රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි

(2010 ඔක්තෝබර් 30, W3Lankaනොවැම්බර් 15 දින සිට, දිවයින පුරා ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත දක්වා විවෘත කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලබන බව නිවේදනය කර තිබේ. 


අති විශාල වශයෙන් බදු ගෙවන ලංකාවේ බහුතරයක් දිළිඳු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව හැරුණු විට ලෙඩකදී, දුකකදී අන් පිළිසරණක් නැත. පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය. 


දැනට පවතින තත්වය තුළ වැඩ කරන මිනිසෙක් තමන්ට හෝ තම පවුලේ අයෙකුට රෝහලක බාහිර රෝගී අංශයෙන් යම් වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට නම්  එදා දවස නිවාඩු දමා පෝලිම්වල ලැගීමට සිදු වේ. 


නැතිනම්, වැඩ ඇරී ගෙදර පැමිණ සවස වෛද්‍ය කඩයකට යා යුතු ය. ඒවායේ ද පෝලිම් නැතුවා නො වේ. පෝලිම්වලට අමතරව ඒවා අධික මිළක් ද අය කරයි. 


පැය විසි හතර ම බාහිර රෝගී අංශ විවෘත කර තැබීමට ජනාධිපතිතුමා කළ යෝජනාව ප්‍රායෝගික කර ගැනීම දුෂ්කර ය. එහෙත්, සවස හත දක්වා හෝ බාහිර රෝගී අංශ විවෘත කර තැබීම දිළිඳු ජනයා පැත්තෙන් පැසසිය යුතු පියවරකි. 


 Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. This wont be a relief of just 200 rupees to patients, which is the charge of the general practitioner.

    As the hospitals are short of most drugs, and investigations, they still will have to pay around 1000--2000 rupees for drugs and reports..

    ReplyDelete
  2. "පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය"

    ඇත්තද? අරක්කු බෝතලයක් ගන්න මුදලින් දොස්තර ගාවට තුන් හතර වතාවක් යන්න පුළුවන්. එතකොට ඔය දුප්පත් ජනතාව මොබයිල් ෆොන් වලට ගෙවන බිල් එහෙම කොහොම ද? අනික බස් නැති හින්දා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ලෙඩා ගේන්න ත්‍රීවීල් මල්ලිට ගෙවන්න ඕන ගාන එහෙම කොහොම ද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය"
    is that so ......
    but......
    1 kilo of chicken is 450/=
    poor people manage to buy it
    they spend 400/= - 500/= for threewheeler
    3000/=6000/= for cigarrets and arrack
    etc..etc

    ReplyDelete
  5. People don't get a real benefit if the OPD is open until 7.00pm, unless they have access to good quality drugs and the facilities in the government hospitals.

    Swarnawahini recently had news on a study which says that 30% of the children (6 to 10 years) of this country don't have enough meat or fish in their daily meals and 20% haven't eaten eggs. If any one wanted to find out poor please look at these statistics.

    ReplyDelete
  6. This is just to get the applause of foolish men in the gallery.

    ReplyDelete
  7. @Anonymous

    ඔබ පවසන අනෙකුත් දේ ද මිළ අධික ය. මිනිසුන් ඒවා පරිභෝජනය කරන්නේ යම් කායික හෝ මානසික අවශ්‍යතා නිසා ය.

    අප‍ මෙම ලිපියේ සාකච්ඡා කර තිබෙන්නේ වෛද්‍ය සේවා පිළිබඳව නිසා ත්‍රරෝද ගාස්තු හෝ කුකුළු මස් මිළ හෝ පිළිබඳ මෙහි සඳහන් වන්නේ නැත.

    වෛද්‍ය සේවාවන් දුප්පතුන්ට මිළ අධික ය යන්න අදහසක් නොව කරුණකි. 2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල මාසික ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය.

    දුප්පතුන්ට පෞද්ගලික වෛද්‍ය සේවාවන් මිළ අධික බව කී විට ඔබ කුපිත වන්නේ ඇයි?

    ReplyDelete
  8. දුප්පතුන්ට වෛද්‍ය පෞද්ගලික වෛද්‍ය සේවාවන් පමණක් නොව අන්තර්ජාල පහසුකම්ද මිළ අධිකය.

    එනිසා දුප්පතුන් වෙනුවෙන් පැරකුම් බ්ලොග් නොලියා පත්තරයක් ගහනවා නම් හොඳය. ඒකට සල්ලි නැත්නම් බිත්ති පුවත්පතක් වත් කරන්න.

    ReplyDelete
  9. මේ මනුස්සයා ලිය දේවල් වලට මේ තරම් ‍ක්‍රෝධයෙන් කමෙන්ට් ලියන්නේ ඇයි???

    ReplyDelete
  10. ane parakum ,,oya me polawe paya gahalada inne?

    ReplyDelete
  11. parakum kiyana lankan poors
    has given 1180 million rupess as samurdhi in 2006 but the same people have spent 1250 million for tobacco ......these are the so called poor described by parakum
    hik lol

    ReplyDelete
  12. @අරුණ සර්

    උත්තරය දන්නෙමු. ලිවීම එපා කරන්නට ය.

    එහෙත්, ‍ඔවුන් අපට කරන්නේ සේවයකි. ඔවුන් නිසා මෙම බ්ලොගය බලන්නන් වැඩි වී මිස අඩු වී නැත.

    ඒ නිසා ඔවුන්ට ස්තුතියි. දිගට ම කරමෙන්ටු දමන්න.

    අසභ්‍ය වදන් යෙදුවොත් කපා දමනු ලැබේ.

    මරණීය තර්ජන කරන අය අයි.පී. එඩ්‍රස් ගැන සැලකිලිමත් වන්න.

    කෙනෙකුට මරණීය තර්ජන කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල දඬුවම් නියම විය හැකි වරදකි.

    ReplyDelete
  13. /කෙනෙකුට මරණීය තර්ජන කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල දඬුවම් නියම විය හැකි වරදකි./

    අන්න. අන්න. පැරකුම් පටන් අරගෙන මේ රටේ නීතිය ගැන විශ්වාසය තියන්න. වෙරි ගුඩ්.

    ReplyDelete
  14. duppath minissu kauruth me gu blog kiyawanne ne, mewa kiyawanneth, api wage antisocial, jobless minussma thama...
    weda thiyena minissu, mewage wikara kiyawanne ne, api ithin moda comment ekak dala, muta moda chun ekak denawa

    ReplyDelete
  15. 1. All Sri Lankan citizens have opportunity to have free education and a small percentage is selected to medicine according to the merit in AL.Out of that only a limited number will do post graduate which again , about 4-6 years of duration to be spent on that. Therefore significant amount of life is spent on studying to become a professional.
    2. Other than medicine there many other fields in which the free education is given. E.g. Engineering,accontantcy and management ,information technology, nursing, architecture,legal,etc. There are lot of persons who leave the country after qualifying and some run there own companies, firms,mass tuition classes etc while working in the government sector. But the public always criticize the private practice of doctors.
    3. There is a massive number of people who has wasted the free education and wasted a huge amount of money and ,become drug addicts, smugglers, murderers ,gangsters and politician who continued to waste ‘ janathawage mudal’. Compared to above the amount spent to creat a doctor is negligible.
    4. Doctors always involve in decision making and this can be affected by many external factorlike stress of work , lack of sleep etc. Therefore ,in many countries the number of working hours is reduced upto 36 hours per week to minimize the errors which can occur due to over work or stress. But in Sri Lanka, some units have 24hour oncall doctors.
    5. Most Sri Lankan are not humble enough to pay gratitue to the overall satisfactory service given by the health sector.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා