දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග්කරුවා බ්ලොග් ලිවීමෙන් ඉපැයූ මුදල්
බ්ලොග්කරණය තුළ තිබෙන සුවිශේෂත්වය වන්නේ එහි තිබෙන අදහස් ප්‍රකාශනයේ නිදහසයි. තවත් අයකුගේ සංස්කරණයකට හෝ ව‍ාරණයකට ලක් නො වෙමින් තමන්ගේ අදහස විවෘතව, නිදහස්ව ප්‍රකාශ කිරීමේ අවකාශය බ්ලොග්කරණය විසින් සපයා තිබේ. 

බ්ලොග්කරණය විශේෂයෙන් ම ජනප්‍රිය වූ‍යේ සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බැහැර කරන ලද සන්නිවේදකයන් පිරිසක් අතරයි. සිංහල බ්ලොග්කරුවෝ අන්තර්ගතය, ශෛලිය, භාෂාව ආදිය සම්බන්ධව සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් නිර්මානය කරන ලද සීමා හිතුවක්කාර ලෙස අතික්‍රමණය කරන ලදී. 

එසේම, බ්ලොග්කරණයේ තිබෙන අනෙකුත් සුවිශේෂ ලක්ෂණය වන්නේ පාඨකයන්ට අදහස් ප්‍රකාශ කරන්නට අවකාශය සපයමින් ඔවුන් හා ඍජුව සම්බන්ධ වීමයි. සංවාද ගොඩනැගීමයි. මෙය සම්ප්‍රදායික ජනමාධ්‍යවලට අත්පත් කර ගැනීමට නො හැකි තත්වයකි. 

බ්ලොග්කරුවන් අතර දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ජාලගතවීමයි. අන්තර්ජාලය හරහා සිදු වුණ ජාලගතවීම්වලට අමතරව සුහද හමුවීම් සිදු වුණ අවස්ථා ද තිබේ. ඒ සුහද හමු වීම් සිදු වුණේ ද බ්ලොග් අවකාශයන්ගේ ලක්ෂණ තිබෙන ගල්කිස්ස වෙරළ වැනි පොදු අවකාශයන් තුළ ය. 

සිංහල බ්ලොග් අවකාශ‍යේ ද ඊර්ෂ්‍යාව, ද්වේෂය, අනෙකා කපාගෙන යන තරගය, කුමන්ත්‍රණ, මාකටිං ප්‍රෝඩා වැනි නිශේධනීය දේ නැතුවා නො වේ.

දැන් සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බ්ලොග් ද ස්පර්ශ කරමින් තිබේ. රාවය, ජනරළ වැනි පත්තර තෝරා ගත් බ්ලොග්කරුවන්ගේ ලිපි කලක සිට පළ කරති. ලක්බිමට චානුක වත්තේගම ද බ්ලොග් හඳුන්වා දෙන ලිපි මාලාවක් ලියුවේ ය. දැන් අලුතින් ම දිනමිණ ද බ්ලොග්වලට සතියකට පිටුවක් වෙන් කර තිබේ.

බ්ලොග්කරුවන් අතර මෙහෙම දෙයකුත් තිබේ. තමන් විකල්ප මාධ්‍ය අවකාශයක ක්‍රියාත්මකව සිටින්නේ ‍සම්ප්‍රදායික මාධ්‍ය අවකාශයේ තිබෙන ගැටලු රැසක් නිසා බව ඔවුහු හරි හැටි නො දනිති. ප්‍රධාන ම ගැටලුව සම්ප්‍රදායික ජනමාධ්‍යවල බලධාරීන්ගේ හා සංස්කාරකයන්ගේ කෲර ආධිපත්‍යවාදයයි. ඔවුන් පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදි තෝරා ගත් ප්‍රකාශන පමණි. 

දිනමිණ පුවත්පත විසින් ආරම්භ කර තිබෙන බ්ලොග් පිටුව බ්ලොග්කරුවන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව පෙනේ. බ්ලොග්කරුවන්ගේ සුහද හමුවකින් පසු සති ගණනාවක් ම යන තෙක් බ්ලොග් පිරී යන්නේ ඒ සුහද හමුව ගැන සටහන්වලින් වන්නා සේ ම මේ දිනවල බ්ලොග්වල ලියැවෙන්නේ දිනමිණේ බ්ලොග් පිටුව ගැනයි. 

දැන් බ්ලොග්කරුවන් අතරින් ඇතැමෙක් උත්සාහ කරමින් සිටින්නේ දිනමිණේ පළ කර ගත හැකි බ්ලොග් සටහනක් ලිවීමටයි. දිනමිණේ බ්ලොග් පිටුව කරන අයියාව අල්ලා ගැනීමට ද කට්ටිය කරන උත්සාහය එක්ක ඒ අයියාට ද මා‍ර මාකට් එකක් හැදී තිබේ. මානසික අල්ලස් නම් පෙනෙන්නට ම තිබේ. තව මොන මොනවා වේදැයි අපි නො දනිමු.

විකල්ප ලෙස පෙනී සිටින ‍බොහෝ අයගේ අවිඥානය තුළ තිබෙන්නේ තමන්ට අත් පත් කර ගත නො හැකි ප්‍රධාන ධාරාව ගැන කාංසාවකි. 

මේකත් හරියට අර සමාජවාදීන්, වාමාංශිකයන් බොහෝ දෙනෙකු තුළ ධනවාදය ගැන තිබෙන කාංසාව වගේ ය. 

සමාජවාදීන් බොහ‍ෝ දෙනෙකුට ධනපති පංතියේ දොරටු විවෘත වූ කල සමාජවාදය අමතක වන්නා සේ ම බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකුට ද ප්‍රධාන ධාරාව විවෘත වූ විට තමන් බ්ලොග් කළේ ඇයි ද යන්න අමතක වන්නට ඉඩ තිබේ.

මා සිතන පරිදි නම්, බ්ලොග්කරුවන් අලුත් වටයකින් සම්‍ප්‍රදායික මාධ්‍යවල පාලනයට යටත් විය යුතු නැත. 2006දී පමණ මම ලක්බිම නිව්ස් පුවත්පතේ සම්මුඛ පරීක්ෂණයකට ගියෙමි. මගේ පළපුරුද්ද ගැන කියන විට මම වාර්තාකරණයේ යෙදුණු ඉංග්‍රීසි වෙබ් අඩවියක් ගැන සඳහන් කළෙමි. එය පහත් කොට තැකීම සඳහා රාජ්පාල් අබේනායක විසින් භාවිතා කරන ලද වචනය වචන වන්නේ 'ඉට්ස් අ බ්ලොග් ඩන් බයි දැට් ...............' යන්නයි. එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා මට කියා තිබූ පරිදි රාජ්පාල්ද කාලයක් එහි වැඩ කර තිබිණි. ඇත්ත, නැත්ත ගැන මට ගැරන්ට් කළ නො හැක.

වැඩේ මේක ය. ඒ කාලයේ බ්ලොග් පමණක් නොව වෙබ් අඩවි පවා ප්‍රධාන ධාරාවේ මාධ්‍යකරුවන්ට විහිළු විය. අද තත්වය වෙනස් ය. සිංහල බ්ලොග් අවකාශය සම්ප්‍රදායික මාධ්‍යයන්ට නො තකා නො හළ හැකි අභියෝගයක් වුණේ සිංහල බ්ලොග්කරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා ය. මුදලට ‍නොව තෘප්තිය පිණිස දිගට ම ලියූ නිසා ය. (මේ කාරණය මට නම් අදාළ නැත. මන්ද, සහෝදර බ්ලොග්කරුවන් කියන පරිදි මට මාර විදියට ඩොලර් ලැබෙනවා ය. ඕක ඉතින් නෑ කියනවාට වඩා සතේ අතේ නැතත් ඩොලර් තිබෙනවා වගේ ඉන්න එක හොඳ ය.)

මගේ ලිපි නම් දිනමිණේ පළ වේ යයි බලාපොරොත්තු විය නො හැකි ය. හැබැයි ඉතින් ගමක ජීවත් වන මට වුණත් පුවත්පතක ලිපියක් පළ වුණා ම ගමේ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර උනන්දු කරනසුළු බව නො කියා නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරකුම් දැන් වැඩ කරන්නේ ටිරාන් හුලස් ගේ සිලෝන් ටුඩේ එකේ නේද?
    එකෙයි, පව්බිම පත්තරේයි තියෙන නිදහස කොහොමද? දිනමිණ හොදයි නේ?

    ReplyDelete
  2. කාටද යකෝ බල්ලා, බල්ලා කියන්නේ!

    ;-p

    ReplyDelete
  3. /* මේ දිනවල බ්ලොග්වල ලියැවෙන්නේ දිනමිණේ බ්ලොග් පිටුව ගැනයි. */

    මෙන්න තවත් උදාහරණයක්.

    http://www.w3lanka.com/2014/01/blog-post_11.html

    !

    ReplyDelete
    Replies
    1. SAMAHARA BLOG WALA YANA KATHA DINAMINA NOVE PUKA PIHADANA KOLEKAWATH LIWIYA NOHAKA. EX: CHOO, JEE, PADA, JOKKU WENI KATHA.

      Delete
  4. දිනමිණේ මාකටින් කෙසේ වෙතත්, දැන් දැන් ලංකාවෙ සිංහල පත්තරයක් ගන්නෙ අර පුරුද්දට එදා ඉඳන් පත්තර ගත්තු අය නිසා, කියවන්න දෙයක් ලියන මිනිස්සු පත්තර නොවෙන වෙනත් මාධ්‍යක හරි තවමත් ඉන්න බව කීප දෙනෙක් හෝ දැනගනියි කියන අදහස නං මගේ හිතේ තියෙනව...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇනෝ !!!

      මිදි තිත්තයි නේ ?????

      Delete
    3. පැරා මේ ඇනෝ ගේ බෙට්ට කරුණාකරලා මකල දාන්න.

      Delete
    4. ඇනෝ උඹේ ජාතකේ අඩුව ප්‍රසිද්ධියේ පෙන්නන්ඩ එපා ,

      Delete
  5. පැරා කියන කතාවනං හරි. දැනටම නලින්ව අයියා කරගෙන අයියාව ෂේප් කර ගැනීමේ වැඩ සටහනක් ඇදි යන ආකාරය අපූරුවට පේන්න තියෙනවා. සිංහල බ්ලොග් සංසදයෙන් කාලිංග අයියා වෙනකොට ඒක බලාගෙන ඉන්න අමාරු උන පහන්ලා වැප්ලා වගේ අය තම තමන්ටත් සිංඩි හදාගෙන බ්ලොග් අවකාශය දෙකට තුනට බෙදන්න ගත්ත තැන ඉදලම මේ වෙනකල්ම මේකේ තියෙන්නේ කඹ ඇදිලි. ඊට පස්සේ සිංඩි වැහි වැස්සා. අපේ එකාලත් තමන්ගේ එකකට එක හිට් එකක්,කමෙන්ට් එකක් වැටෙනවනං ඕන අයියෙක් ගාව දණෙන් වැටීගෙන යන්නේ. ලැජ්ජාව සහ ආත්ම ගරුත්වය කියන දේ නැතිම උන් ජාතියක් තමයි බ්ලොග් කරුවන් කියන්නේ. පැරා උනත් දැන් නාහෙන් අඩන්නේ ගරිල්ලා මාකටින් ගේමක් දෙන්න කියලා කාට උනත් පේනවනේ. දැන් මේක දැක්කම නලින් කරන්නේ හිමිං සීරුවේ පැරාගේ ලිපියක් පත්තරේ දාන එක කියලා පැරා දන්නවා. ඕකට වර්ණපාල තියරිය කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ මරු කමෙන්ට් එක...ඒත් ඇනෝ ඔවා එච්චර සිරියස් ගන්න එපා


      හබැයි ඇනලයිස් එක නම් මරු ඈ...

      Delete
  6. බ්ලොග් වලට යන්න වෙනම ගමනක් තියෙනවා..පටන් ගත්ත විදියටම ඒක ඒ ගමන යාවි. පත්තර වල ගමන වෙනත් එකක්. හැබැයි දෙගොල්ලන්ටම එකිනෙකා ප්‍රතිපෝෂනය කර ගනිමින් යන්න පුළුවන්. ඔව් උපහාසයෙන් කිව්වොත් පිට කසා ගනිමින්...
    නලින්ගෙ ආරම්භය නම් මම බොහොම අගය කරනවා. අඩුම තරමේ පත්තර කියවන නමුත් බ්ලොග් නොකියවන එක අයෙක් හෝ එතනින් බ්ලොග් අවකාශයට ඇදිලා එනවා නම් ඒක වටිනවා. පත්තරේ දමා ගන්න හරි කමක් නෑ කෙනෙක් මොනවා හරි ලියනවා නම් බ්ලොග් වල ඒකත් එකතු වෙන්නෙ බ්ලොග් අවකාශයටමයි.
    නලින් එක තැනක මෙහෙම කියලා තිබුනා.
    \\මට මග හැරෙන හොද දේවල් පෙන්නලා දෙන්න. මොකද මේ වැඩේ කරන්නේ තවත් බොහෝ වැඩ කටයුතු අස්සේ නිසා අත පසුවීම් වෙන්න ඇති ඉඩ වැඩියි. ඒ වගේම සයිබරයට සීමා නැති වුණාට මේ පත් ඉරු අතරේ මට සීමාවන් තියනවා කියන එකත් අමතක කරන්න එපා. මේ වැඩේ කරද්දී මට රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙනවා.\\
    නලින් කරන දේ වඩාත් වටින්නෙත් මේ නිසයි. කෙනෙක් කියනවා නම් මේකෙන් නලින් පොර වෙයි..කට්ටිය ලිපි දා ගන්න නලින්ට දෙන්න ගනී කියලා ඒ අයගේ කුහකත්වය නම් පෙනෙයි හොඳටම...

    ReplyDelete
    Replies
    1. @AnonymousJanuary 11, 2014 at 11:53 AM

      මේ ඉන්නේ සාමාන්‍ය සමාජයේ තමුන්ට අහිමි දේවල් බ්ලොගක් තුලින් ලබා ගැනීමට බ්ලොග් කරණයේ යෙදෙන්නන් සඳහා ක්ලැසික් උදාහරණ දෙකකි.ඔය දෙවනියට කොමෙන්ට් කල ජපන් කන්ජි නම් නමක් අටවා ගත් පුද්ගලයා නම් සිය මානසික අසහනය පිට කර ගැනීමට බ්ලොග් අවකාශය පාවිච්චි කරයි.

      Delete
    2. ඇනෝ මම ගැන කියලා තියෙන මේකට එකඟයි..
      \\ සාමාන්‍ය සමාජයේ තමුන්ට අහිමි දේවල් බ්ලොගක් තුලින් ලබා ගැනීමට බ්ලොග් කරණයේ යෙදෙන්නන් සඳහා \\
      සහෘදයන් හොයා ගන්න රටේ තොටේ සැරි සරන්නවත්..වෙන මගේ අදහස් පිට කරන්නවත් මාධ්‍යයක් නැති මට නම් බ්ලොග් හරහා එකතු වෙච්ච සහෘදයන් පිරිස (මහා ගොඩක් නම් නෑ 20ක් විතර..ඒකත් මට මහ මෙරක් වගේ )වටිනවා. ඊට අමතරව දශක හතරක කාලය තුල ආශ්‍රය කරපු පිරිස නම් විශාල ප්‍රමාණයක්. බ්ලොග් එකක් ලිවීමෙන් සාමාන්‍ය සමාජයෙන් වෙන දෙයක් නම් ලැබුවේ නැහැ..ඇනෝලගේ නිර්දය පහර දීම් හැර..

      Delete
    3. මාව ක්ලැසික් උදාහරනෙකට ගන්න තරම් මාව දන්න ඔබත් මගේ සහෘදයෙක්නෙ ඇනෝ...පොඩ්ඩක් රෙද්ද උස්සන්න මූණ බලා ගන්න..ඔබම නේද කියලා දැන ගන්ඩෝනි..නෑ නෑ මොනාව කරන්නද මම..මූණට මුන ගැහුනමයි..බුකියෙදි ඔබේ දෙබිඩි පිළිවෙත ගැන තරුම් ගන්න විතරයි ඕනි..

      Delete
    4. කවුද ඔය වැනිද මොකාද එකයි කැන්ජිද මොකාද කියන එකයි ? බ්ලොග් ලියන උන්ද ?

      Delete
    5. ඇනෝ මොකද මචන් අවුල්ද...?

      Delete
  7. //සමාජවාදීන් බොහ‍ෝ දෙනෙකුට ධනපති පංතියේ දොරටු විවෘත වූ කල සමාජවාදය අමතක වන්නා සේ ම බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකුට ද ප්‍රධාන ධාරාව විවෘත වූ විට තමන් බ්ලොග් කළේ ඇයි ද යන්න අමතක වන්නට ඉඩ තිබේ.//

    සහතික ඇත්ත. ඒත් ඒ එක්කම මේ වැඩේ නිසා අලුත් බ්ලොග් කාරයො බිහිවෙන්නත් ඉඩ තියෙනව. හැම දේකම දෙපැත්තක් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හැම දේකම දෙපැත්තක් තිබ්බට ණයක් දදෙන එකේ අනික් පැත්ත නැති උනාම දුකයි නේද?හුකෑස්!

      Delete
    2. ඉන්දික ඔය සල්ලි ටික ලැබෙන්නේ නැහැ බන් උබ කොච්චර කියෙව්වත්.දැන් පලයන්.

      Delete
  8. ලිපිය මරු කෝමත් විද්්‍යුත් මාධ්‍යයි මුද්‍රත මාධ්‍යයි දෙකක්... ඒ දෙක මාරු කරාම ලොකු ගස් පවා වැටෙනව දැකල තියනෙව..
    මටත් ඉන්න විදිහ හොදයි....

    ReplyDelete
    Replies
    1. උඹ කියල එකෙක් ඉන්නව කියල දන්නෙත් අද තමයි.. සිංහල සයිබර් අවකාසෙ ඉන්න ගොඩදෙනෙක්ට තියෙන ලොකුම මානසික අවුල ඕක තමයි...ගෑනු කිහිප දෙනෙක් විසින් පිකප් කරාම ඒ පිනෙන් තමන් දැන් ඉන්නෙ දිව්ය ලෝකෙ කියලා බොහෝ දෙනා හිතනවා..
      පිටින් බලං ඉන්න අයට කියන්න තියෙන්නෙ ඉතිං පවු සතා කියල තමයි..

      Delete
  9. බ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව බව සැක නැත.නමුත් තවමත් සිංහල බ්ලොග් අවකාශය යනු නොගැනිය හැකි තරමේ සුළුතරයකි.එයිනුත් බහුතරය ලංකාවෙන් පිට ජීවත් වන අනේවාසිකයන්ය.ඒ නිසාම ලංකාව තුල බ්ලොග්කරණය ජනප්‍රිය කිරීමෙහිලා මෙවැනි මෙහෙවරක් ඉතාම වටිනා බව නොකිවමනාය.නමුත් ආරම්භය හා සසඳා බැලීමේදී අද බ්ලොග්කරණයේ ප්‍රමාණාත්මක වර්ධනයක් මිස ගුණාත්මක වර්ධනයක් නම් දැකිය නොහැක.බ්ලොග්කරණය සහ ෆේස් බුක් භාවිතය අතර වෙනස හඳුනා ගත නොහැකි වූ තරුණ බ්ලොග් කරුවන් පිරිසක් ,සාමාන්‍ය සමාජය තුල තමුන්ට අහිමි ඉටිකිරිස් ලපටි කෑල්ලක් සෙට් කර ගැනීම සඳහා බ්ලොගක් අටවා ගෙන කුණුහරුප ලියන නාකි හුචක්කු ටිකක් සහ වෙනත් විවිධ පරමාර්ථයන් බ්ලොග් තුලින් ඉටුකර ගැනීමට බලන බහුතරයක් අතර සිය රසවින්දනය සඳහා බ්ලොග් ලියන කියවන්නෙකුට පිරියෙන් කියවිය හැකි බ්ලොග් අතලොස්සකි.උදාහරණ ලෙස ටැබූ සබ්ජෙක්ට්ස් තරම් පළල් විෂය දැනුමක් සහිතව විවිධ විෂයන් ගැන බ්ලොග්කරණයෙහි යෙදුනු බ්ලොග්කරුවෙකු අදවේද ?රසවත් වින්දනාත්මක අත්දැකීම් අපුරුවට අකුරු කල හිස් අහස ,කෙහෙල් කොරටුව වැනි බ්ලොග් සටහන් වලට අලගු තබන්නටවත් හැකි බ්ලොග් අඩවියක් පසුගිය කාලය තුල බිහිවීද ?බ්ලොග් අවකාශය වැනි අසංවිදිත ව්‍යුහයක් තුල බ්ලොග් කරුවෝ එති යති, ස්වභාවය එයයි.එහෙත් කට කහන දුමියා බ්ලොග් ලිවිල්ල නවතද්දී අලුතෙන් ලියන එකා සිංහල වාක්‍යයක් ගලපා ගන්නට බැරි බඩුවක් සෙට් කර ගැනීමට බ්ලොගක් ලියන්නෙකි.
    .
    එනිසාම මේ දිනමිණ ප්‍රයත්නය තුලින් බ්ලොක් අවකාශයට දස දහසක් දෙනා නාවාට කම් නැත.බ්ලොග් සියයක් අලුතෙන් බිහි නොවුනාටද කම් නැත.එක ටැබූ කෙනෙකු ,එක සඳරු කෙනෙකු,එක සමනල විප්ලවය වැනි නවකතාවක් බිහිකරන්නට මේ පියවර ඉවහල් වේ නම් ඒ හොඳටම ප්‍රමාණවත්ය!

    ReplyDelete
    Replies
    1. මානසික අසහන කාරයා මෙතනත් ඇවිත් තියෙනවා.

      Delete
    2. අනේ හුකේ ටැබූ ජනප්‍රිය වුනේ සබ්ජෙක්ට් නිසා... නැත්තං ටැබූගෙත් සංඛ්‍යාලේකන ඔබලා ලිව්වට ඇති දෙයක් නැහැ අවසානෙ බැලුවම..

      Delete
    3. අමිල, ඕනවට වඩා රැඩිකල් වෙන්න ගියාමත් ජෝක් වෙනවා. කට වහගෙන හිටියොත් නරකද?

      Delete
    4. අනේ බන් අමිල උඹේ හීනමානෙ ..උඹේ ලිපියකුයි ටැබුගේ ලිපියකුයි අරන් කියවල බලපන් වෙනස වැටහේවි !ටැබූ කියන්නේ උඹ වගේ ප්‍රසිද්ද වෙන්න විදිහක් නැති කම නිසා බ්ලොග් ලියපු එකෙක් නෙමෙයි පැසුණු මිනිහෙක් කියල ලියවිල්ල දැක්කම පේනව.

      Delete
    5. අමිල ඕකට නම් කියන්නේ පැහැදිළි ඉරිසියාව... තව මල්ලිලා කීප දෙනෙකුත් ඉන්නවා ඔයාගේ ගොඩේ....

      Delete
  10. අපි නලින් පොර වෙනවට හුගක් කැමතියි. බ්ලොග් ආකෘතය දෘඩ පිටපතක පළ කළ හැකි මට්ටමට පැමිණේ නම් එයද සන්ධිස්ථානයක්. මොකද හැම බලු වැඩේම පත්තර වල දාන්න බැහැ. සමස්ථය හා එයට ලැබිය යුතු ගෞරවය කුමන ලෙසකින් හෝ ලැබීම හෝ කිහිප දෙනෙකුගේ ලිපි තෝරාගැනීම හෝ කිසි දිනෙක මට ප්‍රශ්නයක් නොවේ. මා සිතන්නේ කිහිප දෙනෙකුගේ ලිපි දිනමිනේ පල වුවද එය බ්ලොග් තවත් ජනප්‍රිය කිරීමට කළ උත්සාහයක් වනු ඇති බවයි. ඔබේ ලිපි එහි පළ වුනද නොවුනද, මගේ ලිපි එහි පල වුවද නොවුනද මට අදාළ නැත. මා ඉහලින්ම අගය කරන්නේ එම කාර්යයයි.ඔබගේ අදහස් දැක්වීමට කිසිදු විරුද්ධතාවයක් නොමැත.

    ReplyDelete
  11. යකෝ මූ හම්බ කරල තියෙන සල්ලි ගොඩ. අපි නම් බ්ලොග් ලියලා හම්බ කළේ මිනිස්සුන්ව

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කන්නද බං. සල්ලි කන්නත් බැ‍රි එකේ

      Delete
    2. මිනිස්සුන්ට කැමති අයට මිනිස්සු..ස්ත්‍රි මාංශ වලට කැමති අයට ඒවා..පොලු වලට කැමති අයට පොලු... සෙට් වෙන්න කැමති අයට අරක්කු..මේක නිකං කප්රුකක් වගේ බලං ගියාම..

      Delete
    3. අමිල කියන කාරණේ නම් ඇත්ත.මේක සමහරුන්ට කප් රුකක් තමයි.එකෙකුට බ්ලොග් අවකාශය කියන්නේ බැංකුවක් වැනි ණයක් ලබා ගත හැකි තැනක්.තවත් නාකි මහතෙකුට තමුන්ට ඇරියස් වී ඇති ආදරය කොටු පැනීම ආදිය සපුරා ගත හැකි මගුල් සක්වලක්.තවත් මල්ලී කෙනෙකුට රට ඉන්න බ්ලොග් අය්යලා අන්දවා බඩු ටිකක් බා ගැනීමේ වෙළඳ පොලක්.ඒ විතරක්ද කොපි කඩේ නිමල් අය්යාට තමනුත් ගාමිණී ෆොන්සේකා කෙනෙකු බව කියා නංගිලා මල්ලිලා ටිකක් කඩේ යවන්නට ලැබුණු මහඟු අවස්ථාවක්!

      Delete
  12. හා මං මේකට කමෙන්ට් කලා වැඩියි...ඒක කරන්න හොද නැති වැඩක්..
    දැන් අපි දන්න කියන කාලෙ ඉදලා පත්තර වල කවි පිටු තියෙනවා.. කවි පස්සෙ කාලෙක බ්ලොග් වලට ඇවිත් පේස්බුක් ගෲප් අස්සටත් ගියා.

    නමුත් ලාංකිය කවිය කියල අලුත් දෙයක් තියෙද? අපි කවිය අස්සෙන් අපේ සමාජ පස්න කතා කරනවද? එදා තිබුන ගැටලුම අදත් වෙනස් විදියෙ වදන් වලින් හුවමාරු වෙනවා...
    මේක කොහොමද සමාජමය අතින් වැදගත් වෙන්නෙ? පුස්තකාල පිරෙන්න කවිපෙපාත්, කෙටිකතා ආදිය තිබුනට ඇත්තටම ඕව සමාජගත වෙලා ජිවිත අස්සට ඇතුල්වෙන්නෙ කවද්ද? (මට අනුව ඒක කවදාවත් වෙන් නැහැ..)
    පත්තර වල කවි පිටු තියෙනවා.. පත්තර කලාව එන්නත් කලිං මිනිස්සු කවි ලිවුවා පත්තර ආවට පස්සෙ පත්තර අස්සෙට කවි ආවා..
    පත්තර වලට පස්සෙ බ්ලොග් ආවා.. ඉන් පස්සෙ ආපු පත්තර කාරයො දැන් බ්ලොග් ටිකක් ගලවල අර පත්තරේ ඉඩකඩක දානවා..

    ඔතන කිසිම දේශපාලනික වැදගත් කමක් නැහැ. පත්තරේ දුවන දේශඵාලනයට එහා ගිය දෙයක් පලකරන්න නලින්ට බැහැ.. ඕක අස්සෙන් මිනිස්සුන්ගේ මනස වෙනස් වෙන්නෙත් නැහැ..

    අඩුතරමෙ බඩු මදිවෙලා නාකි ඇන්ටිලාත් පට්ට බඩුවෙල තියෙන බ්ලොග් අවකාහෙට අලුත් බඩු දෙක තුනක් එකතුවෙන්නවත් ඔ්‍ය වැඩේ හේතුවාසනා වෙයි කියල මම හිතන් නැහැ..

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නේ අර අටම්පහුර කියල එකෙක් ඉස්සර " * " කියල දාපු කොමෙන්ටුව කොච්චර හොඳයිද කියල.

      Delete
    2. පැත්තකට වෙලා ඉන්න එකාට පැත්තකට වෙලා ඉන්ඩ දියං බං

      Delete
  13. බ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව බව සැක නැත.කියලා පොර ටෝක් දුන්නාට කොහොමද බ්ලොග් වල තියෙන කරුණු විශ්වාස කරන්නේ. සමහර මානසික රෝගී බ්ලොග් කරුවෝ ඉන්නවා. තමන් සියල්ල සියල්ලදත් වගේ ඉන්නවා තමන්ට සබජීවිතයේ සාර්ථක වෙන්න බැරිවූ අඩුව බ්ලොග් මගින් වහගන්න යන පොරවල්. ඔවුන්ට වැරදි විවේචන එන විට කුණුහරුප වපුරවන. මෙන්න එවැන්නෙක් තම බ්ලොග් එකේ තමන්ගෙන් පමණක් කියා. තමන් ප්‍රංශයෙදී ලඟට ගොස් ගත් පින්තුර මෙන් දානවා youtube මගින් ගත් වීඩියෝ වල රුප. මෙන්න උදාහරණ.
    http://tinypic.com/view.php?pic=10hqbzl&s=5#.Us4ja7Tam_K
    මෙවැනි මානසික රෝගීන් බ්ලොග් අතර සිටින තුරු බ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව වන්නේ කෙසේද? ඕන නම් මෙතනම ඔහු ඇනෝ පැමිණ පිස්සු නටා පෙන්වාවි ඔහුගේ තරම.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ අර තමන්ගේ දුවට සහ අම්මාට ඇනෝ පැමිණ තමන්ම අපහාස කර එම වරද වෙන අය පිට පටවා තමන්ගේ වරද වහ ගන්නා එකා ගැන නේද? ඌ නම් බ්ලොග් අවකාශයෙන් පන්නන ඕන පිස්සෙක්.

      Delete
    2. විශ්ව රංගනාත් දැන් වත් ඔය විකාරේ නවත්තපන්.උබම උබට පොන්නයා කියලා ඇනෝ දාගෙන අහු වෙලා ඉවරයි.ඒවට වෙනත් මිනිස්සුන්ව අහු කරන්න එපා.උබට තියෙන්නේ පොර මේනියාව.උබේ මානසික රෝගයේ තරම හැමෝම දැක්කා.උබ වගේ පිස්සෙක් නම් ජීවිතේට දැකලා නැහැ.pls මචන් පලයන්.පොන්සියා.

      Delete
    3. විශ්ව රංගනාත් උබේ පොන්න වැඩ නවත්තපන්.තොගේ මේ පොන්න වැඩ ෆුල් ටයිම් ඇනෝ ඉන්න අපේ නම්බුවත් නැති වෙනවා.උබ මේ හැප්පෙන්නේ ෆුල් ටයිම් ඇනෝ ඉන්න උන් එක්ක කියලා හිතාගනින්.උබට තියෙන්නේ සහන් එක්ක වෛරයක්.දැන් කීපාරක් උබ එකම දේ කිය කියා බ්ලොග් ගානේ ගියාද.ඉන්දික එක්ක එකතු වෙලා සහන්ට අරින්න ගියා.ඒත් බැරි උනා.දැන් මෙතන ඇවිත් ඕවා දැම්මට වැඩක් නැහැ.කරුණාවෙන් කියන්නේ ආයේ උබේ ගොන් ජෝක් දාන්න එපා.

      Delete
    4. shan get a life mate! consult psychiatrist asap!

      Delete
    5. සහන් මොන පකක් දාගත්තත් අපිට වැඩක් නැහැ විශ්ව...... උබේ ගොන් ජෝක් නවත්තපන්...... තොගේ පොන්න වැඩ දැක්කම තොගේ බුද්ධි මට්ටම පේනවා මානසික රෝගියා...... ෆුල් ටයිම් ඇනෝ ඉන්න අපේ ගරුත්වේ නැති කරන්න එපා...... අනිත් පොන්සියා තමයි ඉන්දිකයා...... අභීතට බලු කමෙන්ට් දැම්මා.....අන්තිමට සල්ලි ටිකත් නැති උනා....

      Delete
    6. ඉන්දිකට කඩේ යන සුබාෂ් ගුණවර්ධන කියන එකත් ඇවිත් ඉන්නේ.... වරෙන් වරෙන් කට්ටියම එනකම් තමයි හිටියේ... ඉන්දිකයා කෝ ... සිංහයා ඉංජු ඉංජු .....

      Delete
    7. නලින් මහත්තයෝ ඔබ පත්තරෙන් රටටම පෙන්නන්න හදන සිංහල බ්ලොග් අවකාශයේ සැබෑ ස්වරූපය තේරුම් ගන්න මේ කොමෙන්ටු ටිකම ප්‍රමාණවත්!පත්තර කට්ටිය මීට වඩා හොඳයි කියල කියන්න අමාරුයි.ඒත් අඩු ගානේ උන් පොර වෙන්න කුලල් කා ගන්නේ බඩ රස්සාවට.එහෙමත් සත පහක දෙයක් නැතුව මේ විදිහට නටන්න මුන් කොයි තරම් මානසික රෝගීන්ද ?ඔහේ ඔය වෙන් කරන පිටුව "සයිබර් අංගොඩ" කියල නම් කරොත් නරකද ?

      Delete
    8. විශ්ව කියන එකා මාර සිරා ගණන් ටිකක් හදලා තිබ්බා ආත්තම්මා කෙනෙක් ගැන.මූට තියෙන්නේ පොර මේනියාව.ආත්තම්මා බේරගන්නලු මහන්සි වෙලා ගණන් හැදුවේ.මෙන්න ටිකකින් ඌම කියනවා ආත්තම්මට පිස්සු කියලා වයස 84 නිසා.ආත්තම්මා බේරගන්න ගිහින් ඒ මනුස්සයට පිස්සු ලේබලෙකුත් ගහලා මේකා.අනේ හුකේ මුගේ ගණන්.මූ ටික දවසකින් හිම කුමාරි ගැනත් ගණන් හදයි පොන්සියා.

      Delete
    9. කාගේ හරි බ්ලොග් එකක් හොඳටම ජනප්‍රිය වෙද්දී ඌට වල කපන එක සිංහල බ්ලොග් වලට අමුතු දෙයක් නෙවේ.උගේ ගෑණි මැරිච්චා ගැන පවා බලු කමෙන්ට් තමන්ගේම ප්‍රොෆයිල් එකෙන් ඉන්දික දැම්මා.අනිත් පොන්සියා ගැන නම් කතා කරලා වැඩක් නැහැ.ඉන්දික කියන්නේ තිරිසන්ම ඇනෝ කමෙන්ට් දාන එකෙක්.අභීතට දාපු බලු කමෙන්ට් ටික සහ සහන්ට වැටුණු බලු කමෙන්ට් ටික දැක්කම බ්ලොග් එපා වෙනවා.

      Delete
    10. එහෙනං බ්ලොග් කියවන්නෙ නැතුව දිනමිණ බලන්නකො.

      Delete
    11. සල්ලි දෙන්නේ නැහැ සත පහක්.පුළුවන් නම් ගනින් මේ පාර වත්.කී බෝර්ඩ් වීරයා.ඇනෝ චන්ඩියා.ගූ 7 යි වැලි එකට බිල්ඩින් හදන බලු කුක්කා.සල්ලි දෙන්නේ නැහැ මචෝ.ඇයි අවුල්ද?

      Delete
    12. ඉන්දික පකෝ අරාබි කාරයන්ට ලොල්ල දෙන්නේ නැතිව අභීත ළඟ වැඩට පලයන් මී මුරේ.

      Delete
    13. සහන්ට හොඳට රිදිලා වගේ ඒක නේ මේ තරම් අනෝ එන්නේ.

      Delete
    14. ඇනෝ කෙනෙක් දමන ලද මුල් කමෙන්ට් එක පැහැදිලිව පෙන්වන්නේ සහන් පොර වීමේ මානසිකත්වයෙන් කරන ලද බොරුව වේ. එය මෙතන හෙළි කිරීම නිසා ඔහු සමග කලින් වාද කරන ලද මට සහ ඉන්දිකට අපහාස කරන්න කවුද කියා ඔහු ඇනෝ පැමිණියත් පැහැදිලිව පෙනෙනවා. පළමු කමෙන්ට් එකේ තිබෙන සත්‍ය කරුණෙන් තමන්ට සිදුවූ අපහාසය වසාගැනීමට මෙතන ඇනෝ පැමිණ අපට අපහාස කිරීමෙන්. ඔබගේ තරම හොඳාකාරව පැහැදිලි වේ.
      අප ඔබ කවුද කියා හොඳින් දන්නවා, ඔබට ලොකු හීන මානයක් ඇති අසාර්ථක පුද්ගලයෙක් බව සහ එය වහ ගැනීමට බ්ලොග් මගින් හෝ ප්‍රතිරූපයක් හැදීම ඔබගේ අරමුනයි. ඔබ එසේ කලාට මට කමක් නැත. නමුත් ලියන තොරතුරු නිවැරදිව ලියන්න. ඔබ කරන්නේ යමෙක් ඔබගේ වැරදි පෙන්වන විට ඔබ කැමති නැහැ එමගින් කවුරු හරි ඔබට වඩා දන්නවා කියල පෙනෙන නිසා ඔබට මල පනිනවා. අවසානයේ ඔබට කට උත්තර නැති විට ඔබගේ දුවට සහ මවට පවා තනියම අපාහාස කර එයත් අප කල සේ පෙන්වන්න එනවා. මම ඔබට අනුකම්පා කරනවා. එබැවින් මම ඔබ සමග වාද කරගන්න එන්නේ නැහැ. එබැවින් තැනින් තැන සහ ඔබහේ බ්ලොග් එකේ මට විරුද්දව අපහාස කිරීමෙන් වලකින්න.

      ඔබගේ බ්ලොග් එකේ ඔබම ඇනෝ පැමිණ මගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඇත. ඇනෝ ලාගේ ප්‍රශ්න වලට මම පිළිතුරු නොදේ. එම ප්‍රශ්න අසන්නේ ඔබ බවද දනිමි. ඔබ සයිලන්ට් සහන් නම් ප්‍රොෆයිල් එකෙන් මගෙන් ඒවා ඇසුවත් ඒ වාට මම ඔබගේ බ්ලොග් එකේ පිළිතුරු නොදේ. ඔබට විරුද්දව එන කමෙන්ට් ඔබ ඉවත්කරන බව මම දන්නවා. ඒ වාට මගෙන් පිළිතුරු බලාපොරොත්තු වන්නේ නම් මම ඔබෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී පැමිණෙන්න. එසේ නොකර මෙතන තවත් ඇනෝ පැමිණ මට අපහාස කිරීමෙන් වන්නේ ඔබගේ මානසික රෝගී බව තවත් ප්‍රචලිත වීමයි.

      Delete
  14. දිනමිණ වගේ තැනක මේක පටන් ගන්න නලියට ගට තිබුනා....ලෝකේ වෙනස් කරන්න කතාකරන රැඩිකල් මිනිස්සු මෙලෝ මලදානයක් නොකර බැන බැන විතරක් ඉන්න වෙලාවේ ....ඒ වගේ තැනක මෙහෙම දෙයක් ආරම්භ කිරීම තුලින් නලියා හදාගත්ත පෞරුෂයට හුඟ දෙනක් බයවෙලා කියලා සමහර කොමෙන්ට්ස් දැක්කම පේනවා.
    ඇත්තටම දිනිමින කියන්නේ අභාවයට යමින් පැවතෙන පත්තරයක්. මොන ආණ්ඩුවක් තිබ්බත් මිනිහෙක් දිනමිණ කියවයි කියලා මමනම් හිතන්නේ නෑ. මේක බ්ලොග් වලට ඉඩ දුන්න වගේ වෙන විශේෂාංග ඉදිරිපර්ත් කරන්නටත් නලියා වගේම තවත් හැංගිලා ඉන්න යමක් කරන්න පුළුවන් එවුන් උත්තේජනය කිරීමක් විදිහට මේක දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  15. නලියට පින් සිදු වන්නට පැරා අද රෑට තම්බා කන්නට හිට්ස් ටිකක් කොටා ගනී.

    ReplyDelete
  16. මේකත් එක විදිහක මාද්‍ය මර්දනයක්!! දැන් බොහොමයක් බ්ලොග් අඩවි දිනමිණට ඕනේ විදිහට හැඩගැසේවි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔබ කියන කාරනාව සහ පැරකම් කියු මේ වැකියෙන් .....//බ්ලොග්කරුවන් අලුත් වටයකින් සම්‍ප්‍රදායික මාධ්‍යවල පාලනයට යටත් විය යුතු නැත//......අදහස් වෙන්නේ එකමදේ එහෙම වෙනවානං මේ වැඩෙන් වැඩක් නැ ,

      මොකද හොද මට්ටමේ ලිපි ලියන කෙනෙක් ඊයේ කියුවා

      '' කවදාවත් අපේ එව්වා ඕකේ පලවෙන්නේ නැ , අපි ලියන එවා ඔය එක පිටුකට දාන්න බැ . දෙකක්වත් ඕන වෙයි.''

      Delete
  17. අම්මපා මේක ලිව්වේ අර පලපුරුදු පත්තරකාරයෙක් වෙච්චි පැරා නේ. ඉතිං පැරෝ මේ හැමෝම ඇරියස් හොයනවා මාද ඇතුළුව. එතකොට ඔබ ඔබත් ඒ ගොඩේම තමයි. අහිමිවිම තුළ අනන්‍යතාව හොයාගන යනවා. මෙයිට වඩා උත්රයක් මෙතැන දීම අනවශ්‍යයි. හොදට කමෙන්ට්ස් ටිකත් කියවන්න.

    දැන් පැරාත් අයියා කෙනෙක් එහෙනං..

    ස්තුතියි.

    ReplyDelete
  18. මගේ ඒවා යයි කියලා මමත් විස්වාශ කරන්නේ නෑ.. ඒ මොකෝ මම ලියන්න කුණුහබ්බ, වැල කතා වගේ ඒවා නිසා.. ඒත් පැරා අන්තීමට කිව්ව දේ තමයි ඇත්ත. අනික දැන් පැරා උනත් ඒ ගැන ළිපියක් ලිව්වනේ..

    රූපවාහිනි ගොඩ ගියේ හින්ගල චිත්තරපටි පෙන්නලා. ඒත් අද චිත්තරපටි ගොඩ යන්නේ රූපවාහිනිය නිසා.. එහෙම දෙයක් අනාගතේ වෙයි කියලා අපි සිහිනයක් තියා ගමු..

    අනික ඉතින් අතීතයේ ජීවත් වනවාට වඩා අනාගතේ ජීවත් වෙන එක හැම අතින්ම හොඳයිනේ..

    මට නම් අතීත කාමය බයානක ලෙඩක්..

    ReplyDelete
  19. මූලිකම කාරණය තමයි මේක රජයේ පුවත්පතක්. එතැනදී යම් යම් රජයේ ඇති නිතිරිතිවලට යටත්වෙන්න වෙනවා. එහෙම නොවුනානම් ඊට වඩා‍ ඉහළ තැනක මේ පත්තරේ තියෙන්න ඕනෑනේ.ලංකාවෙ සිංහලෙන් පළවන සියළුම බ්ලොග් දිනමින පුවත්පතට නොවැටෙන්න පුළුවන් ඒක මාධ්‍ය කලාව තුල පවතින නිතිරීති එක්ක ඇතිවිය හැකි තත්වයක්.

    සාමාන්‍ය සමාජ සම්මතයක් තියෙනවා යමක් හෝ යම් පුවතක් වාර්තා වුණාම ඒක නැවත තහවුරු වෙන්න නම් "ඔය පත්තරෙත් දාල තියෙන්නේ" එහෙමත් නැත්නම් "ප්‍රවෘත්ති වලටත් කිව්වෙ" වගේ සමාජ සම්මතයන්.

    ඒත් වඩා වැදගත් වෙන්නෙ තමන් ඉදිරිපත් කරන මතය හෝ අදහස නිර්මාණාත්මකව ඉදිරිපත්කිරීමයි.

    ඒ කොහොම වුනත් අලුත් පරපුරකට යම්ප්‍රමාණයක තල්ලුවක් මෙහෙම හරි ලැබෙන එක වටිනවා...
    මාධ්‍ය දෙක අතර තිබෙන ගැටලු වෙනම කතාකළ යුත්තක් බවයි මට හැගෙන්නේ

    ReplyDelete
  20. තරහ නැතුව "කාංසාව" කියන එක මොකක්ද කියල පැහැදිලි කරල දෙනවද?

    ReplyDelete
    Replies
    1. සාංකාව යන්න වැරදිලා වැටිලා නේද

      Delete
  21. කොරහේ කිඹුල්ලු දකින එකත් එක්තරා ලෙඩක් පැරා. කොහොම උනත් තමන්ගෙ අදහස කියපු එක වටිනවා !!
    මාධ්‍ය හාවිතාවෙදි බ්ලොග් වගේම මුඩ්‍රිත මාධ්‍ය කියන්නෙ සාධක දෙක විතරයි.. නමුත් මේක මුහු කරල අනල හරි ඕන මගුලක් කරල මිනිස්සුන්ගෙ ඔලුවට යමක් දෙන තැනට ගේන්න උත්සාහ කරන මිනිස්සු මට නං ස්‍තූතිවන්ත විය යුතු කොටසක් !!!

    මට බ්ලොගක් නෑ ඒ හින්ද නලියට පත්තරේ දාන්න මගේ ඇති දෙයක් නෑ !! ,ඒ හින්ද මේ කඩේ යනව නෙමේ මචං !!
    අදහස් තියෙන්නෙ පත්තර කාරයන්ට විතරද ??

    බ්ලොග් එකක තියන පත්තර කාරයො ස්පර්ශ නොකරපු ඉසව්වක් අරගෙන මුද්‍රිත මාධ්‍යක් ඔස්සේ තව කෙනෙකුට යොමු කිරීම වරදක්ද ???

    බ්ලොග් ගැන නොදන්න මනුස්සයෙක් මේක බලල බ්ලොගක් කියවල අකුරක් හරි ඉගනගත්තොත් හෙන ගහනවද ????

    මුද්‍රිත මාධ්‍ය තනි පොල්ගහ වගේ ඉන්න ඕනෙද ??

    අනේ මන්ද පැරා !!!!

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවලා බලන්න. මම එය වරදක් කියලා නැහැනේ. බ්ලොග්ක‍ාරයන් ගණන් නො ගත්ත මුද්‍රිත මාධ්‍ය සංස්කාරක අයියලාට මේක ගණන් ගන්න වෙලා තිබෙන බව බොරුවක්ද?

      පත්තරවල දාගන්න බ්ලොග් ලියන ප්‍රවණතාවකින් බ්ලොග් අනන්‍යතාව රැකෙයිද?

      ඒ ඒ මාධ්‍ය ඇයි තමන්ගේ අනන්‍යතා ගොඩනගා නො ගෙන වෙනත් මාධ්‍ය මත රඳා පවතින්නේ.

      දැන් උදාහරණයකට බලන්න, රූපවාහිනිය පත්තර කියවනවා. මේක නිසා පත්තර අහන මිනිස්සු පිරිසක් හැදිලා. ඔවුන් පත්තරේ අහන්නේ රූපවාහිනියේ පොරකගේ දෘෂ්ටි කෝණයෙන් ඔහුට ඕනෑ විධියට.

      අපි උත්සාහ කරන්න ඕනැ සමාජයක මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නංවන්නයි. මාධ්‍යකරුවන්ට පැවැත්මක් තිබෙන්නේ වුණත් එතකොටයි.

      Delete
  22. දැනට පත්තරයක් ගත්විට බලන්නට ගුණාත්මක ලිපි හිගය එමගින් පුවත්පත් ලිපි ලබා ගැනීම වෙනුවෙන් දැන් පෙර මෙන් මුදල් වියදම් නොකරන බව ගම්‍යවේ. මේ බ්ලොග් ලිපි පුවත්පත්වල පල කරන්නේ. කතෘ අයිතියට මුදල් නොගෙවා නොමිලේ ගත් ලිපිවලින් පිටුවක් හෝ පිරවීමවේ. ඒ බව ජනමාධ්‍ය වේදියෙකු වන පරාක්‍රම මහතාට නොපෙනුනේ ඇයි. ඕවා වැඩිපුර කියන්නට ගොස් තම ලිපියක් පුවත්පතට දමා ගැනීමට ඇති චාන්ස් එක නැතිකර ගැනීමට නොකැමැති බවද?

    මෙම කාර්යය මගින් පුවත්පතට වන තවත් වාසියක් නම් පත්තර අලවිය සවල්පයකින් හෝ වැඩි වීමයි. එයට හේතුව වන්නේ බ්ලොග් කරුවන් පුවත්පත් මිලට ගැනීම සහ පුවත්පතේ හොඳ ලිපි ඇති නිසා එහි අලවිය වැඩි වීමයි. බ්ලොග් යනු නොමිලේම හොඳ ලිපි තෝරා ගත හැකි ඉල්ලමක් බව තෝරාගත් නලින් මහතා බ්ලොග් කරුවන් මුරුංගා අත්තේ තබා තම වැඩය කර ගත්තත්. මෙමගින් සිංහල බ්ලොග් ලෝකයට සහ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයට ලොකු සේවයක් වක්‍රව සිදුවේ. එය මම දකින විදියට පුවත්පතට වන වාසියට වඩා බොහෝ වැඩිය. එබැවින් මගේ ස්තුතිය නලින් මහතාට පිරිනැමේ.

    පොර මානසිකත්වයකින් ලිපි ලියන වැරදි තොරතුරු දෙන බ්ලොග් කරුවන් අන්තර්ජාලයේ සිටී. ඔවුන්ගේ තාක්ෂණික ලිපි පල කිරීමට හිතනවා නම් දෙවරක් වත් එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ලාවා ඒවා පරීක්ෂා කරන ලෙස මම නලීන් මහතාගෙන් ඉල්ලමි. ඔහු සමහර විට මෙම කමෙන්ට් එක යටට නිර්නාමිකව පැමිණ පිස්සු නැටීමට බොහෝ ඉඩ ඇත.

    ReplyDelete
  23. මොනවද පැරා මේ කැත වැඩ?...ඉවාන් ගැන දාල තිබ්බ ඇනෝ කමෙන්ට් එක අයිං කලා ඔහේ....අවුලක් නෑ..ඒක හොඳයි....එතකොට හිරු ගැන දාල තියන ඊටත් වැඩිය අපහාසාත්මක කමෙන්ට් එක තවම තියනව යස අගේට...බොහොම සවුත්තුයි...බොහොම සවුත්තුයි...

    ReplyDelete
  24. පැරා... මට අහන්න තියෙන්නෙත් ඉහල රවි අහපු එකමයි. ඔබ මෑතකදි කතන්දරට අපහාස කරපු කොමෙන්ටුවකුත් ඉවත් කලා. ඉවාන් පවුලූෂාට කවුරුන් හෝ යොදපු කොමෙන්ටුවකුත් ඔබ ඉවත් කරලා (මම නම් ඒ මොකද්ද කියලා දැක්කේ නෑ). නමුත් හිරුට පැහැදිලි ලෙසම, ඕනෑම සමාජ ජීවන දර්ශනයක් යටතේ වුවත් අපහාසයකැයි කිවහැකි කොමෙන්ටුව ඔබ ඉවත් කර නැහැ. දැන් ඔබ තවත් පෝස්ට් එකකුත් ලියා ඇති නිසා, මෙය ඉවත් නොකිරීම ඔබ සිතාමතා කල බවයි වැටහෙන්නේ. ඒ සඳහා ඔබට හේතු දක්වන්න පුළුවන්ද?

    ReplyDelete
  25. බ්ලොග් වලට යන්න වෙනම ගමනක් තියෙනවා..පටන් ගත්ත විදියටම ඒක ඒ ගමන යාවි. ! මගේත ඡන්දය

    ReplyDelete
  26. ඔබ බ්ලොග් ලිවීමෙන් උපයා ගත් ඩොලර් කන්දරාව තවමත් බැංකුවක තැන්පත් කළේ නැති ද? මෙහි දැක්වෙන ආකාරයට එම මුදල් පෙට්ටියක තබා ගැනීම නුවණට හුරු නොවේ. එම මුදල් සොරකමකට භාජනය විය හැකිවාක් මෙන් ම කෘමීන්ගෙන් ඒ නෝට්ටුවලට හානි පැමිණිය හැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා