Posts

Showing posts with the label 2011 ලෝක කුසලානය

සූරියවැව ක්‍රිකට් පිටිය අවට කඩ ලෑලිවල ලොකු කෙසෙල්, හොඳ තැඹිලි එල්ලීම

Image
(2011 පෙබරවාරි 20,  W3Lanka )   ලෝක කුසලාන ක්‍රිකට් තරග කෙක් පැවැත්වෙන, අද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවාත වන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට මාවත් අසල කඩ හිමියන්ට සිය කඩ ලෑලිවල ලොකු කෙසෙල්ගෙඩි හා හොඳ තැඹිලි ආදිය එල්ලාගෙන සිටින ලෙස පොලිසිය උපදෙස් දී ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.  ඊට අමතරව, තමන්ගේ ළමයින්ට ළමා සාරි, රෙදි-බැනියම් වැනි දේශීය ඇඳුම් අන්දවා තැබීමට ද ඔවුන්ට උපදෙස් දී ඇති බව පුවත්පත පවසයි.  එසේ කරන්නේ මේ ක්‍රිකට් තරග බැලීමට එනු ඇතැයි බලාපොරොත්තු වන විදේශිකයන්ට ඒ පැත්ත දියුණු වී ඇති බව පෙනෙන්නටයි.  ඊනියා ධනවාදී සංවර්ධනයේ විසුළු ස්වභාවය මෙමගින් හොඳින් ප්‍රදර්ශනය කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැවැන්ත 'සංවර්ධන' ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එමගින් එහි දිළිඳුභාවය පිටු දකින බව කියමිනි. ඒ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල් ය. පරම්පරා ගණනාවක් උගසට තබමින් ලබා ගන්නා ණය ගෙවන්නේ ද මේ රටේ මහජනතාව ය. ලංකාවේ මහජනතාවගෙන් බහුතරය දිළින්දෝ ය.  මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ කල, ඒ සංවර්ධනය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති ව...

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු ලෝක කුසලාන තරගය කැනඩාව සමග 2011 පෙබරවාරි 20

Image
(2009 නොවැම්බර් 11 - W3Lanka ) හම්බන්තොට ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විවෘත කිරීම 2011 පෙබරවාරි 20 දින ලංකාව සහ කැනඩාව අතර එක් දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගයෙන් සිදු වීම‍ට නියමිත ය.  ‍දැනට නිකුත් වී තිබෙන 2011 ලෝක ශූරතා තරග කාලසටහන අනුව ලංකාවේ අර්ධ පූර්ව අවසාන තරගයක් හා අර්ධ අවසාන තරගයක් ඇතුළු ලෝක කුසලාන තරග 12ක් පැවැත්වේ.  මෙම තරග සඳහා මහනුවර පල්ලෙකැලේ අලුතින් ඉදි වන ක්‍රිකට් ක්‍රීඩාංගනය ද විවෘත වීමට නියමිත ය.  2011 ලෝක කුසලාන තරග ආරම්භය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයකින් බංග්ලාදේශයේදී සිදු වේ. අර්ධ පූර්ව අවසාන තරග දෙකක් සමග තරග අටක් එරටදී පැවැත්වේ.  ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් පකිස්තානයේ තරග නො පැවැත්වෙන අතර, පකිස්තාන කණ්ඩායම තරග සඳහා ඉන්දියාවට යන්නේ අවසන් වටයට තේරුණොත් පමණි.  ලෝක ශූරතා තරගාවලියේ තරග 49න් 29ක් ම පැවැත්වෙන්නේ ඉන්දියාවේ ය.