සහේලි ගමගේ වීදිය දිගේ ආශ්චර්යයට ෂෝට් කට් එකක්

(2010 දෙසැම්බර් 06, W3Lankaකොටි සංවිධානය පරාජය කර ආණ්ඩුව යුද්ධය දිනනවාත් සමග ඇති වූ රාජපක්ෂ වීර වන්දනාව හා සමාන්තරව 'ආයුබෝ වේවා - මහ රජාණනේ' යි ගීයක් ගයා එක රැයින් ජනප්‍රිය වූ, එහෙත්, ක්ෂේත්‍රයේ ස්ථාවර වන්නට බැරි ව අද නො ඇසී යමින් ඇති හඬක් බවට පත් වෙමින් සිටින සහේලි ගමගේ නමින් මහරගම පාරක් නම් කිරීම පිළිබඳ ආන්දෝලනයක් ඇති වී තිබේ.


ඇය නමින් පාරක් නම් කිරීම පිළිබඳ පුවත අප මිත්‍ර කල්‍යානන්ද පෙරේරා අපට දැන්වූයේ මාස කීපයකට පෙරයි. එවේලේත් අප කල්පනා කළේ මෙය එතරම් ආන්දෝලනාත්මක ද යන්නයි.


ලංකාවේ පාරවල් නම් කර ඇත්තේ කෙසේ ද? ගම්වල පාරවල් රැසක් මිය ගිය සොල්දාදුවන් වෙනුවෙන් නම් කර තිබේ. බංඩාරනායකවරු බලයේ සිටින තාක් කල් පාරවල් රැසක් බංඩාරනායක මාවත ලෙස නම් විය. දැන් නම් පාරවල් නම් වන්නේ පරම්පරාවක් තිස්සේ නො ඇසුණු නමක් වන ඩී.ඒ. රාජපක්ෂ නමිනි.


කොළඹ නගරයේ ඇති බැස්ටියන් මාවතට නම දුන් බැස්ටියන් කවුරුද, කොටා පාරට නම දුන්නේ කොටෙක් ද දිගෙක් ද, ඩික්මන් පාරේ සිටි ඩික්මන් කවුරු ද ආදිය දැන් සැමට අමතක වී ඇත.


ආර්. ඒ. ද මැල් මාවත ද මොකක් ද කියා නම් කර දශක ගණනාවක් වුණත්, ඩුප්ලිකේෂන් පාර තවමත් ඩුප්ලිකේෂන් පාර ම ය.


කණගාටුව ඩික්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කිරීම ගැන ය.


ජීවතුන් අතර සිටින අමරදේවයන් නමින් හෝ නැසි ගිය ප්‍රේමසිරි කේමදාසයන් නමින් හෝ මාවත් නම් කර තිබේදැයි අපි නො දනිමු.


ආණ්ඩුවේ කලා වල්ලභ රෝහණ වීරසිංහට හෝ මන්ත්‍රී නිළි රැජින මාලිනී ෆොන්සේකාට හෝ නො ලැබුණ වරප්‍රසාදයක් සහේලිට ලැබීම ද ආශ්චර්යයකි. ගායිකාවක් ලෙස ස්ථාවර වන්නට බැරි ඇයට පාරක් නම් කර දී හෝ කළ වන්දිභට්ටකම්වලට කළ ගුණ සැලකීම නරක ම නැත. ආණ්ඩුවට කඩේ ගිය සියලු කලාකාරයන් නමින් නම් කරන්නට තරම් පාරවල් ලංකාවේ ඇත. මදි නම් හදන්නට වුව පුළුවන.


එහෙත්, මාවත්වලට නම් දුන් පමණින් ඒ නම් හිමි පුද්ගලයන් ජන හදවත්වල ඉතිහාසගතව නැති බව ඉතිහාසයේ ඕනෑ තරම් සාක්කි තිබේ.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ප්‍රති-සිල්වාDecember 6, 2010 at 6:27 PM

    පාරවල් අවසන් වූ පසු සමාගමට එම සම්ප්‍රදාය අනුව පාලම් හා බෝක්කු සඳහා ද මේ නම් තැබීමේ ක්‍රමය අනුගමනය කළ හැකි ය. ශ්‍රියන්ත මෙන්ඩිස් ගුවන් පාලම, කුසුම් රේණු බෝක්කුව වැනි නම් ඊට යෙදිය නොහැකි ද? බොහෝ ප්‍රමාදයන්ගෙන් ගහණ අපේ ප්‍රවාහන සේවාව ද මගීන් ද සුළු හෝ කලා රසයකින් මන්මත් කිරීමට මෙය හේතුවක් නො විය හැකි ද?

    ReplyDelete
  2. Irrelevant to this post.

    Did you see this Para?

    http://anonymousaya.blogspot.com/2010/12/w3.html

    ReplyDelete
  3. @Sujeewa Kokawalaෂෘ! මරු බ්ලොග් එකක්! බලන්න!

    ReplyDelete
  4. kalakarayan okkogema nam walin parawal nam karala karala parawal nethi unama thawath aluthin parawal hadala ewatath kalakarayange nam danna balanna... ethkota aduma gane parak nathi gamakata parak hari hadey... (pramithiya kese wethath)

    ReplyDelete
  5. ඇයි, කොළඹ හතේ ගිල්ෆර්ඩ් ක්‍රෙසන්ට් එකට දැන් දාලා තියෙන නම තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාවත!

    ReplyDelete
  6. අනිත් අතට පාරකට යම් පුද්ගලයකුගේ නමක් යොදන්නේ ඔහුට ගරු කිරීමටයි. නමුත් එහිදී එම තැනැත්තා කවුරුත් හඳුනන කෙනෙක් විය යුතුයි. මන්ද පාරක නම ලිපිනයක පහසුවෙන් ලිවීමට සහ පහසුවෙන් හඳුන්වා දිය හැක්කක් විය යුතුයි. නමුත් මෙන්න අපේ පාරවල නම් භාවිතයට කොපමණ පහසු ද?
    ශ්‍රීමත් මොහමඩ් මාකන් මාකර් මාවත
    පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත
    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත
    මෙවැනි නම් ලෙස්ටර් මාවත, විමලවංශ මාවත ලෙස සරලවිය යුතුයි. නමුත් මේ ලෙස්ටර් මොන ලෙස්ටර් ද කියා නොදන්නේ නම් එවැනියකු නමින් පාරක් නම් කිරීම විහිළුවකි.

    ReplyDelete
  7. අනේ එහෙම මොනවත් කියන්නෙපා මෙයලා
    ඉස්සර හිටිය මිනිස්සු කළගුණ දන්නේ නෑ
    ඒත් දැන් එහෙමද?

    ReplyDelete
  8. mavathakata namak denne a kena hadavate athi nisa tamai. anika itin me liana ape nam vath liapadinchi department akata gihin nam list aran a pilivelata dan nane. ratata gamata ho monavata ho yam mehevarak kalada ayage nama parakata dammata kamak na.anika aka geeyak kiala president namin, aya propuler una kiala, nama dana aka prasnayak tama'ahema baluvama parakata nam vaten ona aya godak innava neda.....?

    ReplyDelete
  9. mavathakata namak denne nam ratata ho gamata ho yam dekata mona hari mehevarak kalama tama. ath oya kina vidiyata president namin aka song akak kivva kiala nama parakata dena aka hitala balan one godak.ath dan rata president gene. mokada karanne. ath anduve vallabayo godak innava, karunarathna divulgane,vage aya eeta vada mehevarak karapu aya. habai acharya premasiri kemadasa nimin nam parak tiyenava. ai a pare gihin nadda.

    ReplyDelete
  10. Congratulations Saheli….wish you all the best

    ReplyDelete
  11. ජනාධිපතිවරයාට මහරජා කියමින් වන්දිබට්ට ගී ගැයූ 2.50 ගායිකාවක් නමින් පාරවල් නම් වෙද්දී........

    ත්‍රස්තවාදය ජාත්‍යයන්තරව පරාජය කිරීමට මහත් වෙහෙසක් ගත් එනිසාම ජීවිතයද අහිමි කරගත් ලක්ෂ්මන් කදිරගාමර් මහාතා වෙනුවෙන් පිළිරුවක් වත් ඉදිනොවු........

    රටක මොන කරුමයකට ඉපදුනාදැයි මම නොදනිම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා