සූරියවැව ක්‍රිකට් පිටිය අවට කඩ ලෑලිවල ලොකු කෙසෙල්, හොඳ තැඹිලි එල්ලීම
(2011 පෙබරවාරි 20, W3Lanka ) ලෝක කුසලාන ක්‍රිකට් තරග කෙක් පැවැත්වෙන, අද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවාත වන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට මාවත් අසල කඩ හිමියන්ට සිය කඩ ලෑලිවල ලොකු කෙසෙල්ගෙඩි හා හොඳ තැඹිලි ආදිය එල්ලාගෙන සිටින ලෙස පොලිසිය උපදෙස් දී ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඊට අමතරව, තමන්ගේ ළමයින්ට ළමා සාරි, රෙදි-බැනියම් වැනි දේශීය ඇඳුම් අන්දවා තැබීමට ද ඔවුන්ට උපදෙස් දී ඇති බව පුවත්පත පවසයි. එසේ කරන්නේ මේ ක්‍රිකට් තරග බැලීමට එනු ඇතැයි බලාපොරොත්තු වන විදේශිකයන්ට ඒ පැත්ත දියුණු වී ඇති බව පෙනෙන්නටයි. ඊනියා ධනවාදී සංවර්ධනයේ විසුළු ස්වභාවය මෙමගින් හොඳින් ප්‍රදර්ශනය කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැවැන්ත 'සංවර්ධන' ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එමගින් එහි දිළිඳුභාවය පිටු දකින බව කියමිනි. ඒ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල් ය. පරම්පරා ගණනාවක් උගසට තබමින් ලබා ගන්නා ණය ගෙවන්නේ ද මේ රටේ මහජනතාව ය. ලංකාවේ මහජනතාවගෙන් බහුතරය දිළින්දෝ ය. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ කල, ඒ සංවර්ධනය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති ව...