කෝටි හතේ මංකොල්ලය හා ලුම්පන් ධනපති පංතිය | Rs. 70 million robbery and lumpen bourgeoisie of Sri Lanka

(2010 ඔක්තෝබර් 08, W3Lankaපසුගිය සැප්තැම්බර් 24දා වත්තල, තෙළඟපාත ප්‍රදේශයේදී සිදු වූ කෝටි හතේ මංකොල්ලය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය තවමත් අසමත් ය.


මේ අතර අපූරු කට කතා පැතිරෙමින් තිබේ. මේ එක් කටකතාවක් වෙබ් අඩවියක පුවතක් ලෙස පළ කර තිබිණි.


කටකතා පතුරුවන්නන් වන්නට අවශ්‍ය නැති නිසා අපි ඒ කතා කිසිවක් පළ නො කරන්නෙමු.


කටකතාවල මෙම මංකොල්ලය පිළිබඳ කරන අනුමාන සම්බන්ධයෙන් අපට කීම‍ට ඇත්තේ අප ඒවා විශ්වාස නො කරන බවයි. මක් නිසා ද යත්, කෝටි හත මේ අපට ඔහෙලාට හිතා ගන්න බැරි ගණනක් වුණාට උන්නැහේලාට නම් නතිං ය.


මෙවැනි කටකතා පැතිර යන්නේ මන්දැයි විමසූ කල එක් දේශපාලනික මිත්‍රයෙකු පැවසුවේ බලයේ සිටින්නේ ලුම්පන් ධනපති පංතියක් නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය මාෆියා ස්වරූපී හෙයින් මෙවැනි කතා පැතිර යන බවයි.


අපේ මිතුරා විසින් භාවිතා කරන ලද ලුම්පන් ධනපති පංතිය යන්න  වචන තුනෙන් ලංකාවේ වත්මන් සමාජ ක්‍රමය කදිමට විග්‍රහ කෙරේ.


ලුම්පන් ධනපති පංතිය හෙවත් Lumpenbourgeoisie යන පදය මුලින් ම වැඩිපුර භාවිතා කර තිබෙන්නේ 70 දශකයේ මුල් භාගයේ අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්ගේ ලේඛනවලයි. ලතින් ඇමරිකානු සංදර්භයට අදාළව, අර්ථ ක්‍රමය තුළ නිශ්චිත පදනමක් හා නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳුණු සාමූහික විඥානයක් නැති, යටත් විජිතවාදීන්ට සේවය කළ මධ්‍යම හා ඉහළ පංතික සමාජ බලවේගයක් හැඳින්වීම පිණිස මෙම යෙදුම භාවිතාවට ගැනිණි. 


මුලින් මාක්ස්වාදී සාහිත්‍යයේ සඳහන් වුණේ ලුම්පන් නිර්ධන පංතියක් ගැනයි. මෙම සමාජ ස්ථරය වනාහි පීඩිත, එහෙත් පංති විඥානයක් ඇති කර නො ගන්නා, එහෙයින් ධනේශ්වරයට පාවිච්චි කර ගත හැකි, අපරාධවලට නැඹුරු, විප්ලවීය අරගලයේදී නො වටිනා පිරිසකි.


'ලුවී නැපෝලියන්ගේ බෲමයර් දහ අටවෙනිදා' නම් ලේඛනයේ මාක්ස් ලුම්පන්නිර්ධන පංතිය හඳුන්වන්නේ සෑම පංතියකින් ම ප්‍රතික්ෂේප වන වංචාකරුවන්, ව්‍යාපාරික පිම්පියන්, සිඟන්නන්, කුණු වෙළෙන්දන් ආදීන්ගෙන් සැදුම් ලත් පිරිසක් ලෙසයි. 1848 ලුවී බොනපාට්ගේ නැඟීම පිළිබඳ මාක්ස්ගේ විග්‍රහයේ සඳහන් වන්නේ ඔහු ලුම්පන් නිර්ධන පංතිය මත පදනම් වී ධනපති පංතිය හා නිර්ධන පංතිය යන ප්‍රධාන පංති දෙක අභිභවනය කළ බවයි.  


ලුම්පන් ධනපති පංතිය වනාහි මෙම ලුම්පන් ප්‍රවර්ගයේ සල්ලි තියෙන එක වශයෙන් හඳුනා ගත හැකි ය. ඔවුන් මුදල් හම්බ කරගෙන ඇත්තේ සොරකම්, වංචා, කප්පම් ගැනීම් වැනි අපරාධ හා සමාජ විරෝධී ක්‍රියා හරහා ය. මාෆියා කල්ලිවල නායකයෝ ද මෙවැනි අයයි. 


ගුන්ඩර් ෆ්‍රෑන්ක් ලුම්පන් ධනපති පංතියක් පමණක් නො ව, ලුම්පන් සංවර්ධනයක් (lumpendevelopment) හා ලුම්පන් රාජ්‍ය (lumpenstates) ගැන ද කතා කරයි. 


සංදර්භය වෙනස් වුවත්, මේ වචන වර්තමාන ලංකාව විස්තර කිරීමේදී වැදගත් වේ. 



Macavity, Macavity, there's no one like Macacity,
There never was a Cat of such deceitfulness and suavity.
He always has an alibit, or one or two to spare:
And whatever time the deed took place--MACAVITY WASN'T THERE!
And they say that all the Cats whose wicked deeds are widely known
(I might mention Mungojerrie, I might mention Griddlebone)
Are nothing more than agents for the Cat who all the time
Just controls their operations: the Napoleon of Crime!

-adapted from 'Macavity the Mystery Cat' by T.S. Eliot


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. We have lumpen politicians too. They don't know what self respect is. They ready to do anything to cling in power; even to cut the neck of any one who they think a threat to their position...John Kotalawala may thought about these people when he said to SWRD "Bando Umba Ballo Lihuwa"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා