ජීවන වියදම් දීමනාව කැපූ ආණ්ඩුව 2500කින් පඩි වැඩි කරනවා කියන්නේ ප්‍රෝඩාවක් -ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

(2010 ජනවාරි 11 -W3Lanka) සියලූ රජයේ සේවකයින් සඳහා ලබාදිය යුතු මාසික ජීවන අංක දීමනාව වන රු.375/= ක් ගිය වසරේ ජුලි මස සිට මේවන තෙක් ලබාදී නැත. ඒ අනුව පසුගිය මාස 06 ක් සඳහා ලැබිය යුතු හිඟ ජීවන අංක දීමනාව (375 X 6) රු. 2250/= ක් වුවත් මේවන විට රජයේ සේවකයින්ට හිමි විය යුතු එම හිඟ මුදලින් ආණ්ඩුවට ගෙවීමට තීරණය කර ඇත්තේ රු. 1500/= ක් පමණි. එම මුදලද ආණ්ඩුව ගෙවීමට මතක් වී ඇත්තේ තැපැල් ඡන්ද විමසීම අභියස තිබියදීම බව පෙන්වා දිය යුතු බව ජතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.


රාජ්‍ය සේවයේ ඇතුළු පෞද්ගලික හා වතු කෙෂ්ත්‍රයේ සියලූ වැඩ කරන ජනතාවගේ මුලික වැටුප වැඩිවන ජීවන වියදමට සරිලන සේ වැඩි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියත් එය නොසලකා කටයුතු කරන ලද ආණ්ඩුවට මෙලෙස මැතිවරණය අභියස තිබියදී නව පොරොන්දු ලබාදීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.


රාජ්‍ය සේවකයින්ට හිමි අයිතිවාසිකම් කප්පාදු කිරීමෙන් ද, ජීවන වියදම කොතෙක් වැඩි වුවද මුලික වැටුප මෙතෙක් වැඩි නොකිරිමෙන් ද, වැඩ කරන ජනතාව මුහුණ දෙන ජීවන දුෂ්කරතාවයන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක් වු ආණ්ඩුව කඩිමුඩියේ ලබන අයවැයෙන් රු. 2500/= ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව පැවසීම හුදු ඡන්ද ප්‍රෝඩාවක් පමණක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා