උතුරේ ඡන්ද කොල්ලය සාර්ථකයි


(2010 ජනවාරි 26 -W3Lanka) සිංහල ඡන්ද සිංහල වීරයන් දෙදෙනෙකු අතර බෙදී යන මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක වන්නේ සුළු ජාතික ඡන්ද වැටෙන ආකාරයයි.

2005දී මෙන් දෙමළ ජනයාගේ ඡන්දය වර්ජනය කර දීමට ප්‍රභාකරන් කෙනෙකු ද නැති 2010දී මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නිදහසේ ඡන්දය දෙන්නට බැරි වන වාතාවරණයක් නිර්මානය කිරීමයි. 


උතු‍රු පළාතේ මෙම උපායමාර්ගය අතිශය සාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග පවසයි. අවතැන් කඳවුරුවල ජනයාට කිලිනොච්චියට පැමිණීමට බස් රථ කලට වේලාවට ලබා නොදුන් අතර ඇතැම් බස් රථ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වන විට සවස 3.50 වූ බව ද සවස 4.00ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දී තිබුණු කාලය අවසන් වූ හෙයින් බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො ලැබුණු බව ද වාර්තා වේ. බොහෝ දෙනෙකුට මෙම පොකුරු ඡන්ද මධ්‍යස්ථානවල තමන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානය සොයා ගැනීමට පවා නො හැකි වී ඇත.



උතුරු පළාතේ දිස්ත්‍රික්ක බොහොමයක ඡන්ද කාඩ් පත් බෙදා හැර නො තිබිණි. මේ හේතුවෙන් ඡන්දය දැමීමට පැමිණි කිලිනොච්චියේ ජනයාට පළමුව තැපැල් කාර්යාලයට ගොස් ඡන්ද කාඩ් පත රැගෙන ඒමට සිදු විය. 


හැඳුනුම්පත් නැතිකම බොහෝ දෙනෙකුට තිබුණු බරපතල ගැටළුවක් විය. අවතැන් ජනයාට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ඡන්දය සඳහා වලංගු බව ඡන්ද මධ්‍යස්ථාන වෙත දැනුම් දුන්නේ දවල් 11.30ට පමණ ය. ඒ වන විට ඡන්දය දීමට පැමිණි බොහෝ ජනයා ආපසු හැරී ගොස් තිබිණි. 


යාපනයේ අද පාන්දරින් සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් භීෂණ තත්වයක් නිර්මාණය වී තිබුණු අතර ඡන්දය දීම සඳහා ගියේ සුළු පිරිසකි. 


සමස්තයක් ලෙස උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ වීම 30%ට අඩු බව නිල නො වන ආරංචි මාර්ග පවසයි. කිලිනොච්චි, මුලතිව් වැනි අවතැන් ජනයා ජීවත් වන දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ වීම 10%ටත් අඩු වූ බව ආරංචි මාර්ග පවසයි. 


2005දී ප්‍රභාකරන් දෙමළ ජනයා ඡන්ද බලය පාවිච්චි කිරීම වළක්වා මහින්ද රාජපක්ෂ දිනවීය. 2010දී මහින්ද රාජපක්ෂ ම එය කර තිබේ.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා