ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru
අජිත් පැරකුම් ජයසිංහ මෙය කිසියම් අයෙකු විසින් ප්‍රචාරක සටහනක් ලෙස සැලකුවාට කම් නැත. මවිසින් ලියන ලද ශාස්තෲ නවකතතාව පිළිබඳ සංවාදයක් පෙබරවාරි 06දා, ඉරිදා, සවස 5.30ට නුගේගොඩ, පරණ කැස්බෑව පාරේ Art Way කලාගාරයේදී පැවැත්වේ. ලංකා අක්ෂය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට සහභාගි වන්නැයි මම ඔබට ආරාධනා කරමි. කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන අදාළ වන්නේ එකී දේශපාලනයටයි. ශාස්තෲ ලිවීමේදී අපට බල පෑ එක් චිත්‍රපටයක් තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි. සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී ම...