විසි වසරකට පෙර කරුණා අම්මාන්ගේ කොටි සංවිධානය විසින් යටත් වූ පසු මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ කතාව යළි අවධානයට

(2010 ඔක්තෝබර් 21, W3Lanka) 1990 ජුනි මාසයේදී දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ඒ වන විට වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති නැ‍ඟෙනහිර පළාත් සභාව යටතේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 600ක් යටත් වූ පසු කොටි සංවිධානය විසින් ජාත්‍යන්තර යුද නීතිවලට පටහැණිව මරා දමන ලද සිද්ධිය පිළිබඳ කොටි සංවිධානයේ නැගෙනහිර පළා‍තේ හිටපු නායකයා හා හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් හෙවත් දැන් නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් සමාව ගත යුතු බව ඊයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ සාක්කි දෙමින් නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් පැවසී ය.

මෙම සිද්ධියේදී එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වන්නට නියෝග දුන් බව වාර්තා වේ. කොටි සංවිධානයේ භාරයට පත් වූ පොලිස් නිලධාරීන් ගණන 1000ක් පමණ වන අතර එයින් 630ක් අතුරුදහන් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෙළ ගස්වා වෙඩි තබන ලද බව වාර්තා වේ. මේ අතරින් බහුතරය සිංහලයෝ හා මුස්ලිම්වරු ය. 

කරුණා අම්මාන් 2003දී කොටි සංවිධානයේන් බිඳී වෙන් වී පසුව ආණ්ඩුව සමග එක් වූයේ ය. ඔහු සමග සිටි කණිෂ්ඨ නායකයකු වු පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පසුව කරුණා කණ්ඩායමේ බලවත් වූයේ ය. මේ දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට මාරාන්තික බල අරගලයක් ඇත. නැ‍ඟෙනහිර පළාත් මහ ඇමති වන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් අභිභවා මඩකලපු දිස්ත්‍රික්කයේ ආණ්ඩු ගැති දෙමළ ජනයා අතර නායතත්වයට පත් වීමට නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් උත්සාහ කරයි. 

මේ දෙන්නා එකිනෙකාගේ රෙදි ගලවා ගනිමින් සිටින්නේ මෙම අරගලය තුළයි. 

කරුණා අම්මාන්ගේ ප්‍රතිචාරයෙන් පිල්ලෛයන් කළ දේවල් එළි කරන අයුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Please re-read the 1st sentence (paragraph!). Its not clear.

    ReplyDelete
  2. නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් සමාව ගත යුතු බවට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ සාක්කි දුන්නේ කවුදැයි ඔබ කියන්නේ නැත.

    ReplyDelete
  3. නිවැරදි කරන ලදී. කණගාටුව.

    ReplyDelete
  4. Please dont be hurry to publish. Take your time to read the proof before publishing. You may concentrate on the contents more than the way of expressing it. I have seen many such mistakes in your blog which affect the quality of it.

    ReplyDelete
  5. එඩිටර් තුමනි කමෙන්‍ටු කපන්නේ ඇට ලාච්චුවේ දාලා තලයි කියලා බයටද.

    ReplyDelete
  6. It is not suitable to use this image. The lady in the image is a journalist and actress and currently live in America. She is someone who publically appear on behalf the democrazy in Sri Lanka. Specially she has shown her displeasure to this government specially with reagrds to the revnges taken against Sarath Fonseka.
    Admin, If you use this image, it clearly shows that your ignorence on the matter. So I may not belive in your other points as well.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා