රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක්

(2010 ජනවාරි 12 -W3Lanka) දිවයින පුරා රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 40ක් පමණ හිග බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පිළි ගත් බව අද ඩේලි මිරර් පුවත්පත පවසයි. එම ඖෂධ ආනයනය කරනු ඇති බව එම නිලධාරියා පවසා තිබේ. 


සේනක බිබිලේ අනුස්මරණ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බංඩාර පවසන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක් ඇත. මේ අතර, ශල්‍ය උපකරණ හා හදවත්, වකුගඩු වැනි බරපතල රෝග තත්වයන්ට අවශ්‍ය ඖෂධ හා උපකරණ ද වේ. 

නිදසුනක් ලෙස හෘද රෝග තත්ත්වයන් හඳුනාගැනීමට සිදු කරනු ලබන අත්‍යවශ්‍ය "ඇන්ජියෝග්‍රෑම්" පරීක්‍ෂණය සඳහා යොදා ගන්නා ඩයි වර්ගය මෙම දිනවල කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හිඟව පැවැතීම නිසා එම රෝගීන්ට රුපියල් 3200 ත් 3500 ත් අතර මුදලක්‌ ගෙවා එම ඩයි වර්ගය පුද්ගලික අංශයෙන් මිලදී ගෙන පරීක්‍ෂණය සිදු කරගැනීමට සිදුව තිබේ.

දිළිදු ජනතාවට මෙම තත්වය තුළ සෞඛ්‍යාරක්ෂණය අහිමි වී ගොස් ඇත. විශේෂයෙන් ම මානසික රෝගීන් වැනි දිළිදුම සමාජ කොටස් මෙහිදී මුහුණ දෙන තත්වය අතිශය කණගාටුදායක ය.


රජයේ රෝහල්වල ඖෂධ හිගය කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් තිබී දැන් උපරිමයට පැමිණ තිබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා