සූරියවැව ක්‍රිකට් පිටිය අවට කඩ ලෑලිවල ලොකු කෙසෙල්, හොඳ තැඹිලි එල්ලීම

(2011 පෙබරවාරි 20, W3Lanka) ලෝක කුසලාන ක්‍රිකට් තරග කෙක් පැවැත්වෙන, අද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවාත වන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට මාවත් අසල කඩ හිමියන්ට සිය කඩ ලෑලිවල ලොකු කෙසෙල්ගෙඩි හා හොඳ තැඹිලි ආදිය එල්ලාගෙන සිටින ලෙස පොලිසිය උපදෙස් දී ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 


ඊට අමතරව, තමන්ගේ ළමයින්ට ළමා සාරි, රෙදි-බැනියම් වැනි දේශීය ඇඳුම් අන්දවා තැබීමට ද ඔවුන්ට උපදෙස් දී ඇති බව පුවත්පත පවසයි. 


එසේ කරන්නේ මේ ක්‍රිකට් තරග බැලීමට එනු ඇතැයි බලාපොරොත්තු වන විදේශිකයන්ට ඒ පැත්ත දියුණු වී ඇති බව පෙනෙන්නටයි. 


ඊනියා ධනවාදී සංවර්ධනයේ විසුළු ස්වභාවය මෙමගින් හොඳින් ප්‍රදර්ශනය කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැවැන්ත 'සංවර්ධන' ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එමගින් එහි දිළිඳුභාවය පිටු දකින බව කියමිනි. ඒ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල් ය. පරම්පරා ගණනාවක් උගසට තබමින් ලබා ගන්නා ණය ගෙවන්නේ ද මේ රටේ මහජනතාව ය. ලංකාවේ මහජනතාවගෙන් බහුතරය දිළින්දෝ ය. 


මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ කල, ඒ සංවර්ධනය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති වන බව නව ලිබරල්වාදයේ තර්කයයි. මේ කාන්දු වීම සිදු නො වීම හා එමගින් දිළිඳුභාවය නැති නො වීම ධනවාදයේ අර්බුදයයි. ඇති අය තව තවත් ධනවත් වෙද්දී නැති අය තව තවත් නැති බැරි ම වෙති. 


දිළිඳුභාවයේ මහ සාගර මැද සමෘද්ධියේ පුංචි දූපත් ඉදි වේ. ඒ දූපත්වල ජීවත් වන ඉසුරුමතුන්ට දැන් එහි එන තම යහළුවන්ට තමන් රට දියුණු කර ඇති බව ද ජනතාව සුඛිත මුදිත බව ද පෙන්නන්නට අවශ්‍ය වී තිබේ.


පාර අයිනේ ජීවත් වන අසුන්දර, දිළිඳු මිනිසුන් පොෂ් කිරීම පොලිසියට භාර දී ඇත්තේ එහෙයිනි. 


පාර අයිනේ ලොකු කෙසෙල් එල්ලූ කඩ ලෑලි අසල සුද්දන් තැඹිලි  බොන ජවනිකාවල රඟපෑම දිළින්දන්ට සංවර්ධනයෙන් ලැබී ඇති ප්‍රතිලාභයි. 


සංවර්ධනය යනු දිළින්දන්ගේ ජීවිත නඟා සිටුවීම ද? නැතිනම් පොහොසතා තවත් පොහොසත් කිරීම ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. jvp pathharayak da meeka ?

    ReplyDelete
  2. mama hithanne Diyunui kiyala pennanda newei , Tourist lata lankawa lankawa wagee pennandai oone. diyunui kiyala pennanda Thebili kesel ellanda kiyanne ne ne manussayo.. isnt it ?

    ReplyDelete
  3. ඇත්තටම මහින්දට පුදුම අමාරුවක් තියෙන්න ඇත්තේ මෑන්ගේ නමින් කිරිකට් පිටියක් නැති එක ගැන. දැන් ඉතින් ඒකත් හරිනේ (නැව් එන්නේ නැති වරායකුත් හැදුවනේ ඔය නමින්ම, හික්ස්) හැබැයි ඉතින් ජනතාවට නම් වෙන්නේ හැමදාම එයාලගේ බොරු බයිල අහන ගමන් බඩ පිට පොත්තේ අලවගෙන තිර පිටපත් වලට රඟපාන්න තමයි.

    ReplyDelete
  4. ඒ පැත්තේ මිනිස්සුන්ට ඒ විදියට ඉන්න කිව්වාට මුළු ලෝකෙම දන්නවා මහින්ද හෙළුවෙන් කියලා.

    ReplyDelete
  5. කොය් පැත්තෙන්ද හිනා විය යුත්තෙ?

    ReplyDelete
  6. Why is this always negative attitude. We have to start from somewhere

    ReplyDelete
  7. කියලා වැඩක් නැත. කකුල් දෙක ගාවට අශ්වර්යා ගෙනැත් දුන්නත් මේ ඇත්තන්ගේ සිරිත අශ්වර්යා ට වඩා අනර්කලී හොද යයි කීමය.

    ReplyDelete
  8. සංවර්දන ත්‍රස්තවාදය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා