විපක්ෂය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නට සැරසෙයි?

(2010 ජනවාරි 27 -W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය වැනි විපක්ෂ සන්ධානයේ බලවේග 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම විපක්ෂ ආරංචි මාර්ග පවසයි. 


ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘති එකක් බවට හා එය පිළි නො ගන්නා ලෙසට ඉල්ලා සරත් ෆොන්සේකාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විසින් ඊමේල් පණිවුඩ යවා තිබේ. 


මැතිවරණ කොමසාරිස්වරයා විසින් අවසන් ප්‍රතිඵලය නිවේදනය කිරීමෙන් අනතුරුව එම පක්ෂ සිය අදහස් නිල වශයෙන් දැක්වීමට හා ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ රැඳී සිටින අතර එයින් පිටව යාම සදහා ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමක් රජයෙන් ඉල්ලා ඇත. 


ඔහු අත්අඩංගුවට නො ගන්නා බව හා අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහු හා රැඳී සිටින හමුදාවෙන් පැන ආ පුද්ගලයන් පමණක් බව ආරක්ෂක අංශ පවසයි. 


ආණ්ඩුව පාර්ශ්වයෙන් ද ජයග්‍රහණය පිළිබඳ ඇත්තේ දැඩි නිහැඬියාවකි.

Comments

  1. Onna ubalage prajaathanthrawaadea.
    Karapalla...rata thawa tikak awulata adala daapalla.. owata ubalata withrak newei...ubalage param paraawatama anaagathe minissu saapa karai.

    Most of the people say election was peacefull and unbiased. Even Ranil said so and SF too.
    Another classic example of your political bankruptcy.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා