මරනීය දණ්ඩනයට එරෙහි වෙමු
ඝාතනය වූ තරුණිය මීගමු රෝහලේදී 22 හැවිරිදි ඇඟලුම් සේවිකාවක් දූෂණය කර හයවන මහලෙන් බිමට තල්ලු කර මරා දැමූ බවට චෝදනා ලද සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. නඩුවේ ප්‍රධාන සාක්කි වුණේ විද්‍යාත්මක සාක්කි හා සුළු සේවිකාවක විසින් දෙන ලද සාක්කියයි. වෛද්‍යවරයා කිසිවකු හාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු දුටු බවට එම සේවිකාව සාක්කි දුන්නා ය. විත්තිකරු නඩුව අවසානයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර කළ ප්‍රකාශයේ කොටසක් මෙසේ ය: මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක් මම දුක් වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා . විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු නඩුව අවසානයේදී මෙසේ ඉල්ලා සිටියේ ය: විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස් ජීවිත බේරන්න මිස මිනිස් ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්. මව විශ්‍රාමික ගුරුවරියක්. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉ...