ප්‍රචණ්ඩම දින කීපය ඇරඹේ; පළමු ඉලක්කය ටිරාන් අලස්


(2010 ජනවාරි 22 -W3Lanka) මංගල සමරවීර නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ ක්‍රියාකාරී සාමාජික ටිරාන් අලස්ගේ නාවල නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව හා නිවස ගිනි ගෙන ඇති බව අලුත් ම වාර්තා පවසයි. 


අලස් අනතුරින් බේරී ඇති අතර ඔහුගේ වාහනයට ද හානි සිදු වී ඇත. ව්‍යාපාරිකයකු වන ටිරාන් අලස් කොළඹ ඩි.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ විදුහල්පති අලස්ගේ පුතෙකි. මීට පෙර ඔහු විසින් පවත්වාගෙන යන ලද මව්බිම පුවත්පත විවිධ බලපෑම්වලට යටත් කර වසා දැමීමට ද මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය.

විපක්ෂය තමන්ට ම බෝම්බ ගසාගෙන අනුකම්පා ඡන්ද ලබා ගැනීමට උත්සාහ කරනු ඇති බවට විමල් වීරවංශ ප්‍රමුඛ පිරිස් විසින් ප්‍රචාරයක් ආරම්භ කිරීමත් සමගම ජනාධිපතිවරණයේ අවසන් දින කීපයේදී ප්‍රචණ්ඩත්වය ඉහළ යැවීමේ සැලසුමක් ආණ්ඩුවට තිබෙන බවට බොහෝ දෙනා සැක පහළ කළහ.මෙය හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් විය හැකි බව ජනතාව සැක කරති.


ඉදිරි දින කීපය තවත් ප්‍රචණ්ඩ විය හැකි බවට මෙම සිද්ධිය අනාවැකි සපයයි.

Comments

  1. Alas මහත්තයෝ ඔයාලට ඔහොම වෙන්නම ඕනේ මහින්දව ජනාධිපති කෙරැවට....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා