Posts

Showing posts with the label මැතිවරණ දූෂණ

නාවලපිටියේ ගොයම් කෑවේ වැටයි නියරයි | No culprits for election malpractises in Nawalapitiya

Image
(2010 මැයි 02 -  W3Lanka )  නාවලපිටියේ මහ මැතිවරණය දිනයේ සිදු වූ මැතිවරණ දූෂණ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 37ක ඡන්දය ශුන්‍ය කර නැවත පවත්වන ලදී. ඡන්දය නැවත පැවැත්වීමට රු. ලක්ෂ 35ක් මහජන මුදල් වැය විය. මහජනතාවගේ කාලය නාස්ති විය. නිෂ්පාදනය අඩාල විය. මහනුවර දිස්ත්‍රික්කයේ හා සමස්ත හ්‍රී ලංකාවේ ම ප්‍රතිඵල පමා විය. එහෙත්, පොලිසිය මෙම මැතිවරණ දූෂණ කළ කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ඒ කියන්නේ කිසිවකු මැර ක්‍රියාවල යෙදි නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම දූෂණ පිළිබඳ පරීක්ෂා කරන්නට පත් කළ කමිටුව කියන පරිදි කිසිදු අපේක්ෂකයකු මෙම දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ නැත. මහින්දානන්ද අලුත්ගමගේ කිසිදු මැර ක්‍රියාවක් මෙහෙයවා නැත. එසේ නම්, මැතිවරණ නිලධාරීන් අක්‍රමිකතා පිළිබඳ වාර්තා කර තිබෙන්නේ බොරුවට ය. මැතිවරණ කොමසාරිස් නාවලපිටියේ ඡන්දය ශුන්‍ය කළේ මෙම බොරු වාර්තා පදනම් කරගෙනයි. මැතිවරණ කොමසාරිස් ආතතියෙන් පෙළෙන බව ජනවාරි 27 දින ඔහු ම පැවසීය. ආතතියට නැති දේ ඇති වී පෙනේද?

ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න

Image
(2010 අප්‍රේල් 08-  W3Lanka  )  මෙවර මහ ආතතියේදී අපේක්ෂා කළ හැකි ජිල්මාට් මෙසේයි. මිනිසුන් ඡන්දය නොදී ගෙදර සිටියදීත් ඡන්දය දුන් ප්‍රතිශතය 75% ඉක්මවීම.  දෙන ලදැයි කියන ඡන්ද අතරින් තුනෙන් දෙකක් ගම්මිරිස් කොළයට ලැබීම. තැපැල් ඡන්දවලින් 90%ක් පමණ ගම්මිරිස් කොළයට වැටීම. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත වැනි ශ්‍රී ලංකාකාරයන්ට මනාප අඩු වීම.  රජ පුතුන්, රාජ සහෝදරයන් හා සෙසු රාජ චෞරයන් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන මනාප ඡන්ද සංඛ්‍යාවන් හා ප්‍රතිශත ලැබීම.  රනිල් වික්‍රමසිංහගේ මනාප විශාල වශයෙන් අඩු වීම. සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසමත් වීම.  ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න.  නැතිනම් කකුල් දෙක අස්සේ අත් දෙක රුවාගෙන නිදාගෙන හෙට උදේ දහයට නැගිට මෙහි එන්න.  ආතති කොමාට නිරෝගී සුව! ඔබට සුව නින්දක්! ප්‍රජාතන්ත්‍රවාදයට නිවන් සැප ලැබේවා!

ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ අපි

Image
(2010 පෙබරවාරි 03- W3Lanka )  ඕනෑම ජනමත සමීක්ෂණයක් කරන්නේ කිසියම් නියැදියක් යොදාගෙනයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබද අප විසින් පවත්වන ලද ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ප්‍රතිචාර 340ක නියැදියකින් 63%ක් පවසන්නේ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බවයි. අප මෙම ජනමත සමික්ෂණයේ ප්‍රතිඵල මෙහි පළ කළේ කිසියම් නිරීක්ෂණයක් ලෙස පමණි. ඇතැමුන් එයින් කුපිත වී ඇති බව අපට ලැබෙන අදහස් දැක්වීම් හා විද්‍යුත් ලියුම් වැනි ප්‍රතිචාරවලින් පෙනේ. ජයග්‍රාහකයන්ගේ මෙවැනි ප්‍රතිචාර විසින් ඇත්තෙන් ම ඇති කරනු ලබන්නේ හොඳ ප්‍රතිඵල නොවේ. මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි යම් කුකුසක් ජනතාව තුළ ඇති බව අන්තර්ජාලයේ පමණක් නොව සාමාන්‍ය මිනිසුන් ජීවත් වන සමාජයේ හැසිරෙන ඕනෑම කෙනෙක් දනිති. මෙය බරපතල තත්වයකි. මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සමාජයක විශ්වාසය නැති වී යාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අපේක්ෂා ඇති සමාජයක නම් ඔල්වරසන් දීමට නොව හඬා වැටීමට හේතුවකි. 'රජ කාලෙ' දක්වා ආපසු යාමට කැමැත්තෙන් සිටින්නන්ට නම් එය ප්‍රශ්නයක් නො වන්නට පුළුවන. එහෙත්, රජුන් ඇසුර කෙතරම් අනතුරුදායකදැයි යළි වටහා ගන්නා විට සමාජය හිස්ගැසුම්...

ඡන්ද ගණන් කිරීමේ හොර ගැන එජාප කරුණු රැස් කරයි

(2010 ජනවාරි 30- W3Lanka )  දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි විපක්ෂ නියෝජිතයන් පළවා හැරීමේ සිද්ධීන් රැසක් හා ප්‍රතිඵල විකෘති කිරීම් පිළිබඳව තමන් කරුණු එක්රැස් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසයි.  ජනාධිපතිවරණය හා අදාළ ගණන් කිරීමේ පත්‍රිකා විනාශ කිරීමේ සූදානමක් ඇති බවට ද ඔහු අනතුරු අඟවයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන ඡන්ද ගණන් කරන අතරතුර ලැබූ අත්දැකීමක් විස්තර කරන්නේ මෙසේ ය: මේ ජනාධිපතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්‌ඨාශය වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ බලයලත් නියෝජිතයා ලෙස පත් කළේ මාව. වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමයි ගණන් කිරීම් කළේ. අපේ පක්‍ෂය වෙනුවෙන් ගණන් කිරීමේ නියෝජිතයෝ ඇතළු කළා. 27 වැනිදා පාන්දර 2.30 ට විතර සිවිල් ගුවන් සේවා ඇමැති සරත් ගුණරත්න මහතා ආධාරකරුවන් පිරිසක්‌ සමග මේ පරිශ්‍රයට ආවා. ඇවිත් තර්ජනය කළා. "මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සියයට හැට දෙකකින් ඡන්දය දිනලා ඉවරයි. ඒත් මුං තවමත් මේක ඇතුලේ. උඹලා ඔක්‌කොම තව විනාඩි දහයක්‌ ඇතුළත එළියට යන්න ඕනේ. නැත්නම් අපි දන්නවා යවන හැටි කියමින් ඇමැතිවරයා කෑ ගසද්...

කොළඹ තැපැල් ඡන්දෙනුත් මහින්ද දිනුම්

Image
(2010 ජනවාරි 27 - W3Lanka ) ලංකාවේ ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් වෙමින් තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තිබේ.  සරත් ෆොන්සේකාට වාසිදායක දිස්ත්‍රික්ක වන කොළඹ, මහනුවර, නුවරඑළිය, වන්නි ආදියෙන් පවා තැපැල් ඡන්දවලින් සරත් ෆොන්සේකා මෙන් දෙගුණයක් පමණ ඡන්ද ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වීම සුවිශේෂ තත්වයකි. මේ අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය ජනාධිපතිට සමීප යයි කියන නම් නො කළ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තැපැල් ඡන්ද ලක්ෂයක් පමණ ලබා ගැනීමේ සැලසුමක් තිබුණු බවට චෝදනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම වෙබ් අඩවිය මේ වන විට ලංකාවේ පාඨකයන්ට බැලීමට නො හැකි ය.

උතුරේ ඡන්ද කොල්ලය සාර්ථකයි

Image
(2010 ජනවාරි 26 - W3Lanka ) සිංහල ඡන්ද සිංහල වීරයන් දෙදෙනෙකු අතර බෙදී යන මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක වන්නේ සුළු ජාතික ඡන්ද වැටෙන ආකාරයයි. 2005දී මෙන් දෙමළ ජනයාගේ ඡන්දය වර්ජනය කර දීමට ප්‍රභාකරන් කෙනෙකු ද නැති 2010දී මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නිදහසේ ඡන්දය දෙන්නට බැරි වන වාතාවරණයක් නිර්මානය කිරීමයි.  උතු‍රු පළාතේ මෙම උපායමාර්ගය අතිශය සාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග පවසයි. අවතැන් කඳවුරුවල ජනයාට කිලිනොච්චියට පැමිණීමට බස් රථ කලට වේලාවට ලබා නොදුන් අතර ඇතැම් බස් රථ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වන විට සවස 3.50 වූ බව ද සවස 4.00ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දී තිබුණු කාලය අවසන් වූ හෙයින් බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො ලැබුණු බව ද වාර්තා වේ. බොහෝ දෙනෙකුට මෙම පොකුරු ඡන්ද මධ්‍යස්ථානවල තමන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානය සොයා ගැනීමට පවා නො හැකි වී ඇත. උතුරු පළාතේ දිස්ත්‍රික්ක බොහොමයක ඡන්ද කාඩ් පත් බෙදා හැර නො තිබිණි. මේ හේතුවෙන් ඡන්දය දැමීමට පැමිණි කිලිනොච්චියේ ජනයාට පළමුව තැපැල් කාර්යාලයට ගොස් ඡන්ද කාඩ් පත රැගෙන ඒමට සිදු විය.  හැඳුනුම්පත් නැතිකම බොහෝ දෙ...

දේශප්‍රේමී සළු ඇඳ සිටින සමාජ විරෝධී කඩාකප්පල්කාරීන්ට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු ය

Image
(2010 ජනවාරි 26 - W3Lanka ) ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය පිණිස සියලු මහජන දේපල පාවිච්චි කළ ආණ්ඩුව අන්තිම තුරුම්පුව ලෙස ගැසුවේ සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව ලැබී නැත්තේ ඔහු මෙරට පුරවැසියකු නො වන නිසා ය යන සාවද්‍ය ප්‍රචාරය රාජ්‍ය මාධ්‍ය හරහා ගෙන යාමයි. රාජ්‍ය මාධ්‍ය හරහා මෙම ප්‍රචාරය ගෙන යාමට මුල් වූයේ විමල් වීරවංශ ය. සත්තකින් ම සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව අහිමි වූයේ ඔහු 2008 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නො සිටි නිසා ය. එම හේතුව නිසා ම විමල් වීරවංශට ද මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය දීමේ අවස්ථාව නො ලැබිණි. විමල් වීරවංශ විසින් අවුස්සන ලද මෙම නින්දා සහගත කුණු ගොඩ හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සිදු විය. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. මෙම ප්‍රශ්නය පිළිබඳව සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත් වේ. ඔහු කීවේ මෙසේ ය. "මම 2008 වසරේ ඡන්ද නාමලේඛනයට මගේ නම ඇතුළත් කරන ලෙස අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් ඒ ඡන්ද හිමි නාමලේඛණයට...

හෙට වෙනුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්න

Image
(2010 ජනවාරි 26 -W3Lanka) හෙට උදෑසන වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය හැකි ය. ජනාධිපතිවරණය ඉතා උණුසුම් එකක් බැවින් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන දෙදෙනා අතරින් කවුරුන් ජය ගනු ඇද්දැයි අනාවැකි කීම දුෂ්කර ය.  එහෙත් එකක් පැහැදිලි ය. මෙම ජනාධිපතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා නො ලැබිණි. මහින්ද රාජපක්ෂ නම් අපේක්ෂකයා ජනාධිපති ධුරයේ බලය හා ආණ්ඩු බලය මුළුමනින් ම සිය ප්‍රචාරක ව්‍යාපාරය සදහා භාවිතා කළ අතර ඡන්දය පැවැත්වෙන අතරතුරදී පවා රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර දෙමින් සිටියි.  මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිරිපත් කරන ලද සරත් ‍කෝන්ගහගේ වැනි ව්‍යාජ අපේක්ෂකයන් හැර වාමාංශික, ස්වාධීන හා වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුට රාජ්‍ය මාධ්‍ය විසින් අවස්ථා ලබා දුන්නේ නැත. මෙම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ඡන්දය දිනිය යුත්තේ අඩු වශයෙන් 60%කවත් ඡන්ද ප්‍රතිශතයකිනි. නැතිනම් එය නියත පරාජයකි.  කවුරු දිනුවත්, පැරදුණත් මෙම ප්‍රතිඵලය පිළි නො ගත යුතු ය. සාධාරණ ජනාධිපතිවරනයක් සඳහා සටන් කළ යුතු ය. මෙවැනි දූෂිත මැතිවරණ ක්‍රම හෙළා දැකිය යුතු ය. දූෂකයන් පිටු දැකිය ය...

කළ ගුණ සලකමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්වාදයට ඡන්දය දෙමු!

Image
(2010 ජනවාරි 26 -W3Lanka) ලංකාවේ හයවන ජනාධිපතිවරණය අද පැවැත්වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 11098කදී 1,40,88,500ක් ජනයා ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති.  මෙය ඉතිහාසයේ දූෂිත ම ජනාධිපතිවරණයයි. ජනාධිපති මහින්ද‍ රාජපක්ෂගේ ප්‍රචාරණය සදහා සියලු රාජ්‍ය සම්පත් හිරිකිතයකින් භාවිතා කෙරුන අතර මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මේ මොහොතේත් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර ගසනු ලැබේ.  ඊයේ රාත්‍රියේ අලුවන ලද පෝස්ටරයක පිංතූරයක් අද දිනම්ණ මුල පිටේ ඇත.. දේශපාලන සටන් පාඨ නැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තේමාව 'කළ ගුණ සලකනු' යන භාවාතිශය අදේශපාලනික ඉල්ලීමයි. යුද්ධයේ විශාල කාර්යභාරයක් කළ සරත් ෆොන්සේකාට 'කළ ගුණ නො සලකනු' යන අදහස ද එතුළ ගැබ් වේ.  කළ ගුණ සැලකීම උතුම් දෙයකි. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තිබේ. රු. දාහේ නෝට්ටු මූණතේ මූණත්තහඩුව මුද්‍රණය කිර දුන් විට ඉවසා දරා ගැනීම එක් කළ ගුණ සැලකීමකි. පසුගිය කා‍ලයේ උදේ සිට රෑ වන තෙක් 'මහ රජාණනේ' ගිතය ඇසීම තවත් ආකාරයකි.  කළ ගුණ සලකනවා ය කියා රටේ නීතිය උල්ලංඝනය කිරීමට හා මහජන දේපල සූරා කෑමට ඉඩ දීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල්...

දිනුවත් පැරදුනත් දිගට ම ජනපති මහින්ද

Image
(2010 ජනවාරි 24 -W3Lanka) ජනවාරි 26දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් දිගට ම බලයේ සිටීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  මේ බව ඉඟි කරන ප්‍රකාශයක් ඊයේ කළ ඔහු කීවේ තමන්ට තව දෙවසරක ධුර කාලය ඉතිරි වී ඇති හෙයින් දිවුරුම් දෙන දිනය තීරණය කරන්නේ තමන් බවයි.  ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වුවත් ඔහුට බලය රැක ගැනීම සඳහා දේශපාලනයෙන් තනතුරු ලබා ගත් ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු ම සහාය පළ කර ඇති බව ද වාර්තා වේ. ජනාධිපතිවරණ දිනයේ සහ ඊට පසු දිනයේ ජාතික රූපවාහිනියේ තෝරා ගත් සේවක පිරිසක් හැර සෙසු අයට නිවාඩු දී ඇත්තේ මෙම මෙහෙයුමේ මාධ්‍ය භූමිකාවේ කොටසක් ලෙස බව ද දැගන්නට තිබේ.

Operation Do or Die; ඡන්ද මංකොල්ලය සූදානම්!

Image
(2010 ජනවාරි 24 -W3Lanka) ජනවාරි 26දා පැවැත්වෙන ජනාධිපතිවරණය දැඩි උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමග ම පරාජයේ භීතිකාවකින් පෙළෙන පාලක පක්ෂය 'කෙසේ හෝ ඡන්දය දිනීමේ' සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ. විපක්ෂයට ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි පුද්ගලයන්ගේ හැඳුනුම්පත් පැහැරගෙන ඡන්දය දීමෙන් වැළැක්වීම හා විදෙස්ගත පුද්ගලයන්ගේ ඡන්දය හොරෙන් දැමීම ආදිය ඒ අතරින් ප්‍රමුඛ වේ. ‍ජනතාව බියපත් කිරීමේ, හොර ඡන්ද දැමීමේ, ඡන්ද පෙට්ටි පිරවීමේ හා ඡන්ද පෙට්ටි මාරු කිරීමේ සැලසුම් පවා ඇති බව විපක්ෂය පවසයි. දැනටමත් වතු කීපයක දෙමළ කම්කරුවන්ගේ හැඳුනුම්පත් මෙසේ පැහැරගෙන තිබේ.  'කෙසේ හෝ ඡන්දය දිනීමේ' සැලැස්ම මුහුණ දෙමින් සිටින ප්‍රධාන ම ගැටළුව වන්නේ බිම් මට්ටමේදී මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහයෝගය දීම සඳහා පුද්ගල සම්පත් හිඟ වීමයි. ඒ නිසා ත්‍රිවිධ හමුදාව පවා එම කටයුතු සඳහා යෙදවීමට සිදු වී ඇති අතර ලොරියකින් සරත් ෆොන්සේකාට එරෙහි මඩ පෝස්ටර් හා අරක්කු ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා භටයින් දෙදෙනෙක් කුරුණෑගල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවේ  සිටි කොටි සැකකර...

මුසම්මිල් අල්ලස් ගත් මුදලින් ලක්ෂ 258ක් රහස් පොලිසියට දෙන විට අතුරුදහන්

Image
(2010 ජනවාරි 23 -W3Lanka) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ යයි දිවයින පුවත්පත වාර්තා කරන පරිදි ඔහුට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ලැබුණු සියලුම මුදල් නෝට්‌ටු රහස්‌ පොලිසියට ඉදිරිපත් කළේ ගණන් කිරීමකින් තොරව වන අතර රහස්‌ පොලිසිය එම මුදල් ගණන් කිරීමේදී රුපියල් ලක්‍ෂ හතලිස්‌ දෙකක්‌ තිබී ඇත. ජනවාරි 16 දින ඔහු පැවසුවේ මෙසේ ය.   ”...සරත් ෆොන්සේකා මහතාට සහාය දෙන්න කියලා මට ආරාධනා කළේ මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයායි. මේ බව සරත් ෆොන්සේකා මහතාගේ හා රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක යන අයගේ වුවමනාව මත සිදුවන බවත් මයෝන් මුස්තාපා මට කීවා. මේ විදිහට සාකච්ඡා වට කිහිපයක් ගියා. ඔවුන් මට පොරොන්දු වුණා රුපියල් ලක්ෂ 300ක්, විදේශ සංචාර හා පූර්ණ ආරක්ෂාව දෙනවාය කියලා. මම මේ ගැන අපේ නායක විමල් වීරවංශ මහතාව දැනුවත් කළා.  මේ කුමන්ත්‍රණය මහජනතාවට හෙළිදරවු කරන්න ඕනැය කියලා අපි තීරණය කළා. ෆොන්සේකා මහතාගේ දෙවැනි මෙහෙයුම කියන්නේ ලක්ෂ ගණන් මුදල් දීලා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම බව මහජනතාවට පෙන්වා දෙන්න ඕන වුණා. මේ අනුව මම රනිල් ...

ලක්‍ෂ තුන්සියයේ අල්ලස් කථාව පාරා වළල්ලක් වෙලා -ශිරාල් ලක්තිලක

Image
(2010 ජනවාරි 19 -W3Lanka) රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් ලබා ගත් බව ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව සරත් ෆොන්සේකාගේ නීතිඥයින් දැනටමත් අල්ලස් කොමසාරිස්වරයා වෙත නීත්‍යානුකූල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.  ජනරාල් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයට දිනා ගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් දුන් බව අදාල මන්තී‍්‍රවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. මෙම මාධ්‍ය සාකච්ඡාව හමුවේ කථා කළ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම මුදල පුවත්පත් ප‍්‍රචාරක දැන්වීම් පළ කිරීම සඳහා තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව ද කියා සිටියේය. "මොවුන්ගේ මෙවැනි අමුලික පට්ටපල් බොරු මහජනතාව කිසි ලෙසකින් විශ්වාස කළේ නැත. එහෙත් මොවුන්ගේ මෝඩකමේ මහත ඔවුහු මේ මුදල් මිටි මාධ්‍ය හමුවේදී පෙන්වූහ. එම දර්ශන සියලුම රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට මේ රටේ මහජනතාවට අවස්ථාව ලැබිණි. මේ රටේ අල්ලස් නීතිය අනුව අල්ලස් දෙන පුද්ගලය...

මැතිවරණ නිරීක්ෂකයන්ට සල්ලි මල්ලක්; බිම් මට්ටමේ නිරීක්ෂකයිනි ඔබේ දීමනාව ගැන සැලකිලිමත් වන්න

Image
(2010 ජනවාරි 19 -W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන දේශීය ජාතික බලවේගය පැරදවිම සඳහා මැතිවරණ නිරීක්ෂණ කඩතුරාවට මුවා වී ඇමරිකන් ගැති විජාතික බලවේගයේ ජයග‍්‍රහණය උදෙසා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයට (CMEV) ඇමරිකාවේ CIA රහස් ඔත්තු සේවය මගින් ඩොලර් දශලක්ෂයක මුදලක් ලබාදී ඇති බව Election Reporter නම් මැතිවරණ සමයේ නිකුත් කිරීම ආරම්භ කරන ලද විද්‍යුත් පුවත් හසුන පවසයි.  . මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදී ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සෘජුවම එහෙත් අදිසිව මෙහෙයවනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රය සදහා වූ ජාතික උරුමය හෙවත් National Endownment for Democarcy නම් සංවිධානය බව ඉකුත් ජනවාරි 06වනදා  එම සංවිධානය මගින් නිකුත් කර ඇති අභ්‍යන්තර රහස්‍ය ව්‍යාපෘති අනුමත කිරීමේ පති‍්‍රකාවක් මගින් අනාවරණයවී ඇති බව පුවත් හසුන පවසයි. එය වැඩි දුරටත් මෙසේ ද පවසයි. ප‍්‍රජාතන්ත‍්‍රය සදහා වූ ජාතික උරුමය නම් මෙම ඇමරිකානු සංවිධානය නිර්මානය කලේ හිටපු ඇමරිකානු ජනාධිපති රොනඞ් රේගන් විසින් 1983දීය. එහි මූලික අරමුණ වනුයේ ඇමරිකානු ආධිපත්‍යයවාදය පතුරුවා ලීමේ විදේශ ප‍්‍රතිපත්ත...

තිලංග හොරෙන් තැපැල් ඡන්ද ගැනලා?

(2010 ජනවාරි 17 -W3Lanka) ගිය සතියේ රහසිගතව ප්‍රකාශයට පත් කරන ලද තැපැල් ඡන්දවලින් මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව පාලක සන්ධානයේ බොරැල්ල සංවිධායක තිලංග සුමතිපාලගේ පවුලට අයත් ලක්බිම පුවත්පත පවසයි.  රහසිගතව ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද වැටුණේ කාටදැයි රජය හෝ මාධ්‍ය දැනගත්තේ කෙසේ ද යන්න බරපතල ගැටළුවකි.  රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම වාර්තාව පළ කර තිබේ. අයදුම්කරුවන් 401,018කින් 80%ක් පමණ ඡන්ද ප්‍රකාශ කළ අතර තැපැල් ඡන්ද දින දෙකේදී සිදුවීම් කීපයක් ද වාර්තා විය.

මැතිවරණ කොමසාරිස්ගෙන් චක්‍රලේඛ 100යි; පිළිපැදීම 0යි; චක්‍රලේඛ කොළවලින් බලධාරීහු පස්ස පිස දමති

Image
(2010 ජනවාරි 17 -W3Lanka)  ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිසිය, රාජ්‍ය මාධ්‍ය ඇතුළු ආයතන රැසකට චක්‍රලේඛ හා මාර්ගෝපදේශ 100කට වඩා එවා තිබෙනමුත් ඒවා පිළිපදින කෙනෙකු නැති බව වාර්තා වේ.  පොලිසියට නිකුත් කරන ලද උපදෙස් අතර වැඩියෙන් ම ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ප්‍රචාරක උපකරණ ඉවත් කිරීම පිළිබදවයි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට පොලිසිය අසමත් වී තිබේ. උපදෙස් පිළි නො පදින පොලිසියට මින් මතු එවැනි උපදෙස් නිකුත් නො කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා අවසානයේ තීරණය කර ඇත. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ ම කීවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය ඡන්ද පෙට්ටි බලා ගැනීම මිස මාධ්‍යවලට උපදෙස් දීම නො වන බවයි. මහජන මුදලින් නඩත්තු වන ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලිය හා රූපවාහිනිය විවෘතව ම ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකු වන මහින්ද රාජපක්ෂට පක්ෂව කටයුතු කරයි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය සම්බන්ධයෙන් පත් කරන ලද නිසි බලධාරියා වන ජයම්පති හෙට්ටිආරච්චි පවසන පරිදි දැන් හඩ්සන්ව වැඩසටහන් ඉද...

ජීවන වියදම් දීමනාව කැපූ ආණ්ඩුව 2500කින් පඩි වැඩි කරනවා කියන්නේ ප්‍රෝඩාවක් -ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

Image
(2010 ජනවාරි 11 -W3Lanka) සියලූ රජයේ සේවකයින් සඳහා ලබාදිය යුතු මාසික ජීවන අංක දීමනාව වන රු.375/= ක් ගිය වසරේ ජුලි මස සිට මේවන තෙක් ලබාදී නැත. ඒ අනුව පසුගිය මාස 06 ක් සඳහා ලැබිය යුතු හිඟ ජීවන අංක දීමනාව (375 X 6) රු. 2250/= ක් වුවත් මේවන විට රජයේ සේවකයින්ට හිමි විය යුතු එම හිඟ මුදලින් ආණ්ඩුවට ගෙවීමට තීරණය කර ඇත්තේ රු. 1500/= ක් පමණි. එම මුදලද ආණ්ඩුව ගෙවීමට මතක් වී ඇත්තේ තැපැල් ඡන්ද විමසීම අභියස තිබියදීම බව පෙන්වා දිය යුතු බව ජතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. රාජ්‍ය සේවයේ ඇතුළු පෞද්ගලික හා වතු කෙෂ්ත්‍රයේ සියලූ වැඩ කරන ජනතාවගේ මුලික වැටුප වැඩිවන ජීවන වියදමට සරිලන සේ වැඩි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියත් එය නොසලකා කටයුතු කරන ලද ආණ්ඩුවට මෙලෙස මැතිවරණය අභියස තිබියදී නව පොරොන්දු ලබාදීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. රාජ්‍ය සේවකයින්ට හිමි අයිතිවාසිකම් කප්පාදු කිරීමෙන් ද, ජීවන වියදම කොතෙක් වැඩි වුවද මුලික වැටුප මෙතෙක් වැඩි නොකිරිමෙන් ද, වැඩ කරන ජනතාව මුහුණ දෙන ජීවන දුෂ්කරතාවයන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක් ...

මැතිවරණ සමයේ පෙළපාලි නීති විරෝධීයි - නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිරීක්ෂණ මධ්‍යස්ථානය

Image
(2010 ජනවාරි 10 -W3Lanka) දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති මැතිවරණ නිතී උල්ලංඝනය කිරිමේ සිද්ධීන් රැසක් පිළිබඳව බලවත් කණස්සල්ල පළ කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඔව්න්ගේ ගවේෂණ වලින් සොයාගෙන ඇති පරිදි විරුද්ධවාදී කණ්ඩායම් සහ පක්ෂ එකිනෙකාට චෝදනා එල්ල කිරීම සඳහා බොහෝ සිදුවීම් අතිශයෝක්තියෙන් හුවා දැක්වීම පුරුද්දක් කරගෙන ඇති බවයි .අනෙක් පාර්ශවයට චෝදනා කිරීම සඳහා තමන් විසින්ම ක‍්‍රියාත්මක කරන මැතිවරණ කාර්යාල කඩා බිඳ දැමීම් හා ගිනි තැබීම් සිදු වන බව එම සංවිධානය පවසයි. එම සංවිධානය වැඩිදුරටත් මෙසේ ද පවසයි. "මැතිවරණ නීති ඉතා විවෘතවම උල්ලංඝනය කරමින් පෙළ පාළි සංවිධාන කිරීම් ගැන අපට වාර්තා වී තිබේ. 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ අංක 69 (0)1 ඡේදය පරිදි නාමයෝජනා පත‍්‍ර බාර දුන් දිනයේ සිට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කොට සතියක් ගතවන කාලය අතරතුර දේශපාලන පෙළපාලි පැවැත්වීම හා ඒවාට සහභාගී වීම මහේස්ත‍්‍රාත් උසාවියේ විනිශ්චයට භාජන කළහැකි වරදකි. එබැවින් අප මැතිවරණ කොමසාරිස් තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපත...

වරාය සේවකයන් 300ක් හා වාහන 70ක් මහින්දගේ ඡන්ද ප්‍රචාරයට යොදලා

Image
(2010 ජනවාරි 07 -W3Lanka) මේවන විට වරාය අධිකාරියේ සේවකයින් වැටුප් සහිතව 300 කට අධික පිරිසක් ද වරායේ වාහන 70 ක් පමණද වරායේ සේවා කටයුතු වලින් නිදහස් කර නීති විරෝධිව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ද, ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්ට ද යොදවා ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නායක චන්ද්‍රසිරි මහගමගේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත. මේ පිරිසෙන් කණ්ඩායම් කිහිපයක්ම රැකවරණය ලබමින් සිටින්නේ කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 56 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධි රහසිගත කඳවුරක බව පැමිණිල්ලේ සඳහන් වේ. එයට අමතරව ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 300 දරණ ස්ථානය කුමන්ත‍්‍රණකාරි කටයුතු සැලසුම් කිරීමේ මුලස්ථානය බවට පත් කරගෙන ඇති බව ද සඳහන් වේ. එමෙන්ම ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 304- 10/11 දරණ ස්ථානයේ ද තවත් පිරිසක් වාහන සමඟ රඳවා තබා ඇත.  කොළඹ නගරයට අමතරව වරාය සේවකයින් යොදවා ඇඹිලිපිටිය සහ දඹුල්ල යන නගරවලද තවත් අනුඛණ්ඩ 2 ක් පවත්වාගෙන යන බවටද තොරතුරු ලැබී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.  මේ වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපති මැතිවරණ රැළි සඳහා වරාය අධිකාරිය...

ගෝඨාභයගේ දේශපාලන කථා නතර කරනු; එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි

Image
(2010 ජනවාරි 06 -W3Lanka) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ පිළිගත් මැතිවරණ නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු ලෙස කටයුතු කරන බැවින් ඔහුට විරුද්ධව වහා විනයානුකූල පියවර ගන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.  අමාත්‍යංශ ලේකම්වරුන්ද ඇතුළුව දේශපාලන අයිතිය නැති සියළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණ සමයේදී පක්‍ෂ දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතු යයි මැතිවරණ කොමසාරිස්වරයා මුලදීම උපදෙස් දී තිබිණ. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහු මෙම උපදෙස්වලට පටහැනිව යමින් සෘජු ලෙස හා වක‍්‍ර ලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් සිටින බව ද මොවුන් අතුරෙන් මැතිවරණ නීතිය ප‍්‍රසිද්ධියේම උල්ලංඝනය කරන රාජ්‍ය නිලධාරියා බවට පත්ව සිටින්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බව ද මොහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වෙමින් ප‍්‍රසිද්ධියේ පක්‍ෂ දේශපාලනයේ නිරත වනවා පමණක් නොව දැන් ප‍්‍රසිද්ධ දේශපාලන රැස්වීම්වලටද සහභාගි වෙමින් සිටින බව ද මෙම රැස්වීම්වලදී ඔහු සිය ප‍්‍රතිවාදි දේශපාලන කි‍්‍රයාකාරිකයින්, විශේෂයෙන් සරත් ෆොන්සේකා විවේචනයට ලක් කරන්නට පටන් ගෙන තිබෙන බව ද එක්සත් ජා...