කරුණ රසය දනවන කරුණා අම්මාන්

(2010 දෙසැම්බර් 15, W3Lankaඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාතේ අණදෙන්නා සහ නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් ප්‍රසිද්ධව සිටියේ කොටි සංවිධානයේ දැඩි ම මතධාරියකු ලෙසයි. පසුගිය සටන් විරාම සමයේ පවා ඔහු හැසිරුණේ අනම්‍ය ස්වරූපයකිනි.


බොහෝ දැඩි මතධාරීන්ගේ දැඩි මත ඔවුන්ගේ මෘදු අභ්‍යන්තරය වසාගෙන සිටින පිට කටු පමණක් බවට සාක්ෂි ඕනෑ තරම් ඇති අතර කරුණා අම්මාන් ද ඒ සඳහා ප්‍රබල සාක්ෂියකි.


උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම ඉදිරියේ සාක්ෂි දුන් කරුණා අම්මාන් 1990දී දෙවන දෙමළ ඊලාම් යුද්ධය ආරම්භ වන අවස්ථාවේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන ලද බව පිළි ගත්තේ ය.


වැඩේ කියන්නේ ඒ වන විට නැගෙනහිර කොටි නායකයා ව සිටි කරුණා අම්මාන් එහි සිට නැත. ඔහු සිටියේ යාපනයේ බව ඔහු කියයි.


ඔහු සිටියා නම් සමහර විට මෙම යුද අපරාධය සිදු නො වන්නට තිබුණා ය කියා ප්‍රකාශ කිරීමේ උවමනාවක් කරුණා අම්මාන්ට තිබෙන්නට පුළුවන.


වැරදි කර අසු වූ විට කවුරුත් කියන්නේ ඔහොම තමයි ය.


කරුණා අම්මාන් ගොදුරු වී ඇත්තේ අනුකම්පාව දනවන ඉරණමකටයි. කොටි සංවිධානය විසින් ඔහු පිළිබඳ ගන්නා ලද තීරණයට හිස නො නැමූ ඔහුට එතැන් සිට ආරම්භ කරන ලද ගමන කෙතරම් දුරක් යන්නට සිදු වී තිබේ ද?


දකුණේ ක්‍රම විරෝධී දේශපාලනයේ යෙදුණු විමල් වීරවංශට අත් වූ ඉරණම ද මෙවැනි ම එකකි.


ඔවුන් දේශපාලනිකව යම් බලවත් තැනකට පත් වී ඇතත්, ඒ වනාහි ඔවුන්ගේ දීර්ඝකාලීන පරමාදර්ශ සමග ගත් කල  අපගමනයක් බව ඔවුහු දනිති. මේ මිනිසුන් සිය හෘදය සාක්ෂිය සමග දැඩි අරගලයක යෙදී සිටිනවා විය හැකි ය.


කෙන් ලෝච් අධ්‍යක්ෂණය කළ The Wind That Shakes the Barley (2006) නම් උතුරු අයර්ලන්ත අරගලය පසුබිම් කර ගත් චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් වන අයර්ලන්ත විමුක්ති හමුදාවේ ගරිල්ලකු වන ඩේමියන් තමා සහ තම කණ්ඩායමේ පිරිසක් අත් අඩංගුවට ගැනීමට හා කිහිපදෙනෙකු මරා දැමීමට හේතු වන තොරතුරක් හෙළිදරව් කළ සිය දිගුකාලීන මිතුරකු වූ ක්‍රිස් මරා දමයි. ඒ සංවිධානයේ අණකට හිස නමමිනි. ඉන් පසු ඔහු කියන දෙයක් වන්නේ සිය මිතුරා මරා දැමීමෙන් පසු ඔහුට ආපසු හැරීමක් නැති බවයි. අන්තිමේදී බ්‍රිතාන්‍යය හා අයර්ලන්ත විමුක්ති හමුදාව අතර සාම ගිවිසුමට විරුද්ධ වන ඩේමියන් එයට පක්ෂ වන ඔහුගේ ම සොයුරු ටෙඩීගේ අණකින් වෙඩි තබා මරා දමනු ලැබේ. 


විප්ලවවාදීහු ද මිනිස්සු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. >>කරුණා අම්මාන් ගොදුරු වී ඇත්තේ අනුකම්පාව දනවන ඉරණමකටයි. කොටි සංවිධානය විසින් ඔහු පිළිබඳ ගන්නා ලද තීරණයට හිස නො නැමූ ඔහුට එතැන් සිට ආරම්භ කරන ලද ගමන කෙතරම් දුරක් යන්නට සිදු වී තිබේ ද?<<

    මෝඩයා, එතකොට තොපි කියන්නෙ කරුණාට නැවතත් ත්‍රස්තවාදියෙක් වෙන්න කියලද? පරිස්සම් වෙලා හිටපන්, උඹේ බ්ලොග් එක රිපෝට් වෙලා ඉවරයි

    ReplyDelete
  2. @Ranga Jayawardene

    ලංකාවේ ත්‍රස්තවාදීන් වැඩි දෙනෙක් දැන් කරන්නේ බ්ලොග් ලියන එක ය. නිර්නාමිකව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන එවැන්නන් අතර රංග ජයවර්ධන (බොරු නමක් විය හැකි ය) කැපී පෙනෙන බව පවසන්නෙමි.

    තමන්ට නො තේරෙන හෝ තමන් අකැමැති දේ ලියන අය මරා දැමිය යුතු ය කියා නිතර කියන සිංහල බ්ලොග්කරුවන් ගැන අපට කණගාටු ය.

    ත්‍රස්තවාදයෙන් අත් මිදෙන්න හොඳ ම මග අනුන්ගේ අදහස්වලට සවන් දෙන්නට පුරුදු වීමයි.

    ReplyDelete
  3. mevani obakiyana blogkaruvanta kiyala api jeevath vena vatapitava mokakda(prajathantravadeeda,samajavadeeda,passistda,kadeyanavadeeda),mokakdakiyala apta vatahala denavanam loku udavvak.

    ReplyDelete
  4. Who says they (Karuna & Wansa) are revolutionaries...they are scoundrels. They found refuge in extremist movements temporarily and moved to the MR's Garbage Can which is being constantly filled with the similar scoundrels drawn from the political and social divide...The revolutions/rebellions they engaged were frauds...they deceived others in their movements and now doing the same with the larger society...they do same to their present Master one day...wait and see

    ReplyDelete
  5. කවුද කාටද මේවා කියන්නේ......

    ReplyDelete
  6. @ranga-- ubath kotiyekda????

    ReplyDelete
  7. Ranga jayawardene is just a phycopath who label every single peace loving sinhalese as "Sinhala koti" .

    He's so busy running tamilnet.tv& helahanda.com. W3 is in danger now since Ranga sri sri sri patriot's reported him :- ). gihin wimal weerawanshata p*** deepan .

    ReplyDelete
  8. තෙරුවන් සරණයි,
    රංග ජයවර්දන පෙරමුණේ රාළ, සිරි සන්ගබෝදී හා පිටියේ අප්පු එකම කෙනා..
    බුදු දහම ව්කෘති කරමින් නව ආරක බුදු දහමක් හදුනවදෙන කොටි හස්තයක්.
    සිංහල,දෙමල,මුස්ලිම් ජාතින් අතර ආගමික ප්‍රශ්න ඇතිකරමින් දේශපාලන හෝ කතෝලික ගැත්තන්ට කඩේ යන කෙනෙක් දැයි සැක සහිතය.
    මයිත්‍රී බුදුන් යැයි කියාගන්නා පිරිසක්ද සිටි. මයිත්‍රී බුදුන් සැලසුම අසාර්ථක වී දැන් සිංහල - මුස්ලිම් ජාතින් අතර සමගිය කඩ දමන පුද්ගලයෙකු දැයි සැක සහිතය.මනතුංග යැයි කියාගන්නා මෑතකදී මුස්ලිම් වූ බව කියන පුද්ගලයාද සැක සහිතය.
    වල් අලියෙකු හිලා කරන්න නම්,හ ඉල අලියකුම දැමිය යුතු සේ, මවැනි පුද්ගලයෝද එලෙස ක්‍රියා කරයි.
    සියලු දෙනා ඇස් අර බලත්වා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා