කොටි සංවිධානය නැවත ගොඩනැගීම හා නැවත මර්දනය කිරීම
තේවියන්, ගෝපි, අප්පන් විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් විසින් ලංකාවේ පොළවේ කොටි සංවිධානය නැවත ගොඩනැගීමට දරන ලද ප්‍රයත්නයක් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ඉතා කෘෘර ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කර දැමුවේ ය. වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ කොටි සංවිධානය නඟා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවකු වූ තේවියන්ගේ නායකත්වයෙන් යුත් යාන්ත්‍රණය ම මේ වන විට විනාශ කර දමා තිබේ. තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දමන ලදී. ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයකු ද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද අත්අඩංගුවේ ය. ඔවුන් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාස ආදී සියල්ල මේ වන විට අක්‍රිය කර දමා තිබේ. මෙම මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිම බලය පාවිච්චි කළ හ. නිදසුනක් ලෙස වන්නි වනයේ සැඟවී සිටි තේවියන්, ගෝපි හා අප්පන් යන තිදෙනා විනාශ කිරීමට හමුදා සෙබලුන් 3000ක් යොදා ගන්නා ලදී. කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා දරන ලද මෙම ප්‍රයත්නය මුලිනුපුටා දැමීම පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් ද මතු වූය...