කච්චිය පිච්චියට ගියත් හෙළුවෙන් ම වනන ආණ්ඩුව

(2010 දෙසැම්බර් 10, W3Lankaකටුනායක ගුවන් තොටුපළේදී යම් මාධ්‍යවේදියකුට පහරදීමක් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි කරන්නැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ කැබිනට් පුවත් සාකච්ඡාවේදී පැවසී ය.


ඔහුගේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් ගම්‍ය වේ. එනම් යම් නීති විරෝධී සිදුවීමක් නිසා කිසිවකු අගතියට පත් වී නම් මේ රටේ එම පුද්ගලයාට යුක්තිය අපේක්ෂා කළ හැක්කේ රජයට පැමිණිලි කළොත් පමණි. පැමිණිලි කළොත් පරීක්ෂණයක් කළ හැකි ය. පරීක්ෂණයෙන් පසු කුමක් වේ ද යන්න දෙවන කාරණයකි.


'මාධ්‍යවේදියකුට පහර දීමක් සිදු වී තිබේ නම්' කියා කීමෙන් ගම්‍ය වන තවත් අදහසක් වන්නේ කෙතරම් වාර්තා වී තිබුණත්, රජය පරීක්ෂණයකින් ඔප්පු වන තුරු එය පිළි නො ගන්නා බවයි. තර්කානුකූල ය.


දැන් මතු වන ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ තිබෙන එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ කෙතරම් ආරක්ෂිත ස්ථානයක් ද යන්නයි. එතැනින් රටට පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙන තෙක් පොලිසිය සිටියේ කොහි ද? පහර දුන් මැරවරයෝ මෙම පිරිස එළවාගෙන ගොස් ඔවුන්ට පහර දී ගමන් ගත් වාහනයේ වීදුරු කුඩු කරන තෙක් පොලිසිය සිටියේ කොහි ද?


නැතිනම්, මේ පිරිස තමන්ට ම පහර දීගෙන, වාහනයේ වීදුරු කුඩු කරගෙන, ජනාමාධ්‍යවල ව්‍යාජ වාර්තා පළ කරවා ගත්තා විය යුතු ය.


ආරක්ෂාව වෙනුවෙන් මහජන මුදල් ගෙඩි රුපියල් බිලියන 215ක් වෙන් කළත් රටේ වැඩ සිද්ධ වන්නේ ඔහොම ය. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් කියන්නේ ඕවාට ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සහතික ඇත්ත...
    ආයුබෝවේවා මහ රජානනි ආයුබෝවේවා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා