රාජපක්ෂ නෑයන් 392ක් ලොකු ම පුටුවල


(2010 ජනවාරි 18 -W3Lanka) රටටත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දරදිය ඇද විශිෂ්ට සේවාවන් ඉටුකළ උගත්, බුද්ධිමත්, විද්වතුන් හා වෘත්තිකයන් සුදුසුකම් ඇතිව සිටියදීත් පසෙකට කරමින් වර්තමාන හිතුවක්කාරී පක්ෂ නායකත්වය තමන්ගේ ළඟම නෑයන් 392 කට රාජ්‍ය ආයතනවල හා ව්‍යවසායවල ඉහළම තනතුරු ලබා දී ඇති බව ද මේ නෑයන්ට යට වී, ඔවුන්ට එහෙයි කියමින් පැත්තකට වී සිටින්නට ඒ ඒ ආයතනවලට අදාල ශ්‍රීලනිප ඇමතිවරුන්ට සිදු වී ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ පෙරමුණ පවසයි. 

පාර්ලිමේන්තුවේ සිටින රාජපක්ෂ සහෝදරයින් තිදෙනා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමතරව මෙම ඥාතීන් 392න් කිහිපදෙනෙකුගේ නම් මෙසේ ය.


චන්ද්‍රා රාජපක්ෂ - මුදල් ඇමතිගේ පෞද්ගලික ලේකම් (සහෝදර)


ශෂීන්ද්‍ර රාජපක්ෂ - ඌව මහ ඇමති (ඥාති පුතා හෙවත් චමල් රාජපක්ෂගේ පුතා) 

එස්. රාජපක්ෂ - වරාය ඇමතිගේ පෞද්ගලික ලේකම් (ඥාති පුතා හෙවත් චමල් රාජපක්ෂගේ පුතා)



චමින්ද රාජපක්ෂ - ජනාධිපති උපදේශක සහ හම්බන්තොට සම්බන්ධීකාරක (ඥාති පුතා හෙවත් චන්ද්‍රා රාජපක්ෂගේ පුතා) 


ජයන්ත වික්‍රමසිංහ - අවි ආයුධ ආනයනය කළ ලංකා ලොජිස්ටික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (සහෝදරියගේ සැමියාගේ මස්සිනා) 

ගාමිනී වික්‍රමසිංහ - ලංකා බැංකුවේ සභාපති (ඉහත කී පුද්ගලයාගේ සහෝදරයා)

ලලීන්ද්‍ර හෙට්ටිආරච්ච් - ස්කයි නෙට්වර්ක්ස් නමින් ව්‍යාජ සමාගමක් හරහා ලංකාවට වයිමැක්ස් තාක්ෂණය සැපයීම වෙනුවෙන් ටෙලිකොම් සමාගමේ රු. මිලියන 100ක් ලබා ගෙන ඇත.  (සහෝදරියගේ පුත්‍රයා) 

ජානක ප්‍රියන්ත බංඩාර - සබරගමු ආණ්ඩුකාර (නෑයෙකි)

කුමාරි බාලසූරිය - දකුණු පළාත් ආණ්ඩුකාර (නෑයෙකි)


සී. වික්‍රමසූරිය - ගුවන් තොටුපළ අධිකාරියේ සභාපති (නෑයෙකි) 

ජාලිය වික්‍රමසූරිය - ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති (නෑයෙකි)
උදයංග වීරතුංග -  රුසියාවේ තානාපති (නෑයෙකි)


නිශාන්ත වික්‍රමසිංහ - සභාපති ශ්‍රී ලංකන් ගුවන් සේවය (ආර්යාවගේ නෑයෙකි) 

ඩිල්ෂාන් වික්‍රමසිංහ - ඩොලර් මිලියන 16 ඊ-ගවර්නන්ස් කොන්ත්‍රාත්කරු (නිශාන්ත වික්‍රමසිංහගේ සහෝදරයා, ආර්යාවගේ නෑයෙකි) 

මේ නෑයන් හැර තවත් නෑයන් ගැන විස්තර දන්නේ නම් සටහන් කරන්න





Comments

  1. තුන් සිංහලයම නෑයෝ නිසා upset නැහැ

    ReplyDelete
  2. ඇයි අපෙ අසන්ත කොළුවා

    ReplyDelete
  3. The majority of the people are not related to Mahinda Rajapakse.

    ReplyDelete
  4. අපි ඔක්‍කොම රජවරු,ඔක්‍කොම වැසි‍යෝ,තුන්සිංහලයම නෑදෑ‍යෝ.
    ‍මේ ර‍ටේ ඉපදුන ,ග‍මේ ‍වෙ‍ලේ හැදුනු හැ‍මෝම නෑදෑ‍යෝ තමයි.ඒක අරුමයක් ‍‍නෙ‍මෙයි.

    ReplyDelete
  5. රාඡපක්ෂ මහත්තයාගේ නෑදෑයෝ ගණ්න් කරනවට වඩා හොඳ නැද්ද, ඒ මනුස්සයා අපේ රටේ හදන පාලම්, වරායවල්, ගුවන් තොටුපලවල් ටික ගණන් කරලා කිව්වනම්......................
    ලැඡඡා නැද්ද ඒ දේවල් වලින් ප්‍රයෝඡන ගන්න ගමන්, ඒ මනුස්සයටම ගරහන්න...........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා