කොටි සංවිධානයේ අපේක්ෂාව මහින්ද


(2010 ජනවාරි 25 -W3Lanka) ලංකාවේ ජනාධිපතිවරණයේදී සිංහල ජාතිවාදය නිරුවතින් කරළියට නැඟීම විදෙස්ගත දෙමළ ජාතිකවාදීන්ගේ හා ඔවුන් අතර තවමත් ක්‍රියාත්මක ‍එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් ලැබෙන තොරතුරුවලින් හෙළි වේ. 

මෙහිදී දෙමළ ජාතිකවාදීන් සිය උපායමාර්ගය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට උපකාරී වන පුද්ගලයා ලෙස දකින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ද වාර්තා වේ. ඔහු විසින් මේ දිනවල සම්බන්ධන්-ෆොන්සේකා ගිවිසුමක් පිළිබඳ කියමින් සිංහල සමාජය තුළ දෙමළ ජාතිය කෙරෙහි වෛරයක් ඇති කරමින්, දෙමළ-සිංහල දෙසමාජයන් අතර සංහිඳියාවක් ඇති වීම වැළැක්වීම සිය ඊලාම්වාදී උපායමාර්ගය ඉදිරියට ගෙන යාමට රුකුලක් බව ‍දෙමළ ජාතිකවාදීහු පවසති. 



විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ආණ්ඩුවක් විසින් ජාත්‍යන්තර සහයෝගය ඇතිව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමකට තමන් තල්ලු කිරීමට ඇති ඉඩ දෙමළ ඊලාම්වාදය ඉදිරියේ ඇති ප්‍රබල ම අභියෝගය ලෙස ඔවුහු දකිති. 2005 ජනාධිපතිවරණයේදී මැතිවරණ වර්ජනයක් හරහා රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට කොටි සංවිධානය පියවර ගත්තේ ද මේ හා සමාන ස්ථාවරයක හිඳිමින් බව වාර්තා වේ. 

ලංකාවේ ජීවත් වන දෙමළ ජනයා මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය හේතුවෙන් ඔහුගෙන් තවත් ඈත්වන බව ද ඔහු බලයට පත් වුවහොත් දෙමළ හා සිංහල සමාජයන් අතර සංහිඳියාවක් හෝ බලය බෙදීම හරහා දේශපාලන විසඳුමක් ළඟා කර ගැනීමට උත්සාහයක් නො දැරෙන බැවින් එය ඊලාම් අරගලය යළි පණ ගැන්වීම සඳහා අවස්ථාව සපයනු ඇති බව ද දෙමළ ජාතිකවාදීන්ගේ විශ්වාසයයි. 


කෙසේ වෙතත්, 2010 ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි නො කියන දෙමළ ජාතිකවාදීහු යුද අපරාධ චෝදනා ලැබ තිබෙන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ම ඡන්දය නොදී වාමාංශික පෙරමුණේ අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටිති.

Comments

  1. Why would the TNA endorse Fonseka then? Why would Ranil go and tell Tamils that "it was Mahinda who gave orders, and Fonseka merely carried them out." Why do all Tamil extremists seem to support Fonseka?

    ReplyDelete
  2. No Tamil extremist is supporting any of the candidates. Read Tamilnet to see what they are doing and thinking. They do not want participatory politics with Sinhala people. TNA actually represents moderate Tamil nationalists. It once acted proxy to LTTE because of fear. Now they are shunned by Tamil hardliners in the diaspora.

    ReplyDelete
  3. දෙමළ ජාතිවාදින්ගේ සහය මහින්දට නම් ඇයි SF පත් වුනොත් උතුරු නැගෙනහිර එක්කරන්න SF ගෙ සහය ගන්න පුලුවන් වේවි කියල සම්බන්දන් Tamilnet එකට කියල තියෙන්නෙ?

    "We stand firm in our decision to keep North and East undivided and when Sarath Fonseka is elected president we will certainly hold talks with him to unite North and East" Sambanthan
    TamilNet 24/01/2010

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා