ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru

අජිත් පැරකුම් ජයසිංහ
මෙය කිසියම් අයෙකු විසින් ප්‍රචාරක සටහනක් ලෙස සැලකුවාට කම් නැත. මවිසින් ලියන ලද ශාස්තෲ නවකතතාව පිළිබඳ සංවාදයක් පෙබරවාරි 06දා, ඉරිදා, සවස 5.30ට නුගේගොඩ, පරණ කැස්බෑව පාරේ Art Way කලාගාරයේදී පැවැත්වේ. ලංකා අක්ෂය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට සහභාගි වන්නැයි මම ඔබට ආරාධනා කරමි. 


කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන අදාළ වන්නේ එකී දේශපාලනයටයි. 


ශාස්තෲ ලිවීමේදී අපට බල පෑ එක් චිත්‍රපටයක් තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind  ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි. 


සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී මානසිකත්වය රෝගයක මට්ටම හා සාමාන්‍ය හෝ විශේෂ මානසික මට්ටම අතර දෝලනය වන ආකාරය එක් තලයකදී විභාග කිරීමටයි. 

භින්නෝන්මාදයේ යම් යම් මට්ටම්වලින් පෙළෙන පුද්ගලයෝ අපට සමාජයේ නිතර හමු වෙති. ප්‍රතිකාර නො ලබන මෙය උත්සන්න වූවෝ තමන්ට පෙනෙන මායා දර්ශන හෙවත් dellusions සමග කතා කරමින්, හැසිරෙමින් වීදි සරන අන්දම සුලබ ය.


තමන්ට තිබෙන රෝගය නො හඳුනන තවත් විශාල පිරිසක් විශ්ව ශක්තිය, අද්භූත බල, දේව වරම්, නක්ෂත්‍රය හා ආයුර්වේදය වැනි දේ භාවිතා කරමින් මිනිසුන්  අමාරුවේ දමති. මෙවැනි අයට අසු වී රෝග අසාධ්‍ය මට්ටමට පත් කර ගන්නා අය අතර සමාජයේ ප්‍රභූ හා බුද්ධිමත් කොටස් ද සිටිති. අප මෙම බ්ලොගය හරහා අඛන්ඩව මෙම පිරිස්වලට එරෙහිව සටන් කර තිබේ.


ශාස්තෲ නවකතාව එතැනනිනුත් ඔබ්බට විහිදෙමින් සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ඉතිහාසය විසින් සමාජය වෙනස් කිරීම සඳහා වගකීම් පවරා ඇති, යුගයේ කාර්ය භාරය ඉටු කරන බව කියන විප්ලවවාදීන් හා වෙනත් එවැනි අයත්, මෙම මානසික තත්වයත් අතර ඇති සම්බන්ධයයි.


සමාජය වෙනස් කිරීම වෙනුවෙන් දිවි කැප කිරීම හා භින්නෝන්මාද තත්වය අතර සම්බන්ධය අතිශය සංකීර්ණ විෂයකි. 


අප පෞද්ගලිකව දකින්නේ මෙය කිසියම් සුවිශේෂ මානසික තත්වයක් ලෙසයි. මෙම මානසික තත්වය රෝගයක් බවට පත් වන සීමාව බොඳ වූ කලාපයකි. 


ශාස්තෲ නවකතාවේ ඉන්ද්‍රනාමගේ සිට බොහෝ චරිත මෙකී මානසික තත්වයේ විවිධ මට්ටම්වල සිටින අය වෙති. ඇතැම් විට, මෙය සෑම මිනිසකු තුළ ම ඇති ලක්ෂණයක් විය හැකි ය. මිනිසා සතු, වෙනත් සතුන් සතු නො වන නිර්මානශීලිත්වය හා භින්නෝන්මාදය අතර සම්බන්ධයක් ද තිබිය හැකි ය. 


ශාස්තෲ කියවන ඔබට එය ඔබ කැමති අන්දමින් ග්‍රහණය කර ගැනීමට ඇති නිදහස සමග කතුවරයා ලෙස මම කිසිදු අන්දමකින් නො ගැටෙමි. එහෙත්, මේ කතාව මුලින් ම රස විඳි පුද්ගලයා ලෙස මම මා විඳි රසය පිළිබලඳ මෙසේ ස්වයං විචාරයක් කිරීම වරදක් කොට නො සලකමි. 


ශාස්තෲ නවකතාවේ අත් පිටපත කියැවූ මගේ හිතමිත්‍රයකු කී කාරණයක් වන්නේ මෙය සාහිත්‍ය සමාජය විසින් භාර ගැනීමට ඉඩ ඇති මුත් වාම සමාජය විසින් නම් කිසි සේත් ම භාර නො ගනු ඇති බවයි. මෙය පළ නො කරන ලෙස මගෙන් ඉල්ලා නො සිටීමට තරම් ඔහු ආචාරශීලීවූ බව මට වැටහිණි. ඔහු කී දෙය එසේ ම සිදු විය. එහෙත්, නො නැසී පවතින්නට නම් වාම සමාජය කවදා හෝ මේ පිළිබඳ කතා කිරීමට ආත්ම ශක්තිය උපදවා ගත යුතු ය.

දියුණු සාහිත්‍ය සමාජයක් ලංකාවේ නැත. එය වනාහි දේශපාලන සමාජයේ ම පේනුවක් හෙවත් plug in එකක් පමණි. ලංකාවේ කතා කලාව දියුණු මට්ටමකට ගෙන ආ සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ වැනි අය මාක්ස්වාදී හා ජාතිවාදී පිරිමි ශාස්තෲතෲන්ගේ ගර්හාවට ලක් වන්නේ හා ලාංගනී ප්‍රනාන්දු අබේධීර වැනි අප දන්නා පමණින් ලේඛන කලාව පමණක් කළ ගැහැනු කිසිවකුගේ ඇගයීමකට ලක් නො වන්නේ ඒ නො දියුණුකම නිසා ය. 


නවකතාව යනු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය යයි ගුණදාස අමරසේකර කීවේ ය. අපි සාහිත්‍යය දේශපාලන අරගලයේ උත්තර අරගලයක් ලෙස ද සලකමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. [[අප පෞද්ගලිකව දකින්නේ මෙය කිසියම් සුවිශේෂ මානසික තත්වයක් ලෙසයි. මෙම මානසික තත්වය රෝගයක් බවට පත් වන සීමාව බොඳ වූ කලාපයකි.]]

    මේක ඉතාමත් හරවත් කතාවක්. මේ විවාදය අද වෛද්‍ය ලෝකයේ සිදුවන දෙයක්.

    පලමු වතාවට ඔබ ශාස්තෘ කියවන්න පොඩි කුත්හලයක් ඇති කළා.

    ReplyDelete
  2. ajith... dewa waram saha wishwa shakthiya wani wapasariyan nowa e haraha pudgalayan wisin karnnawu wanchawan pilibadawa api oba samaga ekaga wemu.................
    eheth patu bawthikawadayaka hira wemin oba sanjananaya karanna wu siyalla wigraha karnna yanna epa.
    sarala udaharanayak gamu.........minisata husma ganima sadaha o2 awsya wu pamanin onama jiwiyekuke pawathmata o2 awsyayai apata kiwa hakida?

    ReplyDelete
  3. This information is priceless. How can I find out more?
    Here is my web page ... actors studio family guy

    ReplyDelete
  4. Your style is so unique compared to other folks I've read stuff from. Thank you for posting when you've got the
    opportunity, Guess I will just book mark this blog.
    My web site ... hotmail correo mexico iniciar secion

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. whoah this weblog is fantastic i really like studying your posts.
    Keep up the great work! You know, a lot of individuals are hunting
    around for this info, you can aid them greatly.

    my page :: http://www.appleseed.at

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. Thanks for sharing such a fastidious thought, article
    is nice, thats why i have read it entirely

    Feel free to surf to my webpage :: landing page

    ReplyDelete
  10. Hi there, this weekend is pleаѕant designed for
    me, for the rеason that thіs moment і am rеading
    this impressive еducationаl piece of writing
    here at my housе.

    Check οut my weblоg - abrir cuenta facebook

    ReplyDelete
  11. If you intend to achieve success and financial freedom in your MLM businesses,
    you must first have the right mindset. A compensation plan with the right
    company can pay millions over time. This means that once you refer a customer to the affiliate site, you will
    continue to be paid as long as they remain a customer,
    which gives you a higher lifetime commission from that referral.


    Also visit my web site :: residual income

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා