ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children

(2010 දෙසැම්බර් 22, W3Lankaපහත සඳහන් වන පුවත ප්‍රචාරය වුණේ ‍නෙත් ගුවන් විදුලියේ ය. 


"ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්‍ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්. 


මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි. 


අත්අඩංගුවට ගැනුණු භික්‍ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා. ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ."


භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්‍ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නම් මෙම පුද්ගලයන් හඳුනා ගනු ලබන්නේ භික්ෂූන් ලෙසයි.


බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය  ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත. 


ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය. 


ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති. 


2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ. 


භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය. 


එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි. 


ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Fully agree. It is a totally wrong act and result is a monk who is never willingly there. This is the main reason why lots of monks do misconduct. Anyone forced to be a priest will never behave within the constraints of priesthood.

    ReplyDelete
  2. අනිත් වාසිය තමයි, ළමා කලේ මහන නොවුනම තමන් වැඩියෙන් කැමති දේශපාලනය කරගෙන ඉන්න පුළුවන්. මහන වූ කීයෙන් කී දෙනාද බුදුන් දෙසු ධර්මය අනුගමනය කරන්නේ සහ උගන්වන්නේ.

    ReplyDelete
  3. mechchara kalayak me rata rekune sanga shasanaya hinda.sasanayata ethulwela enna hemoma dushsheelayo neme.ekek vereddak kalataokkotama eka adala ne.podikale edala shikshanayak nethiunoth mahanakama karanna amarui.egamahana unata wedak ne.hitha mahana karanna berinam.hamuduruwaru mechcharawath hegeem palanaya karagena ennawa madida?

    ReplyDelete
  4. This is a widespread problem in all religious instititutions. Recently, similar incidents have been reported in Christian / Catholic monastries too. There was a documentary on British TV about Islamic religious schools in Senegal where children are being abused. So, media should let religious leaders to take appropriate actions rather than blowing the issue out of proportion.

    ReplyDelete
  5. මෙයට විසදුමක් ඇත. එනම් වයස 16 (අපොස සා පෙලින් ) පසු සෑම බෞද්ධ පිරිමි දරුවකුම මාස 6ක මහන දම් පුරන කාලයකට යටත් කිරීමයි. එමෙන්ම එය විනය පිටකයේ ඇති සියලු විනය කරුනු වලට උපරිම ලෙස යටත්ව කල යුතුය.
    ජීවිතයේ රස හැඟීම් උපරිම එම කාලයේ මහන වීම තුලින් තමන්ට එහි සැබැවින්ම රැදී සිටීමට හැකිදැයි තමන්ගෙන්ම විමසා බැලීමට හොද කාලයක් ලැබෙන බව මාගේ හැඟීමයි.

    -Sahan

    ReplyDelete
  6. [[මෙයට විසදුමක් ඇත. එනම් වයස 16 (අපොස සා පෙලින් ) පසු සෑම බෞද්ධ පිරිමි දරුවකුම මාස 6ක මහන දම් පුරන කාලයකට යටත් කිරීමයි. එමෙන්ම එය විනය පිටකයේ ඇති සියලු විනය කරුනු වලට උපරිම ලෙස යටත්ව කල යුතුය. ]]

    "කැමති සෑම" ලෙස නිවැරදි වූවා නම් අගෙයි.

    නැත්නම් එක් බල කිරීමක් වෙනුවට වෙනත් බලකිරීමක් යෝජනා කළා වෙනවා නේද?

    ReplyDelete
  7. meeta wediya dewal palliwala sidda wenawa, koi agameth weradi karana aya siteema samannyai. mewa walakwanna thamai rataka neethiyak tiyenne . meka liyana kena kawru unath bawddayek nowana bawa pehedilii. mewata kiyanne palliyata kade yanawa kiyala. 2600 buddha jayanthiyata 2600k mahana karanawa kiyala wediyenma kalabala wela thiyenne palli ...manawa himikam gena katha karana ewun wedi hariyak ewa kada karanawa .. me blog eka katawath kade noya liyanawanam godak hodai ... thanx .

    ReplyDelete
  8. හැම ආගමක්ම මුළු සමාජයම අපයෝජනය කරනවා. ඒත් හැමෝම දකින්නේ එය ලිංගික අපයෝජනයක් වුනොත් විතරයි. පැරකුම් දකින්නෙත් එය විතරද ?

    ReplyDelete
  9. @Anonymous
    අප කැමති වුණත්, නැතත්, ආගම යථාර්ථයකි. මාක්ස්වාදය පවා ඇතැමෙකුට (ඇතැම් විට බොහෝ දෙනෙකුට)ආගමකි.

    අපයෝජනය යනු ද වෙනත් ඕනෑම සංකල්පයක් සේ ම සාපේක්ෂ අරුත් දනවන්නකි.

    ReplyDelete
  10. yako kalakanniyooo....uba iye pereda aten poththen eliyata awith mewa gena kiywanne tho monawa denagenada?thopi wage mithyadrustikayo budunge kaleth hitiya..eun thama ada awichi maha narakaye pesenne...tho yako me wage dewal gena prakasa karanne monawa denagenada?uba budu dahama gena monawada danne?yamek nithara nithara sista sampannawa idala prkgngnawa ha manasa diunu karanwa nam e kena sehelluwen jiwath wei.ehema neti nam duk widiwi.ubatath wenne kata tibuna paliyata kiyawala liyala nikamek wage apathayek aurin meila yanna misak wena ekak newe.

    ReplyDelete
  11. loke hoda saha naraka kiyala dekak thiyenawa. e nisa oyala wge ayat me loke inna ona. habai oya yamak kamak terena kenek nisa thamange hadawtah dhannawa thman kiyanne atthada boruda kiyala. e nisa me samaje badagosthara wdeen athara oya thawat ekek vithrai. api bohovita attha dana danat boruwama karanne bohovita attha thula jeewat vemen apita pawatmak nathi nisa ne? oyat e wage minihek vitharai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා