එල්ලුම් ගහේ එල්ලෙන්න ආසා කරන මධ්‍යම පංතිකයන්ටයි
(2011 පෙබරවාරි 24, W3Lanka ) පාලකයන්ට දැන් එල්ලුම් ගහකුත් වවා ගන්නට ඕනෑ වෙලා ය. ලංකාවට අඩුව ඇත්තේ එපමණක් වගේ ය. ඒ අනුව, බන්ධනාගාර අමාක්‍යංශය විසින් පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අමාත්‍යංශයේ ලේකම් විසින් ජනාධිපතිට දැනුම් දෙනු ලැබ අද දිනමිණේ ද මහ ඉහළින් පළ කර තිබේ. ඒ අනුව,.රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට අසූ අටක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි. රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකදී ජනතාවගෙන් වැඩි පිරිසක් මෙසේ අදහස් දක්වා තිබේ. මරණ දඬුවමට ලක් කරන ලද 334 දෙනෙක් මේ වන විට බන්ධනාගාරවල සිටිති. පසුගිය දිනවල ලංකාවේ නඩු විභාගවලින් තොර මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක විය. ඒ අනුව, තෝරා ගත් අපරාධකරුවන් පිරිසක් එක දිගට ම අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. ඒ ඔවුන් අත්අඩංගුවෙන් පැන යන්නට තැත් කළ බව කියමිනි. ඒ ඝාතන මාලාවෙන් පසුවත් රටේ අපරාධ රැල්ල අඩු ...