Posts

Showing posts with the label ළමා අපචාර

ගහෙන් වැටුණු දරුවාට විදුහල්පති ඇනීම

Image
දරුවකු අතින් ලිංගිකත්වය හා සම්බන්ධ වරදක් සිදු වූ කල පවා ලංකාවේ නීතිය අනුව එය සැලකෙන්නේ දරුවාගේ වරදක් ලෙස නො වේ. වරද සිදු කළ අනෙක් පාර්ශ්වය වැඩිහිටියකු වේ නම්, එම පාර්ශ්වයේ වරදක් ලෙසයි. එය ලංකාවේ නීතිය අනුව ලිංගික දූෂණ ගන‍යේ ලා සැලකේ. නීතිය ඉදිරියේ අනුකම්පාවට ලක් වන ළමයි පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉදිරියේ යළි අසරණ වන්නේ කෙසේ ද? ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නේ නීතියට ඉහළින් ද? අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අතින් දූෂණය වූ දැරියක එම ප්‍රදේශයේදී අවමානයට ලක් වීම නිසා ඇය බංඩාරවෙල කුඩා කුසුම් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. එහෙත්, එම පාසලේ විදුහල්පතිනිය මේ සිද්ධිය පිළිබඳ සොය දැනගෙන ඇය පාසලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. නේවාසික පහසුකම් සහිත එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර විදුහල්පතිනිය දිනක්‌ මව කැඳවා දියණිය තරුණයන් දෙදෙනකුගෙන් හා ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් අතවරයකට භාජනය වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කියමින් විදුහලෙන් අස්‌කර ගන්නා ලෙස දන්වා ඇත. විදුහල්පතිනිය ගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාම ඇඳුම් හා පාසල් පොත් රැගෙන දියණිය සමග ආපසු ගෙදර එන්නට මවට සිදු වී තිබේ. දැන් මේ පිළිබඳව...

ළමයින් මහණ කිරීම ගැන නැවතත්

Image
වවුනියාවේ ප්‍රසිද්ධ භික්ෂුවක් පන්සලට රැකවරණය පිණිස භාර දුන් දිළිඳු පවුලක දරුවකුට බරපතල ලිංගික අපචාරයක් කර තිබෙන ආකාරය ඇමති විමල් වීරවංශට සම්බන්ධ ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි. දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය. ‍අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ. පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය. විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධා...

බණ, පිරිත් අහමු! ළමයින් දූෂණය කරමු!

Image
තුන් තිස් පැයේ පිරිත් සජ්ජායනා වන, නිරතුරු බණ කියන - බණ අසන දනන්ගෙන් පිරි,  ලෝකෙන් උතුම් රට හා ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ දඹුල්ල නම් සිංහල බෞද්ධ පූජනීය නගරයේ බස් නැවතුමේ සත් ගුණවත් ව්‍යාපාරික මහතකු හා හිත හොඳ චන්ඩින් යයි කියන ත්‍රීවීල් රියදුරන් ඇතුළු 11දෙනෙකුගෙන් සමන්විත ලුම්පන් හැතිකරයක් විසින් 17 හැවිරිදි මන්ද මානසික තරුණියක් රවටා ගෙන ගොස් පෝලිමක් දමා ඇත.  අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක දහතුන් හැවිරිදි ළාබාල දැරියක ඇගේ පවුලේ වැඩිහිටියන් විසින් විකුණනු ලැබ වරින් වර 35දෙනෙකු විසින් දූෂණය කර ඇති බව වාර්තා වුණේ ගිය සතියේ ය. අකුරැස්සේ පාසල් දැරියක් ආරක්ෂක අංශයක රැකියාවක් කරන්නකු විසින් පාසලක් තුළදී ම කෙළෙසන ලදී.  ප්‍රසිද්ධ ළමා අපචාරකරුවෝ ධන හා දේශපාලන බලයෙන් අධිකරණය පරාජය කර රටේ ම ආරක්ෂාව පිළිබඳ වැදගත් තනතුරු දරන කලක මෙවැනි තත්වයක් රටේ ඇති වීම පුද්මයට කරුණක් නො‍ වේ.  දියණියන් ඇති පියවරුනි, මව්වරුනි, මේ තත්වය ඇති කරන්නට ඔබ කෙතරම් දායක වුණාදැයි කල්පනා කර බලන්න. ඔබේ දරුවන් වෙනුවෙන් හෝ මේ පාදඩ ක්‍රමය වෙනස් කිරීමට දායක වන්න.  මේ ලිපි...

ළමා අපයෝජකයන්ට මරණීය දණ්ඩනය දීම අහවලාගෙන් ඇරඹුවා නම් නරක ද?

Image
ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කරන බව එහි සභාපතිනි අනෝමා දිසානායක කියයි.  ඒ අනුව, ලංකා‍වට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අළුගෝසුවන් රැසක් අවශ්‍ය වනු ඇත.  අද වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යගකිව යුතු තනතුරක් සරණ එක්තරා මන්ත්‍රීවරයකු ද බාලාපචාර දෝදනාවක් ලැබ සිට, දේශපාලන බලය පාවිච්චි කර අයථා මාර්ගයකින් නිදහස ලැබූවෙකි.  මේ වන විට ආගමික ප්‍රභූන් ගණනාවකට විරුද්ධව බාලාපචාර චෝදනා විභාග වෙමින් පවතී.  පාසල් ගුරුවරු ද සෑහෙන පිරිසක් බාලාපචාර චෝදනා ලැබ ඇති අතර, ලංකාවේ පාසල්යනු ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන, ළමයින් ශාරීරිකව හා මානසිකව නිරතුරු හිංසනයට ලක් කරන ස්ථාන වේ.  පාසල් වෑන්, බස් රථ ආදිය ද තවත් එවැනි ස්ථාන වේ. 'හොඳ ම දේ දරුවන්ට' යි ආප්තෝපදේශයක් සමාජවාදී සෝවියට් දේශයේ තිබිණි. ලංකාවේ අබලන් ම වාහන යොදා ගන්නේ පාසල්වලට සිසුන් ඇදීමටයි.  මෙම තත්වයන් පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ හරි හමන් ක්‍රියාමාර්ගයක් පිළ...

ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children

Image
( 2010 දෙසැම්බර් 22,  W3Lanka )  පහත සඳහන් වන පුවත ප්‍රචාරය වුණේ ‍නෙත් ගුවන් විදුලියේ ය.  "ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්‍ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්.  මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි.  අත්අඩංගුවට ගැනුණු භික්‍ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා.  ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ." භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්‍ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්...

ආරක්ෂාවට මෙතරම් වියදමක් කාගේ අනාරක්ෂාව නිසා ද?

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka ) ලංකාව 2011 වසරේ රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරන්නට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 21,521කි. එනම්, රු. 215,210,000,000 කි. ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව, රටේ ලොකු කුඩා සෑම පුද්ගලයකු ම සිය ආරක්ෂාව වෙනුවෙන් වසරකට රු. 10,760ක් වැය කරයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලක් නම් රු. 53,802ක් හෙවත් මසකට රු. 3165ක් වැය කරයි. මේ වනාහි රටේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලකි. ලංකාවේ රජය ලබන අවුරුද්දේ රු. ලක්ෂ කෝටියක් ණය ගන්නට බලාපොරොත්තු වේ. මේවාට පොලිය ද එකතු වන බැවින් මේ වසරේ ආරක්ෂක පිරිවැයට අමතරව පොලියක් ද අනාගතයේ මේ රටේ ජනතාව ගෙවිය යුතු ය.  යුද්ධයක් නො තිබුණ මුත් ලංකාව මේ වසරේ ද ආරක්ෂාව වෙනුවෙන් රු. කෝටි 20,000කට වඩා වැය කළේ ය. ලංකාව ආක්‍රමණ තර්ජනයකට මුහුණ දී නැත. එසේ ම රාජ්‍යයට තර්ජනයක් වූ කොටි සංවිධානය ද මුළුමනින් ම පාහේ මර්දනය කර ඇත. කොටින් යළි ගරිල්ලා සංවිධානයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට ද සාක්ෂි නැත. එසේ නම් ආරක්ෂාව වෙනුවෙන් කරන වියදමින්රටේ ජනතාව ආරක්ෂිතව ජීවත් විය යුතු ය. ඔබේ දරුවා පාසලට යැවූ විට කණ පල...

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය දුමින්ද සිල්වාට දෙන්න | Appoint Duminda Silva the Minister of Child Development and Women's Affairs

Image
( 2010 ඔක්තෝබර් 12,  W3Lanka )  ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් ය. නිදහස් කියන්නේ බාල වයස්කාර දැරියක කෙළෙසීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් ය. නිදහස් වන්නේ අදාළ බාල වයස්කාරිය සාක්කි දීම සඳහා නො පැමිණීම නිසා ය. නඩුව හේතුවෙන් ඇය මානසික පීඩනයකට ලක් වන බව ඇගේ නීතිඥයන් පැවසූ බව වාර්තා වේ.  මේ හා අදාළ සිද්ධිය වන කාලයේ දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු 2002 සිට අපචාරයට ලක් වූ දැරියගේ අක්කා සමග ඇසුරක් පවත්වමින් ඇගේ නිවසට ආවේ ය; ගියේ ය. 2004දී පමණ දුමින්ද සිල්වා කීප වරක් ම එවකට 13 හැවිරිදි වියේ සිටි (උපන් දිනය 1988 ජුලි 28) මෙම දැරිය කෙළෙසා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය වාර්තා කර තිබේ.  එසේ ම දුමින්ද සිල්වා මෙම දැරියගේ අක්කා පැහැරගෙන යාමට දැරූ ප්‍රයත්නයක් පිළිබඳව පැමිණිල්ලක් ද මීට පෙර අතුරුගිරිය පොලිසියට ලැබී තිබිණි.  දැරියගේ පියා පැහැරගෙන යාමේ තැතක් පිළිබඳව බම්බලපිටියපොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.  දූෂණය සිදු වී වසර හයක් ගෙවී තිබියදීත් යුක්තිය ඉටු නො වීමෙන් අපරාධයට ලක් වූ ...

ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට පිරිමි සිය ගණනක් වට වී පොල් පිත්තකින් පහර දීලා

Image
(2010 අගෝස්තු 14,  W3Lanka )   ඔබ ජීවත් වන රටේ වයස අවුරුදු 17යි මාස අටක් වන, අසනීපයෙන් සිටි, බාල වයස්කාර, දෙමස් වියේ දරුවකුට කිරි දෙන, එක් දරු මවකට පිරිමින් සිය ගණනක් වට වී එක් ගැහැනියක් ඇයට කණට ගසා, මහ පාරේ බිම දමාගෙන පොල් පිත්තකින් පිට මැදට සිය වරකට වඩා පහර දී ඇතැයි එම කාන්තාවගේ සැමියා (මෙම විවාහය නීත්‍යනුකූල ද යන්න ප්‍රශ්නයකි.) පොලිසියට පැමිණිලි කර ඇති බව ඔබ දන්නවාද? මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ළමා සංවර්ධන හා වනිතා කටයුතු ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර දරන සිංහල හා මුස්ලිම් පිරිමි දෙන්නා දක්වා සියලු දෙනාත් නිහඬ බව ඔබ දන්නවාද? මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ ය. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාරියගේ සැමියා‍ කරන ප්‍රකාශයේ හඬපටයක් ද ඇත. සිද්ධිය සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවේ පිලැස්ස, මුංදූව ගමේ ය. සිද්ධිය වූ දිනය මෙම විස්තරයේ අඩංගු වන්නේ නැත. මෙම කාන්තාව මාවතගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. මාවතගම පොලිසියේ පැමි...