W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි.

ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.  

ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි. 

එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ.

ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත. 

මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙයින් ඊට ටික වේලාවකට පසු මම එම පුද්ගලයා විසින් මා අමතන ලද අංකයට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ඩයලොග් ජාලයෙන් පවසන්නේ එම අංකය වලංගු නැති බවයි. ටෙලිකොම් ජාලය පවසන්නේ එම අංකය භාවිතයේ නොමැති බවයි. 

මෙම ඇමතුම කිසියම් අන්දමකින් මට බලපෑමක් කිරීම සඳහා‍ දෙන ලද එකකැයි මම සලකමි. 

මාධ්‍ය නිදහසේ නාමයෙන්, මෙම සිද්ධිය පිළිබඳ මගේ පාඨකයන් හා මාධ්‍ය සංවිධාන දැනුවත් කිරීම මාධ්‍යකරුවකු ලෙස මගේ යුතුකමක් ලෙස සලකමි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. භීෂණ සමයේ පැරකුම්ලා මරා දැමු අයගේ අවතාර ඔය පස්සෙන් එන්නේ.

    ReplyDelete
  2. මට නම් අහන්න ඇත්තේ එක ප්‍රශ්නයක් පමණි.....

    යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ ඇයි....

    වෙල්ගමට පොන්නයා කියලා ගමේම එකෙක් බැන්නාම ඌ නිකම් ඉන්නවනම් ඇත්තටම ඌ පොන්නයා වෙනවනෙ....

    ප. ලි.. පැරා රට පනින්න පොටක් පාදගන්නද ඔය හදන්නේ...

    ReplyDelete
  3. තමන් කොහෙන්ද කියා නොකියන මාධ්‍යවේදීන් ඉන්නේ කොහේද?

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවෙ වකපුටේ ප්‍රාන්තෙ! ඇයි අවුල්ද?

      Delete
  4. පැ රා මටනම් හිතෙන්නේ දිවයිනේ තඩි ප්‍රියන්තය

    ReplyDelete
  5. මීට සමාන අත්දැකීම් (නොදන්නා පුද්ගලයෙක් විනීත ලෙස දේශපාලනයට සම්බන්ද එහෙත් ඍජුව අදාළත්වයක් නැති, බැලූ බැල්මට වැදගත්කමක් නැති සේ පෙනෙන ප්‍රශ්න ඉංගිරිසියෙන් ඇසීම) මීට වසර තුනකට පමණ ඉහත අඩු තරමින් බ්ලොග්කරුවන් දෙදෙනකු ලද බව දනිමි.

    ඔවුන් කවුරුන්ද යන්නත්, ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්නත් සිතා ගැනීම ඔබට භාර කරමි.

    ReplyDelete
  6. ඇටමැස්සා ටැබූ වගේ දේශපාලනික බ්ලොග් අතුරුදහන් උනාට පස්සේ දේශපාලනික බ්ලොගක් විදිහට හඳුන්වන්න පුළුවන් බ්ලොග් තියෙන්නෙ අතලොස්සයි.මාතලන් මරයා වගේ බ්ලොග් වල දේශපාලනික අදහස් ලියවුනාට ඒවා නිකම් තම තම නැණ පමණින් ලියවුනු ජාම බේරගෙන ලියන පොඩි එකාගේ ලියුම් මිසක් දේශපාලනික බ්ලොග් විදිහට හඳුන්වන්න අමාරුයි.එනිසාම තමයි පැරාගේ බ්ලොග් එක වටින්නේ. හතු පිපෙන්නාක් වගේ මල් බ්ලොග් බිහි උනාට දේශපාලනික මතවාදයක් ගොඩනගන බ්ලොගක් බිහි නොවෙන තරම්.ඒ නිසාම පැරාට මේ බ්ලොග් එක තව චිරාත් කාලයක් පවත්වා ගෙන යෑමට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිල!
      මෙයා දැන් ටිරාන් එක්ක එකතු වෙලා වීරවංශ මාර්ගඵල ලබල තියෙන්නේ.
      බොරුනම් පහුගිය මාසේ ලියපු ලිපි ටික ආය කියවලා බලන්න.

      Delete
  7. කරුණාකර එම අංකය මෙහි ප්‍රසිද්ධියේ දමන්න. අංකය කාගෙද? එම අංකයෙන් පසුගිය සතිය තුල අමතා ඇති අංක මොනවාද යන විස්තරය මා ලබා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. රැවටෙන්න එපා!
      මේ අර සන්ඩේ ලීඩර් වගේ බොරු ශෝ එකකි.

      Delete
  8. [ තමන් උපයා ගත් ] තමන්ගේ විනෝදය තම පරම අයිතිය බවත්, "අනුන්ගේ විනෝදය"[.....පැරා ලියන්නේ උගේ ආතල් එකටයි....!!!] ට එන ගැටළු වෙනුවෙන් තමන්ගේ විනෝදය කැප කිරීම නොව එයිනුත් විනෝදයක් උපයා ගැනීම ඥානාන්විත බවත් පැරකුම් මහතා ගේ ඊනියා "පාටක"යින් සහ "මාද්‍ය" සංවිධාන කල්පනා කරන වග ඔප්පු කර ගැනීමට මහඟු අවස්ථාවකි.
    නීතිය ඇත්තේ මිනිසුන්ගේ ආරක්ෂාවට නොවන බැවින් පැරකුම් මහතාට මෙය "පාටක"යින් ට අමතරව "මාද්‍ය සංවිධාන" වලට දැන්වීමට සිදුව තිබේ.
    පැරකුම් මහතා ක්‍රියාත්මක කරන "අහිංසක" සමාජවාදී විප්ලවයේ මෙවන් අවස්ථාවන්ට මුහුණ දෙන උපායමාර්ගය කුමක්ද?

    ReplyDelete
  9. ටිරාන් එක්ක ආණ්ඩුවට කඩේ යන ඔයාට මොන තර්ජනද?
    වර්ණ්පාල තියරිය දාන්නැතුව ඉන්න අනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා