චෞර රැජින, වික්ටර් අයිවන් සහ ඉලංගේස්වරන් චන්ද්‍රිකා ඝාතනයට වරද පිළි ගැනීම

(2010 ඔක්තෝබර් 22, W3Lanka) 1999 දෙසැම්බර් 18 දින කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීම පිණිස බෝම්බයක් පිපිරවීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන පුද්ගලයෙක් වරද පිළි ගෙන තිබේ.


ඉලංගේස්වරන් නම් මෙම පුද්ගලයා විසින් දෙන ලද කට උත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව අධිකරණය පිළි ගෙන තිබිණි. එහෙත් 2001 සිට මේ දක්වා පැවැත්වෙමින් තිබෙන මෙම නඩුවේදී විත්තිකරු තමන් නිවැරැදිකරු බව කියමින් සිටි අතර පසුව අධිකරණ‍යේදී ඔහු වරද පිළි ගෙන තිබේ. 


වසර දහයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියත්, 26දෙනෙකු මරා දමන ලද, රටේ ජනාධිපති ඇතුළු සියයක පමණ පිරිසකට තුවාල සිදු කරන ලද සිද්ධියක විත්තිකරුවෙක් නිවැරැදිකරුවකු වුව ද යම් සහනයක් පතා වරද පිළි ගනීවි යයි සිතිය නො හැකි ය. මන්ද, ඔහුට සහනයක් දීමට අධිකරණයට බැරි බැවිනි. 


මෙම සැකකරු මීට පෙර අධිකරණයේදී පැවසුවේ තමන් ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි ආර්ලිස්ට දුන් කට උත්තරය ලෙස ඉදිරිපත් කරන ලද්දේ සිංහල බසින් සකසන ලද, තමන්ට නො තේරුණ, තමන් විසින් බිය නිසා අත්සන් තබන ලද ලේඛනයක් බවයි.  


මෙම බෝම්බය පුපුරුවා හළ සිය දිවි නසා ගන්නා බෝම්බකාරිය ලෙස සැලකුණ මලර් හෙවත් මනිමේකලා නමැත්තිය ඩමකලපුවේ තලම්කුඩමුන්මුනෛහි පදිංචි  මානික්කම් ලීලා ලෙස ඇගේ මව සහ සොයුරිය යයි කියූ දෙදෙනෙකු විසින් හඳුනා ගන්නා ලදී. එහෙත්, මහේස්ත්‍රාත් ඉල්ලීම මත ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේදී කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක ප්‍රතිඵලය වූයේ එම කාන්තාවන් දෙදෙනා මරාගෙන මැරුණ බෝම්බකාරියගේ මව හා සොයුරිය විය නො හැකි බවයි. 


මෙවැනි සැක සංකාත්, තවත් ඕපාදූප රාශියකුත් පදනම් කරගෙන මෙම බෝම්බ සිද්ධිය ජනාධිපතිවරණයේදී සානුකම්පිත ඡන්ද ලබා ගැනීම සඳහා ජනාධිපති චන්ද්‍රිකාගේ ම මාෆියාව විසින් සැලසුම් කරන ලද්දක් බවට රාවය කර්තෘ වික්ටර් අයිවන් සිය 'චෞර රැජින' පොතේ පරිච්ඡේදයක් පුරා කරුණු දක්වයි. 


වික්ටර් අයිවන් 2006දී මෙම පොත පළ කරන්නේ මහින්ද රාජපක්ෂ ආධිපත්‍යය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා රටේ ස්ථාපිත කිරීමේ මාධ්‍ය ව්‍යාපෘතියක කොටසක් ලෙස විය හැකි ය. 'චෞර රැජින' තවමත් විශාල වශයෙන් අලෙවි වන පොතකි. එහි ඉදිරිපත් කරන ලද කරුණු චන්ද්‍රිකාගේ චරිතය ඝාතනයට ඉවහල් වූ මුත්, ඇය වික්ටර් අයිවන්ට එරෙහිව නඩු නො පැවරීම නිසා අයිවන් තර්ක කළේ එම කරුණුවල සත්‍යතාව ඔප්පු වන බවයි. දැන් චන්ද්‍රිකාට ඕනෑ නම්, අපහාසය මත වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පැවරිය හැකි ප්‍රබල සාක්ෂියක් ලැබී තිබේ.


වික්ටර් චන්ද්‍රිකා චෞර රැජිනක ලෙස හැඳින්වූ මුත්, ඔහු ම කියන පරිදි ඇය රැජින වූ චෞර රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සැලකිය හැක්කේ ජේ. ආර්. ජයවර්ධනයි. ඇයට පෙර සහ පසු සිටි ජනාධිපතිවරුන් අතරින් ඇය චෞරත්වය අතින් රැජිනක වන්නේ අන් කිසිදු කාරණයක් නිසා නො ව ඇය ශාරීරිකව ගැහැනියක් නිසා ය. එපමණි. 


වික්ටර් අයිවන් ඇය වටා ගෙතුණු ඕපාදූප මත පදනම්ව ඇය ගැන පොතක් ලියන්නේත්, සෙසු ජනාධිපතිවරුන් වටා ගෙතුණු ඕපාදූප මත පදනම්ව පොත් නො ලියන්නේත් ඔහුගේ පුරුෂෝත්තම මානසිකත්වය නිසා යයි අපි යෝජනා කරමු. වික්ටර් අයිවන් මෙවැනි බ්ලොග් තබා රාවය පුවත්පතවත් නො කියවන 'ප්‍රබුද්ධයෙකු' බව රාවයේ වැඩ කරන අය ම කියති. ඔහු රැස්වීමකට ආවත් තමන්ගේ දේශනය අවසන් කර හෙවත් ලංකාවේ සමාජයට සිය බෙහෙත් ඩෝස් එක නියම කර පිට වී යන්නෙකි. එහෙත්, මෙම කරුණ ගැන ඔහු සිය අදහස් දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 


ගැහැනියට ලංකාවේ බලවත් දේශපාලක, නිලධාරි හා මාධ්‍ය පිරිමි බිය වෙති. ඒ ඇයි ද යන්න පිළිබඳ අදහසක් මෙම ලිපියේ ඇත. 



‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

(2010 අගෝස්තු 24, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.


පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.

වැඩිදුර කියවන්න


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "වික්ටර් අයිවන් ඇය වටා ගෙතුණු ඕපාදූප මත පදනම්ව ඇය ගැන පොතක් ලියන්නේත්, සෙසු ජනාධිපතිවරුන් වටා ගෙතුණු ඕපාදූප මත පදනම්ව පොත් නො ලියන්නේත් ඔහුගේ පුරුෂෝත්තම මානසිකත්වය නිසා යයි අපි යෝජනා කරමු......"

    නැත ! අයිවන් මහතා එසේ නොකරන්නේ ඔහුතුල ඇති පුරුෂෝත්තම බැව් නිසා නොව ඔහුට වෙන කිරීමට වැඩ ඇති නිසාය. පත් වෙන පත් වෙන ගානට 'චෞර රැජින' 'චෞර රජා' අදී ලෙස පොත් ලියන්නට ගියහොත් ඔහුට වෙන වැඩක් කිරීමට බැරි වෙනු ඇත.

    සමහරෙකු විසින් කාන්තා උද්දීපනයක් දු‍ටු වහාම එය දඩ මීමා කරගෙන පුරුෂත්වය හෙලා දකින්නේ අන් කවරක් හෝ නිසා නොව ඔවුන් තුල ඇති නපුංසකෝතවය නිසා බැව් යයි අපි යෝජනා කරමු. එවැන්නන්ගෙන් කාන්තාවන්ටවත් පුරුෂයන්ටවත් ලබා ගත හැකි විමුක්තියක්නම් නැත.

    ReplyDelete
  2. "...නැත !..... පත් වෙන පත් වෙන ගානට 'චෞර රැජින' 'චෞර රජා' අදී ලෙස පොත් ලියන්නට ගියහොත් ඔහුට වෙන වැඩක් කිරීමට බැරි වෙනු ඇත...."

    ඇනියෝ.. එහෙම එක චෞරයෙක් ගැනවත් නොලියා චෞර රැජින ගැන පමනක් ලියන්න වි.අ. ට හිතුනේ ඇයි? ඔබ කියන වි.අ. ට තියෙන වෙන වැඩ වලට වඩා ඒක පමනක් වැදගත් වුනේ කොහොමද? ඒකම නේද මේ බ්ලොග් එකෙන් හයිලයිට් කරලා තියෙන්නේ.

    වි.අ. ගේ තවත් මේ වගේම වැඩක් (18 පක්ෂවූ වම්මුන් සාධාරනීකරනය කිරීම ) ගැන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ලියපු ඉතා හොඳ ලිපියක් තියෙනව අලුත්ම රාවයේ. බලන්න... බලල බුද්ධියේ නිම් වලලු පුලුල් කර ගන්න...
    dimithri

    ReplyDelete
  3. වික්ටර් අයිවන් යනු ශ්‍රි ලංකාව යන චෞර රාජ්‍යයේ චෞර පුවත් පතක චෞර කතුවරයෙක් සහ තමන්ගේ වාසියට ඕනැම බලවතෙක්ට [පක්ෂ පාට බේදයකින් තොරව]කඩේ යන වෘත්තිය චෞර බෝයි කොල්ලෙක්.[60 පැනපු]

    ReplyDelete
  4. When I read this, I remembered some thing, some one told be many years back. He told me….’Victor wrote only a one book for Chandrika, but he will have to write many for MR”.

    Ironically, my friend told me this, after few months of MR’s victory for his first term. I never belied that and supported MR from my all heart for the victory of War. But sadly it looks like my friend is correct now!

    ReplyDelete
  5. අපේ මේ රජා මහජන මුදල් ශිරන්තිගේ දෑවැද්දෙන් හම්බ වුන සල්ලි වගේ කාබාසිනියා කර කර නටන නරි නාඩගම් වික්ටර් අයිවන්ට පේන්නේ නෑ.එයා දැන් හරිම තොත්ත බබෙක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා