එල්ලුම් ගහේ එල්ලෙන්න ආසා කරන මධ්‍යම පංතිකයන්ටයි

(2011 පෙබරවාරි 24, W3Lankaපාලකයන්ට දැන් එල්ලුම් ගහකුත් වවා ගන්නට ඕනෑ වෙලා ය. ලංකාවට  අඩුව ඇත්තේ එපමණක් වගේ ය. ඒ අනුව, බන්ධනාගාර අමාක්‍යංශය විසින් පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අමාත්‍යංශයේ ලේකම් විසින් ජනාධිපතිට දැනුම් දෙනු ලැබ අද දිනමිණේ ද මහ ඉහළින් පළ කර තිබේ.


ඒ අනුව,.රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට අසූ අටක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.


රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකදී ජනතාවගෙන් වැඩි පිරිසක් මෙසේ අදහස් දක්වා තිබේ.


මරණ දඬුවමට ලක් කරන ලද 334 දෙනෙක් මේ වන විට බන්ධනාගාරවල සිටිති.


පසුගිය දිනවල  ලංකාවේ නඩු විභාගවලින් තොර මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක විය. ඒ අනුව, තෝරා ගත් අපරාධකරුවන් පිරිසක් එක දිගට ම අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. ඒ ඔවුන් අත්අඩංගුවෙන් පැන යන්නට තැත් කළ බව කියමිනි.


ඒ ඝාතන මාලාවෙන් පසුවත් රටේ අපරාධ රැල්ල අඩු වී නැතැයි පාලකයෝත් ජනතාවත් නාහෙන් අඬති.


පසුගිය කාලයේ නඩු විභාගවලින් තොරව මරා දමන ලද අපරාධකරුවන් අතර කුඩුකාරයෝ ද වූ හ. මත්කුඩුවලට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් වූ බව කියනු ලැබේ. එහෙත්, කුඩු තුරන් වූවාදැයි අපි නො දනිමු.


නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ ය. පවත්නා සමාජ ක්‍රමය මුදුනේ සිට බිම දකුවා ම දූෂිත ය; අමානුෂික ය. එයින් සිදු වන්නේ ම අපරාධකරුවන් බිහි කිරීමයි. උදාහරණයක් ලෙස මේ දිනවල පවත්වන මැතිවරණය ගෙන බලන්න. මේ වනාහි අපරාදකරුවන් පිරිසකට සමාජ පිළිගැනීමක් ලබා දෙන අවස්ථාවකි. තව කලකින් මොවුන් වඩාත් ලොකු පුටුවලට සේන්දු වනු ඇත.


එල්ලුම් ගහේ පලදාවෙන් තමන්ට සුරක්ෂිත ජීවිතයක් ලැබෙනු ඇතැයි සිතන ලංකාවේ මුග්ධ මධ්‍යම පංතිකයන්ට අප කියන්නේ එල්ලුම් ගහට පෙර නීතියේ ආධිපත්‍යයට හිස නමන්නැයි පාලකයන්‍ට බල කරන ලෙසයි.


මිනීමැරුම් නඩුවක චූදිතයකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි පසුගියදා නිදහස ලැබුවේ ය. අවුරුදු 15ක් තිස්සේ විභාග වෙමින් තිබුණු නඩුවක තීන්දුව මාර්තු 19දා දීමට නියමිතව තිබියදී, නිතිපතිවරයා කත්‍රිආරච්චිට එරෙහිව තිබුණු චෝදනා ඉවත් කර ගත්තේ ය. ඒ නඩුව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්කි නැති බව කියමිනි.


සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. එසේ කළේ මරණීය දණ්ඩනයට ලක් වූවකු නිදහස් කරන්නේ නම් එයට අදාළ තීන්දුව දුන් විනිසුරුවරයාගේ කැමැත්ත අවශ්‍ය නිසා බව කියැවේ.


ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද ජනාධිපතිවරයා විසින් නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.


ලංකාවේ නඩු කියවෙන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා මධ්‍යම පංතිකයිනි, එල්ලුම් ගහ ආවොත් එහි එල්ලෙන්නේ ද මේ රටේ දුප්පතුන් මිස ධනවත්, බලවත් අපරාධකරුවන් නො වේ. මධ්‍යම පංතිකයන්ට ද එල්ලෙන්නට අවස්ථාවක් ලබා ගන්නට බැරිකමක් නැත. එහෙත්, ඔබ දන්නා නමගිය අපරාධකරුවන් නම් කිසිවෙක් එහි එල්ලෙන්නේ නැත. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ".......එල්ලුම් ගහේ පලදාවෙන් තමන්ට සුරක්ෂිත ජීවිතයක් ලැබෙනු ඇතැයි සිතන ලංකාවේ මුග්ධ මධ්‍යම පංතිකයන්ට අප කියන්නේ එල්ලුම් ගහට පෙර නීතියේ ආධිපත්‍යයට හිස නමන්නැයි පාලකයන්‍ට බල කරන ලෙසයි...."

    වටිනා කියමනක්. බහුතර ලාංකික මධ්‍යම පාන්තිකයාගේ බෞද්ධ කම තමයි මේ.

    - Dimithri

    ReplyDelete
  2. ඊට අමතරව හොරාගේ අම්මා විසින් කරන සමීක්ශනයක් මගින් සීයට අසූවක් හිරකරුවන්ට චොකොලට් රාත්තල බැගින් දිනපතා දීමට කැමැත්ත පල කර ඇත.

    ReplyDelete
  3. ඒ නිසා මධ්‍යම පංතිකයිනි, එල්ලුම් ගහ ආවොත් එහි එල්ලෙන්නේ ද මේ රටේ දුප්පතුන් මිස ධනවත්, බලවත් අපරාධකරුවන් නො වේ. මධ්‍යම පංතිකයන්ට ද එල්ලෙන්නට අවස්ථාවක් ලබා ගන්නට බැරිකමක් නැත. එහෙත්, ඔබ දන්නා නමගිය අපරාධකරුවන් නම් කිසිවෙක් එහි එල්ලෙන්නේ නැත.
    I agree with You by my whole heart. This is the out come of this referendum.

    ReplyDelete
  4. මිනීමැරුම් නඩුවක චූදිතයකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි පසුගියදා නිදහස ලැබුවේ ය. අවුරුදු 15ක් තිස්සේ විභාග වෙමින් තිබුණු නඩුවක තීන්දුව මාර්තු 19දා දීමට නියමිතව තිබියදී, නිතිපතිවරයා කත්‍රිආරච්චිට එරෙහිව තිබුණු චෝදනා ඉවත් කර ගත්තේ ය. ඒ නඩුව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්කි නැති බව කියමිනි.


    සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. එසේ කළේ මරණීය දණ්ඩනයට ලක් වූවකු නිදහස් කරන්නේ නම් එයට අදාළ තීන්දුව දුන් විනිසුරුවරයාගේ කැමැත්ත අවශ්‍ය නිසා බව කියැවේ.


    ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද ජනාධිපතිවරයා විසින් නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.

    පාතාලය පෝෂනය කරන.කුඩු ගෙන්වන දේශපාලකයො එල්ලන්නෙ නෑ.උන්ට රාජ්‍ය අනුග්‍රහය . දුප්පත්තු ටිකක් එල්ලයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා