ටැබූ සබ්ජෙක්ට්ස් එක හුස්මට කියැවූ ශාස්තෲ ඔබත් කියවන්න

(2010 දෙසැම්බර් 01, W3Lankaමම ශාස්තෲ නම් නවකතාවක් ලියුවෙමි. වැරදි බොහෝ කර ඇතත් එය වරදක් ලෙස නො සලකමි.


නවකතාවක් පළ කළ පසු මුලින් ම කළ යුත්තේ එය විකුණා ගැනීමයි. විකුණන්නේ එය වෙනුවෙන් යට කළ මුදල් ලබා ගැනීමට ම නො වේ. නිර්මානකරුවකු බලාපොරොත්තු වන මුල් ම දෙය තම නිර්මානය යම් ග්‍රාහක පිරිසකගේ නෙතට ලක් වීමයි.


ධනේශ්වර වෙළඳපොළ ලෝකයේ නවකතාවක් ද තවත් වෙළඳ භාණ්ඩයක් වීම වැළැක්විය නො හැකි ය. එහෙයින් ලේඛකයා එය වෙළඳපොලකරණය කළ යුතු ය. විශාල ප්‍රාග්ධනයක් නොමැති සංදර්භයකදී ප්‍රචාරණය සඳහා හැකි තරම් නිර්මානශීලී විය යුතු ය. වෙළඳ ප්‍රචාරණය නැති තැනක් නැති මේ ලෝකයේ නවකතාවක් විකිණීම සඳහා කර්තෘ ප්‍රකාශකයකු කරන ප්‍රචාරය ගැන කිසිවෙක් කලබල විය යුතු නැත.


ලේඛකයකු සාහිත්‍ය නිර්මානයක් එළි දැක්වූ පසු ඔහු බලාපොරොත්තු වන්නේ සහෘද ප්‍රතිචාරයි. නිර්දය විචාරය වුව සහෘද ප්‍රතිචාරයකි.


ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා පොත පිට වූ දිනට පසු දා ම ශාස්තෲ පිළිබඳ සටහනක් ලියා ඇත. ඔහු එය නම් කර ඇත්තේ

‘ශාස්තෲ’ නිර්කියැවීම | Irreading ‘Shasthru’

ලෙසයි.


එහි ආරම්භයේ ම ඔහු මෙසේ පවසයි. "මම විචාරකයෙක් නොවෙමි. ඒ ගැන අතිශයින් සතුටු වෙමි. ඉදින් මා විචාරකයකු වී නම් මේ කෙටි සටහන අරඹන්ට වන්නේ ජයවිලාල් විලේගොඩ සිහි ගන්වන පහත සඳහන් ආකාරයේ කටුක එහෙත් සත්‍ය වාක්‍යයකිනි.


"ශාස්තෲ නමැකි නවකථාවක්ය කියන පල් හෑල්ල පළ කිරීමෙන් අජිත් පැරකුම් ජයසිංහ යමක් ස්ථිරවම ඔප්පු කොට තිබේ; එනම් පරණ සෙට් එකේ අන්තිමයා වූ, කරුණාසේන ජයලත්ද මළායින් පසුව මහ මළුවට යන පාර කියන්ට කෙනකු නැති කමින් අයාළේ යන සුනේත්‍රා රාජකරුණානායකලාගේ, ලියනගේ අමරකීර්තිලාගේ, කැතලීන් ජයවර්ධනලාගේ කෝඩුකාර නඩයට තවත් දඬු කෝඩුවකුද එක් වූ වගය."


තමන් විචාරකයකු නො වන බව පැවසීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ මෙම ලිවීම ද විචාරයක් ලෙස නො සැලකිය යුතු බව විය හැකි ය. එහෙත් විචාරකයා වුව කරන්නේ තමන් විඳි රසය විස්තර කිරීමයි. රසයක් නො විඳි බව කීම ද විචාරය ම ය. සාමාන්‍ය රසිකයාට ද තමන් විඳි රසය පිළිබඳ යමක් කිව හැකි ය. එහෙත්, විචාරකයා සාමාන්‍ය රසිකයාට වඩා වෙනස් වන්නේ විචාරකයා තමන් කියන දෙය සාධක සහිතව ඒත්තු ගන්වන බැවිනි.


ටැබූ සබ්ජෙක්ට්ස් සමාජ විචාරකයෙකි. සිය සමාජ විචාරයන්හිදී ඔහු සිය හිතට නැ‍ඟෙන අදහස් ඔහේ කියා දමන්නේ නැත. කරුණු සහිතව ඒවා පාඨකයාට ඉදිරිපත් කරයි. සමාජ විචාරයේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය සාහිත්‍ය විචාරයේදී නො කරන්නේ ඇයි?


"ලේඛකයා රුපියල් දෙසීයක් ආයෝජනය කරන්නේද, තුං මං හන්දියෙන් පසු බිහිවූ විශිෂ්ඨතම නවකතාව කියවන්ට නොවේ. අඩු තරමින් අටවක පුත්තු කියවා ලද අතීතෝන්මාදය මත විචාරය පසෙක තබා දේශපාලන කතිකාවක් ගොඩ නඟන්ට දැරූ උත්සාහයට සමාන ප්‍රයත්නයක් සඳහා වත් අමුද්‍රව්‍ය සොයා ගන්ටය. අවාසනාවක මහත! ශාස්තෲ එබඳු වාදයක් සඳහා වත් අවශ්‍ය පසුබිමක් ඇති කිරීමේ අසමත්ය. පිට කවර දෙක අතරට හුළං දමා මැසුවාක් සේ හිස්ය. පොත සෙන්ටි මීටරයක් විතර ඝනකම වෙන්නේ කෙසේද කියාවත් හිතන්ට අමාරුය.


"අඩු තරමින් ශාස්තෲ පොරක් ගැන කතාවක් වත් නොවේ. ඉන්ද්‍රනාම නැමැති තමන් පොරක්ය සිතා සිටින කුරුවල් වූ මනසකින් යුතු පුද්ගලයකු පිළිබඳ කතාවකි."


කෙසේ වෙතත්, ඔහු අවසනට පවසන වාක්‍යය තුළ ඔහු මගේ සහෘදයකු වෙයි. මා මෙම නවකතාවෙන් විග්‍රහ කරන්නට උත්සාහ කරන්නේ ද සමාජය වෙනස් කිරීම ජීවන පරමාර්ථය කර ගත් සමාජ තීරුවේ මනෝභාවයන් ය. එහෙත්, නවකතාව යනු පොරවල් ගැන ලිවීම නො වන බව ටැබූ හොඳින් දනියි.


ටැබූ දකින අන්ධානුකරණයෙන් අදහන කුඩා ආගමික කල්ලි, ශාස්තෲවරු, රැවැටුණු ගැහැණුන්ගෙන් ලබන රති සුව, ප්‍රයිවෙට් බස් වල විහාර මහා දේවී එකට යාම ලෙස ඔහු හඳුන්වන සම්මන්ත්‍රණ, දැන් ඇමැතිවරයකු වන පෙර සගයකු ආදිය මේ සමාජ තීරුවේ දේශපාලනයේ මූලික ලක්ෂණ වේ.


'අටවක පුත්තු මෙන් නොව ශාස්තෲ එබඳු නොමේරූ මනසකට වුව කියවන්ට එපාය කිව යුතු ‘පොඩි එවුන් නරක් කරන ජාතියේ’ පොතක් නොවේ.' ඔහු ලියන මේ වාක්‍යයේ තේරුම කියා දිය හැකි නෙනෙක් සිටියි ද? 'වානේ පන්නරය ඇතුළු සෝවියට් නවකතා ගැන සඳහන් පිටු ටික ඉරා දුන්නාම ඇතිය.' යි කී කියුම මෙසේ නිවැරදි විය යුතු ය. 'වානේ පන්නරය ඇතුළු සෝවියට් නවකතා ගැන සඳහන් වාක්‍යය ඉරා දුන්නාම ඇතිය.'


'ඒ නැතත් එතැනට එන්ටත් පළමු කියැවීම එපාවී නතර කරන්ට ඉඩ තිබේ. ඊළඟ පිටුවේ වන්නේ මොනවාද කියා දැනගන්ට තරම් සීරියස් කුතුහලයක් ඇති කරන පොතක් නොවේ ‘ශාස්තෲ’.' එහෙත්, අටවක පුත්තු කියවන්නට පෙර ඔහු ම කියන පරිදි 'ගිය අවුරුදු පහලොවටම වැඩිම උනොත් සිංහල නවකතා පහක් කියවන්න ඇති, අසම්පූර්නයෙන් කියවපු ඒවත් එක්ක' ටැබූ සබ්ජෙක්ට්ස් රැය ගෙවෙන්නට පෙර එය කියවා ඇත. ස්තුතියි. කියවන්නට ඇති වූ පෙළඹවීම ගැන ඔහුගේ පශ්චාත්තාපය විමෝචනය කරගෙන ඇත්තේ කියවීම නිර්කියවීම ලෙස නම් කිරීමෙනි. 


දොරට වැඩුමේදී සුනිල් විජේසිරිවර්ධන කියූ දෙයක් නැවත ලියමි. එනම්, ශාස්තෲ නවකතාව පිටුවෙන් පිටුව ග්‍රිප් එක හෙවත් ග්‍රහනය වැඩි කරන නව ආඛ්‍යාන ශෛලියකින් යුත් එකක් බවයි.


මේ ලියන්නේ ශාස්තෲ නවකතාව ලියූ ලේඛකයා නො වේ. එය විකුණන කර්තෘ ප්‍රකාශකයා ය.


සිංහල නවකතා නො කියවන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා ද එය මිළ දී ගෙන එක හුස්මට කියවා ඇත. ඔබ නො කියවන්නේ ඇයි? 

ශාස්තෲ මිළ දී ගත හැකි ආකාර



-අජිත් පැරකුම් ජයසිංහ නම් සුළු පරිමාණ පොත් වෙළෙන්දා විසිනි


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඇත්තෙන්ම ටැබූගේ පෝස්ට් එක කියවපු ගමන් මට හිතුනේ මේ පොත මොක ලෝකෙන් හරි ගෙන්නගෙන එක හුස්මට කියවන්න . . .

    පොත පිටවූ දාට පහුවදා ඒක වැදගම්මට නැති එකක් විදිහට හැඟවෙන විදිහට පොතේ අලෙවිය අඩු කිරීමේ බලාපොරොත්තුවකින් එහෙම ලිපියක් ලිව්වා කියලා නෙමෙයි මට නම් හිතුනේ.

    ඔහු අපට පොත කියවන්න උනන්දුවක් අති කලා.

    මට කියන්න Abu Dhabi - UAE වලට පොත තපෑලෙන් ගෙන්න ගන්න විදිහක් ගැන

    ReplyDelete
  2. "සිංහල නවකතා නො කියවන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා ද එය මිළ දී ගෙන එක හුස්මට කියවා ඇත. ඔබ නො කියවන්නේ ඇයි?"
    Hafoooi
    Mr.Parakum Oba taboota salli deelada ara blogpost eka liyawagaththe

    ReplyDelete
  3. 22 වෙනකම් මට නම් ඉවසන්න වෙනවා... අහුවෙන ඕනි පොතක් පත්තරයක් (දෙමළ පත්තරේ නෙමෙයි )කියවන නිසා ගැටලුවක් නැති වෙයි...

    එකම ප්‍රශ්ණය අපේ ගමට අලුත් පොත් එන්න තියෙන ප්‍රමාදය තමයි...

    ReplyDelete
  4. Taboo lipiya dekka gaman matath ona une mona lokekin hari me potha aran kiyawanna. Kurunegala kohenda ganna thiyene.. ?

    ReplyDelete
  5. සිංහල නවකතා නො කියවන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා ද එය මිළ දී ගෙන එක හුස්මට කියවා ඇත. ඔබ නො කියවන්නේ ඇයි?

    අනිවාර්යයෙන්ම කියවමි.ශාස්තෲ ගාලු නගරයේ ගුනසේන අලවි සැලට වැඩ ඇතයි සිතමි.
    ජයවේවා

    ReplyDelete
  6. [නාකි]කොල්ලා ගොඩ වගෙයි. ඔබේ මතවාදත් එක්ක පැහීමක් නැතත්, ඔබේ රත්තරන් පිළිබඳ මානුෂීය කැක්කුමක් ඇති නිසා මම බොහෝ සෙයින් සතුටු වෙනවා. මොකද පවතින ක්‍රමයට මුක්කු ගහන [බව කියන] පන්තිය පාවා දෙන [බව කියන] ධනවාදී යැයි [මාක්ස්ටත් එහාට ගිය අය විසින්] කියන අපට මිනිසුන්ගේ සිහින පැතුම් ආශා අනාගතය වගේ දේ ගැන අවර්ණ [රතු පාට නොවන] කැක්කුමක් තියෙන නිසා. ඔබට ජය.

    මම reluctant reader කෙනෙක්. කිසිම පොතක් පළකළ වහා නොකියවන. හොඳට සීසන් උණාට පස්සේ කියවන.

    ඔබ මේක විකුණා ගන්නට මේක විප්ලව සාහිත්‍යයක්ය කැරළි සාහිත්‍යයක්ය කියා ලිව්වා නම් ගැටළුවක් නෑ. ඒත් මෙය විප්ලවීය පූජාසනයේ උත්තම චරිත වන්දනා කරන ආගමික පොතක් නම්, හපොයි මේ reader base එකට දෙවි පිහිටයි.

    කියවා ම බලන්න කියා ඔබ කියයි. ඒත් මං කළින් කිව්වා වගේ reluctant reader කෙනෙක්.

    ReplyDelete
  7. Personally I don't agree with about 80% of your writings...However I respect you for standing for what you believe..That is the sole reason I read this blog.. Congratulations on publishing the book and keep writing..Really like to buy the book, will buy it for sure when I come back to SL.. And better thank Taboo as well .. ;) He gave an immense publicity to the book.. good luck and all the best wishes....

    ReplyDelete
  8. Meepotha gana onawata wada W3Lanka eaken maketkarana eaka nam echchara honda naa..Mokada W3Lanka kiyanne Poth wikunanna tiyana site eakak newei nee..

    W3Lanka Patakayek

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා