තොරතුරු තාක්ෂණයට තිත; මයික්‍රොසොෆ්ට් හාම්පුතුන්ට සතුට

(2010 දෙසැම්බර් 16, W3Lanka) මෙන්න ඔබ අත් අඩංගුවට ගන්න යනවා ය. ප්‍රවෘත්තිය දිනමිණේ පළ වී ඇත්තේ මෙසේ ය:‍


"බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි.


"මෙසේ හොරට පරිගණක මෘදුකාංග පාවිච්චියට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි දෙනෙකු ද පුරුදු වී සිටින බව සිදුකළ මූලික පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.මේ පුද්ගලයන් හා ආයතන ඉතා ඉක්මනින් මෘදුකාංග පරිහරණය සඳහා බලපත් ලබාගැනීමට පියවර නොගන්නේ නම් බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය හමුවට පමුණුවන බව රහස් පොලිසිය සඳහන් කරයි."


මෙය පටන් ගත යුතුව ඇත්තේ රජයේ ආයතනවලිනි. රජයේ කාර්යාලවල, පාසල්වල ඇති සියලු පරිගණක සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට මුදල් ගෙවා තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබේ. 


ලාභ ලබන පෞද්ගලික සමාගම් විශාල වශයෙන් මෘදුකාංග සොරකම් කරන බව ඇත්තකි. එය වැළැක්වීමට පියවර ගත යුතුව තිබේ. 

ලංකාවේ ගායකයන්ගේ ගී තැටි අද නිකුත් වූ විට හෙට සිට කොළඹ පදික වේදිකාවන්හි හොර කොපි ලෙස කුණු කොල්ලයට මිළ දී ගන්නට ඇත. එහෙත්, ‍අපේ ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපල හිමිකම ආරක්ෂාකර දෙන්නට කිසිදු වැඩපිළිවෙලක් රහස් පොලිසිය‍ට හෝ රජයට නැත. අඩු තරමේ එවැනි කලාකරුවකු කරන පැමිණිල්ලක් විභාග කරන්නටවත් උනන්දුවක් නැත. 


එහෙම තත්වයක් තිබියදී මයික්‍රොසොෆ්ට් සමාගම වෙනුවෙන් කඩේ යන්නට රහස් පොලිසිය පොළඹවන්නට ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ඇමති ඇතුළු බලධාරීන්ට ඇති අමාරුව කුමක් ද? මේ පසුපස ලංකාවේ මයික්‍රොසොෆ්ට් කොම්පැනියේ සල්ලි කැරකෙනවා විය හැකි ය. 


ලංකාවේ සාමාන්‍ය ජනයාට එක්කෝ විවෘත කේත මෘදුකාංග ඉගෙන ගැනීමට හෝ නැතිනම් සාධාරණ මිළකට මෘදුකාංග මිළ දී ගැනීමට රජය සලස්වා ඇති පහසුකම් මොනවා ද? 


මයික්‍රොසොෆ්ට් හාම්පුතුන් සතුටු කරන්නට බොරු මාධ්‍ය සංදර්ශනයක් දැම්මාට නම් කමක් නැත. එහෙත්, මේවා ඇත්තෙන් ම ක්‍රියාත්මක කරන්නට ගියොත් සිදු වන්නේ ලංකාවේ පරිගණක පරිහරණය කරන එවුන් ඔක්කෝ ම ටික මහා කඳවුරක් හදා ගාල් කරන්නට ය. අත් අඩංගුවට ගනු ලබන පරිගණක ටික දාන්නට කොළඹ නගරය විතර ලොකු යාඩ් එකක් අවශ්‍ය වනු ඇත. 

ලංකාවේ තොරතුරු තාක්ෂණයට ද එතැනින් තිත තැබෙනු ඇත. සන්තෝස ද තිස්ස? 


අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත. බුද්ධිමය දේපල හිමිකම් යනු ආරක්ෂා කිරීම දුෂ්කර ම හිමිකමකි. එම නීති සම්බන්ධයෙන් ආචාරධාර්මික ගැටලු රැසක් ද තිබේ. රටක සමාජය ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් දියුණු නො වන තාක් මේ ප්‍රශ්න විසඳිය නො හැකි ය. හුදු ආර්ථික දියුණුව වුව නො සෑහේ. සමාජය නීතියේ ආධිපත්‍යය ස්වේච්ඡාවෙන් පිළි ගන්නා මට්ටමට ආචාර ධාර්මික විය යුතු ය. 


සරළව කීවොත්, තමන් අසන ගීය වෙනුවෙන් ගායකයාට මිළක් ගෙවීම තම යුතුකමක් ය කියා සිතන අන්දමේ රටක පමණක් බුද්ධිමය දේපල හිමිකම් රැකෙනු ඇත. 


එතැනට යන්නට මෙහෙම නම් කවදාවත් බැරි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කතාව සම්පුර්ණ ඈත්ත. ලංකාවේ ඉන්නේ මහ ලොකු ජාතික අභිමාන ගැන කතා කරන පෙරෙතයෝ තමයි. නමුත් කඩේ යන්න රට සුද්දන්ට. අපේ මොඩ මිනිස්සු​න්ගේ මොළ වල තියෙන්නේ ඉතින් ගු නේ. මුන් තමයි මේවා විශ්වාස කරන්නේ. ජාති ආලයෙන් තෙත් වෙලා කැ ගහන එවුන් තමයි නියම සිංහලයෝ කියලා අපේ මොඩයෝ හිතන්නේ. නමුත් උන් දන්නේ නැ තමන්ව මේ රට හරක් ටික මොඩයා කරන බව. මහා රජා වුනත් ඉතින් කරන්නේ මේ ටික ම නේ.

    ReplyDelete
  2. මයික්‍රොසොෆ්ට් සහ අනෙකුත් සමාගම් අප වැනි සාමාන්‍ය වැටුප් තල ඇති රටකට ගැලපෙන ලෙස එම අදාල රටවල පමනක් භාවිතා කල හැකි පරිදි මෘදුකාංග සැකසිය යුතු අතර ඒවා අපට මිලට ගත හැකි මිලකට විකිනිය යුතුය. . උදාහරනයක් වශයෙන් ඇමරිකාවෙ මෘදුකාංග ඉංජිනේරුවකුගේ වැටුප සාමාන්‍යයෙන් $15,000 වෙතැයි සිතුවහොත් ඔවුන්ට $500 දී මෘදුකාංගයක් මිලට ගැනීම එතරම් අපහසු නැත. අපේ වැටුප් තත්වය ගැන නොලීවාට කමක් නැතැයි සිතමි.

    -Sahan

    ReplyDelete
  3. රජයේ සෙවකයෙකුට තම පුතා හො දුවට ඔය කියන් ආකරයෙන් මුදල් ගෙවා බලපත් සහිත මෘදුකාන්ග ලබගත හෑකි වෑටුප් තලයක් තිබෙද ?.... මෙසේ කිරීමට කලින් කරන්නතිබුනේ විවෘර්ත මෘදුකාන්ග බාවිතයට ලංකා වාවින් පෙලබ වීමටය... ඒපිලිබදව දෑනුවත් කිරිම්ය ... ඒවා බාවිතයට හුරු කිරිමය ....

    ReplyDelete
  4. ලෝකෙ මෘදුකාංග හදන්නේ Microsoft විතරද? හැම Commercial S/W Product එකටම හරියන FOSS මෘදුකාංග තියෙද්දී pirated Commercial s/w නැතිවුණා කියලා අඬන්න වෙන්නේ ලිං මැඩියෝ වගේ MS/Adobe/Autodesk ... ගැන විතරක් දන්න එවුන්. රු 80,000 ට තියෙන Photoshop හොර කොපි පාවිච්චි කරන එක රු80,000 ක් හොරකම් කලා වගේ තමයි. ඒක සාධාරණිකරනය කිරීම වැරදියි. අපි හොරු නොවී FOSS පාවිච්චි කරන්න පුරුදු වුනානම් ඉවරයිනේ. ඇත්තටම මේ නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි.

    Windows වෙනුවට Debian(buntu)/ Fedora
    Photoshop වෙනුවට Gimp
    MSOffice වෙනුවට OpenOffice
    3D animation - Blender

    ReplyDelete
  5. දැනට බොහොමයක් රජයේ ආයතන භාවිතාකරන්නේ බලපත් සහිත මෘදුකාංග පමණි. ඊට අමතරව ලිනක්ස් වැනි විවෘතකේතික මෘදුකාංග භාවිතය ප්‍රචලිත කිරීම් සඳහා ලිනක්ස් සෙන්ටර් වැනි ආයතන හා රාජ්‍ය තොරතුරු තාක්ෂණ නියාමන ආයතය එක්ව කටයුතු කරයි. මීට අමතරව හන්තාන ලිනක්ස් වැනි අපේ රටට ගැලපෙන විවෘත කේතික මෙහෙයුම් පද්දති හදුන්වා දීම සඳහා විවිධ පුද්ගලයන් හා ආයතන පරීක්ෂණ කරෙමින් පවතී ඉන් සමහරක් ඉතා සාර්ථකත්වයට පත්ව ඇත.අනෙක් අතට දකුණු කොරියාව චීනය වැනි බොහෝ රටවල් එම රටවලට ගැලපෙන ලෙස සකසාගත් විවෘතකේතික මෙහෙයුම් පද්දති භාවිතයට ගනියි.මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වලට වඩා හොඳ විවෘත කේතික මෙහෙයුම් පද්දති අද වනවිට වඩා ප්‍රචලිතව ඇත. ඔෆිස් පැකේජය සහ ඇඩෝබි පැකේජ වලට සමාන විවෘතකේතික මෘදුකාංගද නිර්මාණය කර ඇත. අදාල තාක්ෂණය ගැන උනන්දු වන පුද්ගලයන් දැනටමත් මෙවන් විවෘත කේතික මෙහෙයුම් පද්දති සහ මෘදුකාංග භාවිතයට ගනියි. කල යුත්තේ අනෙකුත් පුද්ගයන්ද මේ පිළිබඳව දැනුවත් කිරීම පමනි.අපේ රට තොරතුරු තාක්ෂණයෙන් දිරිබල ගැනිවීමට මෙවන් නීතිරීති ගෙන ඒම සුභවාදී කරුනක් ලෙසයි මා දකින්නේ. මන්දයත් ඒ තුලින් අපේ රටට වඩා ගැලපෙන මෘදුකාංග සහ මෙහෙයුම් පද්දති නිර්මාණයට සහ භාවිතයට ගැනීමට පිටිවහලක් වන බැවිනි.හැමදේකම අසාර්තක පැත්ත පමනක් දකින්නට එපා. මෘදුකාංග ගැන ලිපිය ආරම්භ කර අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ ඔබ කතා කරන්නේ අදාල මාතෘකාව පිළිබඳ ඔබගේ දැනුම අල්ප නිසා විය හැක. සමහර විටක මෙම කමෙන්ටුව වාරනය කිරීමටද ඉඩ ඇත. ඔබගේ මතයට විරුද්ධ මතයන් ප්‍රකාශකරන විට ඔබ ඒ කමෙන්ට් වාරනය කරන නිසයි. මීට පෙරද එසේවී ඇත.

    ReplyDelete
  6. /* ලංකාවේ සාමාන්‍ය ජනයාට එක්කෝ විවෘත කේත මෘදුකාංග ඉගෙන ගැනීමට හෝ නැතිනම් සාධාරණ මිළකට මෘදුකාංග මිළ දී ගැනීමට රජය සලස්වා ඇති පහසුකම් මොනවා ද? */

    it will be the company who do the production should make low cost version of software for countries like us. just like some books which only permitted be to sold Indian sub continent. Kaspersky and Nod32 is the only companies i know who do such thing.

    /*අත් අඩංගුවට ගනු ලබන පරිගණක ටික දාන්නට කොළඹ නගරය විතර ලොකු යාඩ් එකක් අවශ්‍ය වනු ඇත. */

    අනේ මන්දා ඔයා...........

    somehow its better if Microsoft can produce an OS without those "Funky" items for Indian Sub-cont. people will love it. also most of companies buy branded PCs like hp/IBM/Lenovo/Dell which comes with genuine OS installed.

    ReplyDelete
  7. /එහෙම තත්වයක් තිබියදී මයික්‍රොසොෆ්ට් සමාගම වෙනුවෙන් කඩේ යන්නට රහස් පොලිසිය පොළඹවන්නට ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ඇමති ඇතුළු බලධාරීන්ට ඇති අමාරුව කුමක් ද?/

    ගායකයන්ගේ සින්දු ගැන හොයන එක විජ්ජා හා තාස්සන ඇමැතිගෙ වැඩක්ද බොලේ සගිස්කෘරුතික හා කලා ඇමතියෙක් ඉන්නෙ එකටනෙ බොල. ඔන්න ගායකයන්ගේ සින්දුවල අයිතිය රැකෙන අන පනත් සම්මත කොරලලු. දැන් ප්‍රචාරයවන හැම ගීතයකටම කතෘ භාගය ගෙවන්න ඕනැලූ. අනේ මන්ද අර සම්මානේ ගැන ලියන්න ගිහිල්ල නාගත්තට පස්සෙ පැරා ආපහු නෑවද මන්ද :D

    ReplyDelete
  8. @Anonymous

    ඔච්චර උඩ පනින්නෙ නැතුව ලිනක්ස් භාවිතා කරන්න......

    ReplyDelete
  9. Most guys talking about linux and linux based software, I would like to ask from them, you guys first started learning IT or Computing using linux, Was your first OS Linux, Was your first painting tool Gimp. I don't believe even 0.1% of Sri Lankan started their IT or first access to computer world using Linux. Sri Lankas IT standard came to this level mainly because of Microsoft and other commercial products (pirate or not). That's the truth, if this happened and all are asked to start computing with Linux do you think how many of our children will comfortably learn it in their child age. Just after learning command or two in Linux people trying to become genius and they have forgotten how they learned IT in their childhood, Shame on you

    ReplyDelete
  10. One additional thing, most our IT work force based on products which develops software on MS platforms, leading IT companies in Sri Lanka producing products working on Microsoft platforms using Microsoft tools, Those buggers who doesn't do any job yet or just working for university may speak loud saying why can't we use Linux based software, that is the narrow sight that they have,

    Most of the IT force get prepared to compete with demanding knowledge of such technical skills by using them at home or other institutes (mainly at home by self-studying), So those ppl who talking about Gimp or Bimp or whatever what is the solution for that, You ppl saying just to develop products just work on Linux. If this happened skill of our IT force will go down drastically because they cannot compete with demanding technical skills required by MS based projects, so then naturally those will go to India.

    Just because knowing command or two in Linux or just because you ppl still staying at home don't think Linux will come and save you in this situation.

    ReplyDelete
  11. කරන්න වෙන වැඩ නැතුව ඇති........

    ReplyDelete
  12. "Most guys talking about linux and linux based software, I would like to ask from them, you guys first started learning IT or Computing using linux, Was your first OS Linux, Was your first painting tool Gimp. I don't believe even 0.1% of Sri Lankan started their IT or first access to computer world using Linux. Sri Lankas IT standard came to this level mainly because of Microsoft and other commercial products (pirate or not). That's the truth, if this happened and all are asked to start computing with Linux do you think how many of our children will comfortably learn it in their child age. Just after learning command or two in Linux people trying to become genius and they have forgotten how they learned IT in their childhood, Shame on you"

    as i know most of the people in my generation start computer education with DOS and LOTUS 123 like programmes

    ReplyDelete
  13. "Most guys talking about linux and linux based software, I would like to ask from them, you guys first started learning IT or Computing using linux, Was your first OS Linux, Was your first painting tool Gimp. I don't believe even 0.1% of Sri Lankan started their IT or first access to computer world using Linux. Sri Lankas IT standard came to this level mainly because of Microsoft and other commercial products (pirate or not). That's the truth, if this happened and all are asked to start computing with Linux do you think how many of our children will comfortably learn it in their child age. Just after learning command or two in Linux people trying to become genius and they have forgotten how they learned IT in their childhood, Shame on you"

    as i know most of the people in my generation (who did A/L early 2000) start computer education with MS-DOS, so i dont see any difficulty to use linux (its become easy now).

    ReplyDelete
  14. Okay as someone has answered the learning saying Lotus and DOS, which I have also used, are we going to do new projects coming to Sri lanka using those

    ReplyDelete
  15. One more thing, we started working with DOS or Lotus in 90s (that is when I was in OL classes), but we couldn't use it when I was 10 yrs or 12yrs because at that age it is difficult to use DOS or Lotus, but have you seen new generation, they know how to use computer when they are 5yrs old. Think about this, just don't take yourself as an example

    ReplyDelete
  16. කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල හරියට නොදන්න ඇමතිවරු බොහොමයක් දැන් අපේ රටේ ඉන්නව. අනවසර මෘදුකාංග පාවිච්චි කරන එක වැරදියි තමයි. ඒත් අපේ රටේ ජනතාවට නීත්‍යානුකූල මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහෙ ආර්ථිකයක් ඔය යක්කු හදල දීල තියනවනං ඕව කරාට කමක් නැහැ. තොරතුරු තාක්ෂණය දියුණු කරනව කියල කරන්න යන්නෙ ඒ ගැන යමක් කමක් දන්න උන් ටිකත් නැතිකරන එකයි. මම දන්න තරමින් ඉන්දියාව වගේ රටවල වත් මේ නීති ක්‍රියාත්මක කරන්නෙ නැහැ. මොකද රටේ ජනතාවගෙ තත්ත්වෙ රජය දන්න නිසා. අපේ රටේ අය කොහොමත් මහා ලොකු වැඩ නෙ කරන්නෙ...

    ReplyDelete
  17. sudda ape ratata ithhasaye karapu haniyata me kapedi vandi gevanna unta be, un ape rataval udda valin huran kala unge rataval godaneguva,idiriyedee balen huran kanna amaru nisa huran kala unge rataval hadanna krama hoya gaththa, me ape rataval hurakana eka kramayak,un apta ithihasaye geviyayuthu vandiyat sarilanna, ungenuth softwear ekak vage sochchamak hurala kevama makvenavada,mole ethi nayakayo unta mehema apiva hurakanna dena ekak ne.

    ReplyDelete
  18. සුද්දො ඈත ඉතිහාසෙ අපේ රට හූරල උන්ගෙ රටවල් ගොඬනැගුව.අද අපිව ඒ ක්‍රමයට හූරලකන්න අමාරුය් ඒනිසා අපිව හූරලකන්න ක්‍රමයක් හොයාගන තියනව මේ විදියට. අපේ රට හූරල කාපුවිදියට උන්අපට තාමත් නයයි. ඒ නිසා ඔයසොච්චම් softwear එකක් නීතිවිරෝධීව පාවිච්චි කලාකියල උන්ට පාඩූවක් නෑ.

    ReplyDelete
  19. සුද්දො ඈත ඉතිහාසෙ අපේ රට හූරල උන්ගෙ රටවල් ගොඬනැගුව.අද අපිව ඒ ක්‍රමයට හූරලකන්න අමාරුය් ඒනිසා අපිව හූරලකන්න ක්‍රමයක් හොයාගන තියනව මේ විදියට. අපේ රට හූරල කාපුවිදියට උන්අපට තාමත් නයයි. ඒ නිසා ඔයසොච්චම් softwear එකක් නීතිවිරෝධීව පාවිච්චි කලාකියල උන්ට පාඩූවක් නෑ.

    ReplyDelete
  20. මොකා තහනම් කරත් මම හොරකම් කරනවා... පුලුවන්නම් නවත්තපන් මහින්ද?

    ReplyDelete
  21. one Anonymous said "අපේ මොඩ මිනිස්සු​න්ගේ මොළ වල තියෙන්නේ ඉතින් ගු නේ" really true. to understand that you don't have to go that far just see the above comments some saying use linux as solution. i don't think they at least they have a brain made of shit they don't have brain.

    ReplyDelete
  22. මේ නීති තනි පුද්ගලයන්ට විරුද්ධව දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
    ආයතනවල ඒ මෘදුකාංග භාවිතා කොට වානිජයමය ලාභයක් ලබන්නනේ නම් පමණයි දැනට දඩුවම් කරන්නේ.

    Windows සමග MS Office භාවිතා කරන පරිගණක ගැන වැඩි තාක්ෂනික දැනුමක් නැති කෙනෙකුට Ubuntu සමග Open Office භාවිතායට හුරුවෙන්න දින දෙක තුනක් (වැඩිම වුනොත් සතියක්) ඇති.

    කලින් පරිගනක පාවිච්චි නොකල කෙනෙකුට Windows හෝ Ubuntu භාවිතයට හුරුවීමට යන්නේ එකම කාලයක්.
    Ubutntu වල වෛරස් ප්‍රශ්ණ නැති නිසාත්, අළුත් මෘදුකාංග ස්ථාපනය එක පියවරෙන් කලහැකි නිසාත් (Windows වලට වඩා පහසුවෙන්), Ubuntu භාවිතය හුරු වීම කල හැකියි.

    ReplyDelete
  23. "මේවා ඇත්තෙන් ම ක්‍රියාත්මක කරන්නට ගියොත් සිදු වන්නේ ලංකාවේ පරිගණක පරිහරණය කරන එවුන් ඔක්කෝ ම ටික මහා කඳවුරක් හදා ගාල් කරන්නට ය." මරු, දේශප්‍රේමි දේශද්‍රොහි අපි ඔක්කොටොම එකට ගාල් වෙලා ඉන්න පුලුවන්.

    ReplyDelete
  24. If it is against MR and the government, even Software Piracy is OK. Otherwise the government should adhere to all the "International Norms and Regulations". What a pathetic argument! Only from so called Socialist!

    ReplyDelete
  25. " ඒත් අපේ රටේ ජනතාවට නීත්‍යානුකූල මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහෙ ආර්ථිකයක් ඔය යක්කු හදල දීල තියනවනං ඕව කරාට කමක් නැහැ"

    Then you can argue to kidnap people and collect ransom is totally agreeable because you don't have job. Don't make silly argument because you hate the government.

    IT development in Sri Lanka is not going to crash just because of the ban on pirated software. it will thrive by people working to develop alternative to this pricey licensed software.

    ReplyDelete
  26. Para you will be thrilled to see that Sri Lanka is ranked 5th place in the global software piracy list.

    http://trak.in/tags/business/2010/05/12/software-piracy-india/

    ReplyDelete
  27. මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
    මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
    ස්තුතියි සහෝ...............
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/

    ReplyDelete
  28. WINDOWS, ADOBE අ‍යින් කරල FOSS වලින්ම වැඩ කිරීමට යාම කියන තරම් ලෙහෙසි කරුනක් නොවේ. බොහො විට එය කිසිසේත් කිරීමට නොහැකි දෙයක් වීමටද පුලුවන. සමහර කාර්යන් සදහාඅ WINDOWS වලට වඩා LINUX භාවිතා කිරීම ඉතා සුදුසු වුවත් Graphic Design වැනි දේ සදහා තවමත් FOSS සාර්ථක මට්ටමකට දියුනු වී නැත

    ReplyDelete
  29. මල්ලි මොනව කලත් හොර වැඩේ හොර වැඩේම තමයි. මමත් හොර කොපියක් පාවිච්චි කරන්නේ. ඒත් නිකන් සුද්දට විරුද්ද වෙන්ඩ කියල හෙලුව වහ ගන්න යන්නේ නෑ. කවුරු මොනව කිව්වත් මේක හොඳ වැඩක්. එකම දේ අනිත් ඒවටත් වෙන්න ඕනෙ කියන එක.

    මේව සීයට දෙසීයට නිකන් අරගෙන සුද්දගෙ ලනුව පස්ස පැත්තෙන් එල්ලෙනකන් ගිලපු කාලේ මේව මතක් වුනේ නැද්ද?

    ReplyDelete
  30. මෘදුකාංගයක් නිති විරොධි විම නිසා දෘඩාංගය අත්අඩංගුවට ගැනිම. අපි දෘඩංගය වෙනුවෙන් මුදල් ගෙවලානෙ ගන්නෙ.

    " මචන් දැන් ටෙනිසන්ලා, විජයයලා ඔය ඉන්නෙ ජොක් කරන අය. එයාලා මොනවා කරත් එවාට හිනා යන්නෙ නැහැ මචං
    කොච්චර වුනත් මනුස්සයෙක් හිනායන්නෙ නැති දෙයක් කරොත් තමයි හිනා යන්නෙ. එච්චරටම ජොකර්ලා පිරිලා. "

    මගෙ යහලුවෙක් ලඟකදි කියපු කාතාවක්.

    ReplyDelete
  31. මම නම් කියන්නෙ එක එක විකාර කියව කියව ඉන්නෙ නැතුව torrent එකකින් කැමති software එකක් බාගෙන කැමති විදිහට පාවිච්චි කරන්න කියල

    ReplyDelete
  32. @Anonymous
    සාමාන්‍ය පුද්ගල භාවිතයට ගැලපෙන අඩුමිල සංස්කරන වින්ඩොස් මෙහෙයුම් පද්දතියක් රැපියල් 6000 සිට ඉහලට ලබාගත හැක. රුපියල් 40000ක් පමන ගෙවා පරිගණකයක් මිලට ගන්නා අයෙකුට තව සුලු මුදලක් ගෙවා බලපත්‍ර සහිත මෙහෙයුම් පද්දතියක් ලබාගත නොහැක්කේ ඇයි?? ඒක හරියට ලක්ෂ ගණනක් වැයකොට වාහනයක් ලබාගෙන එය ලියාපදින්චි කිරීමට තව මුද්ලක් වැයවන නිසා ලියාපදින්චි නොකර සිටීම වැනිය.අනෙක අපි අද වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ අපි ඉගෙන ගන්න පටන් ගත්තේ වින්ඩෝස් වලින් නිසයි අලුතින් ඉගෙන ගන්න අය ලිනක්ස් වලට හුරු කලානම් ඔවුන් හාවිතයට ගන්නේ ලිනක්ස්.ඇත්ත ඒකනේ. අපි වින්ඩෝස් ඉගෙන ගත්ත නිසාම ඔවුනුත් වින්ඩෝස්ම ඉගෙන ගතයූ නැත. අනෙක අපි වින්ඩෝස් වලට හුරුවූ පමනින් හොර කොපියක් හෝ භාවිතයට ගතයුතු නැත. විකල්පයන් සෙවිය යුතුය. කෙසේවෙතත් මෙම නීතිය බලානුයේ ව්‍යාපාර කටයුතු සඳහා බලපත් රහිත මෘදුකාංග යොදාගැනීමේදී පමනි. තවද සිසුන් සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ මෘදුකාංග නොමිලේ ලබාදෙයි.
    http://www.microsoft.com/express/Downloads/
    visual studio මෘදුකාංගය හා සමාන Mono මෘදුකාංගයෙන් ලිනක්ස් වලින් භාවිතයට ගත හැක. (http://mono-project.com/Main_Page) wine භාවිතා කර ලිනක්ස් මත .exe මගින් ධාවනය වන මෘදුකාංග ස්ථාපිත කල හැක(http://www.winehq.org/).
    මීට අමතරව ජාවා PHP,C++, Fortran, Pascal, COBOL,Lisp, ආදී බොහෝ ක්‍රමලේඛන භාෂාවන් ලිනක්ස් මෙහෙයුම් පද්දතියහි ධවනය කල හැක. සොයා බලන්න, හිතන්න, ඔබට සුදුසු දේ කරන්න එය ඔබ විසින් කලයුත්තක් මිසක අන් අයට බලෙන් කරවිය නොහැක්කකි.ලෝකය වෙනස් වනවිට අපි වෙනස් නොවන්නේ ඇයි???

    ReplyDelete
  33. මුරුදුකාංගයක් සල්ලි දීලා පාවිච්චි කරන එක මට නම් මහා මදි පුංචිකමක්! කවුරු කොහොම කිව්වත් මමනම් හොර කොපිම තමා පාවිච්චි කරන්නේ...අද තව වෙනකම් මුරුද්කාංගෙකට සත පහක් දීලා නෑ...දෙන්නෙත් නෑ....පුලුවන්නම් අල්ලපල්ලා.....

    ReplyDelete
  34. අපිට OpenSource වල පිහිටයි

    ReplyDelete
  35. "Most guys talking about linux and linux based software, I would like to ask from them, you guys first started learning IT or Computing using linux, Was your first OS Linux, Was your first painting tool Gimp. I don't believe even 0.1% of Sri Lankan started their IT or first access to computer world using Linux. Sri Lankas IT standard came to this level mainly because of Microsoft and other commercial products (pirate or not). That's the truth, if this happened and all are asked to start computing with Linux do you think how many of our children will comfortably learn it in their child age. Just after learning command or two in Linux people trying to become genius and they have forgotten how they learned IT in their childhood, Shame on you"


    I totally agree with you. Some guys think they have an advanced knowledge in IT just by using Linux based software, it's simply a myth .
    If they are exposed to the real IT world they realize that we can't underestimate Windows based systems. those who use a computer just for fun can bring stupid arguments.
    So pls don't comment just to say that u r not affected by this because u know Linux .

    I agree that we should tackle software piracy , and I believe that these laws will be enforced against the profit making companies but not on the individuals.

    And also I agree that we should encourage open source software usage and development.( but not just as a fashion to follow, but in a productive way)

    But if the authorities try to enforce these laws on individuals, it might affect adversely on our IT education.

    ReplyDelete
  36. microsoft රෙද්ද තමයි ..
    මුන්ට කඩේ යනව ඇරෙන්න වෙන වැඩක් නැද්ද? උන්ගේ browsers වලින්ම කියන්න පුළුවන් උන්ගේ හැටි.. ඔක්කොම developersල දන්නවා IE මෙලෝ රහක් නැති browser එකක් කියලා..

    @microsoft - ඔක්කොටම කලින් firefox වගේ හොඳ browser එකක් launch කරපල්ලා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා