උමා ඔය, පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති නවත්තමු ද?
උමා ඔය හා පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගෙන නැවත වතාවක් සංවර්ධනය හා පරිසරය පිළිබඳ සංවාදය මතු වී තිබේ. මෙම ව්‍යාපෘතිවලට අදාළ පාරිසරික ප්‍රතිඵල පිළිබඳ වාර්තා නිවැරදි ද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අනුව කටයුතු කරන්නේ ද යන ගැටලුව ජනතාවට මතු වී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වන විට ගම්මාන කීපයක ස්වාභාවික උල්පත් හා ළිං සිඳී ගොසිනි. ඇතැම් ගම්මානවල නිවෙස් ඉරිතලා, කඩා වැටී තිබේ. එසේම, උමා ඔය ව්‍යාපෘතියේ උමග තුළින් දැවැන්ත ජල කාන්දුවක් ද සිදු වේ. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පාරිසරික වශයෙන් අතිශය සංවේදී ප්‍රදේශයක ය. එයින් සිදු වන විනාශය එයින් ඇති ඵල ප්‍රයෝජනවලට වඩා වැඩි නම්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම බරපතල ප්‍රශ්නයකි. උමා ඔය ව්‍යාපෘතියට ජනතාව විරෝධය පළ කරන්නේ දිගු කලක සිට ය. පෝට් සිටි සම්බන්ධයෙන් ද ඇති විරෝධයට හේතුව වන්නේ මුහුද ගොඩ කිරීම සඳහා රට අභ්‍යන්තරයේ දැවැන්ත පාරිසරික සංහාරයක් කරන බවයි. ජනතා විරෝධය මැද මෙවැනි සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමට ද? සංවර්ධනය සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස සංවර්ධනය වෙනුවෙන් නො වේ. ඒ නිසා ස...