අපි ICTA එකට කඩේ යනවාද?

(2010 ජනවාරි 14 -W3Lanka) 'තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සම්මාන පහක්' මැයෙන් අප පළ කළ වාර්තාවකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානයකින් කටයුතු කරන විපක්ෂ දේශපාලනඥයකු වන අජිත් පී. පෙරේරා වෙතින් ලැබුණු ප්‍රතිචාරයක් මෙසේ ය.


අනෙකුත් බොහෝ ක්ෂේත්‍රයන් පිළිබඳව නිවැරදි ඇගැයීමක සිටින ඔබ ICTA වෙනුවෙන් පමණක් කඩේ යන්නේ ඇයි? මේ රාජපක්ෂ පවුලේම අවශ්‍යතා සැපිරීම සඳහා පවත්වා ගෙන යන හොර ගුහාවක් බව ඔබ නොදන්නේද?


මේ ප්‍රෝඩාව ගැන මා ලියූ /උපුටා පළ කළ පහත ලිපි බලන්න.


1. පොදු ජන මුදල් කාබාසිනියා කළ නැණසල 600 ප්‍රෝඩාව: නැණසල ක්‍රියාකාරීන්ට ‘දන්සැල’ http://bandaragama.wordpress.com/2010/01/08/123-2


2. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නීති විරෝධීව, රෙදිත් ලිහාගෙනම රාජපක්ෂට කඩේ යයි http://bandaragama.wordpress.com/2010/01/02/icta


3. වික්ටර් අයිවන් මහත්තයෝ, මෙන්න රාජපක්ෂලාගේ දූෂණයට සාක්කි (e – Sri Lanka වැඩ සටහනේ Lak Gov Net මගඩිය) http://bandaragama.wordpress.com/2009/12/31/231


4. MR. VICTOR IVAN, HERE IS THE PROOF: How Shiranthi Rajapakse’s nephew won the USD 15 million ‘LAK-GOV-NET’ Tender under the table http://bandaragama.wordpress.com/2009/12/31/234


5. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) “මහින්ද චින්තන” ඉලක්ක කිසිවක් සපුරා නෑ – අධ්‍යයනයක් කියයි http://bandaragama.wordpress.com/2009/12/28/28

අපගේ ප්‍රතිචාරය:  ඔබ කියන කරුණු පිළිබඳ අපගේ විරෝධයක් නැත. එහෙත් ICTA ආයතනය විසින් අප වෙත එවන වාර්තා අඩු සංස්කරණයකින් යුතුව අප පළ කරන්නේ මහජන මුදලින් දියත් කර තිබෙන, එහෙත් සාමාන්‍ය අන්තර්ජාල ප්‍රජාව පවා නො දන්නා මෙම ව්‍යාපෘතිවලින් යම් ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා ඒවා පිළිබඳ සමාජය දැනුවත් කිරීමටයි. නැතහොත් මේවා පිළිබඳව දන්නේ ICTA ආයතනය පමණක් විය හැකි ය. විද්‍යා හා තාක්ෂණ තොරතුරු සම්බන්ධයෙන් අපි මෙම පිළිවෙත දිගට ම අනුගමනය කර ඇති බව සඳහන් කරන්නෙමු.

Comments

  1. ඔබ විසින් අනුගමනය කරන මේ 'ප්‍රතිපත්තියට' සමාන ප්‍රතිපත්තියක් රාවයේ වික්ටර් අයිවන් මහතා විසින්ද අනුගමනය කරන ලද බැව් අපි නිරීක්ෂණය කළෙමු. රජයේ සේවකයකු වන අතුල පුෂ්පකුමාර නැමැත්තා විළි බිය නැතිව තොරතුරු තාක්ෂණයේ ෆැන්ටසි මවමින් පට්ටපල් බේගල් අතාරිමින් (ඔහු අතහැරි එක පට්ටපල් බේගලයක් නම් ඊ-ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළේ තම ස්වාමියා වූ මහින්ද රාජපක්ෂ බවය.) කොලම් ලියන්නට රාවය ඉඩ දී ඇත්තේ මන්දැයි අපි කල්පනා කළෙමු. ICTA මඟින් සංවිධානය කළ ඊ-ඒශියා සමුළුව හා (සෙනඟ නැතිව වේළුණු) ප්‍රදර්ශනය සමයේ සත්‍යය හෙළිවිය. ඊ-ඒශියා ගැන පූර්ණ පිටු වර්ණ දැන්වීම් රාවයට දී තිබුණේ රජයේ ආයතන සාමාන්‍යයෙන් රාවයට දැන්වීම් නොසපයන වාතාවරණයක් මතය. ඉන්පසු අතුල පුෂ්පකුමාරගේ කොලමද නතර වී ඇත.

    තොරතුරු තාක්ෂණය රටේ අනෙකුත් දේ වලින් වියුක්ත කළ හැකි නොවේ. තොරතුරු තාක්ෂණය කියා රාජපක්ෂ රෙජීමය එයින් ගසා කෑම නතර කර නැත. ඩොලර් මිලියන 15ක LAK-GOV-NET ටෙන්ඩරය, සියළු සුදුසුකම් සම්පූර්ණ කළ සමාගම් තිබියදී ඒ සඳහාම ඇතිකළ, කිසිම පළපුරුද්දක් නැති ඩිල්ශාන් වික්‍රමසිංහ නැමැති ශිරන්ති රාජපක්ෂගේ බෑනාගේ කොම්පැණියට භාරදීමේ දැවැන්ත වංචාව දැන් පුවත්පත් හතරක් (The Sunday Leader, රාවය, දිවයින ඉරිදා සංග්‍රහය, ලංකා) එළිකොට ඇත. මා දන්නා තරමින් ICTA විසින් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මහජන මුදල් නීතිවිරෝධීව භාවිතා කිරීම ගැන ICTA ආරම්භ කිරීමේදී ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ, එහි ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වූ මහාචාර්ය රොහාන් සමරජීව විසින් පැමිණිලි කිරීමෙන් පසුව දැන්වීම් පුවරු ඉවත් කොට ගෙන ඇත.

    මගේ ප්‍රශ්නය මෙයයි. ICTA පිම්බීමට ඔබ දරණ වෑයමම එයින් සිදුවන අගතීන් හෙළි කිරීමට දරණවාද?

    අවශ්‍ය නම් සියළු තොරතුරු සැපයිය හැකිය.

    ReplyDelete
  2. අජිත් පී පෙරේරා මහතාණෙනි, ඔබගේ අදහස් දැක්විම ඉතා අගනේය. අවාසනාවකට මට කුඩා ගැටලුවක් ඇත. ඔබ අවසානයේ සදහන් කර ඇති ''අවශ්‍ය නම් සියළු තොරතුරු සැපයිය හැකිය." යන්න මහජරා ඩීල් එකක් වැනිය. තොරතුරැ අවශ්‍යයයි. කරැණාකර එය මාර්කට් නොකර හෙළිදරව් කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා