මාධ්‍යවේදීහු අද වීදි බසිති


(2010 ජනවාරි 12 -W3Lanka) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ඇතුළු පුවත්පත් නිදහසට එරෙහිව කරන ලද භයානක අපරාධවලට වගකිව යුතු කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගන්නට හා නිතිය ක්‍රියාත්මක කරන්නට රජය පියවර නො ගැනීමට විරෝධය පා මාධ්‍ය සංවිධාන අටක් විසින් අද දහවල් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබේ. 

2006 සිට මේ දක්වා මාධ්‍යවේදීන් නවයක් මරා දමා ඇති බව හා 27 දෙනෙකු ශාරීරික හිංසනයට ලක් කර ඇති බව නිල වාර්තා පවසයි. තවත් මාධ්‍යවේදීන් 50ක් පමණ ජීවිත අනතුරු හේතුවෙන් රට හැර ගොස් ඇත. 


අදහස් ප්‍රකාශනයේ යෙදීම හේතුවෙන් 2008 අගෝස්තු 31දා අධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරකට සිර ගත කරන ලද දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ඊයේ අධිකරණය විසින් රු. 50,000ක ඇප මත නිදහස් කරන ලදී. ඔහු තීන්දුවට එරෙහිව අභියාචනා කර තිබේ. 

තිස්සනායගම් ඇප පිට නිදහස් කිරීම අගය කරමින් නිවේදනයක් නිකුත් කරන පුවත්පත්කලාවේදීන් රැක ගැනීමේ කමිටුව (Committee to Protect Journalists) ජනාධිපති බලතල පාවිච්චි කරමින් තිස්සනායගම්ට සමාව පිරිනමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 

Comments

  1. කොහොමද අප්පා කියන්නෙ එකට කාපු බීපු අයනෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා