මංජු වන්නිආරච්චිලාගේ රත්තරං රැක ගත හැක්කේ කෙසේ ද?
(2010 ඔක්තෝබර් 26, W3Lanka)පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම්ලාභී මංජු වන්නිආරච්චි නැන්ඩ්‍රලෝන් නම් තහනම් උත්තේජකය පාවිච්චි කර ඇතැයි නැඟුණ චෝදනාවෙන් පසු, යමකු මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම්, එය තම ජනප්‍රියත්වයට ඉවහල් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා එම පුද්ගලයාට දුරකථන ඇමතුම් දීම වැනි කාර්යයන් කිරීම ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල වාර්තාව එන තෙක් ප්‍රමාද කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.
වාසනාවට කලින් වතාවේ සුසන්තිකා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කළ අන්දමින්, මේ වනාහි අප වැනි පුංචි රටක ක්‍රීඩකයකුගේ නැඟීමට ඉරිසියා කරන මහ බලවතුන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකැයි කියමින් රට තුළ බාල දේශප්‍රේමය අවුළුවා සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම අවුල් කරන ස්වභාවයක් නම් තවම දක්නට නැත.
2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා සිහිනයක් ද නිර්මානය කෙරෙමින් තිබේ.
ප්‍රධාන ක්‍රීඩා උලෙලක් කිසියම් නගරයක පැවැත්වීම ක්‍රීඩාවට එහි ගිය ආර්ථික, දේශපාලන තරගයක ප්‍රකාශනයකි.
ක්‍රීඩා උළෙලක සත්කාරක රට එම උළෙලේදී යම් තරගකාරී මට්ටමක සිටීම අත්‍යවශ්‍ය ය. 2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වුවත්, ලංකාව එවැනි මට්ටමක සිටීවි ද?
ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් අත් පත් කර ගැනීම කෙටි කාලීනව කළ නො හැකි ය. ඒ සඳහා මනා දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය ය. අඩු තරමේ වසර 2000දී හෝ මේ සඳහා වැඩපිළිවෙලක් යෙදුවේ නම් 2018 වන විට නැන්ඩ්‍රලෝන් වැනි තහනම් උත්තේජක නැතිව පදක්කම් කීපයක් හෝ දිනා ගත හැකි මට්ටමකට ලංකාවට එන්නට තිබිණි.
දැන් හෝ මුල පුරනවා නම්, 2030දී හෝ යම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇත. එහෙත්, ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ කිසිදු විධිමත් සැලැස්මක් තිබේ ද?
ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ගත හැකි හොඳ ම පියවරක් වන්නේ ආර්ථික හා වෙනත් ලාභ ප්‍රයෝජන පිණිස ක්‍රීඩා සංගම් අරක් ගෙන සිටින දේශපාලන පිශාචයන් පලවා හැරීමයි.
පහළ අන්තයෙන් ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ සලකා බලන විට බැලිය යුත්තේ පාසල් දෙසයි. පාසල්වල ක්‍රීඩා ඇත. එහෙත් සමස්තයක් ලෙස ළමෝ ක්‍රීඩා කරත් ද?
නැත. පාසල්වල සිටින්නේ පාන්දර හතරට-පහට අවදිව, වෑන්වල කිරා වැටෙමින් පාසල් පැමිණෙන හෝ හවස ටියුෂන් පංතියට යාම පිණිස සුදු ඇඳුම ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව දී සිටින හෝ පාතරාසය නො ගැනීම නිසා උදය රැස්වීමේ ක්ලාන්තව වැටෙන හෝ අධික ස්ථුලභාවය, කුරුබව වැනි තත්වයන්ට ලක් වූ හෝ ක්‍රීඩා නො කරන පාසල් දරු පරපුරකි. ඔවුහු සෙල්ලම් කරති. එහෙත් ක්‍රීඩා නො කරති.
පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව වනාහි අවුරුද්දේ මුල් මාස කීපය තුළ දිගහැරෙන විදුහල්පතිට නම් වැඩ පෙන්වීමේ සංදර්ශනයක් හා සිසුන්ට නම් තවත් එක් ෆන් එකකි. නිවාසාන්තර ක්‍රීඩා උළෙලින් පසු බොහෝ පාසල්වල ක්‍රීඩා හෙවත් පිස්සු කෙළීම අවසන් ය. දැන් ඉතින් වැඩ පටන් ගනිමු යයි ගුරුවරු කියති. නැවත ක්‍රීඩා ලබන අවුරුද්දේ ය. ක්‍රීඩා කියන්නේ මෙහෙම ය. එක දවසක් අයියලා අක්කලා නිකම් රේස් එකක්, දෙකක් තියා, උස පන්නා, දුර පන්නා, කවපෙත්ත දමා ළමයින් තරග සඳහා තෝරා ගනිති. ඊළඟ දවසේ තරග පැවැත්වේ. එතැනින් සියල්ල අවසන් ය.
ඉහත විස්තරයේ යම් අතිශයෝක්තියක් තිබෙන්නට පුළුවන. එහෙත්, එය බොරුවක් නො වේ. ඉතා ම සීමිත පිරිසක් පමණක් පාසල් ක්‍රීඩා ඔස්සේ ඉදිරියට යති. එය ද සිදු වන්නේ පාසල් ක්‍රීඩා හා පොදුවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙනුවෙන් වැය කරනු ලබන මහජන මුදල් සාධාරණීකරණය සඳහා ඔවුන්ට යම් ප්‍රදර්ශනයක් අවශ්‍ය නිසා ය.
පාසලෙන් එහාට උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රීඩාව මීටත් අන්ත ය. ඒවායේ ඇත්තේ ගුටි කෙළිය හා රති කෙළිය පමණකැයි කීවොත් වරදක් නැත.
ගාලු මුවදොරදී ව්‍යායාම කිරීම ක්‍රීඩා ඇඳුම් ඇඳ කරන සෝබනයකි. ගමේදී ව්‍යායාමය පිණිස කෙනෙකු පිට්ටනියකට යාම බොහෝ දෙනෙකුට මළ විකාරයකි. පාරක දිවීම වාහනයකට යට නො වන්නේ නම් බල්ලන් විසින් හපා කෑමට ලක් වන දෙයකි. ව්‍යායාමයට බයිසිකලයක් පැද යන්නේ නම් 'අන්න අරූ (ආර්ථිකව) වැටිලා' යි වරදවා වටහා ගෙන ගමේ මිනිස්සු සතුටු වෙති. ව්‍යායාම නො කරන නිසා ලංකාවේ වැඩි දෙනෙක් ලෙඩ්ඩු ය. ඔවුන් දන්නා ක්‍රීඩාව රූපවාහිනියෙන් නරඹන ක්‍රිකට් ය.
රටේ ජාතික ක්‍රීඩාව වොලි බෝල් ය. එහෙත් වොලි බෝල් සම්මේලනයේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද වොලි බෝල් පිටිවල පවා වල් බිහි වී ඇත. තරුණයන් කරන එක ම සෙල්ලම ක්‍රිකට් යයි කීම වැරැදි නැත. ක්‍රිකට් ගැසීම යනු බොහෝ දුරට දෙදෙනෙකු ක්‍රීඩා කරද්දී සෙසු අය බලා සිටීමයි.
රති ක්‍රීඩාව හැර අන් ක්‍රීඩාවක් නො දත් පිරිසක් රට යන්නට, ගරු නම්බුවට හා ගසා කෑමට ක්‍රීඩා සංගම් තනතුරු දරති. තම තත්වය රැක ගැනීම පිණිස නැන්ඩ්‍රලෝන් ගසා හෝ පදක්කමක් දිනා ගැනීමට ක්‍රීඩකයන් පොළඹවති. පාලකයෝ දේශපාලන ගේම් පිණිස ඔවුන්ට දුරකථන ඇමතුම් දෙති.
ලංකාවේ දේශීය ක්‍රීඩා තරගාවලිවලදී තහනම් උත්තේජක සඳහා පරීක්ෂා නො කෙරෙන තරම් ය. එහෙයින් තහනම් උත්තේජක භාවිතය මලල ක්‍රීඩා පමණක් නො ව රගර් වැනි ක්‍රීඩාවලට ද පැතිර ඇති බව ක්‍රීඩා ව ක්ෂේත්‍රයෙන් සැළ වේ. එපමණක් නොව වෛද්‍ය නිර්දේශ නැතිව තහනම් අත්තේජක පහසුවෙන් මිළ දී ගැනීමට ද හැකි බව වාර්තා වේ. බොහෝ ක්‍රීඩකයන් දේශීය මට්ටමෙන් දක්වන දස්කම් ජාත්‍යන්තර තරගවලදී දක්නට නො ලැබෙන්නේ එහෙයිනි.
ලංකාව වටේ මුහුද තිබීම නිසා රට යාම වියදම් අධික වැඩක් වි ඇත. රට යන්නෝ රට යාමෙන් සමාජයේ කැපී පෙනෙති. ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ අය ද පදක්කම් නැතත් රට යන්නට ලැබීම ගැන සතුටු වෙති.
දත් කැකුළු පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළඟ දූලි ගාලා
මෙම කවියේ 'කෙළී' යන වචනයේ තේරුම කුමක්දැයි වරක් ප්‍රශ්න විචාරක තරගයක අසනු දක්නට ලැබිණි. පිළිතුර ලෙස ලැබුණේ 'ගැහැනු ළමයා' කියා ය.
මළ කෙළියයි, මහරජ!
Bookmark, remember easily and come again www.w3lanka.com

මෙකල ක්‍රීඩාව යනු දේශපාලනයේ තවත් එක දෙපාර්තමේන්තුවකි. එනිසා ක්‍රීඩාව සඳහා අනාගත වැඩපිලිවෙළක් සැකසෙන්නේ දේශපාලනය අනාගත වැඩපිලිවෙක් සහිත මහත්මා වෘත්තිකයින්ගේ බූදලයක් වූ දාටය.
ReplyDelete"..ක්‍රිකට් ගැසීම යනු බොහෝ දුරට දෙදෙනෙකු ක්‍රීඩා කරද්දී සෙසු අය බලා සිටීමයි....."
ReplyDeleteමේ නම් බොහෝ ජවිපෙ සාමාජිකයින් ක්‍රිකට් කෙරෙහි දක්වන ආකල්පයයි. බාල වර්ගයේ අවඥා සහගත ප්‍රකාශයකි. මගේ අදහස නම් ක්‍රිකට් යනු වඩාත් දියුනු ක්‍රීඩාවක් බවයි. එහිදී ඉල්ලා සිටින මානසික එකාග්‍රතාව වෙනත් කිසිදු ක්‍රීඩාවක දක්නට නොලැබේ. ඔබ අදහස් කරන්නේ ක්‍රිකට් හිදී ශාරීරික ශ්‍රමය වැගිරීම අවම බව අවධාරනය කිරීම බව පෙනේ. එයද සදොස්ය.
අඩු වශයෙන් "......ක්‍රිකට් යනු 13 දෙනෙකු ක්‍රීඩා කරද්දී සෙසු අය බලා සිටීමයි....." ලෙස නිවැරදි විය යුතුය.
- Dimithry
එතකොට ජ.වි.පේ ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවෙදි එක්කෙනෙක් සෙල්ලම් කරද්දිනේ අනිත් අය බලන් ඉන්නේ ????
ReplyDeletecricket sukz
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබේ ක්රි කට් ක්රීවඩාව ගැන ඇති දැනුම අල්ප බව පෙනේ... අපි නම් ක්රිනකට් සෙල්ලම් කරන විට නිකන් බලන් ඉන්නේ නැත... පාසල් ක්රීයඩා කරන කාලයේදී අපි සතියට දින හතරක් පුහුණුවීම් කළෙමු... පාසල් හා ජාතික ක්රීේඩකයන් ක්රී්ඩා කරන්නේ තරග ඇති විට පමණක් නොවේ.. එම තරග සඳහා ඔවුන් දින ගණනාවක් පුහුණුවීම් කරයි. ලංකාවේ ක්රි්කට් ක්රීේඩකයන් දැන් මේ තත්වයේ ඉන්නේ 1990 ගණන්වල සිටි ක්රීනඩකයන් මහන්සි වී ලෝක කුසලානය දිනා ලංකාවේ ක්රිකට් වලට ජාත්යැන්තරයේ ඉල්ලුමක් ඇති කල නිසාය.. ඒ කාලේ ඔවුන්ට මෙතරම් මහජන හෝ මුදල් අනුග්රවහයක් තිබුනේ නැත. අනෙක් ක්රීඉඩාකරන අයද එය ආදර්ශයට ගත යුතුය.. එහෙත් සමස්තයක් වශයෙන් ගත විට ඔබගේ ලිපිය සත්යේයකි. ලංකාවේ පවුල පිටින් ගොස් විනෝදවීමට උද්යාගන අල්පය.. පවුල පිටින් ගොස් සෙල්ලම් කිරීමට ක්රී්ඩාපිටි නැත. Gym නැත. ඒවාට යන අය දෙස බලන්නේ වපරැසිනි. විශ්ව විද්යාගල තුල ක්රීමඩා නැති ගානය. කොටින්ම ලංකාවේ ක්රීගඩා සංස්කෘතියක් නැත. හරියට සිනමා සංස්කෘතියක් නැතුවා මෙනි. මේ සංස්කෘතිය නීති දැමීමෙන් ඇති කල නොහැකිය.. එයට සමාජයේ අදහස් වෙනස්විය යුතුය..
ReplyDeleteඔය කොමෙන්ටු කොටපු උන්නැහේලා මෙතන JVP නමක් ගාවගෙන තියෙන්නේ මොකද?
ReplyDeletePoliticization had destroyed every thing in this country...the issues you have taken everyday finally identified politics as a part of the issue..politics in this country has gone to the people who doesn't know "what self respect is" ...most of the institutions are run by the people who were appointed to those places due to their political loyalty...not because they are the right person to do the job...this country need a fundamental change ...but the blog like this cannot do this change...not because you are not powerful enough...the majority of half-baked eggs in this country don't want to abandon this... the only thing I predict is the collapse of the system...like what happened to the Soviet System in the 1990s...
ReplyDeleteලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ගත හැකි හොඳ ම පියවරක් වන්නේ ආර්ථික හා වෙනත් ලාභ ප්‍රයෝජන පිණිස ක්‍රීඩා සංගම් අරක් ගෙන සිටින දේශපාලන පිශාචයන් පලවා හැරීමයි.
ReplyDeleteපහළ අන්තයෙන් ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ සලකා බලන විට බැලිය යුත්තේ පාසල් දෙසයි. පාසල්වල ක්‍රීඩා ඇත. එහෙත් සමස්තයක් ලෙස ළමෝ ක්‍රීඩා කරත් ද?
________________________________________________
සිරාම කතාව .. හැබැයි ක්‍රිකට් ගැන කියපු කතාවට නම් එකඟ වෙන්න බැහැ ..........
thopi wage kaalakanni yako deshapaalane pattakin tiyahalla padakkama nati wenne ape rate ekekta mama hituwe wadagat deyak liyala tiyenne kiyala. issella eka gana hitapalla
ReplyDeleteshik witarak mun hama ekatama deshapalane gaawa ganna amana relak