උදය ගම්මන්පිලගේ රුපියල් සීයේ මැතිවරණ අරමුදල් යෝජනාව

බස්නාහිර පළාත් ඇමතිවරයකු ව සිටි ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිය පළාක් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඡන්ද දායකයන්ගෙන් රුපියල් සියය බැගින් ආධාර ඉල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

උදය ගම්මන්පිල දෘෂ්ටිවාදීමය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙකු යයි තර්ක කරන්නට පුළුවන. තම පක්ෂය එක හෙළා ප්‍රතික්ෂේප කරන බලය බෙදීමේ ව්‍යූහයක  ඇමති ධුරයක් දැරූ හේ දැන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් ද තරග කරයි.

ඔහුගේ මෙම සංකල්පය හුදු ප්‍රචාරක උපක්‍රමයක් පමණක් වන්නට පුළුවන. එහෙත්, අවශ්‍ය නම් එයින් අලුත් දේශපාලන සංස්කෘතියක් මතු කර ගැනීමට ද පුළුවන.  

අපේක්ෂකයා සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා ගැනීමට ඡන්ද දායකයා ළඟට යාම නිකම් ම නිකම් සල්ලි ඉල්ලීමක් පමණක් වන්නේ නැත. අපේක්ෂකයා හා ඡන්ද දායකයා අතර වෙනස් සම්බන්ධයක් ගොඩනැගීමට ද එය ඉවහල් වේ. ඒ සමගම ඡන්ද දායකයා විෂයෙහි අපේක්ෂකයාගේ වගකීම ද වැඩි වේ.

දැන් සාමාන්‍යයෙන් සිදු වන්නේ අපේක්ෂකයා තමන්ට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ට පමණක් වගකීමයි.  බොහෝ විට වැඩිපුර ම මුදල් වියදම් කළ ව්‍යාපාරිකයා තමා ම නිසා දේශපාලනයේදී ඔහු වැඩිපුර ම කර ගන්නේ තමන්ට හා තමන්ගේ පවුලට ය. ඡන්දය වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වියදම් කරන අපේක්ෂකයෝ බලයට පත් වූ පසු ඒ ධනය ආපසු ලබා ගැනීම ගැන සිතති. මේ වනාහි දූෂණයේ උපතයි.

මහජන මුදලින් මැතිවරණ කිරීම අලුත් සංකල්පයක් නො වේ. එය වඩාත් ම හොඳින් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කැ‍ට ව්‍යාපාර එක් කලෙක ජවිපෙ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයක් විය. මහජනයා වෙතින් අරමුදල් රැස් කිරීම ඉතා සක්‍රිය දේශපාලන ක්‍රියාවලියකි.

මහජනයා විසින් මහජනයා වෙනුවෙන් ගොඩනගනු ලබන ව්‍යාපාර වෙනුවෙන් මහජනයා මුදල් වියදම් කළ යුතු ය යන්න සාමාන්‍ය සංසිද්ධියකි. වෘත්තීය සමිති මේ සඳහා කදිම උදාහරණයකි. එහෙත්, රාජ්‍ය නොවන සංවිධානවල ආගමනය මහජන ව්‍යාපාර විෂයෙහි සුසමාදර්ශීය වෙනසක් ඇති කළේ ය.

රාජ්‍ය නොවන සංවිධාන මහජන ව්‍යාපාරවලට විදේශ අරමුදල් රැස් කිරීම හඳුන්වා දුන්නේ ය. ඒ සමගම  මහජන ව්‍යාපාර ආයතනගත කිරීමක් ද සිදු විය.

Corporate Social Responsibility හෙවත් සමාගම්වල සමාජ වගකීම යන සංකල්පය ද අරමුදල් සම්පාදනය හා සම්බන්ධ වී තිබේ.

එදා පටන් ම ධනේශ්වර දේශපාලන පක්ෂවලට මුදල් වියදම් කරන්නේ ධනපතියෝ ය. අද වන විට දේශපාලනය ම ධනේශ්වර සමාජ හිනිපෙතේ කොටසකි. එක් කලෙක ධනපතියෝ තමන් වෙනුවෙන් දේශපාලන නියෝජිතයන් ප්‍රවර්ධනය කරමින් සිටි මුත්, අද වන විට දේශපාලනය කරන්නෝ ධනපතියෝ ය.

ඔවුන් විසින් දේශපාලන සංස්කෘතිය ද අනෙක් පැත්ත හරවා තිබේ.  දැන් පවත්නා දේශපාලන සංස්කෘතිය තුළ සාමාන්‍ය පුරවැසියකුට මහජන නියෝජිතයකු වීම අතිශය දුෂ්කර ය. ජනතාව විසින් තෝරා ගත යුතුව තිබෙන්නේ ඉදිරිපත් වන ධනපතියන් කිහිප දෙනෙකු අතරින් කෙනෙකි.

මෙම සංදර්භය තුළ උදය ගම්මන්පිල‍ගේ සංකල්පය තුළ යම් වටිනාකමක් තිබේ.

දේශපාලනය හා අවශ්‍යතා-බැඳීම් ඝට්ඨන (conflict of interest) පිළිබඳ අලුතින් සංවාදයක් ආරම්භ කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගත හැකි ය. 

දේශපාලකයන් ව්‍යාපාර කිරීම හා ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලබා ගැනීම හේතුවෙන් ඇතිවන අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ.ව්‍යාපාරිකයන් දේශපාලනය කිරීම හෝ දේශපාලකයන් ව්‍යාපාරිකයන් වීම විසින් ඇති කරනු ලබන අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනය විසඳා ගන්නේ කෙසේ ද?

ධනේශ්වර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට මුළුමනින් ම අසාර්ථක වී තිබේ. එහිදී ධනපතීහු තම ධනය හා බලය භාවිතා කරමින් මාධ්‍ය හා අධ්‍යාපනය ඔස්සේ මහජන මතය හසුරුවන ආකාරය ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තවලට පටහැණි ය.

සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයක මහජන නියෝජනය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ද නැවත සංවාදයක් ආරම්භ විය යුතු ය. සෝවියට් කඳවුරේ රටවල පැවති හා වත්මන් උතුරු කොරියාව හා කියුබාව වැනි ඒකාධිපති රටවල පවතින ක්‍රමය සමාජවාදය ලෙස වරදවා වටහා නො ගැනීම මෙහිදී මූලික කොන්දේසියකි. 

මගේ යෝජනාව වන්නේ දේශපාලනය තල දෙකකින් සිදු විය යුතු බවයි. එක් මට්ටමකදී දේශපාලකයා පූර්ණ කාලීන වෘත්තිකයකු විය යුතු ය. ඔහු/ඇය දේශපාලනය තෝරා ගන්නවා නම් විශේෂයෙන් ම ව්‍යාපාරවල යෙදීම නතර කළ යුතු ය. එසේ ම පවුලේ ව්‍යාපාරවලට දේශපාලනයෙන් සිදු වන බලපෑම අවම කිරීමට නියාමනයන් අවශ්‍ය ය. දේශපාලකයන් අවශ්‍යතා-බැඳීම් ඝට්ඨනවලට හේතු වන ස්පර්ශක හෝ අස්පර්ශක තෑගි ලබා ගැනීම නීති විරෝධී කළ යුතු ය. පූර්ණ කාලීන දේශපාලකයාට යහපත් ජීවිතයක් හා සුරක්ෂිත අනාගතයක් ලබා දීම සමාජ වගකීමකි.

දේශපාලනයේ ස්වේච්ඡා තලයක් ද තිබිය යුතු ය. එහිදී වෘත්තීන්වල යෙදී සිටින අයට ස්වේච්ඡාවෙන් දේශපාලනයේ යෙදිය හැකි ප්‍රජාතාන්ත්‍රික රාමුවක් නිර්මානය කර දිය යුතු ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඔය ක්‍රමය අළුත් දෙයක් නෙවෙයි. වෙන රටවල භාවිතා වෙනවා. වැරද්ද තමයි "ජනතාව" කියලා මහා ධන කුවේරයන්ටත් දේශපාලකයාට ආධාරකරන්න හිලක් මේ ක්‍රමයෙන් ඇතිවීම.

    ReplyDelete
  2. පැරා.... නලීන් පත්තරේ ගිය ලිපියෙ බ්ලොග් එකේ නම වැරැද්දුවෙ නිකම් නෙවෙයි කියලා තේරෙනවද..... උඹේ ලිපියක් දාන්න වෙන නිසා දැන් පිටුවම අයින් කරන්න යනවා... ඔන්න කටුකන බල්ලොන්ගෙ වැඩ....

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වට මාත් බැලුවා ඒක දාලා බං හිතපු තරම්ම බල්ලෙක් නෙමේ ඌ

      Delete
  3. මේ තමයි මහත්මා ලීලෙන් ගොනාට ඇන්දීම..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ඉතින් අපේ ලොකු තාත්තා මොනවා හරි කරනවා නම් ඒක තමයි හොඳ. මේක මහත්මා ලීලාවෙන් ගොනාට ඇන්දවීම. ගම්මන්පිලට ඇත්තටම සල්ලි වලින් ප්‍රශ්ණයක් නැතිව ඇති. සමහර විට මේ කියන්නේ බොරුවක් වෙන්නත් පුළුවන්. ඒත් මෙතනදි මේ ක්‍රමය සාර්ථක වුනොත් මෙයාට ලැබෙන්නේ සල්ලි වලට වඩා දෙයක්. මිනිස්සුන්ව වෙන වෙනම දැන ගන්න ලැබෙනවා. ඒ වගේම ඒ හැම දායකයෙක් වෙනුවෙන්ම වෙනම සම්භන්ධයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ ජන්දය වෙනුවෙන් තමන්ව මාකට් කර ගන්න පහසු වෙනවා. හේතුව එයා වෙනුවෙන්ම වෙනම දායකයන් පිරිසක් ගොඩනැගෙනවා. ඊට පස්සේ තමන් ඉන්න තැන දැනගන්න පහසුයි. මනාප වලින් පහල තැනක ඉන්නවා කියලා පෙනුනොත් අවශ්‍යනම් තිබුනාට වඩා මැතිවරණ ප්‍රචාරණය වැඩි කරන්න පුළුවන්.

      Delete
    2. ළොකු තාත්තා කව්ද කියලා එදා ඉඳලාම දන්නෝ දන්නවා.. මෙයා මඩ ගොඩේ පිපුණ නෙළුම් මලක් කියලා කෑ ගගහා කිය කියා, මඩ ගොඩේ නෙමෙයි කක්කා ගොඩේ නානවා. පලාත් සභා වලට විරුද්ධයිලු. ඒ උනාට ඡන්දේ ඉල්ලනවා. ගොන්නු ඡන්දේ දෙනවා, ඊට පස්සේ මුළු පවුලම පලා බබාගෙන් කනවා. මේ දවස්වල සල්ලි නැතුව ඇති. ලක්ෂයක් විතර මනාප ගත්තනේ මයේ හිතේ.. ඒක 100 න් වැඩි කරාම ගාන පොඩි නෑ නේ..

      Delete
    3. මාතලන් ගොය්ය දන්නෙ කවුරු හරි කියන කතාවක් ඔහේ කියන්න විතරයි. පැරාත් ඒ ගාන‍ට වැටිලා.

      පලාත් සභා අහෝසි කරන්න කියන එක එක කතාවක්. උදය අයින් උනා කියල හෙට පලාත් සභා නැති වෙන්නෙ නෑ නෙ. ක්‍රමය තියන කම් අපිට සටන් කරන්න වෙන්නෙ ක්‍රමය ඇතුලෙ. දැන් පැරකුම් සමාජවාදෙ එනකම් බ්ලොග් වගේ ධනවාදී ටූල්ස් පාවිච්චි කරන්නෙ. මාතලං දූශනේට වංචාවට බැන බැන දූෂන වංචා තියන රජාට කඩේ යන්නෙ. පරමාදර්ශ එනකම් තියන සිස්ටම් එකේ තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ. පලාත් සභා තියන කම් ඒවට තමන්ගෙ නියෝජනයක් ලබා ගැනීම පලාත් සභා නැති කරන්න කීමත් එක්ක විරෝදයක් නෑ. පලාත් සභා නැත්නම් හොඳයි කියන්නෙ එහෙම බැරිනම් ඒව හොරුන් ගෙන් මෝඩයන් ගෙන් පිරෙන කම් මොකුත් නොකල යුතුයි කියන එක නෙවෙයි.

      මේක මේ අය නොදන්නව නෙවෙයි කටට ආවට කියන්න හොඳ තර්කයක් නිසා දැන දැනම කියනව.

      Delete
    4. ඔය කියන්නේ ඔයාම හොයා ගත්ත ඒවා වෙන්න ඇති. අපරාදේ මෙහේ ඉන්නේ. පේටන්ට් සහතික දෙන ආයතනයටම ගියා නම් අහවරයි.. මාර අළුතෙ කරුණු ටිකක් කියලා තියෙන්නේ.. අදමයි දැන් ගත්තේ.. පට්ට තෑන්ක්ස් මෙයා..

      Delete
    5. වචනයක් අල්ලගෙන පැනල ගියේ කියපු දේට උත්තර දෙන එක එච්චර ලේසි නැති නිසා වෙන්න ඇති?

      Delete
    6. කියන්න තියෙන ඒවා ආන් බුකියේ පැරා දාපු මේකටම කස්ටිය කියලා තියෙනවා.. ගිහින් බලා ගන්න.. හැබයි එතනත් කවුරුත් දන්න ඒවා තියෙන්නේ.. ඔයා ලියනවා වගේ අළුතෙන්ම හොයාගත්ත කරුණු නම් නෑ.. ඔයාගේ කරුණු නේ කරුණු. මාරයි... ඈ..

      Delete
    7. එතකොට ඔයා කලින් කියපු එක බුකියෙ නෑ, ඒක නිසා ඔයාට මෙතන ගහන්නම උනා, මම කියපු එකට උත්තර බුකියෙ තියනව එහෙමද?
      මම පැරාගෙ බුකියක් දන්නෙත් නෑ බුකිය මෙතෙන්ට අදාලත් නෑ. ඔයාට කට උත්තර නැති ගතියක් තමයි පේන්නෙ මේ පොයින්ට් එකට කතා කරන්නෙ නැතුව වචනයක් අල්ලගෙන පිස්සු කරන එකෙන්. මහත්තයෝ කොහෙවත් යන බුකියක් වත් "කස්ටිය" වත් ඕනෙ නෑ ඔයාට හරි උත්තරයක් තිබුන නම්.

      මම කොහෙවත් මම ඔරිජිනල් එකක් කිව්ව කිව්වෙ නෑ, ඔහෙල එකම කතාව ආපහු ආපහු කියන කොට ඒකට දෙන්න තියෙන්නෙ එකම උත්තරේ තමා. මම කිව්වෙ හිතන්නෙ බලන්නෙ නැතුව ඒක කියන එක වැරදි කියලා.

      Delete
    8. ආකිමිඩිස් වගේ කෙනෙක් නිසා බිකියත් පොඩ්ඩක් හොයාගෙන කියවන්න.. අජිත් පැරකුම් ජයසිංහ කියලා ඉන්ගිරිසියෙන් ගැහුවම බඩු එනවා.. ඔයා හරි පව් මෙයා..

      Delete
    9. අජිත් 2013න් පස්සෙ ලියන ඒව පේන්නෙ ෆ්රෙන්ඩ්ස් ල ට විතරයි. මම එයා ගෙ යාලුවෙක් නෙවෙයි.

      හරි ඒකෙන් කමක් නෑ, බුකියෙ තියනව නම් ඉතින් මේ අපි කතා කරපු තර්කෙට අදාල ඔච්චර හොඳ පොයින්ට්, එකක් කට් ඇන්ඩ් පේස්ට් කරන්න කෝ? නැතුව "උදයට බුකියෙත් හරියට කස්ටිය බනිනවා" කියල ලිස්සුවහම ලැජ්ජයි නේ ..... ?

      මෙතන නැත්නම් තව පොඩ්ඩෙන් ආකිමිඩීස් "ගියා වගේ" යන්න වෙන්නෙ ඔබ තුමාට මම ආයෙ ආයෙ කිව්වට පස්සෙත් ඔය "මම හොයා ගත්තු" බවක් කියන මෝඩ කතාවෙන් ගොඩ යන්න හැදුවොත්.

      Delete
    10. මම ඉතින් කලින් හොයා ගත්ත ඒවා ලියන කෙනානේ.. ඔය තමයි ආකිමිඩිස්.. මෙන්න මගෙන් රුපියල් සීයක්... ලේන්සුවක් අරගෙන වහගෙන යන්න.. මිනිස්සු දන්නේ නෑ නේ ආකිමිඩිස් කියලා.. උන් ගල් ගහයි..

      Delete
    11. මාතලන් මහතා මෙතන කලින් හොයා ගත්ත කතාවක් නෑ. මම කිව්වෙ ඔහේ ඔය කරන්නෙ කවුරු හරි කියපු කතාවක් ඔහෙ හොයා නොබලා ගිරව වගේ කියන එක කියලා. ඒකෙන් කියවෙන්නෙ නෑ මම කියන්නෙ ඔක්කොම මම හොයා ගත්තුවා කියල, ඒකෙන් කියවෙන්නෙ දෙයක් කියන්න කලින් හිතල බලන්න ඕන කියල.

      ඒක එහෙමයි කියල මමත් දන්නවා, බලන මිනිස්සුත් දන්නවා, හොරට නිදා ගත්තට ඔහෙත් දන්නවා, ඔහේ එච්චර මෝඩ නෑ. ඔහෙට ඔහොම නැති පොයින්ට් එකක් අල්ලන් ආකිමිඩීස් වගේ රෙදි නැතුව යන්න උනේ, පලාත් සභාවට විරුද්ද එකා පලාත් සභාවට ඉල්ලනව කියන මෝඩ කතාව ගිරව වගේ කියපු නිසා.

      මෙතන ඔහේ ඇන ගත්තත් වැඩක් නෑ තව කොහෙ හරි ගිහින් ආයෙ ඕකම ගිරව වගේ කියාවි. ලොල්.

      Delete
    12. මාතලන් කියන්නේ ප්‍රශ්නයක් ඇහුවම හරියට උත්තරයක්වත් දෙන්න දන්නෙනැති කෙනෙක් කියල හරියටම දැනගත්තෙ අද.මිනිහත් හරියන්නේ රජාටයි අර කෙන්ජි වගේ පොරවල් වලටයි තමයි

      Delete
    13. ඇනෝ @ තවුසන්ඩ් ටෝක් දෙන්න පුළුවන් , කෙලින් කතා කරගන්න බැහැ .

      Delete
    14. මූ මෙච්චර ඇනෝලට බය මේක තමය්.අන්න ඒකට අපේ කකා. යකෙක්ට වත් බය නෑ.

      Delete
    15. මාතලං මෙච්චර බංකොලොත් බව මම දැනං හිටියේ නෑ.

      Delete
    16. මාතලනුත් අර පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ඇමතිලගෙත් වෙනසක් නැහැ. ප්‍රශ්නයකට උත්තර දෙනවා වෙනුවට වටේ ගිහිල්ලා බයිලා කියනවා. තමන්ට සාධාරණ විදිහට තර්ක කරන්න බැරි වුනාම මරු කියවනවා. ඊට පස්සේ අනිත් මිනිස්සුන්ට එපා වෙලා මෙයාට දිනුම දීලා අයින් වෙනවා. මට නම් පේන්නේ මාතලන් අන්ත දෙකක අතරමං වෙලා වගෙයි. ලොක්ක කරන ගොඩක් දේවල් වැරදියි නැත්නම් දූෂිතයි කියලා දන්නවා ඒත් තමන්ටත් පොඩි ආතල් එකක් තියෙන නිසා අර මහා පරිමාණ දූෂණ අමතක වෙලා යනවා.

      දැන් මාතලන්ගේ විදිහට ගම්මන්පිල ප්‍රතිපත්තියක් නැති වැඩක් නැති කෙනෙක් වෙන්නේ පලාත් සභාව එපා කියන ගමන් ඒකටම ඡන්දේ ඉල්ලන නිසා. මම නම් දන්න විදිහට ගම්මන්පිල තාමත් පලාත් සභාවට විරුද්ධයි. ඇතුලේ ඉදලත් සෑහෙන්න වැඩ කරනවා මේක අහෝසි කිරීම වෙනුවෙන්. මාතලන් පත්තර හෝ ටී වී බලලා නිගමන වලට එන්න එපා. මාතලන්ගේ ලිපි දැක්කත් පැරාටත් සමාන තමක් .තියෙනවා. එක වෙලාවක හොඳ වෙන දේ තවත් වෙලාවක නරකයි. නරක වුන දේ හොඳයි.... ගම්මන්පිලට නම් මීට වඩා තරමක් හරි එක ප්‍රතිපත්තියක් තියෙනවා...

      Delete
    17. මුගේ ටෝක්ස් ඒවුනාට සීයගෙ ඇටේ එල්ලිලා බක් ෆියට් එකේ ගිය ඒවයි..... රෝයල් එකේ සෙල්ලම් දාපුවයි..... හැබැයි ප්‍රශ්නයක් ඇහුවම බංකොලොත්...... මීට කලිනුත් මුගේ බ්ලොග් එකේ ප්‍රශ්න කීපයකටම මූව අල්ල ගන්න හැදුවා.... ආඳා වගේ ලිස්සල යනවා.....

      නාකි හුටන් දන්නෙ නැති රෙද්ද කියවන්න එන්නෙ නැතුව ගැලරියට ලොන්ත පෝස්ට් එකක් ලියන් හිටියනම් ඉවරයිනේ...

      Delete
    18. මල් මාමලා දෙන්නයි.. අහපු ප්‍රශ්ණ වලට පැහැදිලි උත්තර දීලා ඇති. මෙතන කක්කි දානවා මදිවට මගේ එකෙත් කක්කි දාලා. එකම කොම්පියුටරයෙන් ඇවිත්.. නමුත් ඔහේලට වඩා ගොම්මන්පිල නම් හොඳයි.. නොතේරෙන එකාට.. ගගහා කියලා දුන්නත් තේරෙන්නේ නෑ.. අන්තීමට පෞදගලිකත්වයට පහර දෙනවා.. ඕක තමයි ඔහේලගේ හැදියාව.. ඇනෝ එන්නේ එනවකෝ.. නමක් ගමක් ඇතිව.. අඩු ගානේ "මාතලන්" වගේ නමකින්වත්.. කශේරුකාවක් නැද්ද.. එහෙම නැත්නම් නෑ කියලා පෙන්නනවද..

      නැවතත් කියන්නේ ගම්මන්පිල යනු.. නරා වලක බලිටි ගසනා නළුවෙක් පමණි..

      මේ අඬන විදියට මටත් 100 ක් දෙන්න හිතෙනවා.. සිගරට් තුනක ගාන නේ..

      Delete
    19. ප්‍රශ්නෙට උත්තර නොදී ආකිමිඩීස් ගොන් පාට් එකක් අල්ලන් පජාත උනේ ඔයා නෙ ඩාලිං. අපිටත් කියන්න වෙන්නෙ "නොතේරෙන එකාට.. ගගහා කියලා දුන්නත් තේරෙන්නේ නෑ.. " කියල තමා.

      ඔයාගෙ ඔය නරා වලේ මෝඩ කතාවට පල්ලෙහා උත්තර දීල තියනවා. අපිට එකම දේ තැන් දෙකක කියන්න බෑ, ඒකට උත්තර නොදී ඕක රිපීට් කරන්න එපා. මෙන්න ඕන නම් කමෙන්ට් එක



      Delete
    20. මට නම් හිතෙන විදිහට මෙතන ඇනෝ අර මුලින් කියපු //පලාත් සභා තියන කම් ඒවට තමන්ගෙ නියෝජනයක් ලබා ගැනීම පලාත් සභා නැති කරන්න කීමත් එක්ක විරෝදයක් නෑ. පලාත් සභා නැත්නම් හොඳයි කියන්නෙ එහෙම බැරිනම් ඒව හොරුන් ගෙන් මෝඩයන් ගෙන් පිරෙන කම් මොකුත් නොකල යුතුයි කියන එක නෙවෙයි.// කියන ප්‍රධාන තර්කයට පිළිතුරු දෙන එක මාතලන් හිතාමතාම මගහැරලා තියෙනවා කියන එකයි.මොකද ඒකට පිළිතුරු දුන්නොත්, 'අපමණ දුෂණ වංචා තිබියදීත් රට යම් සංවර්ධනයක් කිරීම ගැන මාතලන් විසින් රජතුමාට ලකුණු ලබා දීම' කියන කාරණයට ඇඩ්රස් නැති වන බැවිනි.

      Delete
  4. ගම්මන්පිළලගෙ දේශපාලනය ඇඟබේර ගත්ත වංචාවක්.ප්‍රධාන පක්ෂ දෙකේ උන් අඩුගානෙ දුප්පත් කොල්ලෙකුට කෙල්ලෙකුට රස්සාවක්වත් දෙනව.මුන් කරන්නෙ උන් සැප විදින එක විතරයි.ඇමතිකෙනෙක් හමුවෙන්න මහජන දිනවල සෙනග පෝලිම.ඇමතිවරු රස්සා දීම යම් සේවයක් කරනව.මුන් අපි පෝස්ටර් ගහන්නෙ නෑ,අපි ප්‍රතිපත්ති දේශපාලනේ කිය කිය උන් සැප විදිනව.මුන්ගෙ පක්ෂෙට චන්දෙ දෙන එක නම් මහ මරිමෝඩකමක්.ජවිපෙ වුනත් ඇමතිකම් හතර තිබ්බ කාලෙ දුප්පත් ජේ වී පී කාරයන්ට රස්සා දුන්නනම් උන් කෙළෙහි ගුනේවත් රකිනව.හැමදාම ස්ටේජ් ගහන පෝස්ටර් ගහන පෙළපාලි යන දුප්පත් ජේවීපී කාරයෙක් නිර්මානය කරන එක ජේ වී පී දර්ශනය.හෙළ උරුමෙත් එහෙම තමයි.අද රටට ඕන අවංක නව ආරක් ගත්ත ,ජාතිවාදෙ ආගම්වාදෙ අවුස්සන්නෙත් නැති,මාක්ස්වාදී නොවන බලවේගයක්.

    ReplyDelete
    Replies
    1. මහ ලොකු ප්‍රගතිශීලී ටෝක් දීගෙන එන මෙහෙම ගොන්නු තමයි වැඩිය ඉන්නෙ. යකෝ ඇමතිල ඉන්නෙ රස්සා දෙන්න නෙවෙයි. ප්‍රතිපත්ති හදන්න, වැඩ පරිපාලනේ කරන්න. රස්සා දෙන එක දේශපාලනයට අයිති වැඩක් නෙවෙයි. උදය පරිසර ඇමති හැටියට කරන්න පුලුවන් තරමෙ වැඩ ටිකක් කළා පරිපාලන සහ ප්‍රතිපත්ති මට්ටමෙන්. කළේ නැත්නම් ඒක විවේචනය කරපියව් තොපේ වගේ බඩගෝස්තර දේශපාලනයක් නැතුව.

      Delete
    2. මොනවද දන්නේ නෑ කරේ.. ලයිට් නිවාගෙන පැයක්ද කොහෙද දැඟලුවා එච්චරයි මට නම් මතක. ආ... තව ජන හඬට ආවා ටැබ් එකක්ද මොකක්ද මළදානයක් පෙන්නන්න.. මාර බිසි.. එතනත් ටැබ් එකෙන් වැඩ.. පවුලේ අයට ජොබ් හොයනවා ඇති නෙට් එකේ..

      Delete
    3. ඔයා ෆේස්බුක් එකේ ඉන්නව නෙ, අඩු ගානෙ උදය ගෙ පේජ් එකට හරි ගිහින් බලන්න මේකෙ ඉන්න ගොබ්බ දේශපාලකයන්ට වඩා ඒ මිනිහ ප්‍රතිපත්තියක් අතින් හරි ප්‍රගතිශීලී තැනක ඉන්නව. වැඩත් කරල තියනව. පලාත් සභා මන්ත්‍රී කමකින් ඉතින් රට අල්ලන්න බෑ.

      https://www.facebook.com/UdayaGammanpilaFanPage

      අනර්කලී ලා චන්දෙට එනවට කැමති මිනිහෙක් උදය එනවට කැමති නැති එකෙන්ම ඉතින් පොර ඉන්න මානසිකත්වෙ තේරුම් ගන්න පුලුවන්.

      Delete
    4. ටැබ් එකට ඉරිසියාද මාතලන්?

      මර්වින් වගේ අත වන වන ඇවිත් ගැලරියට ටෝක් දුන්න නම් ඔයාට සනීපයි නේ?

      Delete
    5. යකෝ...මාතලන් කාරයට ගම්මන්පිලත් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවද? මේච්චර හොරු කුඩ්ඩෝ දේශපාලනයේ ඉන්න එකේ ගම්මන්පිලත් එක්ක මූට තියෙන ගේම බලපල්ලකෝ...

      ගෙදර ගෑනී මූට දෙන්න නැතුව ඇති....නදීශගේ, හිරුනිකාගේ කකුල් මතක් කරන් සරමේ පීදාගෙන බුදිය ගනිං බං කරන්න දෙයක් නැත්තං.......

      Delete
    6. අනේ නෑ.. ඒ උනාට වාසුලගෙයි, තිස්ස විකාරදලගෙයි, ගොම්මන්පිලලගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ.. මර්වින්ලා මහත්තුරු නෙමෙයි කියලා ඕන එකෙක් දන්නවනේ.. මේ වගේම තව එකෙක් තමයි සුසිල් ප්‍රේමජයන්ත..

      ගම්මන්පිල මහත්මයෙක් කියන දේ මම පිළිගන්නවා.. ඒත් එයා දේශපාළණයේ කරන්නේ ගරු රඟපෑමක්..

      Delete
    7. දැන් ෆේස්බුක් ලින්ක් එක දුන්න නේ ගම්මන්පිල කරපුවා, කතා කරපුවා ගිහින් බලා ගන්න. ඒක බලල ඔයා කියන්න කො ගම්මන්පිල නොයවා ඒ වෙනුවට පලාත්සභාවට යවල ඊට වඩා සේවයක් ගන්න පුලුවන් අය බලන්න?

      නදීශයි හිරුනිකයි ගියාම ඊට වඩා වැඩ කරාවි ද?

      Delete
    8. හිරුනිකා ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් හිරුනිකාගේ තාත්තා නම් කොළඹ දුප්පත් ජනතාවට විශාල සේවයක් කලා. අපි බලමු මනාපවලින් කව්ද දිනන්නේ කියලා.. ඉන්න අනික් අය ගැන නම් දන්නේ නෑ. ඒත් ගම්මන්පිලට වඩා හිරුනිකා මනාප ගන්නවා.. මාතලන් අද කිව්වා කියලා මතක තියා ගන්න. සමහර විට නොම්මර එකට එන්නත් ඉඩ තියෙනවා.

      Delete
    9. මනාප කතාවක් මෙතන නෑ නේ? ඔයා කියන්නෙ මනාප වැඩියෙන් ගන්නෙ වඩ සුදුසු මිනිස්සු කියල ද? එහෙනම් ඉතින් දේශපාලකයන්ට බනින්නෙම ඇයි ඒ ඔක්කොම මනාප වලින් ආපු අය නේ? එහෙම බැලුවොත් මේ ඇවිත් ඉන්නෙ සුදුසුම සෙට් එක තමා ජාතික ලයිස්තුවත් අහෝසි කරොත් තවත් එල.

      අනික ඔයා මට මතක විදියට හිරුණිකාට මිසක් එයාගෙ තාත්තට නෙවෙයි කඩේ ගියේ. මට වැරදිලා ද දන්නෑ.

      Delete
    10. හිරුණිකර් ගෙ තං දෙකයි ජින්ගර් ගෙ ගල් දෙකයි විතර පොගතිසීලී නෑ බොලල්ලා ගොම්මංපිලේ ගෙ ටැබ්ලොට් එක....

      Delete
    11. අනේ පැරා ඇනෝ වහපන්කෝ. මම නම් මගෙ බොගේ දාන්නෙ මට උත්තර දෙන්න පුලුවන් ඇනෝ කොමෙන්ට් විතරය්.
      -මාතලන්

      Delete
    12. වැඩියෙන් මනාප ගන්න එක හොඳ දේශපාලකයෙක් බව පිලිඹුබු කරන්නේ නෑ, උදාහරනයක් හැටියට වැඩිම පිරිසක් අහන්නේ ෂා හරි, හිරු හරි උනාට, වැඩියෙන්ම විකිනෙන්නේ අද පත්තරේ උනාට ඒවා ඒ ක්ෂේත්‍ර වල හොඳම දේවල් නොවෙයි.ගම්මන්පිල පැහැදිලිවම දේශාපලන දැක්මක්/දැනුමක් ඇති පුද්ගලයෙක්.ඔහු සහභාගී වන වැඩසටහනක් බැලීමෙන් බොහෝ දේ ඉගෙන ගත හැකියි.

      Delete
    13. මාතලන්, හිරුනිකා වැඩිම ඡන්ද ගන්න ඉඩ තියෙනවා. ඇත්ත. ඒත් ඒ එයා ගම්මන්පිලට වඩා දේශපාලන හෝ ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ නිසා නෙවෙයි. ජනප්‍රිය නිසා. ජනප්‍රිය වුනේ තාත්තාගේ මරනේ නිසා. ඒක හරියට අර උපේක්ෂා කරුව පරද්දලා වැඩිම මනාප ගත්තා වගේ තමා. ගම්මන්පිල ගේ මුලික ප්‍රතිපත්ති වලට මම සම්පූර්ණයෙන්ම විරුද්දයි. සිංහල බෞද්ධ කියන වචනය වුනත් මම අකමැති දෙයක්. මම පරම්පරාවෙන් බෞද්ධ වුනත් දැන් නම් කිසිම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අන්තවාදී ආගමික පක්ෂ වලට මම විරුද්ධයි. ඒත් ගම්මන්පිල කියන තනි චරිතයට මම කැමතියි. හොඳ, තැන්පත් දේශපාලකයෙකුගේ ලක්ෂණ තියෙනවා. මාතලන් අනුර කුමාර ට නැතුව හිරුනිකාට ඡන්දේ දෙනවා කියපු එකෙන්ම මට තේරෙනවා මොන වගේ දැක්මක්ද තියෙන්නේ කියලා.

      Delete
    14. මගේ ඡන්දය මම දෙන්නේ මම කැමති කෙනාට. ඒක රහාස් ඡන්දයක්. ඒත් හිරුනිකා ජනප්‍රිය උනේ තාත්තගෙ මරණේ නිසා නෙමෙයි. හිරුනිකා තාත්තත් එක දේශපාළණය කරපු කෙල්ලෙක්, ඒත් එයාලගෙ ඡන්ද තියෙන්නේ ඔබතුමාලට දිරවන්නේ නැති පන්තියක් වන පීඩීත ජනතාව අතරේ. ඔවුන් හිරුනිකාට කියන්නේ බබා කියලා. කොළඹ නගරයේ රජයේ ආයතනයක පහළ තනතුරක් දරණ කෙනෙක්ගෙන් අහන්න හිරුනිකා ගැන. ඔබතුමාට හොඳින් කියලා දෙයි.

      අනුර කුමාරට දෙන්න විදියක් නෑ.. එයා පාර්ලීමෙනතුවේනේ.. හිතුනොත් ලාල් කාන්තට දෙනවා.. මොකෝඅ Cජනදයට මම හැමදාම කුමක් හෝ වටිනාකමක් ලබා ගෙන තියෙනවා.. නමුත් ඒ අවසාන තීරණය නම් නෙමෙයි.

      මෙතනි ඔබ ගම්මන්පිල ගැන නගාපු තර්කය අවතක්සේරු වෙන්නේ නෑ.. ඒත් ඔහු කරන්නේ ගරු රඟපෑමක් පමණමයි..

      Delete
    15. මාතලන් එක්වරම ආන්ඩු විරෝධී සහ ආන්ඩු පක්ශ චරිතයක් රගදැක්වීමට කැසකවන බව පෙනේ.හෙවත් මහරජා හොදයි.අනිත්හැම එකාම නරකයි.මෙවැනි අය හදුන්වන්නට හැකි වන්නේ අමනයන් යනුවෙනි.මහරජා හොදවී ගම්මන්පිල හෝ සිරිසේන නරක් වීමට හැකියාවක් නොමැති බව මොහුට තේරෙන්නේ නැත.

      Delete
    16. එසේ විය හැක. සජිත් හොඳවී, රනිල් නරකට පෙනෙන්නේ ඒ නිසාය. මහරජා නරක් වී ෆොන්සේකා පොර වී පේන්නේ ඒ නිසාය. සැවොම නරා වලේ බල්ටි ගසනා උන්ය. නමුත් මහතුන් සේ පෙනි සිටිමින් නරා වලේ නෑම. ජුගුප්සාජාකය.

      Delete
    17. මොකක්ද මාතලන් මේ නරා වලේ කනව කියන්නෙ? ගම්මන්පිල පගා ගහල තියද? ආණ්ඩුවෙ ඒව හොරකම් කරල තියෙද? කියන්නකෝ බලන්න. එහෙම නැත්නම් ඔයා කියන්නෙ උදය ජෙන්ටල්මන් නිසා පොරට දේශපාලනේ කරන එකම වරදක් කියල ද? ඒ කියන්නෙ ලංකාවෙ දේශපාලනේ කරන්න ඕනෙ හොරුයි ගොන්නුයි විතරද?

      භාරත ලක්ෂ්මන් කියන්නෙ නොම්මර එකේ තග් කෙනෙක්. එහෙම කෙනෙක් පොඩි දෙයක් කලත් නූගත් මිනිස්සු යට කර ගන්න ලේසියි. උගත් කමක් නැති අහිංසක මිනිස්සු දුමින්දට උනත් බේබි කියයි.

      අනික ඔයා සපෝට් කරේ භාරත ලක්ෂ්මන් ගෙ ලීගසි එකට නම්, ගයේෂ ට ජින්ජර් ට සපෝට් කරේ මොකද? අනේ නිකන් යන්න මෙයා! ඔයාට දැන් තමයි භාරතයෙක් මතක් වෙන්නෙ.

      Delete
    18. ඔබගේ කොමෙන්ට් එක අති විශිෂ්ටයි ඇනෝ.මම ගම්මන්පිලල ,ජේවීපී එක විවේචනය කරනව.මොකද ඒ අයගෙ විවේචනය සදහා සුදුසු වැදගත්කමක් තිබෙන නිසා.නොම්මර එකේ තග්ල ,කුඩුකාරයො ගැන අකුරු ටයිප් කරන්න මගෙ වෙලාව යොදවන්නෙ නෑ.ඒ අය ජනතාවට සේවය කළාය කියනවනම් ඒක හරිම කණගාටුදායක කතාවක්

      Delete
    19. මාතලන්, මෙතන පොන්සේකා හොදයි සජිත් හොදයි කියලා කවුරුවත් කියලා නැහැනේ.ඔයා හිතෙන් හදාගත්ත ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැනේ.මහරජා හොදයි කියනකොටම ඔයත් ඔය කියන නරා වලට වැටිල ඉවරයි.මොනව නැතත් රජා එක්ක කතා කරන්න පුලුවන් වගේ මෝඩ කතා වලින් ඔය වලෙන් ගොඩ එන්න බැහැ

      Delete
    20. මීට වඩා හොඳයි ප්‍රායෝගික දේශපාළණය ගැන දන්න එකෙක් එක්ක කතා කරන එක.. මේන් මගේ රුපියල් සීය.. ටටා ගුඩ් බායි.. අපි දැන් වලි වලට නෑ.. මොකෝ ජිනීවා වල ලෙඩේ වැටෙනවා..

      මම අපේ හරකට එක එක ඒවා කියලා දෙනවා.. ඒත් ඌ උම්බෑ කියලා විතරමයි කියන්නේ..

      Delete
    21. මාතලන් ගේ ප්‍රායෝගික දේශපාලනය
      1.ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න දන්නේ නැත්නම් ඒ බව නොකියා වැල් වටාරම් කීම.
      2.රජා හොදයි අනෙක් එවුන් නරකයි.
      3.මාතලන් කියන හැම එකක්ම හොදයි කියන කෙන්ජි වගේ අය සිරා පොරවල්.අනෙක් අය හරක්.

      Delete
    22. මේ මාතලන් එක්ක දේශපාලනේ ගැන කතා කරන උන්ට පිස්සු! මේකගෙ බ්ලොග් එකට ගොඩ වෙලා ලියල තියෙන දේශපාලනික පොස්ටු දෙක තුනක් කියවල බලන්න.මගේ පහේ පන්තියේ ඉන්න කොල්ල ඔයිට වඩා හොඳට රචනා ලියනවා.සෝඩා බෝතල් න්‍යායෙන් අද ඉර හොඳයි හෙට ඉර හොඳ නැහැ හඳ හොඳයි කියල ලියන ලාමක පොලොටික්ස් අදහස්.කී බෝඩ් එකක් තිබුණු පලියට දේශපාලන විචරකයෙක් බිහි නොවේ !

      Delete
    23. අපෝ ඔයාලා වගේ අය ඔහොම කිව්වට උදේම බලන්නේ "මාතලන්" තමයි.. ඒකනේ හොඳටම ඒ ගැන දන්නේ.. තෑන්ක්ස් ෆෝ බීන්ග් මයි ෆෑන්ස් මෙයාලා.. ඕන් මේ දවස්වල තියෙනවා ඔයාලට ගැලපෙන් ඒවා..

      අර පහේ පන්තියේ පුතාට කියන්න බ්ලොග් එකක් පටන් ගන්න කියලා.. තාත්තලට බැරි එකේ පුතාටවත් සප් එකක් දෙන්න බැරිය..

      ගිහින් එන්නම් මචංලා... ජයම වේවා.. ගම්මන්පිල දිනේවා..

      Delete
    24. ගම්මන්පිල පලාත් සභාවට ඉල්ලන්නෙත් "ප්‍රායෝගික දේශපාලනේ" තමයි මෙයා!!

      එහෙනම් යන්න ටටා. මීට පස්සෙ නොදන්න දේශපාලනේ කතා නොකර ඔය කෙහෙල් ගෙඩි ගැන විහිළුවක් කරන් ඉන්න හොඳේ!!!

      නැත්නම් ඇන ගත්තම "ප්‍රායෝගික දේශපාලනේ" නෙවෙයි මොක කිව්වත් ගොඩ යන්න අමාරුයි, මේ උනා වගෙ කුජීත වෙනවා!!!

      Delete
    25. මාතලංගෙ හරක හිතනව ඇති බොලව් හාම්පුතාටත් මිනිස්සු කොච්චර දේවල් තේරුම් කරල දෙන්න හැදුවත් උම්බෑ කියන එකේ, මමත් එහෙම නොකර හරි මදි කියලා.....

      Delete
    26. හුඟ කාලෙකින් මෙහෙම සීන් එකක් බ්ලොග් වල ගියේ.. නිකං චොර වෙලා තිබුනේ.. උඹලා දෙන්නටම තෑන්කස් මචං..

      මම විවාද වලදි අනුගමනය කරන්නේ "ගම්මන්පිල මෙතඩ්" එක.. අනික් උන් මොනවා කිව්වත්.. ආතල් එකේ හිනා වෙවි ඉන්නවා.. ඒ අතින් නම් ඉස්තරම්.. කවදාවත් මල පනින්නේ නෑ.. හිනාව බේරෙනවා.. අනික් උන් ලේ රත් කරන් කෑ ගහනකන්..

      Delete
    27. ගම්මන්පිලට අපහාස කරන්න එපා මාතලං. ගම්මන්පිල වාද වලදි ප්‍රශ්න වලට උත්තර දෙනව, ඔයා උත්තර දෙන්නෙ නැහැ නෙ වචන අල්ලං පැනල යනව මිසක්. මෙන්න මෙච්චර වෙලා ඔයා ගෙන් අහපු ප්‍රශ්න ටිකක්:

      1. මාතලංට වංචා දූෂන වලට විරුද්ද වෙවී රජාට කඩේ යන්න පුලුවන් නම්, හෙළ උරුමයට ප්‍රතිපත්තිමය වශයෙන් පලාත් සභා වලට විරුද්ද වී, ඒවා පවතින තෙක් වෙනත් පක්ෂ වලට බලය දී උඩ බලා ගෙන සිටිනු වෙනුවට ඒවායේ නියෝජනයට තරග කල නොහැකි ඇයි?
      2. ගම්මන්පිල 'නරා වලේ කෑම' යනු කුමක් ද?
      3. දේශපාලනය නොදන්නා නිලියන්ට මොඩල්ස් ලාට චන්දය ඉල්ලීමට පක්ෂ මාතලන් දේශපාලනයත් ආර්ථිකයත් දන්නා, සාර්ථක ව්‍යාපාරිකයෙක් සහ උපාධිධරයෙක් වන ගම්මන්පිල ට විරුද්ද ඇයි?

      මේවට උත්තර දීල තියනව නම් අපිට කමෙන්ට් වලට ලින්ක් දෙන්න, නැත්නම් මේ වගෙ පොයින්ට් ෆෝම් උත්තර දෙන්න. ඔයාට 'ප්‍රායෝගික' දේශපාලනේ කියන්නෙ හොරුයි මෝඩයොයි චන්දෙ ඉල්ලන එක වෙන්න පුලුවන්. අපිට ඒව අදාල නෑ.

      අපිට ගම්මන්පිල බෝදිසත්වයෙක් නෙවෙයි, ඉන්න අනික් උන්ට වඩා හොඳ චොයිස් එකක්.

      Delete
    28. මාතලන් ,ඇත්තටම ඔයා ආතල් නොවෙයි ඔයා ගැනම දුක් වෙන්න.අවුරුදු 45ක් වයස වෙලත් ප්‍රශ්නයක් ඇහුවම හරියට උත්තරයක් දීගන්න බැරි එක ගැන සහ හරි වැරද්ද තේරුම් ගන්න බැරි එක ගැන.සිරා බ්ලොග් පොරවලුත් මෙහෙම නම් අනේ මන්දා.නොදන්න මල මගුල් වලට අත නොදා හෝටලේ කරගෙන ඉන්න.බලන්න

      Delete
    29. මාතලන් අයියේ මේතරම් පිළිවෙලට පොයින්ට් ෆෝම් එකෙන් අර ඇනෝ අහලා තියෙන ප්‍රශ්න තුනට ඔයාගේ අදහස් දැනගැනීමට කැමතියි.

      Delete
    30. හපොයි මාතලන් ගොයියා නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගෙන වගේ. මේ නාලා තියෙන නෑමට ලඟින් යන්න පුළුවන් නෑමක් නෑවේ කකා විතරයි; අර මොරටුවේ නිකාබ් තහනම ගැන ලිව්ව පොස්ට් එකේ.

      Delete
    31. "හිරුනිකා තාත්තත් එක දේශපාළණය කරපු කෙල්ලෙක්, ඒත් එයාලගෙ ඡන්ද තියෙන්නේ ඔබතුමාලට දිරවන්නේ නැති පන්තියක් වන පීඩීත ජනතාව අතරේ. ඔවුන් හිරුනිකාට කියන්නේ බබා කියලා." මාතලන්ගේ මහරජ මානසිකත්වය මේ බේබි කියන එක අගය කරන එකෙන්ම පේනවා. පීඩිත පන්තියේ මිනිස්සු හිරුනිකාට බේබි කියන්නේ ආදරේට නෙවෙයි මාතලන්. ඒක තමයි පීඩිත පන්තිය ඒ කාලේ ඉඳලම පීඩාවට පත් කරපු හිරුනිකාල වගේ මිනිස්සුන්ට ඒ මිනිස්සු කතා කරන විදිහ. ඒ බයට නැත්නම් යටහත් බව පෙන්වන්න. ඒක ආදරේ කියලා වරදවා වටහා ගන්න තරම් මාතලන් බබෙක් වෙලාද?

      Delete
  5. ඉතින් පැරාත් ගම්මන්පිලට රුපියල් 100ක් දෙනවද නැද්ද කියලා කියන්න..

    ReplyDelete
    Replies
    1. පැරාට කවුරු හරි 100 දෙන්න....

      Delete
  6. මම ජේවීපී එකට අකමැති ප්‍රධාන හේතුව ඒ අයගෙ මාක්ස්වාදය.තනිපක්ෂ ආන්ඩු වාදය.ඒ මම ඒකාධිපතිවාදයට අකමැති නිසා.ඒත් මේ වගෙ ඡන්ද වලදි ජේ වීපියට අකමැති පාක්ෂිකයා කුලීකාරයෙක් කරගන්න හදන මානසිකත්වය නිසා.පාක්ෂිකයට වැඩක් නෑ.අඩුගානෙ ශ්‍රී ලංකා යූ ඇන් පී පක්ෂවලට වැඩ කළොත් පාක්ෂිකයගෙ පුද්ගලික දියුණුවට හරි වැඩක් වෙනව.

    හෙළ උරුමෙ දේශපාලනයෙන් වුන එකම දේ උන් ගොඩ ගිය එක විතරයි.හාමුදුරුවරු ඩියුටි ෆ්‍රී වාහන වත් බාරනොගෙන හාමුදුරුකම නොවෙයි නිකම් යහපත් ගිහි දේශපාලනඥයෙකුගෙ තියන යහපත් කම වත් පෙන්නුවද? තමන් ඒ දේවල් වලට ඇලෙන්නෙ නෑ කියල රජසැප විදින එක නොවෙයි කරන්න ඕන.

    ගම්මන්පිලල කරන්නෙ අර මාතලන් කියන වගෙ ගරු රඟපෑමක් තමයි.ඒ අය හිතන්නෙ ඉහල මධ්‍යම පන්තිය හිතන විදියට.ඇත්තටම සාමාන්‍ය මිනිහට ප්‍රශ්න තිබෙනවා.හලාල් ප්‍රශ්නෙ ,මුස්ලිම් ආක්‍රමන,පල්ලිය ,දෙමල ඩයස්පෝරාව නොවෙයි හෙට හාල් සේරුවක් ගන්නෙ කොහොමද කියන එක.

    ගම්මන්පිලලගෙ ගරු රැගපෑම් පැත්තක තියමු.විපක්ෂයෙ එක පක්ෂයක්වත් තිබෙනවද දුප්පතා නියොඅජනය කරන පක්ෂ.රට සල්ලි වලින් සැප විදින ජේ වීපී එක ,සූරාකෑම මූලික දේශපාලන මූලධර්මය වූන එජාපය,ෆොන්සේකගෙ පක්ෂෙ ගැන කතා කරන එකත් කමකට නැති නිසා ඒ ගැන කියන්නෙ නෑ.මධ්‍යම පාන්තික මානසිකත්වයක් තිබෙන එකෙකුගෙන්වත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල ඉහල මධ්යම පන්තියට අයත් නම් එයාට ඔය ඉන්න කට්ටියත් එක්කඉන්න බැහැ. රනිල් වගේ කීප දෙනෙක් ඇරෙන්න ලන්කාවේ දේශපාලනයේ ඉහල මද්යම පන්තිකයෝ නැහැ.ගම්මන්පිල අයිති නාගරික ලුම්පන් පන්තියට. ඒ අයට ලජ්ජාවක් නැහැ.මද්යම පන්තියට යම් ප්රතමානයක ලජ්ජාවක් තියෙනවා.කරූට රජා එක්ක ඉන්න බැරි වුනේ ඒකයි.
      ජවිපෙ එක එක්කෙනාගෙ පුද්ගලික දියුනුවට වැඩ නොකරන එක දියුනු ලක්ශනයක්.සමාජය ශක්තිමත් වුනොත් තමයි තනි පුද්ගලයා දියුනු වන්නේ කියන මූලික කරුනුවත් නොදැන මෝඩ කතා කියන්න එපා

      Delete
    2. අනේ පලයන් බන් යන්න. රස්සා ගන්න දේශපාලකයො ගාව පෝලින් වෙන්න වෙන දේශපාලනේ තමයි හොඳ දේශපාලනේ කියල හිතන බූරුවෙක් එක්ක මොන කතා ද.

      ජේවීපී එක උඹ කියන විදියට රස්සා නොදුන්නෙ නෑ, උන්ගෙ බල කිරීමට චන්ද්‍රිකා ආණ්ඩුව දාස් ගනන් වැඩ නැති තැන් වල රස්සා හදල දීපු එකත් මේ ආණ්ඩුවට ඇද ගන්න බැරි වෙන්න එක හේතුවක්. එහෙම හරි උන් දුන්නෙ සුදුසු කම් වලට මිසක් උන්ගෙ හෙන්චය්යන්ට ගෙවල් වල පෝලිමේ ඉන්න කියල නෙවෙයි.

      තොපි වගේ කාලකන්නි තමයි බූරුවො මේ රටේ දුමින්දල වගේ දේශපාලකයන්ට හරි යන්නෙ. "පුංචි මිනිහ" කියන එකා රවට්ට ගෙන ගෙදරට පෝලිම් හදා ගන්න, මළ ගෙදරකට රුපියල් 5000 දුන්නහම සදහටම උන්ව පාග ගෙන ඉන්න පුලුවන්. ආණ්ඩුවෙ කොහොමත් තියන වේකන්සි ටිකට තමන්ගෙ බූදලෙන් දෙනව වගේ ගෙවල් වල පෝලිම් හදා ගන්නෙ නැති එකා "වැඩක් නොකරන" දේශපාලකයො!!! තොපි එක්ක කොහෙද ඉතින් රටකට හරි යන්නෙ.

      Delete
  7. ආණ්ඩුවෙ දේශපාලකයන්ගෙ මුදල් නාස්තිය,හොරකම් ගැන හැමෝම දන්නවනෙ.ඒත් කමක් නෑ කියමු.අපි මීහරක් කියල හිතාගෙන විජාතික බලවේග,රටට හතුරු බලවේග,දේශප්‍රේමය,මගෙ අම්මෙ තාත්තේ කියන දේශපාලනඥයගෙ කතා අහන කොට තමයි ආන්ඩුව අප්පිරියම වෙන්නෙ.එකම වචන මාලාව දොඩවනව.

    දැන් විපක්ෂය ගැන කතා කරමු.පාක්ෂිකය මුට්ටිකාසි එකතු කරන්නයි පෝස්ටර් ගහන්නයි දාල නායක රොත්ත සැප විදිනව.උන් බලය ගත්තනම් තනි පක්ෂ ආන්ඩුව පිහිටවගෙන වෙන එකෙඋට කතා කරන්න ඉඩ නොදී ( සෝවියට් දේශෙ,චීනෙ වගෙ ) මර්ධනය කරනව.

    ජේ වී පී නායකයෙක් සහ යූ ඇන් පී මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙ කල සංවාදයක් මම දැන් දානව

    "මමත් එක්ක එක බිස්නස් පන්තියෙ ආසනේ මෙයා යනව.මහ ලොකුවට කියන්නෙ නිර්ධන පන්තිය"

    හරි අපි ගියා තමයි.අපි ගියෙ අපේ සල්ලිවලින්"

    ඕක තමයි දීපු උත්තරේ.හැබැයි මෙයා පක්ශ කාර්යාලෙ බංකුවෙ බුදියනව නිර්ධන පන්තියෙ අයත් එක්ක.මුන් කරන්නෙ බලු රඟපෑමක්.

    ජේ වී පී බලු රඟ පෑම එහෙමයි.ඔය හෙළ උරුමෙ එවුන් කරන්නෙ ගරු රඟපෑමක්.

    ඒකයි මම කිව්වෙ බලු රඟපෑමයි ගරු රඟපාමයි එක්ක බැලුවොත් ශ්‍රී ලංකා යූ ඇන් පී දේශපාලකයො හොඳයි.මොකද උන් සප්ත මහ සාගරේ වගෙ හම්බකරගෙන දුප්පතාටත් මස් කට්ටක් විසි කරන නිසා.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ සාමාජිකයන් බිස්නස් ක්ලාස් යායුතු නැද්ද.යායුතු නැත්නම් ඊට ඔබට ඉදිරිපත්කල හැකි හේතු මොනවාද.අනිත් අය සැප විදිද්දී මුන් බිස්නස්ක්ලාස් යනවා කියන පහල මැද පන්තියට අයත් කතාව ඇරෙන්නට වෙනත් පිලිගත හැකි හේතුවක් දෙන්න ඔබට පුලුවන්ද.
      නොම් වොම්ස්කි කියන්නේ ඇමරිකානු මාක්ස්වාදියෙක්.ඔහු ලියර් ජෙට් යානා පාවිච්චි කරනවා.නමුත් ඇමරිකාවේ දියුනු දනවාදී කාටවත් එය ප්රයශ්නයක් නොවේ.
      ඔබට සරල උත්තරයක් දෙන්න පුලුවන් .මෝඩ කතා කියන්නට කලින් ටිකක් හදාරන්න

      Delete
  8. මේ රටේ මිනිස්සු අද ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්.මගෙ තර්කෙ මේකයි.මේ මහත්තය අර දුප්පතුන්ගෙන් රුපියල් සීයක් ඉල්ලන එක වැරදියි.මේ ප්‍රවෘත්තිය ඇත්තද බොරුද දන්නෙත් නෑ.මොකද මේ මහත්තයට රුපියල් ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක් නොවෙයි දුප්පතාට රුපියලක් දෙකක් වගෙ.නමුත් දුප්පත් මිනිහට රුපියල් සීය ලොකු මුදලක්.ගරු රඟ පෑමට රුපියල් දහයක් හරි විස්සක් හරි එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. උඹ කැමති නැත්නම් නොදී ඉඳපන්. අපි කැමති අපිට ඕන කවුන්සිලර් එක එකාගෙන් කෝටි ගනන් අරන් තේරුනු දා ඉඳන් උන්ගෙ පක්කලි කම් කරනවට හරි, එහෙම නැත්නම් නය වෙලා චන්දෙ කරල ඒවත් හම්බ කර ගන්න පගා ගහනවට හරි වඩා මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෙලින් යනව නම්. පැරා උනත් කියන්නෙ ඒකයි.

      වෙන දේශපාලකයෙක් අඩු ගානෙ ඔහොම ඉල්ලන්න වත් බැරි උන් හොරු උන් ඒ සල්ලිත් අරන් ගිහින් තේරිලා කරන්නෙ පගා කොමිස් ගහන එක කියල මිනිස්සු දන්න නිසා. උඹ ගිහින් කාට හරි කඹුරපන් පස්සෙ චන්දෙ ඉවර උනාම වැඩක් කර ගන්න පෝලිමක ඉන්න. අපි අවංකයි කියල හිතන්න පුලුවන් එකෙක්ට අපිට පුලුවන් ගානට උදව් කරන්නම් පස්සෙ වැඩක් කර ගන්න නෙවෙයි උගෙ ප්‍රතිපත්ති බලලා.

      Delete
  9. මාතලං. කෙළීගෙ කැම්පේන් එකට මාළු බානකොට උඹවත් බාගත්තද ? ලොල්. පල පල කඩේ.

    ReplyDelete
  10. http://142.4.27.83/Sinhala/news.php?id=24179

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා