Posts

Showing posts with the label මාධ්‍ය නිදහස

ගෝඨා භය දුරු වීම

Image
මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරන සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරා‍ජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය.  වෙනත් දෙවන පෙළ දේශපාලකයන් ප්‍රශ්න කරන  නිදහස් ස්වරූපයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රශ්න කිරීමට සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ට ගට ලැබී තිබේ. එය ඇත්තෙන් ම ලොකු වෙනසකි.  එපමණක් නොව, බලයෙන් ගිලිහුණු ගෝඨාභය රාජපක්ෂට ද පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ මහත්මා ලෙස හැසිරෙන අභියෝගය භාර ගන්නට සිදු වී තිබේ.  රාජ්‍ය බලය පාවිච්චි කරමින් චන්ඩි භූමිකාවක් රඟ ගෝඨාභය රාජපක්ෂ පෑ කලින් ඇඳගෙන සිටි සන්නාහ ගැලවී නිරුවත් වන විසුළු ස්වරූපය ජනමාධ්‍යයන්ගෙන් නිරූපණය වේ.  ලේක්හවුසියේ වැඩ කළ පෝද්දල ජයන්ත හිංසනයට ලක් කර මරා දමන්නට තැත් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ඔහු හා සනත් බාලසූරිය ගෙන්වා තර්ජනය කළ ආකාරය ඔවුන් විසින් එකල ජනමාධ්‍යවලට හෙළි කර තිබිණි. ඒ ගෝඨාභය රාජපක්ෂ දැන්නම් තොත්ත බබෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල සිද්ධි ගැන ඔහු කිසිවක් දන්නේ නැත. දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සමග සම්බන්ධයක් ද...

W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

Image
ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි. ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.   ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි.  එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ. ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත.  මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙ...

දහසක් මල් පිපෙන සුන්දර බ්ලොග් අවකාශය හා රාවයේ හෙවත් අභාවයාගේ අභාවය

Image
රාවය පුවත්පත වැටෙන්නට යනවා ය, ඒ නිසා කොහොම හරි එය ජැක් ගසා කෙළින් කළ යුතු ය කියා මහා හා හූවක් දැන් ලංකාවේ 'ප්‍රගතිශීලීන්' හා 'වාමාංශිකයන්' අතර තිබේ.  2004, 2005 වසරවල අපි හිරු පුවත්පත නැවත පටන් ගත්තේ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන ය. ලංකාවේ දෙමළ ජනයා හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගළය පිළිබඳ සිංහල සමාජය තුළ පවත්නා තොරතුරු ඌනතාව මගහැරවීම ඒ අතරින් ප්‍රධාන අරමුණකි. අනෙක මාක්ස්වාදී පදනමින් අප විසින් මූලධාර්මිකව පිළි ගන්නා ලද දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදයක් සමාජයේ ඇති කිරීමයි. 2004 මහ මැතිවරණයෙන් දකුණේ මෙන් ම උතුරේත් ජාතිවාදීන් සැලකිය යුතු බලයක් දිනා‍‍ගෙන සිටි මෙසමයේ මහත් අභියෝගාත්මක කාර්යයක් වූ හිරු පුවත්පත පළ කිරීම ආරම්භයේ සිට ම අති දුෂ්කර විය. හිරු පුවත්පත බිඳ වැටීමට හිරු කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් ද හේතු වන්නට ඇත.  එහෙත්, හිරු බිඳ වැටුණු යුගය වනාහි ලංකාවේ සාම රාජ්‍ය නො වන සංවිධාන ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙන් දැවැන්ත සල්ලියක් අතපතගාමින් සිටි කාලයකි. හිරු පුවත්පත රැක ගන්නට අප දන්නා තරමින් නම් ලංකාවේ දකුණේ ප්‍රසිද්ධ ප්‍රගතිශීලීන් කිසිවෙක් ඉදිරිපත...

ඔබත් ලැප්ටොප්වේදියෙක්ද? ලෝන්කරුවෙක්ද?

Image
කාර්ලාභී ආරියනන්ද දොඹගහවත්ත - කර්තෘ, ඉරිදා ලංකාදීප මේ කියවන ඔබට ආණ්ඩුවෙන් ලැප්ටොප් එකක් ලැබුණාද? ලැබේවිද? එහෙනම් ඔබ මාධ්‍යවේදියෙකි.  ඔබ්‍ට වාහනයක් ගන්න පොලී රහිත බැංකු ණයක් ලැබෙන්නට යනවාද? එසේනම් ඔබ කලාකරුවෙකි.  ඔබට මේ කිසිවක් ලැබී නැද්ද?  එසේනම්, අද සිටම මාධ්‍යකරුවකු, කලාකරුවකු වීමට උත්සාහ කරන්න.  මාධ්‍යකරුවකු, කලාකරුවකු වන්නේ කෙසේද?  මේවා ලැබුණු අය ග ේ අතීත හා අනාගත ක්‍රියකලාපය අ ධ ්‍ය යනය කරන්න. ඔවුන් අනුගමනය කරන්න. මේ අය මේ ගැන පුහුණු පාඨමාලාවන්ද පවත්වන්නට යන බව දැනගන්නට ලැබී ඇත. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

යුද අපරාධවලට උදව් කළ බව කියන මාධ්‍යකරුවන්ට රට යාම තහනම් කිරීම / Attempted travel ban on Sri Lankan journalists that promoted war crimes

Image
යුද අපරාධවලට පක්ෂව කටයුතු කළ බව කියන මාධ්‍යකරුවන් පිරිසකට යුරෝපා රටවලට ඇතුළු විය නො හැකි වන පරිදි ගමන් බිමන් සම්බාධක පණවන ලෙස විදේශගත ශ්‍රී ලාංකික මාධ්‍ය සංවිධානයක් ඉල්ලා ඇති බව අද දිනමිණේ විජයානි එදිරිසිංහ වාර්තා කර ඇත.  යුද අපරාධවලට උඩගෙඩි දුන් බව කියන මාධ්‍යකරුවන්ගේ වතගොත සහ ඔවුන් ලියූ වාර්තා පරිවර්තන ද සහිතව ඒ රටවල විදේශ තානාපති අංශවලට යවා ඇති බව වාර්තා වේ.  යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ පාර්ශ්ව සිටියත්, දැන් ඔවුන් සියලු දෙනා සද්ද නැතිව බලා ඉන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා හමුදා නායකයන් පඹණක් එය‍ට වගකිව යුත්තන් කරමිනි.  මෙම යුද්ධය මේ අන්දමින් මෙහෙයවන්නට රාජපක්ෂවරුන් හා හිටපු හමුදාපති සරත් ෆොස්සේකා යොමු කිරීම සඳහා කටයුතු කළ දේශපාලනඥයන් මෙන් ම මාධ්‍යකරුවන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය.  රාජපක්ෂ පාලනය වනාහි නිශ්චිත හැඩයක් නැති සාදා දෙනු ලබන භාජනයේ හැඩය ගන්නා එකක් බව අපි 2005දී ම කීවෙමු.  ඒ සඳහා කදිම සාක්කියක් මෑතදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන පොතක් එළි දක්වන ලද අවස්ථාවේ ජනාධිපතිවරයා ම හෙළිදරව් කළේ ය. කොටි සංවිධානය මාවිල්ආරු වේල්ල වසා යුද්...

ආතල් කණ්ණාඩිය - Sri Lanka Mirror ඩොට් com(mercial)

Image
හරි සෝක් වෙබ්සයිට් එකක් තියෙනවා ඕයි. ස්ත්‍රී දූෂණ එහෙම වාර්තා කරනකොට ඒගොල්ලො හරි ආතල් පිංතූර දානව ඕයි.  එතකොට කියවන අයටත් ඒවා කරන්න හිතෙනවා ඕයි.  මේවට මානව හිමිකම් සංවිධාන සල්ලිත් දෙනවලු ඕයි. අර ස්ත්‍රීවාදී, මාක්ස්වාදී කට්ටියත් පිටිපස්සෙන් ඉන්නවලු ඕයි.  පැටිගිරිය හෙව්වොත් බල්ලො බත් කන්නේ නැහැ ඕයි.  අපට මොකද මෙයා, පිංතූර නම් හරි ආතල්.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නව පණ ලබන පුවත්පත් මණ්ඩලය හා පණ අදින පුවත්පත් පැමිණිලි කොමිෂම

Image
(2011 මැයි 21,   W3Lanka )  මේ ආණ්ඩුව තරම් නාස්තියට දූෂණයට එරෙහි වෙනත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් නැත. පසුගියදා ආණ්ඩුව සොයා ගත් තවත් නාස්තියක් වන්නේ 2002 සිට අහෝසි කර ඇති පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් තවමත් නිලධාරීන්ට වැටුප් ගෙවන බව හා ‍කාර්යාලයක් ද නඩත්තු කරන බවයි. මේ නාස්තිය නැවැත්වීම සඳහා ආණ්ඩුව දැන් පුවත්පත් මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත යළි ගෙන ඒම තුළිනි. මෙම පනත යටතේ පුවත්පත් කලාවේදීන්ට දඩ හෝ සිර දඬුවම් පැමිණවීමේ බලය පුවත්පත් මණ්ඩලයට ලැබේ. කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට දඬුවම් ලබාදීමක් හෝ මාධ්‍යවේදීන් අධිකරණයකට ඉදිරිපත් කිරීමක් පුවත්පත් මණ්ඩලය සිදු කර නැතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය. මෙය සමාන වන්නේ මරණ දඬුවම පැමිණුව ද එය ක්‍රියාත්මක නො කරන තත්වයටයි. මොන බයිලා කීවත් මේ අයියලාගේ කෙරුවාව ජනමාධ්‍යකරුවෝ පමණක් නො ව මුළු ලෝකය ම දනිති. දැනටත් මාධ්‍යකරුවන් සිය පෑන හසුරුවන්නේ එකී තත්වය පිළිබඳ මනා අවබෝධයකිනි. මේ වනාහි ඔවුන් බිය වැද්දීම සඳහ...

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම

Image
ලංකා ඊ නිව්ස් කර්තෘ  සඳරුවන් සේනාධීර කලකට ඉහතදීපහර කෑමට ලක් වූ මාධ්‍ය සංවිධාන නායක පෝද්දල ජයන්ත සමග (2011 ජනවාරි 31,  W3Lanka )   මාලෙබ්හි පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා ඇත. පරිගණක, ආම්පන්න, ලිපිද්‍රව්‍ය ආදාය ගිනි ‍ගෙන විනාශ වන්නට ඇත. එහෙත්, වෙනත් මාධ්‍ය මෙන් නො ව වෙබ් අඩවියක් ඒ අන්දමින් නැවැත්විය නො හැකි ය. කවුරු මේ දීන ක්‍රියාව කළාදැයි කිසි දිනෙක හෙළිදරව් නො වනු ඇත. එහෙත්, පාලකයින්ට ඇඟිල්ල දිගු වීම වළක්වන්නට බැරි ය. මන්ද, ලංකා ඊ නිව්ස් වනාහි ආණ්ඩු විරෝධී හා විපක්ෂ ලැදි ජනප්‍රිය මාධ්‍යයක් වන හෙයිනි. සිද්ධිය සිදු වන්නේ ලංකා ඊ නිව්ස්හි කලක් වැඩ කළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මසක් ගෙවී යමින් තිබියදී ය. ඕනෑ නම් ලංකා නිව්ස් වෙබ් මෙන් ලංකා ඊ නිව්ස් ද ලංකාවේ අයට බලන්නට බැරි පරිදි බාධා කරන්නට විදුලි සංදේශ නියාමන කොමිෂමට පුළුවන. එහෙත්, ප්‍රොක්සි වෙබ් අඩවි හරහා තහනම් කළ අඩවි බලන එක වළක්වන්නට ක්‍රමයක් නැත.

කච්චිය පිච්චියට ගියත් හෙළුවෙන් ම වනන ආණ්ඩුව

Image
( 2010 දෙසැම්බර් 10,  W3Lanka )  කටුනායක ගුවන් තොටුපළේදී යම් මාධ්‍යවේදියකුට පහරදීමක් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි කරන්නැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ කැබිනට් පුවත් සාකච්ඡාවේදී පැවසී ය. ඔහුගේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් ගම්‍ය වේ. එනම් යම් නීති විරෝධී සිදුවීමක් නිසා කිසිවකු අගතියට පත් වී නම් මේ රටේ එම පුද්ගලයාට යුක්තිය අපේක්ෂා කළ හැක්කේ රජයට පැමිණිලි කළොත් පමණි. පැමිණිලි කළොත් පරීක්ෂණයක් කළ හැකි ය. පරීක්ෂණයෙන් පසු කුමක් වේ ද යන්න දෙවන කාරණයකි. 'මාධ්‍යවේදියකුට පහර දීමක් සිදු වී තිබේ නම් ' කියා කීමෙන් ගම්‍ය වන තවත් අදහසක් වන්නේ කෙතරම් වාර්තා වී තිබුණත්, රජය පරීක්ෂණයකින් ඔප්පු වන තුරු එය පිළි නො ගන්නා බවයි. තර්කානුකූල ය. දැන් මතු වන ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ තිබෙන එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ කෙතරම් ආරක්ෂිත ස්ථානයක් ද යන්නයි. එතැනින් රටට පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙන තෙක් පොලිසිය සිටියේ කොහි ද? පහර දුන් මැරවරයෝ මෙම පිරිස එළවාගෙන ගොස් ඔවුන්ට පහර දී ගමන් ගත් වාහනයේ වීදුරු කුඩු කරන තෙක් පොලිසිය සිටියේ කොහි ද? නැතිනම්, මේ පිරි...

පශ්චාත්-18 ඒකාධිපති යුගයේ ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක් සඳහා කෙටුම්පතක් | A draft for safe media practice in post-18 dictatorship

Image
ලාංකීය තරුණයාගේ කාර්යභාරය සංකේතවත් කරන මනුෂ නානායක්කාර (ආරක්ෂිත මාධ්‍ය භාවිතාව අනුව පළ කරන ලද උද්ධෘතයකි.)  ( 2010 සැප්තැම්බර් 13,  W3Lanka )  18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ඒකාධිපති රාමුව තුළ ලංකාවේ මාධ්‍යකරුවන් වෙනුවෙන් ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක්  රාමුගත කිරීමක් සඳහා කෙටුම්පතක් ඔබගේ සංවාදය පිණිස මෙහි පළ කරනු ලැබේ. මාධ්‍යකරුවන් හැම විට ම ජනාධිපතිගේ, කේන්ද්‍රීය පවුලේ සහ විස්තෘත පවුලේ ගුණ පමණක් වර්ණනා කළ යුතු ය. ලොකු පුතාගේ අනාගතයට ගැටලුවක් විය හැකි මල්ලීට යම් විවේචනයක් එල්ල කෙරුණාට කමක් නැත. හැබැයි වගකීම භාර ගත නො හැක. අර සැර මල්ලී ගැන නම් කට අරින්නේ නැතිව සිටීම ශරීර සෞඛ්‍යයට හිතකර ය. මාධ්‍යකරුවන් හැසිරිය යුත්තේ කැලනිය කියා තැනක් රටේ නැති අන්දමිනි. ඕනැම නම් කැලනිය ගැන පුවත් විදෙස් පිටුවේ පළ කරන්න. පවුල කිසිදු දූෂණයකට සම්බන්ධ නැති බව අවධාරණය කළ යුතු ය. දූෂණවල යෙදෙන්නේ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් බව පැවසිය යුතු ය. පවුලේ ආධිපත්‍යයට අභියෝගාත්මක විය හැකි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා දේශපාලන නායකයන්ට එළව, එළවා පහර දීමෙන් තමන් දූෂණයට මාර විදිය...

සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

Image
(2010 ජුලි 31,  W3Lanka )  සියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත.  ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි.  සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි.  මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත ක...

අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැන ගැනීමෙහිද?

Image
(2010 ජුනි 22,  W3Lanka )  පීඩිත ජනයා ඒකරාශී කිරීම අරමුණු කර ගත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමේදී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් දක්වන ලෙස පසුගිය දිනෙක අපට ආරාධනාවක් ලැබිණි.  සාමාන්‍යයෙන් ගත් කල සමාජයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ප්‍රගතිශීලී සටන් පාඨය ලෙස සැලකෙන්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' තහවුරු කිරීමයි.  වාමාංශික ස්වරූපයකින් පෙනී සිටින මාධ්‍යකරුවන් විසින් අටවා ගන්නා ලද මුදල් සොරකම් කිරීම හා මාධ්‍යකරුවන්ගේ මුවාවෙන් යුරෝපා රටවල සැප පහසු ජීවිත අපේක්ෂා කරන නිකමුන්ට දේශපාලන රැකවරණ සොයා දීමේ තැරැව්කාර නියෝජිතායතනයක් ලෙස කටයුතු කිරීම පිණිස කටයුතු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධාන හොර ජාවාරම් ද පෙනී සිටින්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' වෙනුවෙන් 'සටන් කිරීම' සඳහා යයි  කියනු ලැබේ.  එහෙයින් ම මේ සටන් පාඨයේ කිසියම් අඩුපාඩුවක් ඇති බව අපට පෙනේ. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන සුළු ධනේශ්වර සොරුන්ට  ද, ධනේශ්වර ලිබරල්වාදීන්ට හා පීඩිත පංති ව්‍ය...

රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී | A letter of reply by Ravaya Deputy Editor

W3Lanka සංස්කාරක විසින් රාවය පුවත්පත පිළිබඳ කරන ලද විවේචනය සම්බන්ධයෙන් රාවය නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්. ජනරංජන මහතා විසින් ලියන ලද පිළිතුරක් අප වෙත එවා තිබේ.  මෙම පිළිතුර සම්බන්ධයෙන් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. අප විසින් රාවයේ පළ කිරීම අපේක්ෂා කරන ලද  ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම   ලිපියේ වික්ටර් අයිවන් හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු නායකයන් අතර විවාදය පිළිබඳ සඳහනක් ඇතත් එය එකී විවාදයට අදාළ ලිපියක් නොවේ.  එසේම, එම සංවාදය ආරම්භ කළ රාවය කර්තෘවරයා විසින් එය අවසන් කරන ලද බව නිවේදනය කිරීම ඔහු පෞද්ගලිකව සංවාදයෙන් ඉවත් වීමක් මිස සංවාදය අවසන් වීමක් නොවේ. සමාජ සංවාදයන්හිදී කෙනෙකුට සංවාදයක් ආරම්භ කළ හැකිමුත්, එය අවසන් කරන්නට බැරි ය. යම් සාකච්ඡාවක අවසානය විවෘත නැතිනම් එය සංවාදයක් නොවේ.  යම් අනවබෝධයක් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. රාවය පුවත්පතට අපේ ඇති ගෞරවය මෙම සිද්ධිය නිසා නැති වී ගොස් නැති බව අපි අපගේ ලිපියෙහි සඳහන් කර ඇත.  ජනරංජන මහතා විසින් එවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.  හිතවත් අජිත්...

තිස්සනායගම් නිදහස්; ඔහුගේ මිතුරෝ අසතුටින් | Tissainayagam released; his friends are unhappy

Image
(2010 මැයි 04 -  W3Lanka )  ලෝක පුවත්පත් නිදහස් දිනය සමරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසත සිර දඬුවමකට ලක්ව සිටි ඉංග්‍රීසි බසින් ලියූ දෙමළ මාධ්‍යවේදියකු වන ජේ. එස්. තිස්සනායගම් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ජාතික සංහිඳියාව ගොඩනඟා ගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ලා ඉවහල් කර ගත හැකි සාධනීය පියවරක් ලෙස අපි අගය කරමු. තිස්සනායගම් දණ්ඩනයට ලක් කරනු ලැබුවේ දෙමළ අරගලයට හිතවත් ජනමාධ්‍ය මර්දනය කිරීමේ හා මාධ්‍යවේදීන් බියවැද්දීමේ පියවරක් වශයෙනි. මහින්ද රාජපක්ෂ පාලනය ඔහු නිදහස් කරනු ලබන්නේ පශ්චාත් යුදකාලීන ලංකාවේ සිය ප්‍රජාතන්ත්‍රවාදීභාවය ප්‍රදර්ශනය කිරීමට හා ඒ ඔස්සේ බටහිර සමග යාළු වීමටත් අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහන ආදිය ලබා ගැනීමටත් ආදියටයි.  ආණ්ඩුවේ යුදමය කටයුතු විවේචනය කළ මාධ්‍යවේදීන් ගණනාවක් ම යුද සමයේ මරා දමන ලද අතර තවත් අය අත්අඩංගුවට ගැනීම හා අඩන්තේට්ටමට ලක් කිරීම දිගට ම සිදු විය.  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ බල ව්‍යාපෘතිය සමග සම්බන්ධකම් තිබුණු මාධ්‍යවේදීහු පිරිසක් ද මර්දනයට ලක් වූහ.  තිස්සනායගම් ...

මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් හානියට පත් දෙවන මාධ්‍යවේදියා

(2010 ජනවාරි 19 -W3Lanka) ජනවාරි 16දා පුත්තලම මදුරන්කුලියේදී සන්ධාන ආධාරකරුවකුට මරු කැඳවමින් ඇති වූ ගැටුම වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යකරුවකුට ද ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් විසින් පහර දී ඔහුගේ වීඩියෝ කැමරාව ඇතුළු ආම්පන්න කුඩු කර තිබේ. මාධ්‍ය ආයතන ගණනාවකට සේවය සපයන නිදහස් මාධ්‍යවේදියකු වන ජූඩ් සමන්ත මෙසේ පහර දීමට ලක්ව ඇති අතර පුත්තලම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් ඔහු සිද්ධිය පිළිබඳව මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබේ. මීට පෙර පොළොන්නරුවේ මැතිවරණ ගැටුමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාද්‍යවේදිනී තක්ෂිලා දිල්රුක්ෂි ද පහර දීමක‍ට ලක් වූවා ය.

මාධ්‍යවේදීහු අද වීදි බසිති

Image
(2010 ජනවාරි 12 -W3Lanka) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ඇතුළු පුවත්පත් නිදහසට එරෙහිව කරන ලද භයානක අපරාධවලට වගකිව යුතු කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගන්නට හා නිතිය ක්‍රියාත්මක කරන්නට රජය පියවර නො ගැනීමට විරෝධය පා මාධ්‍ය සංවිධාන අටක් විසින් අද දහවල් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබේ.  2006 සිට මේ දක්වා මාධ්‍යවේදීන් නවයක් මරා දමා ඇති බව හා 27 දෙනෙකු ශාරීරික හිංසනයට ලක් කර ඇති බව නිල වාර්තා පවසයි. තවත් මාධ්‍යවේදීන් 50ක් පමණ ජීවිත අනතුරු හේතුවෙන් රට හැර ගොස් ඇත.  අදහස් ප්‍රකාශනයේ යෙදීම හේතුවෙන් 2008 අගෝස්තු 31දා අධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරකට සිර ගත කරන ලද දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ඊයේ අධිකරණය විසින් රු. 50,000ක ඇප මත නිදහස් කරන ලදී. ඔහු තීන්දුවට එරෙහිව අභියාචනා කර තිබේ.  තිස්සනායගම් ඇප පිට නිදහස් කිරීම අගය කරමින් නිවේදනයක් නිකුත් කරන පුවත්පත්කලාවේදීන් රැක ගැනීමේ කමිටුව ( Committee to Protect Journalists) ජනාධිපති බලතල පාවිච්චි කරමින් තිස්සනායගම්ට සමාව පිරිනමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 

ලසන්ත ඝාතනයෙන් වසරකට පසු "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!"

Image
(2010 ජනවාරි 08 -W3Lanka) මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහ මගදී කෲර ලෙස මරා දමා අදට වසරකි. එනම දින 365කි.  ඝාතකයෝ තවමත් නිදැල්ලේ ය. පොලිසියට ඔවුන් පිළිබඳ කිසිදු කරුණක් සොයා ගැනීමට බැරි ඇයි? ඔවුන්ට රැකවරණය සපයන්නේ කවුරුද?  මෙම ඝාතනයට අණ දුන්නේ යයි චෝදනා එල්ල වන්නේ රජයටයි. ආණ්ඩුව සරත් විපක්ෂ ‍ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දෙසට ඇඟිල්ල දිගු කරයි.  ෆොන්සේකා සිය ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කළ පළමු රැස්වීම නීතිඥයන්ගේ හමුවක් වූ අතර එහිදී ඔහු නීතිඥයකු ද වූ ලසන්ත වික්‍රමතුංගගේ රූපයට මල් මාලයක් පැළැන්දුවේ ය. තමන් බලයට පත් වූ පසු මෙවැනි අපරාධ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන බව ෆොන්සේකා කියයි. ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අඩු තරමේ එවැනි ප්‍රකාශයක්වත් නො කරයි. ඔහු කියන්නේ ඔහුගේ අතේ ලේ නැති බව පමණි. ලේ තැවරී ඇත්තේ කා අතේ ද? නිදහසේ වේදිකාව අද ලසන්ත සමරා රැස්වීමක් කොළඹදී පවත්වයි. මාධ්‍ය සංවිධාන 12දා කොළඹදී පෙළපාලියක් පවත්වති. "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!" එහි සටන් පාඨය එයයි.

අපි බුරුමය පසුපස - බුරුමය අප පසුපස

Image
(2010 ජනවාරි 07 -W3Lanka) බුරුමය වත්මන් පාලනය යටතේ ලකාවට සිටින අඹ යහළු රටකි. අපේ පාලකයෝ බුරුමය අනුගමනය කරති. බුරුමය අපේ පාලකයන් අනුගමනය කරයි.  ලංකාව තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක් දුන්නේය. දැන් බුරුමය විදේශයක සිට පවත්වාගෙන යන බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍යයට වාර්තා සැපයුවේ ය යන චෝදනාව මත හ්ලා හ්ලා වින් නම් නිදහස් වීඩියෝ වාර්තාකාරියකට විසි වසරක සිර දඬුවමක් දී ඇත.  පසුගිය සැප්තැම්බරයේ සිට අත්අඩගුවේ සිටින මෙම 25 වියේ පසු වන මාධ්‍යකාරියට ඔක්තෝබරයේදී සත් වසක සිර දඬුවමක් නියම කරන ලදී. ඇයට සහාය දැක්වූ පුද්ගලයෙකුට 26 වසරක සිර දඬුවමක් නියම කර තිබේ. අඩු වශයෙන් බුරුම මාධ්‍ය හා බ්ලොග්කරුවන් 13දෙනෙකුවත් රළු තත්වයන් තුළ සිරගත කර තිබේ. රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ තත්වය ද මෙය වීමට පුළුවන. බ්ලොග්කරුවනි බිය වන්න!

ඝාතනය කර වසරක් පිරෙන 8දා ලසන්ත සිහි කර රැස්වීමක්

Image
( 2010 ජනවාරි 05 -W3Lanka) ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් ගතවීම සිහි කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරනු ලබන සමරු රැස්වීමක් 2010 ජනවාරි 8 වෙනි සිකුරාදා දින පෙ.ව 10.00 සිට 12.30 දක්වා කොළඹ 07, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ. 2009 ජනවාරි 08 වන දින දහවල් කොළඹ අධි ආරක්ෂිත කලාපයක් තුළ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරන ලදී. මෙම බිහිසුණු ක‍්‍රියාව සිදුවී වසරක් ගත වුවද ඒ සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ආණ්ඩුව තවමත් සමත් වී නැත. ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංගගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමරු රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, සිරිතුංග ජයසූරිය, රාවය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු අදහස් දක්වනු ඇත.

මහින්දට අසීමිත+ විනාඩි 90; සෙසු අපේක්ෂකයන්ට විනාඩි 90

Image
(2009 දෙසැම්බර් 23 - W3Lanka ) ජ නපතිවරණ අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා මිනිත්තු 90 බැගින් ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනි සංස්ථාවේ ගුවන් කාලය නො මිළේ වෙන් කර දීම මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක විසින් ජනපතිවරණ අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් සමග ඊයේ (22) පැවැත්වූ සාකච්ඡාවකදී සිදු කරන ලදී.  එහෙත් මේ දිනවල එක් ජනාධිපති අපේක්ෂකයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරය සඳහා මේ වන විට රූපවාහිනී සංස්ථාවේ හා ගුවන් විදුලි සංස්ථාවේ කාලය අසීමිත ලෙස වෙන් කර දී තිබේ. අසීමිත ප්‍රචාරක කාලයට අමතරව තවත් විනාඩි 90ක් ද මේ අනුව මහින්ද රාජපක්ෂට හිමි වේ. එක් අපේක්ෂකයකුට මිනිත්තු පහළොවකට නො අඩු සහ මිනිත්තු තිහකට නොවැඩි අවස්ථා තුනකට නොවැඩි මිනිත්තු අනූවක කාලයක් බැගින් ගුවන්විදුලි හා රූපවාහිනියේ ගුවන් කාලය හිමිවේ. අපේක්ෂකයන්ගේ ගුවන්විදුලි හා රූපවාහිනි කතා ලබන ජනවාරි 1 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. විරුද්ධවාදීන්ට අපහාස නො කර ඉතා සදාචාරාත්මකව මේ ගුවන් කාලය පාවිචචි කරන ලෙසත් වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නොයෙදී තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ලෙසත්...