මෛත්‍රීපාලට පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍යයි; ඒත් අනෙක් අයට........

(2010 ජනවාරි 28 -W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පවසයි. 


එහෙත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර විපක්ෂයේ සහාය ලබාගෙන හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ද, මහ මැතිවරණයක් නො පවත්වා ජනමත විචාරණයක් ඔස්සේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම කෙරෙහි ද ආණ්ඩුවේ නායකයන්ගේ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ. 


මහ මැතිවරණය පමා කිරීමේ හෝ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීමේ වැඩි උවමනාවක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට සම්බන්ධ වූ ඇමතිවරුන්ට බව ද ආරංචි මාර්ග පවසයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා