සඳහා පත් කළ විදුහල්පතිවරු ය. කලක් තිස්සේ වැඩ බැලූ මෙම විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් පසුගිය සමයේ පැවති බඳවා ගැනීමේ පරීක්ෂණවලදී සියයට 30 බැගින් අමතර ලකුණු දුන්න ද, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අසමත් වූ හ. මේ පිරිස දැන් ස්ථිර පත්වීම් ඉල්ලා විවිධ විසූක දස්සන කරමින් සිටිති. පසුගියදා රාජ්‍ය සේවා කොමිෂම මොවුන් තනතුරුවල ස්ථිර කිරීම සඳහා ගෙන එන ලද ඇමති මණ්ඩල නිර්දේශයක් ප්‍රතික්ෂේප කළේ ය.  මේ අතර, ඉතා අවිධිමත් වූ මෙම බඳවා ගැනීමේ වැඩසටහනේදී අක්‍රමවත් මාර්ග ඔස්සේ තවත් නුසුදුස්සෝ පිරිසක් ද විදුහල්පති සේවයට එක් වූ හ. අද වන විට මේ විදුහල්පතිවරුන් අතරින් වැඩිදෙනෙක් පාසල් 'හදමින්' සිටිති. මේ පාසල් 'හැදිල්ල' යනු අධ්‍යාපනයේ සංවර්ධනය...

රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ‍ගේට්ටුවලින් කරන බුද්ධිමය පුසි කිරීම | Castration and the fortifications of Sri Lanka's educational institutes

Image
(2011 අප්‍රේල් 04,   W3Lanka )  ශිෂ්‍ය සුභසාධන හා අධ්‍යයන ගැටලූ නො විසඳා රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පරිපාලනය විසින් රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින් ගේට්ටුවක් ඉදිකරමින් පවතින බව ශිෂ්‍යයන් පවසන බව ලංකා ටෲත් වෙබ් අඩවියේ පළ විය. මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කිරීම දැන් ලංකාවේ බොහෝ රාජ්‍ය අධ්‍යාපන ආයතනවල විලාසිතාවක් වී තිබේ. පාසල් රැසක් ඉදිරියේ මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කර තිබේ. ඒවා පන්සල්වල මකර තොරණ වැනි ය. පන්සල්වල ද මේ වන විට මකර තොරණ ඉදි වීම වැඩි වී තිබේ. එහෙත්, පන්සල්වල මකර තොරණේ හා රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉදි වන දැවැන්ත ගේට්ටු අතර වෙනස වන්නේ දෙවන වර්ගයේ ඒවා දැවැන්ත දොරවල්, කුරුබිලි හා මුර කුටි ආදියෙන් සමන්විත බලකොටු දොරවල් වීමයි. අධ්‍යයනය කරන විට දකින්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ මෙවැනි දැවැන්ත ගේට්ටු ඉදි කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් නො වන බවයි. එහෙත්, රජය ආයතන ප්‍රධානීන්ගේ මෙවැනි කටයුතු අධෛර්යය නො කරන බව ද දක්නට ලැබේ. මෙවැනි ඉදි කිරීම් පිළිබඳ තීරණ ගැනීම පිටුපස ඉන්නේ ඒ ඒ ආයතන ප්‍රධානීන් බව පෙනේ. විශාල වියදමක් දරමින් මෙවැනි දැවැන්ත ගේට්ටු කණු ඉදි කරන අධ්‍යාපන...

කෙවිටේ බලෙන් නුවණ අදින්නට සැරසෙන අධ්‍යාපන බලධාරීන්ටයි

Image
(2011 මාර්තු 08,  W3Lanka )  අධ්‍යාපනය පිළිබඳ පැරණි සංවාදයක් යළි අලුත් වී තිබේ. ඒ ගුරුවරයාගේ වැඩ කාලය පිළිබඳවයි. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට පාසල් සවස 3.30 දක්වා පවත්වන්නට උවමනා වී තිබේ.  මේ වනාහි දැවැන්ත සමාජ පෙරළියක් ඇති කරන පියවරකි. එවැන්නක් පිළිබඳ මීට වඩා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය ය. මන්ද, ලංකාවේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේත්, ඔවුන්ගේ මවිපියන්ගේත්, ගුරුවරුන්ගේත් අධ්‍යාපනයට සම්බන්ධ වන සෙසු සියලු අංශවලත් හැඩගැස්ම සියවසක් පමණ කාලයක් තිස්සේ සිදු වී තිබෙන්නේ උදේ 7.30 සිට දවල් 1.30 දක්වා පවත්වනු ලබන පාසලක නිසා ය.  නිදසුනක් ලෙස, පාසල් තරගකාරිත්වය නිසා ඉතා දුරබැහැර පාසල්වලට යන දරුවන් දැනුත් ගෙදර එන්නේ සවස තුන හතර වෙලා ය. අලුත් ක්‍රමය යටතේ ඔවුන් ගෙදර එනු ඇත්තේ තවත් රෑ බෝ වී ය. දෙවනුව, සවස් කාලයේ පැවැත්වෙන ටියුෂන් පංති රෑ කාලයට මාරු වනු ඇත. ළමා කාලයට කුමක් වේ ද යන්න අපි නො දනිමු.  අධ්‍යාපන ඇමතිවරයාගේ තවත් මැසිවිල්ලක් වන්නේ සෙසු රජයේ සේවකයන් පැය අටක් වැඩ කරද්දී ගුරුවරුන් වැඩ කරන්නේ පැය හයක් ය යන කාරණය හා ඔවුන්ට මාස තුනක් නිවාඩු තිබේ ය යන්නයි. මාස තුනක් නි...

'උගතුන්' බිහි වීමේ වධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බාහිර උපාධි ලියාපදිංචිය අත්හිටුවීම

Image
(2011 පෙබරවාරි 09,  W3Lanka ) සාමාන්‍ය රටකට නම් උගතුන් ආශිර්වාදයකි. එහෙත් ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ රජයට නම් උගත්තුතු මළ වධයකි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව දැන් සියලු විශ්ව විද්‍යාලවල බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අත්හිටුවා තිබේ. ඒ වගත් මෙසේ ය: ලංකාවේ විශ්ව විද්‍යාල විසින් බඳවා ගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් තුනෙන් පංගුවකටත් අඩු සුළු පිරිසකි. බලාපොරොත්තු සුන් වූ සෙසු පිරිසගෙන් කොටසක් බාහිර උපාධි සඳහා ලියාපදිංචි වෙති. වැඩි දෙනෙකු හදාරන්නේ කලා විෂය ධාරාවයි. විද්‍යා, වානිජ්‍ය විෂය ධාරාවන්ගෙන් බාහිර උපාධි ලබා ගැනීම ඉතා අඩු මට්ටමක පවතී. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන බාහිර කලා උපාධි කඩවල කරන්නේ සටහන් දීමයි. ඒ සටහන් කට පාඩම් කරගෙන විභාගවලදී උත්තර ලිවීමෙන් බාහිර උපාධියක් ලබා ගත හැකි ය. උපාධිය බාහිර වුණා ය කියා එහි සහතිකයේ මුහුණ වටිනාකම අඩුවක් නැත. උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන විට බාහිර උපාධිධාරීන්ට ද ඒවා හිමි වේ. අභ්‍යන්තර කලා උපාධිධාරීන් ද කරන්නේ සටහන් කට පාඩම් කරගෙන උත්තර ලියා උපාධි...

හාමුදුරුවන්ට බයට හෝ වැඩ බැරි දාසලා, වතීලා ගැන අනුකම්පාවට හෝ ගුරු පත්වීම් දීම හෙවත් අනාගත පරම්පරාවලට කෙළවීම

Image
(2011 ජනවාරි 27,  W3Lanka )  සම්බුද්ධ ජයන්තියට හෙවත් බුද්ධත්වයෙන් වසර 2600ක් සපිරෙන්න කලින් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් අයට රජයේ ගුරු පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැතිනම් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සියලුම හිමිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්‌ වන බව සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි දෙසැම්බර් 27 දා ත්‍රිකුණාමලය විද්‍යාලෝක ජාතික පාසලේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌ඛිත මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති දහම් පාසල් සිසු ඇගයීම් උත්සවයකදී අනතුරු ඇඟවූ බව ඒ දිනවල පුවත්පත්වල වාර්තා වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හා බුද්ධශාසන ඇමැති දී. මූ. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔහු නොපැමිණි බව වාර්තා වේ. ආවා නම් මේ තර්ජනය අසාගෙන ගොස් ජනාධිපතිතුමන්ගේ කණේ තබන්නට අවස්ථාව තිබිණි.  කොහොම ද බුදුන් බුද්ධත්වය ලබා වසර 2600ක් පිරීම නිමිත්තෙන් අපේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්! තැනින් තැන සැරිසරමින් බහුජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි ...

හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමේ යෝජනාවක් | A proposal to give sex education to the Sri Lankan school children above Grade 6

Image
( 2010 දෙසැම්බර් 28,  W3Lanka )   පාසල්වල හය වසරෙන් ඉහළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති යෝජනාව අපි අගයමු. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම යෝජනාව කරන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් 3000 ක් පමණ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වන බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වීමත් සමගයි. ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන් 385,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා  වන බව ද ඉන් සියයට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් අවුරුදු 20 ට අඩු මවුවරු බව ද. ඒ අතරින් සියයට 10 ක් අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් බව ද සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මාතෘත්වය හමුවේ මතුවන අභියෝග යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවකදී  අනාවරණය කළේය.  අඩු වයසින් ගැබ් ගැනීම ඔහු කියන අන්දමට නම් 'වක්‍රාකාරයෙන් අධ්‍යාපනය හා සම්බන්ධව පවතී. එනම් අධ්‍යාපනය වයස අවුරුදු 16 ට අඩුවෙන් නවතා දැමීමෙන් ඒ දරුවාට කළයුතු වැදගත් කාර්යයක් නොමැතිවීම නිසා ඇය ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවේ. එහිදී...