අජිත් අමාරුවෙ දැමීමේ එකම මඟ ශාස්තෲ කියවීම මිස මඟ හැරීම නොවේ.
(2010 දෙසැම්බර් 04, සානුව) කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේ ද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන බැවින් කියවීමට ආලෝකයද සම්බන්ධ වන්නේය. ඒ කවරක් සම්බන්ධ වුවද කියවන්නේ වෙනසයි.
‘අ’ යන්න සහ ‘ර’ යන්න අතර වෙනස මිස ‘අ’ යන්නෙහි එහිම වු සාරයක් කියවනනේ නැත. ‘ර’ යන්නට ද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වු අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප‍්‍රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය. එවිට ‘අ’ යන්නට ‘ර’ යන්න හෝ ‘යා’ යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට අවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත් කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැනින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක් වීමට නියමිතය. ඉන් ගැලවීමේ මඟ තහංචියයි. තහංචි පැනවීමයි.
විෂය අනෙකා මතට ප‍්‍රක්ෂේපනය කළ සාරය කැඩපතක් කරගෙන අනන්‍යතාවය ගොඩනගා ගනී. අනෙකා සෙලවෙන විට වෙනස මතුවීම නිසා තර්ජනයට ලක් වන්නේ අනන්‍යතාවයි. තහංචියේ මූලය මෙය වන අතර, මේ ශිෂ්ඨාචාරයේ ආරම්භය ලෙසද සැලකිය හැකිය. වෙනස ඉඩක් මිස දෙයක් නොවේ. එතැන ඇත් හිස්කමයි. විෂය (Subject) යනුද හිස්කම මිස දෙයක් නොවේ. ‘කියවීම’ නිසා සාරයේ පාරභෞතිකය මතු පිටට මිරිකෙන්නේය. හරියට මඩ වලක් පෑගූ විට පා ඇඟිලි අතරින් මඩ මිරිකි එන්නා සේය.
ශිෂ්ඨාචාරය යනු විෂයය මත අනන්‍යතාව සලකුණු කළ නිමේෂයයි. එහෙත් කියවීම යනු වෙනස පෙන්වීමයි. (හිස්කම පෙන්වීමයි) මේ නිසා ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම, කියවීමට එරෙහි විය. එනම් ශිෂ්ඨාචාර තහංචිය පැනවූයේ කියවීමට එරෙහිවය. මුලින් ආවේ ශිෂ්ඨාචාරයද කියවීම ද යනු නොඇසිය යුතු ප‍්‍රශ්නයකි. මෙතැනදී දයලෙක්තික කියවීමක වුවමනාව පමණක් අවධාරණය කරමි.
(මෙය චිත‍්‍රපටයක දෙබසක් නොවේ.)
වලව්වෙ හාමිනේ: මොකක්ද කරෝලිස් උඹේ කෙලීට වෙලා තියෙන්නේ
මොකක්ද ඔය ඉවරයක් නැති ඉස්කොල ගමන. ලියන්න කියන්න ඉගෙන ගන්නේ මහ ඒජන්ත උන්නාන්සේ වෙන්නද? මෙන්න මෙහෙ එන්න කියපං විකාර නැතුව. වලව්වෙ වැඩ තියෙනව.
කරෝලිස්: අනේ මන්ද හාමිනේ මාත් තුන් දොහේ කිව්වා.
ලිවීමට හා කියවීමට එරෙහි වූ ඉහත සමාජ සන්දර්භය වැඩ වසම් එකකි. ඒ ධනවාදය නොවේ. ධනාවාදය ලිවීමට කියවීමට ඉඩදීමට තරම් smart ය. එලෙස ඉඩ දී එතැනම නතර කරයි. ධනවාදය තුල කියවීමට එරෙහි තහංචි වෙනත් ආකාරයන් ගනී. irreading හෙවත් මඟ හැරීම එවැනි එක් ආකාරයකි. වැඩවසම් ක‍්‍රමය හා ධනපති ක‍්‍රමය අතර වෙනස කියවන්න. කියවීමට එරෙහි වී වැඩවසම් ක‍්‍රමය දේපළ හා වරප‍්‍රසාද සමාජයේ කොටසකට සීමා වීමේ පදනම එනම් කුල ක‍්‍රමය ආරක්ෂා කළේය. කියවීමට එරෙහි වී ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන්නේ කුමක්ද ? පංතිය ද ? එලෙස සිතන්නේ නම් ඒ ද වැඩ වසම් ඔලුවකි.
ශිෂ්ඨාචාරයේ කොන්දේසිය තහංචිය නම්, එහි ඊළඟ පියවර කියවීමයි. අපි තහංචිය රැකගෙන කුණුවෙන එකට එරෙහිව කියවමින් වෙනස/ ආදරය/ ජීවිතය සලකුණු කරමු.
"අන්න විකුණනවා, අන්න හම්බ කරනවා."
"ඉතින් මොකෝ?" මේ මොන බයිලද ? ගැටළුව ඇත්තේ ඊට ආලෝක වර්ෂ ගණනක් එපිටිනි.
1995 සිටි නිර්මාල්ම 2010 දීත් බලාපොරොත්තු වීම යනු වෙනස වෙනුවට සාරය උත්කර්ෂයට නැංවීමකි. 95 නිර්මාල්ම 2010 දීත් නොසිටීම ගැන උරණ වන්නේ වෙනස කියවීම නිසාය. කියවන්නාගේ සාරය තර්ජනයට ලක් වී ඇත. නමුත් නිර්මාල් යනු වෙනස මිස සාරය නොවේ.
මේ නිසා කියවීම වෙනුවට වටවංගු ගණනාවකින් අනතුරුව මඟ හැරීම ආදේශ වන්නේ විෂයයට අනන්‍යතාව අහිමි වේදෝ යන බිය නිසාය. නමුත් අනන්‍යතාව යනු අල කොළය මත වතුර බිංදුව තරමේ පාරභෞතිකයක් බව අවබෝධ වුවහොත් භෞතිකය මුණ ගැසෙනු නියතය. නමුත් කියවීම ලෙස අකුරු කියවීම ආදේශ වන්නේ නම් එය සියල් සපිරි සාරාත්මක චාරිකාවකි. සූර්ය ආශ‍්‍රම වන්දනාවකි. එනම් එය නො - කියවීමයි. ඒ වෙනුවට කියවීම යනු අනෙකාගේත්, මගේත් අනන්‍යතාව බිඳ දමන මෙහෙයුමකි. කියවීම දේශපාලන ව්‍යායාමයක් වන්නේ එවිටය.
අජිත් ශාස්තෲ ලිවීම දේශපාලන ව්‍යායාමයක් බව පවසයි. අජිත් ට එම වාක්‍යයේ භෞතිකය මුණ ගැස්විය යුතු නම් ශාස්තෲ තුළ වෙනසත් අජිත් සහ ශාස්තෲ අතර වෙනසත් කියවිය යුතුමය. ඒ මේ ඕනෑම කියවීමක් වෙළෙඳ ප‍්‍රචාරණය සඳහා යොදා ගත්තාට කිසිවකු කලබල විය යුතු නොවේ. ඒ විකුණන / විකිණෙන තැන ජීවිතය/ ආදරය ලිස්සන බැවිනි.
ඉතින් ශාස්තෲ කියවමු. අලුත් සාකච්ඡාවක් ගොඩනැගීමට වෙර දරමු.
ගයාන් ඩග්ලස් ප‍්‍රනාන්දු
ප‍්‍රදීප් ජයරත්න
සානුව කියවන්න
Bookmark, remember easily and come again www.w3lanka.com

hi Sri lankan friends
ReplyDeleteඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.net
taboo subject kiyanne mokakda kiyala tikak igena gaththa.e ganath digatama liyanna puluwannam hondai.
ReplyDeleteජීවිතය ලියන එක ලේසි නෑ.
ReplyDeleteකියවන එකත් එහෙමයි.
කෙනෙකුට මගහරින්න බැරි කියවීමක් උවමනයි.
නමුත් අමරු වැඩක්.ඒකට මුලපුරල වගෙ හැගීමක් එනව.
THARINDU
හරි පොත කියවමු.නමුත්
ReplyDeleteකියවීම මේ තරමටම අමරු වෙන එක
ගටලුවක්.මට හිතෙනව ඒකම
උත්තේජනයක් වෙනවයි කියලත්.
කොහොම උනත් වේගවත් කියවීමකට වඩා හෙමින්
උනත් ගබුරු කියවීමක් හොදයි.
මෙක අජිත් ගෙ පොතට මාර්කටින් ප්‍රොජෙක්ට්
එකක් වෙන එක වලක් වන්න බෑ.
මම හිතන්නෙත් ඒක ගටලුවක් කරගත යුතු නෑ