හරියට ඉගැන්වීම, ටියුෂන්, පිට වැඩ හා ලංකාවේ අධ්‍යාපන ගැටලු
මෙය සාමාන්‍ය පංති කාමරයක් නො වන බව ඔබ දනියි |
මම ගුරු වෘත්තිය සලකන්නේ මගේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් හැටියට. නැතිනම්, මට වෙන රැකියාවක් තෝරා ගන්න ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. ඒත්, මම ගුරු වෘත්තිය පරදුවට තිබ්බේ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයේ අවස්ථා කීපයක් වෙනුවෙන් විතරයි. එතැනත් තිබුණේ දේශපාලනික උවමනාවක්. ම වෘත්තීය භාෂා පරිවර්තකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යකරුවෙක් විිධියට පදනමක් ගොඩනගා ගත් කෙනෙක්. ඒත්, මම ළමයින් එක්ක යෙදෙන මේ ඉගැන්වීමේ කාර්යය අතහැර දාන්න බලාපොරොත්තුවක් නැහැ, මාව මේකෙන් දොට්ට දැම්මේ නැතිනම්. මොකද, මේක සම්බන්ධ වෙන්නේ මගේ දේශපාලනයත් එක්ක.
දේශපාලනය කීවා ම දැන් සමාජය තේරුම් ගන්නේ පක්ෂයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවට ජැක් ගහන්න හරි ගහලා තිබෙන ජැක් ගලවන්න හරි උත්සාහ කරන එක නේ. මම ඔය දෙකම කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඔය කියූ දේ ය කියා හිතන අයට මම කියන්නේ මම දැන් දේශපාලනය කරන්නේ නැහැ ය කියලායි.
ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සවස රැස්වීමකට සහභාගි වෙන්න කොළඹ ගියා. ගෙදර ආවේ රෑ බෝ වෙලා. අද මම නැගිට්ටේ පාන්දර තුනට. අද දවසේ පාඩම්වලට ලැහැස්ති වෙන්න දෙයක් නැහැ. මේ දවස්වල තිබෙන්නේ ක්‍රිකට් හා නිවාසාන්තර ක්‍රීඩා. පරිවර්තන වැඩත් තියෙනවා. ඒත්, ඒවා නවත්වලා මම බ්ලොගය ලියනවා. ඇයි? ඒකත් මගේ දේශපාලනයේ කොටසක්.
පසුගිය ලිපියේ අපේ පාඨකයෙක් මෙහෙම අදහස් දැක්වීමක් කළා: "අජිත් ඔයාගෙ ඔය සමාජවාදය ඔයාගේ බොරුවක්.සමාජවාදී නොවෙයි අඩු ගානේ ධනවාදී ගුරුවරයෙක් ගැන හිතා බැලුවත් ඔයාගේ බොරුව බලාගන්න පුලුවන්.ගුරුවරයෙක් කියන්නේ ඉතා භාරදූර රැකියාවක්.ඔහු කොපමණ වැඩ තමන්ගෙ සිසුන්ට කලයුතුද.හෙට දින පන්තියේ වැඩ සැලසුම් කල යුතුයි.තමන්ගේ සිසුන් ඉදිරියට ගැනීමට සැලසුම් කලයුතුයි. සිසුන්ගේ දුර්වලතා හදුනාගැනීම එම දුර්වලතා වලට පිලියම් යෙදීමත් ඇතුලුව. සමහර ගුරුවරුන් රෑ දොලහටත් තමන්ගෙ සිසුන්ට අදාල කරුණු ඔවුන්ගේ ගිනුම් වලට යවනවා.හැරී පොටර් දින කියවීම් සති ආදී වැඩ. ඔවුන්ගෙ ජීවිතය ඉතා කාර්ය බහුලයි.ඒ ගුරු රැකියාවට අදාලවයි.ඔබ ඔබගේ සිසුන්ට අදාලව හොඳ ඉගැන්වීමක් කරනවා නම් ඔබට දහස් ගණන් බ්ලොග් ලියන්නට වෙලාවක් නැහැ."
මේ හැරී පොටර් කියවීම සංඥාර්ථ සහිතයි. ඇයි හැරී පොටර් කියවන්නේ? ඇයි ඒ වෙනුවට ජාත්‍යන්තර පාසල් විෂය නිර්දේශයේ තිබෙන සම්භාව්‍ය සාහිත්‍යයට අයත් 'ද ත්‍රී මස්කටියර්ස්' වගේ උදාහරණයක් ආවෙ නැත්තේ?හේතුව, ධනවාදී පාරිභෝජනවාදය. ළමයි, හැරී පොටර් කියවන්නේ හැරී පොටර් කුමන අන්දමකින්වත් විශේෂ පොතක් නිසා නෙමෙයි. ඒ පසුබිමේ තිබෙන ප්‍රබල ධනවාදී මාකටිං එක නිසායි. ඒ පසුපස තිබෙන්නේ ජේ.කේ. රෝලිං කියන කොම්පැනියේ ලාභ ලැබීමේ අරමුණ. මේක ධනවාදී පාරිභෝජනවාදයේ තව කොටසක්. මැක්ඩොනල්ඩ්ස්ලාගේ ජන්ක් ෆුඩ් වගේ. ඒවා කාලා දියවැඩියාව හදා ගන්නේ ඇඟට. හැරී පොටර් කාලා දියවැඩියාව හැදෙන්නේ මොළයට. සැබෑ අධ්‍යාපනය කියන්නේ මේ ජන්ක් දැනුමට එරෙහි අරගලයක්.
මේ සම්බන්ධ මගේ පළමු පිළිතුරේ මම මෙහෙම ලිව්වා: "අපේ ප්‍රමුඛ කාර්යය ළමයින්ට හැරී පොටර් කියවීම නෙමෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න දායකත්වය සැපයීම.
ඔබ ඔය අධ්‍යාපනය යයි හිතන හැරී පොටර් කියවීම පන්නයේ වැඩේ කියන්නේ අනෙකා පාගාගෙන ගිහින් අනාගත සමාජ අවස්ථා උදුරා ගන්න තරග වැදීමේ ධනවාදී ක්‍රෑම මිසක් සැබෑ අධ්‍යාපනය නෙමෙයි.
සැබෑ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ හැරී පොටර්ලා වීරයන් වන සමාජයක් නෙමෙයි. මිනිස්කමින් පිරි සමාජයකුයි.
අධ්‍යාපනය කියන්නේ ළමයින්ට වධ දීම නෙමෙයි. ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි. එය ගුරුවරයාටත් සතුට ගෙන දෙයක් විය යුතුයි. මම කරන්නේ ඒක.'
මේ කමෙන්ටුවල කොටස් අයින් කළේ ඒවා මෙතැනට අදාළ නැති නිසා මිස වෙනත් හේතුවක් මත නොවෙයි.
ඉන් පසු අර පාඨකයා පළ කළ අදහසක මෙහෙම ලියැවුණා: ."ඔබ ස්මාජ ක්‍රමය වෙනස් කරනතුරු ළමයින් කලයුත්තේ කුමක්ද? ඔහේ මොකක් හෝ කිරීමද?" .
මෙතැන වැදගත් සංවාදයක් තිබෙනවා.
අධ්‍යාපනයේ ඉලක්කය හෝ අරමුණ හෝ විය යුත්තේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීම මිස වෙන මොකක් ද?
ඔබ අරමුණු හා අභිමතාර්ථ අතර වෙනස දන්නවා ද? මේවාට 'සිංහලෙන්' කියන්නේ goals, aims and objectives කියලායි.
හොඳ රැකියාවක් කරන එක අධ්‍යාපනයේ අභිමතාර්ථයක් මිස අරමුණක් නොවෙයි. අද අපට වෙලා තිබෙන්නේ අපි මේවා පටලගෙන.
උගන්වන ගුරුවරුත් වැඩ කරන්නේ අභිමතාර්ථ අරමුණ ය කියා පටලවාගෙන.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දීමට 1992 දී පත් කළ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්තාව විසින්, දරුවා තුළ චරිතායනය කළ යුතු ජාතික අරමුණු සමාජ ගත කළ. මෙන්න ඒ ජාතික අරමුණු:
- ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම.
- පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම.
- දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම.
- එක් වරම ඵලදායී වූත්, ආත්ම තෘප්තිය ලැබීමට මග සලසන්නා වූත් ජීවනෝපායන් හා රැකියා අවස්ථා සොයා ගැනීම.
- රටේ සමාජයීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයෙහි සහභාගීත්වය.
- ජාතියක් ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම.
- වෙනස් වීම් වලට ගැලපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම. (ඉගෙනීම හා වෙනස්වීම ඇති කිරීමේ නියාමක ශක්තිය උදා කර ගැනීම.)
- ව්‍යාකූල වූත් අනපේක්ෂිත වූත් අවස්ථා වලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම.
- ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත් පත් කර ගැනීම.
අපේ පාඨකයා මෙවැනි දෙයකුත් කීවා: "//ඉගෙනීම සතුට ගෙන දෙන දෙයක් විය යුතුයි//
මා කියන්නේත් එයම තමයි.ලමුන්ට සතුට දෙන ලෙස ඉගැන්වීම ලෙහෙසි පහසුදෙයක් නොවෙයි.ඉතා මහන්සියෙන් කැපවීමෙන් කලයුතුදෙයක්.ගුරුවරයාට සතුට ලැබෙන්නේ එවිටයි.තමන් කරන දෙය ගැන ගෞරවයක් ඇති වන්නේ එවිට නොවේද?
වෘත්තීය ගරුත්වය ගැන අදහස් එන්නේ එවිට නොවේද? වෘත්තීය අයිතිවාසිකම් වලට සටන් කලහැකි වන්නේ එවිට නොවේද?"
ඇත්ත. ඒත්, මේ කියන්නේ ගුරුවරුන් බාහිර කටයුතුවල නියැලුණා ම ඉගැන්වීමේ කාර්යය හරියට කෙරෙන්නේ නැහැ කියන එකනේ. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ ධාරිතාව අනුවයි. ළමයින්ට සතුට ගෙන දෙන ලෙස උගන්වන එක ඉතා දුෂ්කරයි. හැබැයි, ඒ සඳහා අවශ්‍ය මුල් ම දෙය ගුරුවරයා බොහෝ ඇසූ පිරූ කෙනෙකු වීමයි.
ගුරු මාර්ගෝපදේශ, වාර සටහන්, පාඩම් සැලසුම් ආදිය ඉගැන්වීමේදී වැදගත්. ඒවා වෙනුවෙන් මහන්සි වීම අවශ්‍යයි. ඒත්, සමහරු හිතනවා හොඳ ගුරුවරුන් බිහි වන්නේ ඒවායින් ය කියලා. ඒවායින් ගුරුවරුන්ගේ වෘත්තිකභාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ම සීමා වෙන්නත් පුළුවන්. මම මේ දිනවල ජමාධ්‍යවේදීන් සඳහා වූ අධ්‍යාපනික වැඩසටහනකට අදාළ කටයුතු වගයක් කරනවා. ඒ වැඩසටහනේ ගුරුවරයාට ඉතා සවිස්තර පාඩම් සැලසුමක් හා එයට අදාළ සියලු අධ්‍යාපනික ද්‍රව්‍ය සපයනවා. ගුරුවරයාට තිබෙන්නේ කපලා දීපු පතරොම මූට්ට් කරන සන්නාලියකු වගේ ඒ කියලා තියෙන විධියට ඉගැන්වීමයි.
මට ප්‍රායෝගිකව ඉගැන්වීම සම්බන්ධයෙන් අවුරුදු විසි පහක විතර පළපුරුද්දක් තිබෙනවා. මගේ අත්දැකීම් අනුව නම් ගුරුවරුන්ගේ නිර්මානශීලිත්වය එළිදැකීමට මෙවැනි දැඩි රාමුගත කිරීම් බාධාවක්. ඒවායින් ඇසූ පිරූ කෙනෙක් බිහි වන්නේ නැහැ. වෘත්තික ගුරුවරු බිහි වෙනවා කියා කියන්නත් බැහැ. බිහි වන්නේ ගුරු යන්ත්‍ර ටිකක්.
නිසි ගුරු අධ්‍යාපනයක් නැති ලංකාවේ ගුරුවරුන්ට ඇසූ පිරූ මිනිසුන් වෙන්න පුළුවන් ඔය රාමුවෙන් එළියට ආවොත් විතරමයි. බාහිර වැඩ කළොත් විතරමයි.
අනෙක් පැත්තෙන්, ලංකාවේ ගුරුවරුන්ට තිබෙන තවත් අරගලයක් තමයි, තමන් දරිද්‍රතාවෙන් මුදා ගැනීම. මේ පඩියෙන් ජීවත් වෙන්න ගියොත්, පාසලේදී ඔබට හමු වන්නේ දිළිඳුකමින් පීඩිත වූ මිනිහෙක්. ඔබේ දරුවා ඉදිරියට එන්නේ අසහනයෙන් පිරුණු සමාජය කෙරෙහි වෛරී අදහස් තිබෙන කෙනෙක්.
ගුරුවරුන්ගේ දරිද්‍රතාව පිටුදකින්න රජයෙන් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා දරිද්‍රතාව පරාජය කළ ගුරුවරයෙක් ලෙස පංති කාමරයට යන්න ගුරුවරුන් දරන වෙහෙස අගය කළ යුුතුයි. මට වරක් හමු වූ එක් ගුරුවරයෙක් පාසල් කාලයෙන් පසු පොල් පරාල පලා විකුණනවා. තව බොහෝ අය ටියුෂන් කරනවා. හැබැයි මේවායේ ගැටලු නැත්තේ නැහැ. ඒත්, අවසානයේදී ඒවා මේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු මිස පුද්ගලයන්ගේ ම ගැටලු නෙමෙයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
කොළඹට කිරි, ගමට කැකිරි
ReplyDeleteකොළඹට හැරී පොටර්, ගමට පොට්ට හැරී!
අවංකව, සමස්ත ලිපියෙ අන්තර්ගතයයි මෙ කොමෙන්ටුවෙයි අතර තියන සම්බන්දය තේරෙන්නෙ නැත.
Deleteප.ගෝ.
වටිනා ලිපියක් කා දැමීමට කතන්දරගේ එක් ගොං කොමෙන්ටුවක් හොඳටම සෑහේ!
Deleteකතන් දර කාරයා යන නමට මුවාවී පොර ටෝක් දෙන මොහු ජයසින්හ මහතා වැනි සමාජ කාර් යයක යෙදෙන කෙනෙකු නොවේ. ලන්කාවේ තමාගේ රකියාවෙන් පඩි සහිත නිවාඩු ලබා ඔස්ත්‍රේලියාවට ගොස් නැවත නොපැමිනි කෙනෙකි. මොහුගේ කතා කියවූ විට මට මතක් වෙන්නේ ඉස්සාගේ ඔලුවය.
Deleteඅපේ රටේ ගුරුවරු ගැන කවර කතාද?මගේ මිතුරෙක් වෙන තරුණ විද්‍යාපීඨ ගුරුවරයෙක් කියනවා.."ආණ්ඩුව කිව්වොත් මේ හඳ නෙවේ ඉර කියල..අපි එහෙම උගන්නනවා."
ReplyDeleteඑහෙව් ගුරුවරු සිටිනා රටක සමාජ ක්‍රමයේ වෙනස් කිරීමක් ගැන???
දරුවන් යහමග යවමින් ඉගෙන ගන්න ඉඩදීම සාර්ථක අධ්‍යාපන ජයග්‍රහණ ලැබීමට ක්‍රමයක්. මෙයින් බැහැරව දරුවන්ට ඉගෙන ගන්න ඉඩ නොදී ඔවුන්ව හිර කරගෙන උගන්වන්නට යාම ඛේදවාචකයක් තරමට බොවෙලා ! අවසානයේ දරුවන්ට ඉතිරිවන දෙයක්වත් අපට ලැබුණ දෙයක්වත් නැතුව ගිහින් !! පැරණි අධ්‍යාපනය, පැරණි ක්‍රම, යල්පැන ගිය ඒව කියමින් අහක දැම්ම දේවල්වල වටිනාකම් සැඟ වී ඇද්දැයි සෙවීමට හො යොමු වී ඇති බවක් පෙනී නොයයි. මේ මට ඇතිවන අදහසකි
ReplyDeleteලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ඵල විදියට ජනිත වන අයට අච්චුවකට ගඩොල් කපන්න පුලුවන්. නමුත් අච්චුවක් හදාගන්න අලුත් මැටිජාතියක් හොයාගන්න හැකියාව ලැබිල තියෙන්නෙ අඩුවෙන්.
ReplyDeleteඒකට මේ අච්චුගත අධ්‍යාපන ක්‍රමයත් බොහෝදුරට වගකියන්න ඕන. නිකමට හිතන්න අපේ රටේ කීර්තිමත් මහාචාර්යවරයෙක්ට හිතෙනවා විශ්‍රාම කාලෙ හෝ එතුමාට විවේක තිබෙන විට එතුමාට හැකි පමණින් සිසුන්ට විද්‍යාව කියල දෙන්න..
එතනදි එතුමා ඒ විද්‍යාව පොත උගන්වන්නත් අධ්‍යාපනික රාමුවට එන්නත් කැමති වෙනවා.කොටින්ම පඩිත් එපා කියනවා.
ඇත්තටම අපේ රටේ ඒ මහාචාර්ය තුමාට ලේසියෙන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්ද? බැහැ නේද?
ඉගැන්වීමේ කර්තව්‍යයට බාහිරින් සුදුසුකම් තිබුනත් ඇතුලත් වීමෙ ්අපහසුව. සහ කාරණා බොහෝමයක් නිසා අද පාසැල් අද්‍යාපනය කියන දේ වඩාත් අච්චු කරනයට ලක්වෙලා තිබෙනවා.
මා නම් සිතන්නේ උසස් අධ්‍යාපනය වත් නිසි පාලනයක් ඇතිවෙනවිදියට පුද්ගලිකරනය කලා නම් අලුත් දැනුමත් එක්ක අලුත් ලෝකෙට සරිලන බුවෙක් බිහිකරගන්න අපිට හැකිවේවි.
අජිත් ගේ විශ්ලේෂණයට විපක්ෂව නොවෙයි - හැරී පොටර් පිලිබඳ 'මාක්ස්වාදී කියවීමක්' සඳහා මේ ලින්ක් එක බලන්න.
ReplyDeletehttp://gameofthemind.tumblr.com/post/12026644884/harry-potter-a-marxist-interpretation
හැරී පොටර් පිලිබඳ 'මාක්ස්වාදී කියවීමක්'
Delete'ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සවස රැස්වීමකට සහභාගි වෙන්න කොළඹ ගියා.'
ReplyDeleteපරිස්සමෙන් කොලුවෝ පැරකුම් එක්ක කොළඹ යන්නේ. මිනිහා හරි කොටියා.
ඔව් අන්තිමට ඔය දරුවන්ටත් වෙන්නෙ
Deleteසත විසිපහට ලොල්වී...
පුක දී...
වැනසී යන්න තමා...
පැරකුම්,ඔයා දිගටම බ්ලොග් ලියන්න,ඒකේ ප්‍රශ්නයක් නෑ.ඒ සමහර පාසල් වල හැරී පොටර් පොත් විෂය නිර්දේශයට දාලා ඇති.අර පොටෝ එකේ තියෙන්නේ හම්බන්තොට පාසලක් නේද?www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමිනිස්සු ස්වාධීන කල හැක්කේ අධ්‍යපනයෙන්ම පමණයි. දැන් සමාජයේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳෙනවා මිනිස්සු ස්වාධීන වුනා නම්, තීරණ ගැනීමේදී අවස්තනුකුලව ගැලපෙන තීරණ ගැනීමට උගැන්විය යුතුයි. නමුත් දැන් සිදුවන්නේ රේඩි මේඩ් තීරන කටපාඩම් කිරීමයි
ReplyDelete