ආණ්ඩු විරෝධී පෝස්ටර්වලට එරෙහි ආණ්ඩුවේ යුද්ධය කාගේ මර ළතෝනිය ද?

පෝස්ටර් අලවන ජවිපෙ  පැරණි පරපුර  (ඡායා: සන්ඩේ ටයිම්ස් වෙතිනි) 
(2010 ඔක්තෝබර් 03, W3Lankaආණ්ඩුව රටේ ප්‍රබල ම ආණ්ඩු විරෝධී බලවේගය වන ජවිපෙට එරෙහි මර්දනය ආරම්භ කර තිබේ. ඒ ආණ්ඩුවට විරුද්ධව මහජනයා පෙළඹවීම සඳහා පෝස්ටර් අලවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස හා එම පෝස්ටර් ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කිරීමෙනි. 


මෙම නියෝගය නිකුත් වන්නේ ජවිපෙ ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමගයි. බොරැල්ලේදී පෝස්ටර් අලවමින් සිටි ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. 


ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝසණ කිරීම නීති විරෝධී නැත. එය රජයට එරෙහි මහජන කැළඹීමක් නො වේ. රජය යනු පාලනයයි. ආණ්ඩුව යනු එය නිශ්චිත කාලයකට භාර ගෙන සිටින දේශපාලකයන් කණ්ඩායමකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්නන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නම් රාජ්‍ය විරෝධීන් ලෙස හැඳින්වෙන්නේ නැත. ආණ්ඩුවත්, රජයත් යනු දෙකක් නො ව එකක් වන්නේ ඒකාධිපතිවාදයන් තුළ පමණි. 


පෝස්ටරය ආණ්ඩුව බිය වී ඇත්තේ ඇයි? මර්දනයට ලක් කර, බිය වද්දා හා වරදාන දී හීලෑ කරගෙන සිටින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආණ්ඩුවේ බාල ක්‍රියාමාර්ගවලට එරෙහිව දැන් කට අරින්නේ නැත. එවැනි වාතාවරණයක් තුළ ප්‍රබල ම ජනමාධ්‍යය වන්නේ කටකතාවයි. කටකතා පතුරුවන්නේ එජාපය යයි දැන් ආණ්ඩුව චෝදනා කරයි. එහෙත්, ඇත්ත වන්නේ කටකතාවල උපත මාධ්‍ය  මර්දනය වීමයි. 


පෝස්ටරය විරෝධය සඳහා පොදු ජනතාවට ඉතිරි වී තිබෙන එක් ප්‍රබල ජනමාධ්‍යයකි. ආණ්ඩුව එයට එරෙහිව අවි අමෝරා ඇත්තේ එබැවිනි. 


මෙම පියවර ජවිපෙට ප්‍රබල අභියෝගයක් වනු ඇත. දැන් ජවිපෙ එක්කෝ පෝස්ටර් ඇලවීම නවතා එක්සත් ජාතික පක්ෂය සේ පන්සල්වල සෙත් කවි, වස් කවි කියන තැනට පසු බැසිය යුතු ය. නැතිනම්, ඉස්සර මෙන් ජනතාව විස්මයට පත් වන සේ අභියෝගාත්මක ලෙස හිටිහැටියේ රට පුරා පෝස්ටර් ඇලවිය යුතු ය. දැන් ඉතින් එක තැනක මුද්‍රණය කර පෝස්ටර් රට පුරා ප්‍රවාහනය ද පහසු වන්නේ නැත. එවිට සමහර විට යළි අතින් අඳින පෝස්ටරයට පසුබසින්නට සිදු වනු ඇත. ජවිපෙ මුහුණ දෙන ඊළඟ ප්‍රශ්නය පසුගිය කාලයේ ජවිපෙට සම්බන්ධ වු පිරිස් හා ඇටුවම් බැස්ස නායකත්වය මෙම නව තත්වයට සූදානම් කිරීමයි.  


මේ වනාහි ජවිපෙ යටත් කර ගැනීම සඳහා වු තීරණාත්මක පියවරකි. ජවිපෙ යටත් වුවහොත් ආණ්ඩුව සියයට සියයකින් ජය ගත්තා වනු ඇත. 


මෙහි තවත් පැත්තක් ද ඇත. මේ ඇතැම් විට ජවිපෙට ආණ්ඩු විරෝධී ගරිල්ලා දේශපාලනය ප්‍රිය කරන නව පරපුරක් තමන් වෙත ආකර්ශනය කර ගැනීම සඳහා උදා කර දුන් නව අවස්ථාවක් වන්නට ද බැරි නැත. 


මර්දනය කැරැලිවල මුල බව කවුරුත් පිළි ගන්නා, එහෙත් බටහිර අදහසකැයි ලංකාවේ දේශප්‍රේමීන් සිතන අදහසකි. ලංකාව සියල්ල මුල සිට පටන් ගෙන තිබේ. සරළ සත්‍යයන් පවා යළි ලේවලින් මිළ ගෙවා ඔප්පු කිරීමට සිදු වි තිබේ. තත්වයේ නිර්මාපකයන් වූ ජවිපෙට ම ඒ වගකීමට උර දෙන්නට සිදු වීම දෛවයේ සරදමකි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. රජය යනු පාලනයයි. ආණ්ඩුව යනු එය නිශ්චිත කාලයකට භාර ගෙන සිටින දේශපාලකයන් කණ්ඩායමකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්නන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නම් රාජ්‍ය විරෝධීන් ලෙස හැඳින්වෙන්නේ නැත. ආණ්ඩුවත්, රජයත් යනු දෙකක් නො ව එකක් වන්නේ ඒකාධිපතිවාදයන් තුළ පමණි.
    Government is a human right. Every human being has a right to a government (Article 21 (1,2,3)of the Universal Declaration of Human Rights)hence the criticize the people who handled the government on behalf of them.

    ReplyDelete
  2. කාටද ආඩම්බර අපි කනකොට ප්‍රීමා කොත්තු මී

    ReplyDelete
  3. ""තත්වයේ නිර්මාපකයන් වූ ජවිපෙට ම ඒ වගකීමට උර දෙන්නට සිදු වීම දෛවයේ සරදමකි. ""
    baduma thami...

    ReplyDelete
  4. ‍‍මේක මොහොත කරගන්න හොදම අවශ්‍යතාවක් මේ. ජ.වි.පෙ. ලෑස්තිනම් දැන් ඉතින් සිවිල් නීති කඩන්න පුලුවන්. එලිපිට පෝස්ටර් ගහලා හිරගෙවල් පුරවමු. කට පූජානම් නවත්තලා අභියෝග බාර ගන්න ජ.වි.පෙ.ට බල කරමු.

    ReplyDelete
  5. JVP එක ඕනෑම දේකට ඔට්ටු පක්ෂයක්.MR ව ගෙනාවෙත් JVP ඒවගේම ඉවරකරන්නෙත් JVP ම තමා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා