ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය දුමින්ද සිල්වාට දෙන්න | Appoint Duminda Silva the Minister of Child Development and Women's Affairs

(2010 ඔක්තෝබර් 12, W3Lankaආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් ය. නිදහස් කියන්නේ බාල වයස්කාර දැරියක කෙළෙසීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් ය. නිදහස් වන්නේ අදාළ බාල වයස්කාරිය සාක්කි දීම සඳහා නො පැමිණීම නිසා ය. නඩුව හේතුවෙන් ඇය මානසික පීඩනයකට ලක් වන බව ඇගේ නීතිඥයන් පැවසූ බව වාර්තා වේ. 


මේ හා අදාළ සිද්ධිය වන කාලයේ දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු 2002 සිට අපචාරයට ලක් වූ දැරියගේ අක්කා සමග ඇසුරක් පවත්වමින් ඇගේ නිවසට ආවේ ය; ගියේ ය. 2004දී පමණ දුමින්ද සිල්වා කීප වරක් ම එවකට 13 හැවිරිදි වියේ සිටි (උපන් දිනය 1988 ජුලි 28) මෙම දැරිය කෙළෙසා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය වාර්තා කර තිබේ. 


එසේ ම දුමින්ද සිල්වා මෙම දැරියගේ අක්කා පැහැරගෙන යාමට දැරූ ප්‍රයත්නයක් පිළිබඳව පැමිණිල්ලක් ද මීට පෙර අතුරුගිරිය පොලිසියට ලැබී තිබිණි. 


දැරියගේ පියා පැහැරගෙන යාමේ තැතක් පිළිබඳව බම්බලපිටියපොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. 


දූෂණය සිදු වී වසර හයක් ගෙවී තිබියදීත් යුක්තිය ඉටු නො වීමෙන් අපරාධයට ලක් වූ අය හෙවත් වින්දිතයා පත් වී තිබෙන තත්වය තේරුම් ගත හැකි ය. අනෙක් පැත්තෙන්, එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු ව සිටි ‍චූදිතයා දැන් පාලක රාජපක්ෂ පවුලට ඉතා සමීප ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි. එය තත්වය තවත් තීව්‍ර කරයි. 


මෙවැනි නඩුවලදී යුක්තිය පසිඳලීම පමා වීමත් සමග පැමිණිලිකාර පාර්ශ්වය පත් වන අපහසුතාව හේතුවෙන් ධනය හා බලය ඇති විත්තිකරුවන්ට ඔවුන් සමග සම්මුතියකට එළඹීම පහසු වේ. ඉටු වේ යයි බලාපොරොත්තු විය හැකි යුක්තියකට වඩා අතට ලැබෙන යම් වන්දියක් අනාගතයට වැඩදායක වනු ඇතැයි වින්දිත පාර්ශ්වය සිතන්නට ඉඩ ඇත. 


ළමා අයිතිවාසිකම් රකින්නට විශේෂ පොලිස් ඒකක, අධිකාරි ආදී අරක මේක රැසක් තිබියදී බාල වයස්කාර දැරියන් දූෂණය කරන අපරාධකරුවෝ පහසුවෙන් ගැලවී යති. එපමණක් නො ව ධනය හා බලය පාවිච්චි කර සමාජයේ සම්භාවනාවට ද පාත්‍ර වෙති. 


දුමින්ද සිල්වා හෙට මේ රටේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති හෝ ඇතැම් විට අධ්‍යාපන ඇමති, අගමැති, ජනපති පවා විය හැකි ය. 


හරිම ආදර්ශවත් ය. මේ රටේ ළමයින්ට බුදු සරණයි!


ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය ආණ්ඩුවට විරුද්ධ අපරාධකරුවකු වන සරත් ෆොන්සේකා හිරේ යාමෙන් හා ආණ්ඩුවට පක්ෂ (නීතිමය තත්වයන් මත අපරාධකරුවකු නොවන) දුමින්ද සිල්වා නිදහස් වීමෙන් නිදර්ශනාත්මකව ප්‍රදර්ශනය කෙරේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. නිදොස් නිදහස්

    කොරුන් ඇවිදිති අන්ධයෝ දකිති
    මේ සුබ උදෑසන කුරුළු කිචි බිචිය මනරම්ය
    කුසගින්නක් ද නැත දෙනෝදාහක් දෙනා සැනසෙති
    අහන දකින තැවුල් නැති නෙක සිහින දැක

    වෙඩි හඬ බුන්ය - නිහඬය
    පරෙස්සම්ය ඇවිදින බිම නැති වැලලූ බට්ටන්
    අන්ධකාරය මැදින් පැනවිත් බොටු විකා
    පැහැරගෙන ගොස් තැන තැන දමන්නේ නැත

    මේ ධවල දේශයේ අඩු වයස් දරුවෝ ගැබ්බරය
    ඒ නොදන්නා සා පැටවුන් විළිබරය
    අඹුව සේ සිටි බව කියන මුත් දිවි පතා වැළපුණ
    නඩු අහවර කල්හි කිම ද නුඹ නැගෙනියේ තවම
    විකල් සිහි ඇතිව එකතුවෙමු අපි නැතිව විළිබර

    හිතුවක්කාරයා

    ReplyDelete
  2. DO YOU REMEMBER WHAT HAPPENED TO EKNELIGODA

    @#$%^&*()!@#$%^&*()_!@#$%^&*()_@#$%^&*()_@#$%^&*(

    !!!!!!!!!!!!!!!!!!!

    WHITE VAN... BEEP BEEP PEEEK PEEEK

    DOOOOOOM!

    ReplyDelete
  3. Thota me anthima parata kiyanna, keriya. marala hanganawa!!!!!!!!!!!!!!!@#$%^*&^%$#@

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා