අන්තරේට ඇඩ්‍රස් නැති වෙන්න දෙන්න මෙන්න පාර! | A method to chase Inter University Students' Federation away from Sri Lanka's universities

(2010 ඔක්තෝබර් 29, W3Lanka) පසුගිය මැතිවරණ කිසිවකදී මේ රටේ ජනතාව ජවිපෙ කියන දෙයක් අසන බව ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය කීවේ නැත.


එසේ ම, ජනතාව ජවිපෙට රැවටෙන්නේ නැති තරමට බුද්ධිමත් බව ද කියන ලදී. එහෙත්, දැන් හදිසියේ ම ජවිපෙට හා ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රැවටුණ ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වී ඇත. ගෝඨාභය රාජපක්ෂට වඩා ජවිපෙට කවුරුවත් බිය විය යුතු නැති වුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍ය කියන පරිදි සරසවි සිසුවෝ පමණක් අන්තරේට බියේ පෙළපාලි යති. බියේ යන පෙළපාලි අතරමැද හතර වටෙන් ආරක්ෂාවට සිටින පොලිසිය වෙත දිව ගොස් භාර විය හැකි මුත් ඔවුහු එසේ නො කරති. ඒ ඇයි?


අප සිතන පරිදි නම්, සරසවි සිසුන් වීදි බස්සන්නට අන්තරේට හැකි වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ගැටලු නිසා ය. ඒ ගැටලුවලට විසඳුම් දුන්නා නම් අන්තරේට ඇඩ්‍රස් නැති වනු ඇත.


විශ්ව විද්‍යාලයේ අන්තරේට විකල්ප 'ශක්තිමත්' සංවිධාන හිමි කරගෙන සිටින බව කියන විමල් වීරවංශ වැනි ඇමතිවරු විශ්ව විද්‍යාල තුළ ඇති ප්‍රශ්න හොඳින් දන්නවා ඇත.


පහත පළ වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දන්නා දේ කීපයකි. උපුටා ගත්තේ ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවයෙන් හා දිවයින පුවත්පතෙනි.




  • මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ විෂය නිර්දේශ අලුත් වී නෑ. විෂය නිර්දේශ අලුත් කිරීම සදහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ.
  • ඒ වගේමයි විශ්වවිද්‍යාල පද්ධතියේම විශාල ගුරුවරු හා උපකරණ හිඟයක් පවතිනවා. රුහුණ සරසවියේ සිසුන් 1602කට දේශන ශාලා තිබෙන්නේ 03යි පුටු තිබෙන්නේ 400යි. එක් ළමයෙක් දේශනයේ ඉන්න විට දෙදෙනෙක් එළියේ ඉන්න සිදුවෙලා තිබෙනවා.
  • ලංකාවේ ක‍්‍රිඩා උපාධියක් දෙන එකම සරසවිය සබරගමුව සරසවියයි. නමුත් ක‍්‍රිඩා පිට්ටනියක් නෑ.
  • කැළණිය සරසවියේ සිසුන් 8200ක් ඉන්නවා. පුස්තකාලයේ පහසුකම් තිබෙන්නේ 800 කට පමණයි.
  • රජරට සරසවියේ වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. ඔවුන්ට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි නැහැ. ඔවුන් දැන් අවසන් වසරට පැමිණ තිබෙනවා අවසන් වසරේදී ක්ෂේත‍්‍ර පහක් යටතේ මහාචාර්යවරු 05 දෙනෙක් යටතේ හැදෑරීම් කළ යුතුයි නමුත් එකදු මහාචාර්යවරයෙක් වත් එහි නෑ.
  • කැළණිය සරසවියේ ලලිත කලා හා නැටුම් පීඨයේ සිසුන් 200ක් ඉන්නවා නමුත් එහි එකදු ආචාර්යවරයෙක්වත් නැහැ. සියලු දෙනා තාවකාලිකව පිටතින් එන්නන්.
  • සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිසුන් 1300 ක්‌ ඉන්නවා. ඒත් ඒ සියලුම දෙනාට පාවිච්චි කරන්න තියෙන්නේ බට නළා පහයි, සිතාර් අටයි, වයලීන හයයි.
  • කැලණියේ සිසුන් 8200 ක්‌ හිටියත් නේවාසිකාගාර පහසුකම් තිබෙන්නේ සිසුන් 2300 කට විතරයි. කාන්තා නේවාසිකාගාරයේ සිට සරසවියට පැමිණිය යුත්තේ කිලෝ මීටර් අටක්‌ දුර ගෙවා ගෙන. ඒ සිසුවියන් ප්‍රවාහනය සඳහා දුන් බස්‌ රථයත් අද නතර කරලා.
  • ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම් සිදුකරන්නේ නෑ.


"ආණ්ඩුව මෙයට විකල්පයක් වශයෙන් ගෙනෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි. මේ රටේ දුප්පත් දුවා දරුවන් සරසවි අධ්‍යාපන හැදෑරීමට සුදුසුකම් ලබන්නේ නිදහස් අධ්‍යාපනය හේතුවෙනුයි. පොරමඩුල්ලේ විදුහලේ ඉගෙන ගත් එස්.බී.දිසානායක අධ්‍යාපන ඇමැති දක්වා පැමිණෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය තිබුන නිසයි." - අනුර කුමාර දිසානායක


නිදහස් ය කියන කිසි දෙයක් නිදහස් නැත. ඒ වෙනුවෙන් ජනතාව බදු ගෙවති. එදාත්, අදත් එය එසේ ම ය. උසස් අධ්‍යාපනය රජය විසින් නො මිළේ ලබා දිය යුතු ව ඇතැයි අපි නො කියමු. ඒ වෙනුවට, සිදු විය යුතුව තිබෙන්නේ ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි අන්දමට උසස් අධ්‍යාපනය පුළුල් වීමයි. 2011 වසරේදී ආරක්ෂාව සඳහා රු. බිලියන 215ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුව උසස් අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ එයින් දහයෙන් පංගුවක් වන බිලියන 21ක් පමණි.


විශ්ව විද්‍යාල මුදා ගැනීමේ මෙහෙයුමක අවශ්‍යතාව ගැන කතා කරන ආණ්ඩුවට කළ හැකි දෙයක් නම් ආරක්ෂාවට හෙවත් ඉහත කී ආකාරයේ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති මුදලින් තව දහයෙන් එකක්වත් වෙන් කර සරසවිවල මූලික ප්‍රශ්න විසඳීමයි. එවිට සරසවි සිසුන් දහස් ගණන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුවේ බෝඩිමෙන් කන්නට දෙන්න හෝ අන්තරේට එරෙහි මෙහෙයුම් දියත් කර සරසවි වන්නියක් බවට පත් කරන්න‍ට හෝ උදුල් ප්‍රේමරත්නගේ වෙල්ලමුල්ලිවයික්කාල් නිර්මානය කරන්නට හෝ කරදර වන්නට සිදු නො වනු ඇත.


ජනතාවගෙන් අසීමිතව සූරා කන බදු ආදායමින් එසේ නො කරන ආණ්ඩුවක් විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය පිළිබඳ කතා කිරමේ සාධාරණත්වයක් නැත. අප ජවිපෙ සමග බොහෝ කාරනාවලදී එකඟ නො වන මුත් අනුර කුමාර දිසානායක කියන පහත කරුණ ප්‍රතික්ෂේප කිරීමට හේතු වන තරමේ සාධාරණත්වයක් ආණ්ඩුවේ ක්‍රියා තුළ නැත.


"මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ සුපිරි පවුල්වල කීපදෙනකු අරමුණු කරගෙනයි. මේ රටේ ජනතාවගෙන් 41% ගේ දවසේ ආදායම රුපියල් 200ට වඩා අඩුයි. මෙසේ වන ජීවන තත්ත්වයක් උඩ කොහොමද මේ රටේ දුප්පත් අම්මලගේ තාත්තලගේ දරුවන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ. මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලක්‍ෂ 80යි මාසෙක වියදම රු.135,000යි. එසේම, අනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සාමාන්‍ය උපාධියක් ලක්‍ෂ 38ක් වෙනවා. මාසෙකට වියදම 106,,000 යි මෙවැනි වියදමක් දරා තමන්ගේ දරුවන්ට ඉගැන්විය හැක්කේ කීයෙක් කී දෙනාටද? ඒ නිසා මේ සිදුකරන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල බවට පත් කර සුපිරි පිරිසක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමයි. ඒ නිසා මෙවායින් පෙනී යන්නේ ආණ්ඩුවට අධ්‍යාපනය සදහා මුදල් වෙන් කිරීමේ අදහසක් නෑ වෙන්කරනවා කියූ මුදල් වෙන් කරන්නේ අඩුවෙන් වෙන් කරන මුදලින්ද ඇමැතිවරයා කෝටි දෙකහමාරක් යොදවා වාහන ගන්නවා."


සෞන්දර්ය සිසුන්ට බට නළා නැති මුත් විශ්වවිද්‍යාලවලට උපකරණ ගැනීමට වෙන් කළ මුදලින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයක්‌ වැය කර ලෑන්ඩ් කෲෂර් රථයක්‌ මිලට ගෙන ඇති බව අනුර කුමාර චෝදනා කරයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. */කැලණියේ සිසුන් 8200 ක්‌ හිටියත් නේවාසිකාගාර පහසුකම් තිබෙන්නේ සිසුන් 2300 කට විතරයි. කාන්තා නේවාසිකාගාරයේ සිට සරසවියට පැමිණිය යුත්තේ කිලෝ මීටර් අටක්‌ දුර ගෙවා ගෙන. ඒ සිසුවියන් ප්‍රවාහනය සඳහා දුන් බස්‌ රථයත් අද නතර කරලා./*

    -------

    කැම්පස් එක ඇතුලෙ හදපු කාන්තා නේවාසිකාගාරයට පිරිමි ලමයි රිංගුවාම ඉතින් මෙහෙම වෙනවා. ඒක පිරිමි ලමයින්ට දෙන්න කියලා උද්ඝෝෂණ කලේ කවුද අනුර මහත්තයෝ....?

    ReplyDelete
  2. "සෞන්දර්ය සිසුන්ට බට නළා නැති මුත් විශ්වවිද්‍යාලවලට උපකරණ ගැනීමට වෙන් කළ මුදලින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයක්‌ වැය කර ලෑන්ඩ් කෲෂර් රථයක්‌ මිලට ගෙන ඇති බව අනුර කුමාර චෝදනා කරයි."

    ඉදල ඉදල ඇමැති උනාම බස් එකේ යන්න පුලුවන්ද?

    ReplyDelete
  3. හයිකෝප් මූල්‍ය වංචා නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ අද(29) වරද පිළිගෙන ඇත........

    දැන් තොපි මොකද කියන්නේ.....රට පාවා දුන් පාහර බල්ලනේ...

    ReplyDelete
  4. Ada dawase anduwa parmbanawa udde iwarai kiyala.Namuth emathila yanne 200 vitara arakshkain piriwaragenai.Kaiwaru gahana Wimal Weerawansalath ehemai. Me kata bayeda?????????.Arakshawa nethuwa eliyata bessa dawasata therei me aya mona tharam janapriyada kiyala.SB tath kiyanna one e tikama thamnai.

    ReplyDelete
  5. උදුල්ගෙ සීයාOctober 29, 2010 at 2:01 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. IUSF should be there, but JVP should be removed.
    The aim of IUSF should be to improve wellfare and status of students, not JVP.

    Now what government trying, is to remove IUSF, saying that it is JVP biased, and isolate students, degrade and insult universities, and bring pvt uni,

    pvt uni is a good idea, but this corrupted govt and corrupted SB wont maintain standrads, instead they will give administration to gota, basil and clang..

    Remember SB uses 200lakhs car as his official vehicle, why cant he improve govt uni???

    ReplyDelete
  7. Judges salary will be increased, because they help the government to win these court cases..
    Eg. SF, Udul

    ReplyDelete
  8. Udul arrested, it is good..
    JVP has to be sent home...

    BUT WHY DONT,
    the government has a genuine interest to develop government universities,,

    It is because they can put up private universities so that MR clang can run them and make profit. Their children can easily get degrees..

    Oneday, mudalali's and politocos children will get into good posts with paid degrees, while talented children with degrees will be jobless..

    ReplyDelete
  9. When the Nazis came for the communists,
    I remained silent;
    I was not a communist.

    When they locked up the social democrats,
    I remained silent;
    I was not a social democrat.

    When they came for the trade unionists,
    I did not speak out;
    I was not a trade unionist.

    When they came for the Jews,
    I remained silent;
    I was not a Jew.

    When they came for me,
    there was no one left to speak out.

    IF I DON’T SPEAK OUT FOR OTHERS TODAY, WHEN THEY COME FOR ME TOMORROW, I WILL HAVE NOBODY TO SPEAK OUT FOR ME.

    ReplyDelete
  10. In a way MR( & Mervyn) is correct in breaking the JVP viselike grip in state universities ( even if the methods are not OK)
    As a virulent anti-JVPer during my Uni days I know that it is the JVP induced backward mentality that create graduates without self confidence who take Government to the task for not provoding employment.
    An overhaul of entire university system is needed. But that doesn’t mean we should dillute quality of education by facilitating friends of Politicos to wreak havoc with it.

    ReplyDelete
  11. IF I DON’T SPEAK OUT FOR OTHERS TODAY, WHEN THEY COME FOR ME TOMORROW, I WILL HAVE NOBODY TO SPEAK OUT FOR ME.

    Very True. When I do not speak against JVP's actions against students and society now, there will be nobody to speak for me when JVP comes for me tomorrow.

    ReplyDelete
  12. Anonymous Ube an deka Polish karaganin .. Tho wage Buru harak innakan 2 pas neti un tikata Raja magul
    උබේ අං දෙක පොලිශ් කරගනින් බූරුවා..

    ReplyDelete
  13. සතුරාගේ සතුරා මිතුරා යැයි න්‍යායක් පවතී. ලාංකික සමාජයේ එක්තරා අදේශපාලනික චරිත කිහිපයක් මේ මොහොතේ දී උත්සාහ ගනිමින් සිටින්නේ මීටම සමාන න්‍යායක් සමාජ බලයක් ලෙස ස්ථාපිත කිරීමටයි.

    තමන්ගේ සතුරාට, සතුරාගේ සතුරා විසින් පහර දෙන විට යම්කිසි නිරාමිස වින්දනයක් ලැබීමට මේ අදේශපාලනික සිවිල් චරිතයන්ට හැකි වී තිබේ. මේ මොහොතේදී ඔවුන් උත්සාහ ගනිමින් ඉන්නේ මෙකී සංකල්පයට සමාජ බලයක් ලබාදීමටයි.

    ජනතා විමුක්ති පෙරමුණ සමග ද ජනරාල් සරත් ෆොන්සේකා සමග ද අපහට කිසිම ඇයි හොදයියක් නැති අතර ඔහුන්ගේ මතවාදයන් ගැනද එකගතාවක් නොමැත. එහෙත් එසේ වූ පමණින් ආණ්ඩුවේ ගහලයන්ගේ දං ගෙඩියට ඔවුන් හසුවෙනවා දැකීමටත් ඉන් මජර සතුටක් ලැබීමටත් සූදානම්වීම අශික්කිත කුහක ආස්ථානයක් දැරීමකි.

    මෙකී පාර්ශ්වයන් දෙකම අතීතයේ දී කළ කවර වූ වැරද්දක් හුවා දක්වමින්, මේ අවස්ථාවේ දී "මුන්ට හොද වැඩේ" යැයි පැවසිය හැක්කේ කුහකයන්ටම හා අවස්ථාවාදීන්ටම පමණි. එය දේශපාලන බංකොළොත් කමකි.

    මේ අවස්ථාවේ දී යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නා කවරකු හෝ කළ යුත්තේ සියළුදෙනාටම එල්ල වන්නා වූ මර්දනයට එරෙහිවීමයි.

    නො එසේනම් මාර්ටින් නිලමොර් ඔබ සොයා එනු ඇත.

    ReplyDelete
  14. @ bumuthurunu මුන්ට හොද වැඩේ

    ReplyDelete
  15. හයිකෝප් මූල්‍ය වංචා නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ අද(29) වරද පිළිගෙන ඇත...

    පොන්නසේකයා රෙන බෙටි බිම වැටෙන්න නොදී අහුල අහුල පස්සෙන් යන එවුන්ගේ පුක නෑ වගේ දැනෙනවා ඇති !

    ReplyDelete
  16. මේ අවස්ථාවේ දී යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නා කවරකු හෝ කළ යුත්තේ සියළුදෙනාටම එල්ල වන්නා වූ මර්දනයට එරෙහිවීමයි.

    සම්පූර්ණ ඇත්ත. ජනතා විමුක්ති පෙරමුණේ හා අන්තරයේ සමාජ මර්ධනයට එරෙහි වීම පිණිස මොහොතක් වත් පමා විය යුතු නැත. මොවුන්ට 1971දී හා 1989දී නැටූ නාඩගම් නටන්නට ඉඩ දී බලා සිටින හැම එකාම සමාජ ද්‍රෝහියෙකි. මුලින්ම අන්තරයේ මැරයන්ට උල්පන්දම් දී බ්ලොග් ලියන එවුන්ගේ හොස්ස අල්ලා බිම ඇතිල්ලිය යුතුය.

    ReplyDelete
  17. Undergrads had the same set of problems when JVP backed the government...Even during the time they backed MR.There was no unrest among students during that time..SL universities will never move forward unless we chase away these political vultures...Presence of a student union is a must. However what is unacceptable is implementing 3rd class political agendas through these unions..And main point those unions should be there for undergrads..Not for people like Udul, who was suspended from Pera in 2008.. so technically he is not an undergrad and has nothing to do with universities..

    ReplyDelete
  18. @Anonymous
    Janadhipathige samawa aran denawa kiyala kawuruhari Poronduwenna eathi.
    Me rate wena deval nothanna modayek thamai ohoma liyanne. Kehemmal rata. Pawala deema?????

    ReplyDelete
  19. පොන්න ප්‍රබාත් ජයසුරිය උබට කීයක් ගෙවනවද මගඩි රජාගෙ බෙටි අල්ලනවට. අනේ පොන්නයෝ උබ පොඩි කාලෙ ඉදන්ම කලේ එක එකාගෙ බෙටි අල්ලන එකනෙ.

    ReplyDelete
  20. අජිත් පැරකුම් ජයසිංහ, අර උඩ දාල ඉන්න පින්තූරෙ ඉන්නෙ උඹද? උඹත් ආස ඇති නේද එහෙම වාහනේක යන්න වැඩර් වගේ? බය වෙන්න එපා අපි උඹටත් අවස්ථාවක් දෙන්නංකො ළඟදි. උඹ අන්තරේට දෙන සප් එක දිහා බැලුවම ඕව සුළු දේවල්.

    ReplyDelete
  21. ප්‍රබාත් ජයසුරිය අනිත් මිනිසුන්ට පොන්නසෙකා කියල අපහාස කරන්න කලින් තමන්ගෙ ලිංගිකත්වය ගැන නැවත හිතලා බලපන්. අන්න උබේ වයිෆ් ටෙලිඩ්‍රාමා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක හෝටල් ගානෙ මගුල් නටනවා. දැන් ඉතින් උබම තමයි පොන්නසේකා.

    ReplyDelete
  22. Me boga blog eka liyana JVP man has also should be arrested, this is a good move to remove jvp from university.

    but beware government will start unsupervised, low standard pvt uni, where their sons and henchmen get profit and paid degrees,

    then those paid grads will rule all high chairs,
    talented ones will not hav jobs

    ReplyDelete
  23. jeppo elawana ekama thama honda

    ReplyDelete
  24. protect government uni, remove jvp.
    dont start pvt uni,
    improve govt uni,!!

    ReplyDelete
  25. http://www.divaina.com/2010/10/30/feature01.html

    ReplyDelete
  26. රජරට සරසවියේ සිසුන්ට මළ ගෙදරක යැමට බස්‌රථය ලබා ගැනීමට දින 7 කට පෙර අවසර ඉල්ලිය යුතු ය. මළ ගෙදරකට දින 7 කට පෙර අවසර ගන්නේ කෙසේ ද? එම ලිපියට නිලධාරීන් නව දෙනෙකුගෙන් අත්සන් ගත යුතු ය. ශාලාවක්‌ වෙන් කර ගැනීමට මීට පෙර තිබුණු ලිපියකින් අවසර ගන්නා ක්‍රමය වෙනුවට කොළ පහක පෝරමයක්‌ නව දෙනෙකුගෙන් අත්සන් ගෙන පිරවිය යුතු ය. මෙය හරහා සිසු ක්‍රියාකාරකම් අත්හිටවේ.

    සරසවියේ නාට්‍යයක්‌ පෙන්වීම පවා පරිපාලනය තහනම් කර ඇත. ජ පුර සරසවියේ පෙම්වතුන්ට ප්‍රේම කිරීම තහනම් ය. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට සිය නේවාසිකාගාරයේ "අඳනකඩයෙන්" සැරසී සිටිය නොහැක. ශිෂ්‍යයන්ට රාත්‍රියට නේවාසිකාගාරයේ ගීත ගායනයට අවසර නැත. කැලණි සරසවි සිසුන්ට නේවාසිකාගාර නැත. ඔවුන් මග මගට බැසිය යුතු ය. කොළඹ සරසවියේ ජංගම දුරකථනයක්‌ භාවිතා කරයි නම් නේවාසිකාගාරයට රු 200 ක බදු මුදලක්‌ ගෙවිය යුතු ය. "හූවක්‌" කී විට මාස ගණනක්‌ හිරබත් කෑ යුතු ය. මේ වන විට සරසවි පද්ධතියේ සිසුන් 195 කගේ පංති තහනම් ය. සිසුන් 27 දෙනෙක්‌ සිරගත කර ඇත.

    ආණ්‌ඩුව පෞද්ගලික උපාධි කඩ අරඹමින් ඇත. පාසල් දරුවන්ගෙන් අධ්‍යාපනයට මුදල් අය කිරීම වැඩි වෙමින් ඇත. දරුවෙකු හොඳ පාසලකට ඇතුළු කිරීමට දෙමාපියන් ලක්‍ෂ ගණන් කප්පම් ගෙවිය යුතු ය. සෑම දින 5 කට වරක්‌ ම රටේ කොහේ හෝ තැනක පාසලක්‌ වසා දැමේ. ඡන්දයේදී පොරොන්දු වූ පාසල් දරුවන්ගේ දිවා ආහාරය දැන් ලැබෙන්නේ නැත. පාසල් සඳහා වෙන් කරන මුදල් පසුගිය වසර හතර තුළ හරි අඩකින් (50%) කපා දමා ඇත. රැකියා විරහිත උපාධිධාරීන් 40,000 ක්‌ පමණ ඡන්දයෙන් ඡන්දයට රවට්‌ටමින් විරැකියා පෝලිමේ සිටවා ඇත.

    අප ජනතාවගෙන් ඇසුවේ මේ සියලු අසාධාරණ ඉදිරියේ නිහඬ විය යුතු ද කියා ය. අප දණ ගැසිය යුතු ද කියාය. මහ මගදී හමු වු කිසිවෙකු අප බෙදූ අත්පත්‍රිකා ගෙන පෙරළා අපට බැන වැදුනේ නැත. බොහෝ දෙනෙක්‌ කියා සිටියේ "පුතේ, කරන දෙයක්‌ පරිස්‌සමට කරන්න" කියා ය. චන්ද්‍රප්‍රේම මහතා කියා සිටින්නේ අප දණ ගැසිය යුතුයි කියාය.

    චන්ද්‍රප්‍රේම මහතාණනි, 87-89 වධකාගාරවල සරසවි සිසුන් මරා දැමූ අයුරු අපට අමතක නැත. "ප්‍රා" සංවිධානයට වී සරසවි සිසුන්ගේ ඔලුවලට පරාල ඇණ ගැසූ අය අපට අමතක නැත. මහත්මයාණනි, ඒ ඉතිහාසයේ නිරුවත වසන්නට ඔබ ලියන ලිපිවල වචනවල මුද්‍රිත තීන්තවලට නොහැකිය. ඒ අකුරු අතරින් ඉතිහාසය පෙනෙන බව සිහිපත් කරමු.

    ඔබගේ ලිපියට ඔබ මාතෘකා යොදා ඇත්තේ ඔවුන් දණ ගැස්‌විය යුතු ය කියාය. ඔබ ගැනත් ඔබ වැනි අය ගැනත් අපි හොඳින් දනිමු. රටේ සැළකිය යුතු බහුතරයක්‌ ද දන්නවා ඇතැයි සිතමු. ඔබ සරසවි සිසුන් ගැන ලියන මීළඟ ලිපියට "ඔවුන් මරා දැමිය යුතු ය" යන මාතෘකාව ගැනීමට බිය නොවන ලෙසත් අවංක වන ලෙසත් ඔබගේ ඇත්ත මතය විවෘතව කියන ලෙසත් අපි කාරුණිකව ඉල්ලමු.

    ReplyDelete
  27. යකෝ, මුන්ට පිනට උගන්නනවා මදිවට මළ ගෙවල් වල යන්න පිනට බස් දෙන්නත් ඕනැද. කාල වරෙංකො. මුන් පිනට කාල පිනටම කන්න පුරුදු වෙලා ඉන්න හැටි! වේ.. කොල්ලො.

    ReplyDelete
  28. @ All Comment Publishers,

    මේ අවුල ගැන මෙහෙම එක එකා මරාගෙන කතා කරන එක වැරදියි නේද?
    මේ ගැටළුව විසදන්න නම් සියළුම දෙනා එක්වෙලා කටයුතු කල යුතු නොවේද?

    උදුල් ප්‍රේමරත්න වැනි අය කියන පදයටවත් අරයා JVP මෙයා JVP කියකියා කීබෝඩ් ගෙවෙනකම් බ්ලොග් ටයිප් කරන එකේ තේරුමක්
    ඇත්ද?

    අන්තරය යනු අහිංසක දෙමාපියන් දුක් මහන්සියෙන් දාඩිය කදුලු වගුරා හරි හම්බ කරන දෙයින් ඉගෙන ගන්නා ළමුන්ට ඉගෙන ගන්නට නෙදෙන පටු වාසි තකා ළමුන් අතකොලුවක් කරගන්නා ***** පිරිසකගෙන් සැදුම්ලත් ***** එකමුතුවක් නොවේද?

    ඇයි නැති දේම කිය කියා කෑගහන්නේ? තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න බැරිද? දැනට ලබා දී ඇති සම්පත් ගැන නොකියන්නේ ඇයිද?

    ReplyDelete
  29. පවතින ආණ්ඩුවට කඩේ ගොස් බඩ ගෝස්තරය පිරිමහ ගන්නා නිවටයන් කොයි ආණ්ඩු කාලෙත් දකින්න පුලුවන. ඒ අතින් වැඩිම නිවටයන් සිටියේ ප්‍රේමදාසටය. ප්‍රේමදසගේ සෙරෙප්පු වලින් තැනූ සුප් බීමට පවා එකෙක් පවා සිටියේ ය

    ඒ ප්‍රේමදාසගේ ආදරයට සිටියවුන් නොව බඩගෝස්තරය සොයා ගැනීමට සිටිවුන්ය.

    මහින්දට ද එවැන්නෝ සිටිති. තම ආත්ම ගෞරවය නොතකා බඩ ගෝස්තරය වෙනුවෙන් පෙනී සිටිවුන්ට දැන් අමතක වී ඇත්තේ තමනගේ මේ අශික්කිත පාලනය පිහි‍ටුවීමට ජවිපෙත් ෆොන්සේකාත් කළ මෙහෙයයි.

    මර්දනය මොකක් ද ප්‍රජාතන්ත්‍රවාදය මෝකක්දැයි මේ අන්තේවාසිකයන්ට තේරුම් කර දීමට තරම් අපි මෝඩයෝ නොවෙමු. මන්ද එය තේරුමක් නොමැති බැවිනි.

    ReplyDelete
  30. http://w3lanka.blogspot.com/2010/01/blog-post_8696.html

    ReplyDelete
  31. /ප්‍රේමදසගේ සෙරෙප්පු වලින් තැනූ සුප් බීමට පවා එකෙක් පවා සිටියේ ය./

    ඇත්තනෙ. දැනුත් ඔය උදුල් ප්‍රේමරත්නගෙ සෙරෙප්පු වලින් සුප් හදල බොන්න කැමැති එකෙක් ඉන්නෙ අජිත් පැරකුම් ජයසිංහ කියල.

    ReplyDelete
  32. Malaka Silva will get BSc engineering from a new private university and become head of telecom...

    Other political sons and daughters will follow..

    miracle of asia

    ReplyDelete
  33. If they can pass exams either Malaka Silva or Ajith Perakum Jayasinghe should be able to become engineers. I don’t think either is just stupid inherently. Had Ajith Perakum Jayasinghe become an engineer, he would have contributed to the society without wasting his time to do this stupid blog. He could not because the state universities closed their doors. So he became a negatively charged critic. See the damage the current system has done.

    ReplyDelete
  34. ow ow machan, Ajith Perakum kiyana eka antisocial , useless idiot, so does malaka silva

    ReplyDelete
  35. Ajith Perakum J, palayan megastar ekata

    ReplyDelete
  36. සමහර විටක රැකියා සඳහා ප්‍රසිද්ධියේ විභාග පවත්වන මුත් එහි ප්‍රතිඵලයක්‌ විභාග අපේක්‍ෂකයන්ට ලැබෙන්නේ නැත. දේශපාලන හෙන්චයියාලට පුරප්පාඩු ලැබෙන රටක පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළොත් සිදුවන්නේ කුමක්‌ද? විභාග සමත් නොවන, සමත් වීමට යත්ත නොදරන හා යන්තම් සමත් වන මැති ඇමැතිවරුන්ගේ ඥති හිතමිත්‍රාදින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් එම පෞද්ගලික විශ්ව විද්‍යාල පිරී ඉතිරී යනු ඇත. ඉන්පසු පුරුදු පරිදි වඩා විධිමත්ව එකී දේශපාලන හෙන්චයියලාට රැකියා ලැබීම සිදුකළ හැකිවෙනු ඇත, එවිට නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් හා අතිමහත් උත්සහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට තේරී උපාධිය ලබන්නන්ට සිදුවන්නේ කුමක්‌ද? පළමුව සිදුවිය යුත්තේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය උසස්‌ කිරීම හා උපාධිධාරීනට ඔවුනගේ අනාගතය පිළිබඳව විශ්වාසය ඇති කිරීම නොවේද? එසේ නොකොට එක්‌වරම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් සිදුවන්නේ අගතියක්‌ හා අසාධාරණයක්‌ පමණි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා