ශ්‍රීලනිප අනාගත නායකයා පොළොන්නරුවේ 'වැඩ' පෙන්නයි; පිරිමි රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන්ට වැඩි හානි: පළමු මාධ්‍ය බිල්ල ගනියි


(2010 ජනවාරි 14 -W3Lanka) ජනාධිපතිවරණයේ ලේ වැකි ප්‍රචණ්ඩ අවධිය ජනවාරි 12දා රාජපක්ෂවරුන්ගේ ගම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර රාජපක්ෂලා ඉවතට විසි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටින න් පහර දපක්ෂයේ ලේකම් හා ඇමති මෛත්‍රීපාල සිරිසේන සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේ දෙවන අඩව්ව අල්ලා තිබේ. 


රාජපක්ෂලාගෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වයට සුදුසු තමන් යයි පෙන්වීමේ වෑයමක යෙදී සිටින සිරිසේන ජනාධිපතිවරණ සමයේ පළමු මාධ්‍ය බිල්ල ගැනීමේ 'ගෞරවයට' හිමිකම් කියයි. 


බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී.


උඩු රැවුල වැවූ, චන්ඩි පිරිමිකම හුවා දක්වන මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට කාන්තාවන් පත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා