මුසම්මිල් අල්ලස් ගත් මුදලින් ලක්ෂ 258ක් රහස් පොලිසියට දෙන විට අතුරුදහන්


(2010 ජනවාරි 23 -W3Lanka) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ යයි දිවයින පුවත්පත වාර්තා කරන පරිදි ඔහුට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ලැබුණු සියලුම මුදල් නෝට්‌ටු රහස්‌ පොලිසියට ඉදිරිපත් කළේ ගණන් කිරීමකින් තොරව වන අතර රහස්‌ පොලිසිය එම මුදල් ගණන් කිරීමේදී රුපියල් ලක්‍ෂ හතලිස්‌ දෙකක්‌ තිබී ඇත.



ජනවාරි 16 දින ඔහු පැවසුවේ මෙසේ ය.


 ”...සරත් ෆොන්සේකා මහතාට සහාය දෙන්න කියලා මට ආරාධනා කළේ මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයායි. මේ බව සරත් ෆොන්සේකා මහතාගේ හා රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක යන අයගේ වුවමනාව මත සිදුවන බවත් මයෝන් මුස්තාපා මට කීවා. මේ විදිහට සාකච්ඡා වට කිහිපයක් ගියා. ඔවුන් මට පොරොන්දු වුණා රුපියල් ලක්ෂ 300ක්, විදේශ සංචාර හා පූර්ණ ආරක්ෂාව දෙනවාය කියලා. මම මේ ගැන අපේ නායක විමල් වීරවංශ මහතාව දැනුවත් කළා. 

මේ කුමන්ත්‍රණය මහජනතාවට හෙළිදරවු කරන්න ඕනැය කියලා අපි තීරණය කළා. ෆොන්සේකා මහතාගේ දෙවැනි මෙහෙයුම කියන්නේ ලක්ෂ ගණන් මුදල් දීලා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම බව මහජනතාවට පෙන්වා දෙන්න ඕන වුණා. මේ අනුව මම රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක යන මහත්වරු එක්කත් සාකච්ඡා කළා. ඒ හඬපට සේරම මා ළඟ තියෙනවා. මුදල් දෙන වීඩියෝ පටයත් තියෙනවා.”



කුමක් හෝ හේතුවක් නිසා දැන් ලක්ෂ 300 ලක්ෂ 42ක් දක්වා අඩු වී තිබේ. ඉතිරි ලක්ෂ 258ට සිදු වූයේ කුමක්ද? මුසම්මිල් රහස් පොලිසියට භාර නොදී එම මුදල ළඟ තබා ගත්තා ද? නැතිනම් රහස් පොලිසියේ කවුරු හෝ ඒ රු. ලක්ෂ 258 ගත්තා ද? එජාපය ඔහුට පොරොන්දු වූ මුදල දුන්නේ නැද්ද? 


'මුදල් මිටි හතරක්‌ තමන්ට ලැබුණු බව ද එම මුදල් ලබා ගැනීමට පෙර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සියල්ල ගෙන තිබූ බව ද කී මන්ත්‍රීවරයා මුදල් ලබාගැනීමට පෙර ඒ බව කිසිවකුට දැනුම් නුදුන්නේ රහසිගතභාවය වැදගත් නිසා යෑයි ද ප්‍රකාශ කළේය,' යි අද දිවයින පුවත්පත පවසයි. 


අල්ලස ලබා ගැනීමට පෙර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සියල්ල ගෙනතිබිණි නම් අල්ලස දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නට බැරි වූයේ ඇයි?


මුසම්මිල් මෙම අල්ලස පිළිබඳ හෙළිදරව්ව කළේ ජනවාරි 16දා ය. ඔහුට අල්ලස් දී ඇත්තේ ජනවාරි 15දා ය. එහෙත් ඔහු අද දිවයින පුවත්පතට පවසන ආකාරයට ජනවාරි 18 වැනිදා අලුයම 1.50 ට එම ආයතනයට සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති අතර එදින උදේ 8.30 ට රහස්‌ පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පෙනී යන්නේ පැමිණිල්ල කර තිබෙන්නේ අල්ලස ගැනීමෙන් පසුව බවයි. 

ජනවාරි 17දා දිවයින පුවත්පත වාර්තා කළ පරිදි මුසාම්මිල් ඊට පෙර දින පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවේදී මෙසේ පැවසීය. 


"ඔවුන්ගේ දැනුම්දීම අනුව මම ඊයේ (15 දා) උදේ 9.00 ට විතර වැල්ලවත්ත සෆායා හෝටලයේ අංක 205 දරන කාමරයේදී මයොන් මුස්‌තාපා මන්ත්‍රීවරයා හමුවුණා. එතුමා නමින් පෙරේදා රාත්‍රි 11.00 ට තමයි ඒ කාමරය වෙන් කරගෙන තියෙන්නේ. එහිදී එතුමා මට විශාල මුදල් නෝට්‌ටු තොගයක්‌ ලබාදුන්නා. එතුමා සමඟ තවත් අයකු හිටියා. ඒ මුදල් නෝට්‌ටුවල වටිනාකම කොච්චරද කියලා මට තාම ගණන් කරන්න බැරිවුණා. මම හිතන්නේ එතන රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ තියෙනවා කියලයි. ඒ මුදල් නෝට්‌ටු තොගය දුන්න ඔවුන් කීවා අද හවසට ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩීන්ස්‌ පාරේ තිබෙන මැතිවරණ කාර්යාලයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමල් වීරවංශ සහෝදරයා ජෙනරාල්ට එරෙහිව නඟා තිබෙන හයිකොෆ් අවි ගනුදෙනුව හා ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම පිළිබඳව අපේ පක්‍ෂයේ සාකච්ඡාවලදී තීරණයක්‌ නොගත් බවත් එය පදනම් විරහිත චෝදනාවක්‌ බවටත් ප්‍රකාශ කරන්න කියලා. මා එයට එකඟවෙලා මෙයට මොහොතකට පෙර ඔවුන් සමඟ එම කාර්යාලයට ගියා. ඔවුන් මාව එහි බලහත්කාරයෙන් රඳවා තබාගන්න උත්සාහ කරන බවක්‌ දැනුන නිසා මම එහි සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක්‌ කරලා සල්ලි මිටි තිබුණ බෑග් එකත් අරගෙන එතනින් පැනගත්තා. මම මේ හැම දෙයක්‌ම කළේ අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාගේ උපදෙස්‌ අනුවයි. අපිට ඕනකම තිබුණා විපක්‍ෂය මහජන නියෝජිතයන් තම මුදල් බලයෙන් මිලදී අරගෙන මහජන පරමාධිපතිත්වය පාවාදෙන්න දරන උත්සාහය සාක්‍ෂි සහිතව ජනතාවට පෙන්නුම් කරන්න. ඔවුන් සමඟ මම කළ සාකච්ඡාවල හඬපට අපි ගාව තිබෙනවා. ඉදිරියේදී ඒවා මාධ්‍යයට ඉදිරිපත් කරනවා."

ඔහු ම කියන ආකාරයට ඔහු මෙම මුදල් රහස් පොලිසියට භාර දී ඇත්තේ දින තුනකට ආසන්න කාලයක් ළඟ තබා ගැනීමෙන් අනතුරුව ය. ඒ දින තුන තුළ ඒ මුදල ගණන් කිරීමට තරම්වත් මුදලට ගිජුකමක් මේ මන්ත්‍රීවරයාට තිබී නැත. එහෙත්, එජාපය දෙන බව කියූ ලක්ෂ 300 එම කාලය තුළදී ලක්ෂ 42ක් දක්වා අඩු වී තිබේ.



ඔහු රහස් පොලිසියට මුදල් භාර දෙන්නේ මෙතැන අපරාධයක් සිදු වී ඇති බැවිනි. ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කරන්නේ මෙය අල්ලස් ගැනීමක් වන බැවිනි. 


එහෙත්, අල්ලස් දුන් පුද්ගලයා හෝ තව ම අත්අඩංගුවට ගෙන නැත. ලක්ෂ 258කට වූ දේ ද අභිරහසකි. මුසම්මිල්ගේ ප්‍රකාශ අනුව සැකය රහස් පොලිසිය දෙසට ද යොමු වේ.




Comments

  1. තව දවස් පහළවකින් මෙවා යට ගිහින් මෙයාලා ආපහු මැතිසබයට ගියෙ නැත්තම් මට ජු...ජු... කියලා කතා කරන්න. යකො මටත් ඉපදෙන්න උනානෙ මෙ බල්ලොත් එක්ක....

    ReplyDelete
  2. hi,

    this is clearly shows the goebels system of your media. Musammil said he got an advance to participate the generals midea conference and after he said what they want, they will pay the rest. why don't you guys keep not saying that? why this 258Laks story popping now? you have to raise it in the first place know?

    its a shame man. find new news please and report them correctly.

    ReplyDelete
  3. This baby MP has kept this money bag for three days without counting it. We did not raise any issue. We just reported what he had told in two different occasions. It is crystal clear that there is a contradiction. Who would believe that he had not counted money as he kept the bag with him for three days? This is not kidding. These are the people's representatives. This is an incident regarding bribery. We urge to interrogate both the giving and taking parties. Then only we can find out who the offenders are.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා